Saturday 30 July 2011

***සුනාථ -ධාරේථ- චරාථ ධම්මේ***

අසා පුරවා සවන් පෙති
ධාරනය කොට මනා ලෙස
හැසිරෙන්න මම යන කොට
විශ්ව ගම්මානයක් ලෝකය.....

හන්දියේ පාලම ලඟ
කැහැපොට සරම..
සිරි අයියා ගරැ කරනවා
කසිප්පු කාලට.........

හැමදේම අතර ඹහු
ඝන කැලෑ පපුව මැද
කොටන් ලොකුවට
බුදු වේවා අම්මා........

පෝය දා පන්සලට
සිල් ගත්තු ඇත්තන්ට
දානෙ ටික බෙදන
නංගි පෙන්නන පෑන්ටිය
නියතවම සී.කේ ය

බණ දෙසන අතර තුර
අපේ හාමුදුරුවන්ට ඇමතුමක්
බුදුන්ගෙන් වෙන්ටෑ
අමතක දෙයක් අහගන්ට.......

ටොප් ලැට් එකක් වත් නැති
පහල ගෙදර සිරිමලා
හැමදාම රණ්ඩුව
අරන් දෙන්නැයි ලැප් ටොප්....

අනේ මන්දා මොකක්දැයි මේ
අපබ්‍රංශ කුණු හරපෙ....
විශ්ව ගම්මානෙ....අනේ අම්මපා
අපරාදෙ.......අසා ධාරනය කරගත් ධර්මේ...
මේකනේ සුපිරි දහම.......

Friday 29 July 2011

අපි බුද්ධිමත්ද?

අදත් හැමදාම වගේ ....වෙනසක් හොයන්නමයි හිතට ඹ්නෙ...හේතුවක් නැතුව පිය මැනපු වීදියකින් හිතන්න දෙයක් අහුලා ගත්තා...අළුත්ම දෙයක්මත් නෙමෙයි..ලංකාවේ අපිට මේක අරුමයක් නොවෙන්නත් පුලුවන්..මම දැකපුදේ කථා කරමුකෝ....හිඟන පවුලක්..අපහාසයටනම් නෙමෙයි කීවේ වෙන වචන එතනට නොගැලපෙන හින්දයි...දරුවෝ දෙන්නෙකුයි අම්මා කෙනෙකුයි...දරාගන්න හිතාගන්නවත් අපහසු අව්වේ අර අම්මා කිරි පොවනවා අත දරුවට...අනෙක් දරුවා අත පානවා සංඥා කුලුනු රතු එළියට නවත්තන වාහන වලට...අනේ අසරන දරුවෝ..අප්‍රිකානු සම්බවයක් පෙනුනු මව අර නොදරුවා අරන් එන රියාල් එකින් එක බලෙන් මෙන් උදුරගෙන දූවිල්ලෙන් කලු පැහැ ගැන්වුනු මල්ලෙ හොවා ගත්තා...එතකොටම තමයි හැමදාම හවසට එන අයිස්ක්‍රීම් වෑන් එක එනවා දැක්කේ..අර දරුවා අම්මා ලඟට ගිහින් මොන මොනවද කිව්වා...හැසිරුනු විදිහෙන් දැක්කා සල්ලි ඉල්ලනවා තමයි කියලා....දන්නවද? අර අම්මා අර අහින්සක පොඩි එකාව පැත්තකින් තියලා අනිකට ගහගෙන ගහගෙන ගියා...මට අදාල නැති උනත් මේ සිද්ධිය මට ගැටලුවක් වුනා සමහර දේවල්...අර නොදරුවා මුලු පවුලක් රකින්න අත පානවා...අනෙක් අත දරුවා සංසිඳවා ගත්තු හැඟීමක ප්‍රතිඵලයක් නියතවම අර අප්‍රිකානු මවගේ....මේ සියල්ලට වන්දි ගෙවන අර දරුවට තියන වටිනාකම මොකක්ද?මහන්සියේ ප්‍රථිපලය කුමක්ද?අයිස්ක්‍රීම් එකක් වෙනුවට ගුටිද? කොච්චර කැත උනත් උනහපුලු අම්මට පැටව් මැනික්ලු......නමුත් මිනිස්සුන්ට මේ දේවල් අදාල නොවෙන හැටි...අපි බුද්ධිමත් නිසා වෙන්නනෑති නේද එහෙම වෙන්නේ

Thursday 28 July 2011

එදා මහ මූසලම මූසල විදිහට පටන් අරගත්තු දවසක් එළි උනේම වැහි කෝඩයක් අරගෙන ....පුරුදු විදිහට බෝඩිමෙන් නික්මුනේ සුපුරුදු රාජකාරි වලට අව්ව වැස්ස කියලා නිවනක් නොතිබුන නිසා...මට ඉතින් කොහෙද කුඩ..යාන්තමි තෙමීගෙන කාර්යාලයට ගොඩ උනා.....හැම දෙයක් අතරම හැමදාම හොයන හිනාව අදත් හෙව්වා..නොදැක්කම හිනාව හිත හොයන හිතුනා අද අහසට ඉර අරන් එන්න අමතක වෙලාවත්ද කියලා...නැහැ මේ එන්නෙ ඉර අද කළු කුඩයකට මුවා වෙලා....හිත පිරුනා...පිරිලා ඉතිරිලා දෝරෙ ගියා..හැපෙන නොහැපෙන තරමට ලඟින් ගිය සුපුරුදු සුවඳ පිටිපස්සේ හිත හීයක් වගේ ගිහින්...කවරදාවත් කථා නොකරපු මේ අපූරු හීනෙට හිත හුඟාක් ලෙන්ගතු වෙලා තිබුනේ....හැමදාම දෑස් වලට හිමිවෙලා තිබිචිච විදිහට එයා පිය ගැට පෙල අතර නොපෙනී ගියා....පැය අට ගෙවුනේ හරි අමාරුවෙන් මන්දගාමීව.....කමක් නැහැ ගෙවුනනේ කොහොම හරි තවත් මොනවද? මේ වැස්සක තරම බින්දුවක් වත් අඩු වෙලා නැහැ...තෙමෙනවා කියලා මෙහෙමත්......හිතෙන් අසිමිත විදිහට ශාප කලා වැස්ස වලාහක දෙවියන්ට...කෙටි වහලයට මුවා වෙලා පියවර කිහිපයක් ඉදිරියට ගියත් අකුනු හඬකින් තැතිගෙන මොහොතකට නැවතුනා....එන්න කුඩේ යටට ...මෙන්න අකුන අස්සෙ විදුලියක්..කිලිපොලා ගියා සියොළඟම..ම් ම් ම් මම ....පැටලුනු වචන අතරින් මම මටත් නොදැනිම කුඩය යට නැවතිලා..එයා අකුනට හොඳටම බය වෙලා එයාගෙ දෑස් එහෙම කියනවා මට හොඳට දැනුනා....තවත් අකුනක් ගහපිය ...මම පින් සෙන්ඩු උනා වැස්ස වලාහක දෙවියන්ට......හැමදාම දොඩමලු වෙච්ච දෑස් බයෙන් සලිත වෙන හැටි මම බලාගෙන හිටියේ ඊට නොදෙවෙනි බියකින්....දෙයියන්ට පින්සිදුවන්ට දෙවැනි අකුණ පුපුරද්දි මගේ අත තදින් තෙරපවද්දි හිතුනා අද කොචිචර සුන්දර දවසක්ද කියලා....ගමන දුම්රියපලින් නැවතුනත් අපි දුර ගමනක් යන්න අඩිතාලම හදාගෙන...දැන් අවුව වැස්ස බේදයක් නැතුව අපි එක කුඩේ යට.........කාලකන්නි විදිහට පටන් ගත්තු දවස ඉවර උනේ හරිම  සුන්දර විදිහට......
සිහින විල්තෙර ට සමනල්ලු එන කාලයද මේ..නානාවිධ සමනල්ලු ......ලස්සනයි විල්තෙර පුරාම පියාඹනවා..මතක තියාගන්න අල්ලන්න යන්න එපා පාට ඉහිරුනාම පියාඹන්න බැහැ උන්ට.....සමනල්ලුත් මතක තියාගන්න හැම මලක් ගානෙම පියෑඹුවත් හැම මලක් මතම උණු කඳුලැලි නොතබන්න....දන්නවද? අර කඳුලු වායු තාම තියනවා එක සමනළයෙක් නැති උනාට උයනට පාලු නැති නිසා....පාවිච්චි කරයි කඳුලු වායු පරිස්සමින්.......  

සිහින

සීත පහස නොවූවද ජරීර් හී ඉදිරිපස තණ යාය හැන්දෑ යාමයේදි මහත් අස්වැසිල්ලක් එක්කල හෙයින් එහිම නවතින්නැයි හිත ඉල්ලීය..මාද අවනතය....දූවිල්ලෙන් වැසීගත් අරාබියානු අහස නුවර එළිය සිහිකරයි..තණ බිස්ස මත දිගාවීමී..සිත හැල්මේ එහෙ මෙහෙ දුවයි නවතා ගන්නට හෝ නවත්වන්නට උවමනා නැත මා ඊට ඉඩදුනි....හිත හැල්මේ අඹේවෙල තණ බිමටද ගොසිනි මම දන්නා හඳුනන යුවතියකද සමඟය..අප කෙලිදෙලෙන් තණ බිස්ස මත විමී...ඈ උකුලත මහිසද හොවා ගෙනය...එහි නිරාමිස උනුහුමක් විය .මා තව තවත් ඊට තුරුල් වීමී..ඈ සෙමෙන් මා කෙහෙ පිරි මදියි..මා සිහින ලොවකය ඈ එහි ටිකටි පත් අප දෙදෙනාටම වෙන් කොට තිබිනි...අපි නිදහසේ එහි සැරි සැරීමි....ඈ නලලත සිපගැනීමේ ඡේතනාවක් මසිතට විය ඉඟටිය වටා දෑත් යවා මා ඈ මා වෙත නැඹුරු නර ගතිමි....දැන් ඈ නලලත මා දෙතොලගට ලඟය එහි සුවඳ නාස් පුඩු හරහා හදවතේ ගැඹුරකම අනවසරයෙන් ලැගුම් ගති...මාද ඊට විරුද්ධ නැත....මා එහි නිරාමිස වීමි....හදිසියේ ක්‍රියාත්මකවූ තණ බිස්සේ වතුර මල මා නැහැවීය ...මා යලිත් ඇසිල්ලකින් අරාබිකරයේ තනි කිරීමට එය සමත්විය....දැන් දිනපතා හැන්දෑවට මම එහි යෑම පුරුද්දක් කොට ගති....නිතරම වතුර මල් නැති පෙදෙස්හී විසීමට පරිස්සම් වෙමි.....

Tuesday 19 July 2011

මදූ

හද ඉල්ලූ නුඹම මදූ
නෙත රැඳි රුව නුඹය සුදූ
සෙනෙහස් ගඟුලකැයි පිදූ
හද පිරිමැදි පහස මෘදූ
අහසේ මාලිගා තැනූ
වෙරලේ වැලි ගෙවල් මැවූ
හද ගිණි දැල් සැනින් නිවූ
ගීයකි තාලයක් සෙවූ

පබදින රන් පබලු වැනී
වදන් සවන රුවන් මෙනී
නෙතු සඟලේ පහසෙ එතී
නුඹෙ උකුලේ සුවෙන් නිදී

කල්පෙක සුව මොහතක දී
දෑඟිලි කෙහෙ අතර රැදී
ලවනත මී පහස දිදී
මගේ සිහින නුඹ නොබිදී

මනමේ...........

නෙක මලින් හැඩ වුනු වන උයනේ  යද්දී මම නොදැනෙන්නට කුමරියගේ අත සෙමින් පිරිමැදීමි...සියල් ශිල්ප උගත්තද ගුරු මට පෙමි කරනා අයුරු කියා නොදුන් නිසා මම අන්න මන්ද වී අපහසුවෙන් පසුවීමි
මනමේ කුමරුණි..........
කුමරියගේ හඩින් මම තැති ගතීමි
කිම.......මම වෙවුලනා හඩින් විමසීමි........
මට  පැන් තිබහයි......
මටත්......කියන්නට කිසිත් නැති තැන මම කෙඳිරීමි
මනමේ කුමරුණි...........
නැවතත් කුමරිය නුහුරු හුරතලයකය
කිම කුමරියනි...මා විමසීමි
මට බොහෝ කුසගිනියි....
මටත් .....මම අවංක උනෙමි........
කුමරුනි.....
කිම.......එවර කුමකටදැයි මම බියවීමි.....
වැදි රජ තවත් දුරද...කියන්න කුමරුනි..........
බියෙන් බියට පත් මම සියලු පහසුකම් කුමරියට සැපයීමි...දැන් කුමරිය මා අමතන්නේ මනමේ දාසය කියාය....මමත් සතුටිනි...මරණයට වඩා මෙය යහපති...........

හිනාවට අවසර

කළු වලාව මේ බලපන්
ලියාන මං පිටු පොත් ගනන්
නිර්ව්‍යාජ ප්‍රේමය.......
අරන් පල උතුරු 
ගිනි ගහන සුළං එක්ක
වන්නියටම..............

ත්‍රීකුනාමල වරායෙදි
නිරුවත් කරයි
ගැබිබර උවත්
සිංහල නොදනීනමි
ඉගෙන ගනින්..
මම සිංහල කියන්න වත්......
මේ අහස අපිට උනත්
කළු වලාව වන්නියට නිසා.......

පුරුදුවෙයන් අඬන්න
නොදන්නවා වගේ හිනාවෙන්න
බලාගෙන පරිස්සමට
ඉතිරි උන බිමි බෝමිබ
පුපුරනවා හිනා හඬට.....
කියපන් මගේ සොඳුරට
හිනා නොවි ඉවසන්ට කියා
ව්‍යවස්ථා සංශෝධනය එනකල්
හිනාවට අවසර දුන්නු.........

Wednesday 13 July 2011

දයාබර සොහොයුරා ගෙන් තිලිනයක්........

ඔය හොඳ බුද්ධියක් තියෙන කොල්ලෙක්නෙ. මම් කිව්වටවත්, තව කෙනෙක් කිව්වටවත් හරි කියල පෙනුනත් එහෙම නැතිව බලන්න. නොපෙනෙන ගොඩක් දේවල් පෙනෙයි
ඔය දැකල ඇති ලංකාවෙ අය අනිත් අයට වඩා බුද්ධි මට්ටමින් උඩ ඉන්නෙ කියල සාපෙක්ශව
මේවා අපේ මහන්සියක් නැතුවම ලැබෙන සම්පත්
ඒව ප්‍රයොජනයට ගන්න පුලුවන් විදි බිහි වුනොත් ගොඩ යන්න පුලුවන්
දැන් ඉතින් ආන්ඩුවට බනින්න එපා පලු යනකන්.
අපෙන පටන් ගන්න ඔනෙ. අඩුම තරමෙ අපිවත්
සම්මා දිට්ටිය කියන්නනෙ මල්ලි තවත් දිට්ටියක් නෙමෙ
සියලු දිට්ටි වලින් වෙන් වීම
ඕක කරන්න පටන් ගන්න අමාරුයි හරියට ඇවිදින්න පුරුදු වෙනව වගෙ, නමුත් පුරුදු උනාම නිකම්ම ඇවිද්දෙනව.

රිදී උන්ඩය

ඊවා..... දැනෙනවාද සෙනෙහස
උතුරනා අපූරුව-
ස්වස්ථිතිකයට ඉහලින්....
මුළු ජර්මනියටම වඩා
උදාරයි මට ඹය සෙනෙහස
එන්න නාසි බළමුලුවෙ
රීදී උන්ඩයක් වෙලා
ගලා යන අපූරුව බලන්න
පලා යන ප්‍රේමයක රුධිරය
සිය දිවි නසාගත්..........

ඊවා......හඬන්නට එපා
අවසන් උන්ඩ මටම නොවේ....
හිටිලර් මුත් මම සවි නැහැ හිත
තවත් රතු වෙන්නට ස්වස්ථිතිකය
පත්තු කරපන් ඹය තුවක්කුව
ජර්මනිය ශ්‍රේෂ්ටයි නොකියා
ප්‍රේමය ඉහලයි කියා.......
මා මරා දමපන්-ලොවක් නොකියන්නට
රුදුරු අධිරාජ්‍ය වාදියා
සියදිවි නසා ගත්තා කියා....
ප්‍රේමයේ නාමයෙන්
ගලවන් අවමානයෙන් මං..............

Tuesday 12 July 2011

මම...

නටඹුන් අතර මම
අපරිවිත්
වංකගිරි අ;ත්මයේ
නික්ලේශී වු......
ද්වාරය අද්දරම
විනිශ්‍ය දිනයේ
ජූරියම
අයදිනා යැදුමි මැද
අාත්මය කෙලෙසු
මං අපරිවිත්
කුණ්ඩලකේශී වංෂයේ....

හෘද ශාක්ෂිය


තේවා හඩට අවදිව
නිර්වස්ත්‍ර ස්ත්‍රිය
ස්ත්‍රෝත්‍රයට සූදානමි 
දේවාලයේ.....
තුවක්කුව අතින්ගත්
නීච සෙනෙහස
දේව ගැති ලඟ
ජීවිතය යදී.........
කැට මුගුරු
පපුව පලා 
කානු දෙකක තුවක්කුව
උසාවි බිමේ කෑගසයි
නුඹ මගේ පණ කියා

[කෝ හෘද ශාක්ෂිය
සබරගමු දෙයියන්ගේ.....]

උකස් කල හිත


හදිසියකට උකස් කලෙමි හිත
පුත්ගලික බැංකුවක
සින්න වී මට නොදැනිම
කල් පිරෙන්නටත් මත්තෙන්
හමු උනෙමි කලමනාකාරිය .......
මගේ හිත
විමසීමි කෝපයෙන්.......
බුන්නත් ඹයාගෙ හිත
අපි සමිපුර්න කලා
රැඳවුමි ගාස්තු ගෙවා
නිදහස් කරගන්න...........
බුන්නත් මට
තවත් ගාස්තු............. 
එපා මට. හිත තියාගන්න
එකම පාරක් බලන්න දෙන්න........
තවත් හිතක් හදාගන්න

පිරුවටය...

අකලංක....සුනිල නිර්මල
කශේරුකා දිරපු
කෙලින් ඉන්නට තබා
හිස මසවන්ට පණ නැති
ප්‍රේමයක්
අත් වාරුවෙන් පැමින
මංගල යහනේ
පිරුවට හොයන.....

චිරං ජයතූ...

සතුටුයි අද
හැමදාටම වැඩිය
දැනුනා මට
වෙනදාටත් හොඳින්
නොසිටි මුත් දවසක්
දොඩමළු නොවුන මුත් වරුවක්
නුඹ සතුටින්ම බව
මම නැතුවමත්
එයම සහනයක් මට
නික්ම යන්නට.......
චිරං ජයතු-චිරං ජීවතු
හද පත්ලෙන්ම
සුපැතුමි නුඹට.........
මම ඉන්නමි
කල්ප ලක්ෂයක්
මේ විදිහටම
දුරින් හිඳ විඳවන්න......
නුඹ ඉන්න ඹහු එක්ක
සුවහසක් කල් තුටින්...

පළගැටි සෙනෙහස...


මිනි පහනක්
පද්ම තටාකෙක
සීතල සුලඟට
නිවි නිවී දැල්වෙන
සියල් පළගැටි
දැවි දැවී මියයන
නමුදු උනුහුම
අතැර යනු බැරි
දුකින්.............
පළගැටි සෙනෙහස
හදේ මවාගෙන
දැවි දැවී මියයමි...
යලි යලිත් උපදිමි

අමුනන්න........

අසංශිප්ත සෙනෙහස
පණ ගැහෙන අඳෝනාවක් නමි
දංවැල් අ;දරය නවතන්න
පුරුක් එපා ගලපන්න
සුන්දර හීන 
පණ යදින යාතිකාවක් නමි
ජාලගත අ;දරය නවතන්න
තව එපා අමුනන්න........

සිරිකත

දිටිමි දෙවි දුවක්
නිල්වන් කාන්තියෙන් දුලන
අදහා ගනු නොහී නෙත්
රූ සපුව ළඟ
මම කුස උනා
ලැජ්ජාවෙන්
නිතැතින්ම දෙවි දුවක්
සිරිකතට නෑ කමි කියන

තැලූ බකිනි මල


තණ අග දිදුල 
පිණි බිඳු දෙතොලගින්
සිප සනහවා
තුරු වැල් සෙමෙන්
එතෙනා ලෙසින්
සිහින් ඉඟටිය තෙරපවා
පිනි වැහි පොදේ
තෙමෙමින් සදේ
බකිනි මල් කැකුලක් තලා
කෝ නුඹේ ඹය
සිත උණුහුම
තවත් මදි මැයි හිත කියා......

නෙත් වැසෙන්නට
සිත් අහස් කුස
හාදු වැස්සක් මෝදුවා
පතිත කල කල
දරන්නද මම
මමත් වැස්සක් විය තෙමා

කළු වලාකුළු
සුදු සඳෙන් දුර
නික්ම ගිය ඉක්මන බලා
තරු කැකුළු නෙත් 
පියා හිනැහුනි
හදිස්සිය කිමදෝ කියා

මම රාවණ[දශිෂ්]...

වාල්මකී අළුතින් ලියනු
රාමායණය........
සහෝදර රාම
යුධ කලා මදිද දැන්...
සීතා ලෙන්ගතුයි
නුඹට වාගේම
ලංකේශ්වර මටත්
කෝ ලක්ෂ්මන.....
සූදානමිද අග්ණි පරීක්ෂාව
අද සීතා බලා හිදියි
අපි දෙදෙන ඉටු කරමු එය
වඳුරු හමුදා සිනා මැද.......
..........................මම රාවණ[දශිෂ්]...

අරන් යනු...

නුඹ දුන්නු හුස්මෙන්
වරමි ගෙන 
යලිත් ලියලූ ජීවිතය
යන්න ඹිනෑනමි නුඹට
අරන් යනු මට පලක් නැත

හැඳින විඳිනා නුඹව
පැහැද කවි කමි ගෙනෙන
නොමැති කවි කමි කුමට
අරන් යනු කවි සිතද

අතීතය විටින් විට
මතකයට නැගෙන විට
පාරවයි හද මඩල
අරන් යනු මතකයද

අපි...

...ඹයා පරිස්සමි වෙන්න....හුඟාක් මේ ලෝකෙ දරුනු වැඩියි අපි හිතනවට වැඩිය....අපි අසරන වෙන එක විතරයි අවසානෙ සිද්ද වෙන්නෙ...අපිට පුළුවන්ද උඩුගමිබලා තනියම පිහිනන්න..බැහැ මැනික..අපි තනි නැහැ ලෝකයක් බලන් ඉන්නවා අපිට හිනාවෙන්න වැටෙන්නත් කලින්ම..හුස්ම ගන්නවාට හැරෙන්න අපිට ජීවිතයක් තියෙනවා වෙන්න පුළුවන්....කරුමෙකට අපිට පුලුවන් කම තියෙන්නෙ හුස්ම ගන්න විතරයි.....

නිරුවත් නිරුවත.....

දියවන්නාවට මායිම්
ඊලමට කිට්ටු
පරහිත කාමී
රාජකාරී ගිණි අවිය
පත්තු කරපන්
නිරුවත් සිරුරු
හොඳින් සූදානමි
දෑත්ද ගැට ගසා
පත්තුවෙයන්
චෙකොස්ලෝවියානු උන්ඩ
කාට හිමිදැයි 
සොයමු පසුවට....
මරා දමා පලමුව
නිරුවත් නිරුවත.....

යුවලක්

පාපුවරුවක
ගැබිබර මවක්
අසුන් මත
පෙමි කෙලියි-යුවලක්
අහෝ වඳ පෙමිවතුන්
ගර්භාශයෙන් පිටි හලන...

ගිනි ගනී හද මලම

ලැබීමි කෙටි පණිවිඩයක්
හෘදයාංගම මිතුරාගෙන්
ලැබුනු බව දන්වා සුරත්
සුදුම සුදු දුවක්

තනිව සියරට ගිය ඹහු
නැවත අ;යේ කැටුව බිරිදක් සමඟ
සුදුම සුදු දුවක්

හුරතල්ය කෙලිලෙල්ය
දිනෙන් දින එය බොහෝ වැඩිවිය
මුමුනන්න ගති වචන දෙක තුන
එ අතර මයෙ නමද විය

සිප ගනී සිනාසෙයි
රැවුල් කොට කිති ගෙනෙන විට
නැවත නැවතත් එයමකරමින්
සිනාසෙයි දවසක් පුරා

පුදුම සුරතල් සුදුම දුවනිගෙ
පුංචි හදවත අරා...පුංචි සිදුරක්
මෝදුවී දෝ..දුවගෙ සුරතල් බව වසා

නිමක් නැති ඹසු-සුව ගෙනාවද
කෙටිම කලකට විය එයත්
ඊයෙ දිනයක් ලොවේ නැතිනමි
එය හිතට මහ සහනයක්

පුංචි අ.ඳ මත ලේ විලක් කොට
සිඟිති හදවත පලා
ලොවක් වනසා පුංචි සුදු දුව
රෝහලක බෝ තනි වුනා

දුරින් හිද වීදුරු මතින් 
දුටිමි පොරකන දුව දිහා
බන්දේසි මත පණ තියාගෙන
වෙද හෙදියො වෑයමක්
යලිත් දෙන්නට පණ පොදක්

රැයක් අවදිව බලා ගෙන හුනි
මගේ නොවුනත් සුදු දුවේ
අපට පින නැති උනා වෙසෙනට
නුඹගෙ ඹය පොඩි හුරතලේ

උදේ නුඹ දිටි අයුරු මතකයි
සුදු මැලිම වී වත නුඹේ
වතු සුද්ද මල හොරු අරන් ගොස්
කිසිත් නොතියා රෑ කොනේ

මුත්තා මිත්තනි වඩින තුරු නුඹ
සීත කාමරයක කොනේ
මමත් ඉන්නද නුඹේ තනියට
යලිත් කියපන් සුදු දුවේ......

නැවත ඉපදේ නමි මගේවී
සිතට සතුටක් මයෙ දුවේ
නූපදිනවා නමි එයයි සැප
දුක් විදින්නට මිහි මතේ........
බව සසර නිම කොට ගනින් නුඹ
මගේ නොවුනට දුක නැතේ....

නුඹයි කන්‍යාවී...........

පෝයට කලින් 
-සඳ ගෙට උඩින්
අසමිමතයේ සමිමතය ලඟ
නුඹයි කන්‍යාවී...............

නොම සිතන් නුඹ
නුඹයි කන්‍යාවී..............

වියන් බැඳි උඩු
පෙමි ඹීවිල්ලේ.....
දෙතොලින් සිපගත්
ගලනා කඳුලැල්
තවම දෙතොලේ.......

අරගන්න නුඹේ තොල් මතින්
ගැහෙනා බියෙන්..........

ගිනි සිසිලක්දෝ.....
ගිණි කඳු පාමුද
හිම කන්දක්දෝ.....

මල් පෙති මත ඉහි
පැන් වැරදීලා
මල් කෙමි මත හිඳ
ලැගුමි සොයාදෝ.....

නොම සිතන් නුඹ
නුඹයි කන්‍යාවී...........

ඟඟ...

සීත දී දිය රැළි ගලා යයි ඟඟ
පිපාසිත දින - දිය බිඳක් නැත
කර්කශක හිත -නියන් සැර වැද
සයුරු දිය වෙත නෙත් හෙලනු කිම

පිපාසිත හිත-කරදියෙන් පුරවා
කෙටි කලෙක සුව හද කොනක රඳවා
මිය යන්ට පෙර-ඟඟ දියෙන් පොඟවා
ගෙන අ;මි හිත ඟඟ දියද සිඳිලා

නැවත යන්නට සයුරු රල වෙත
දිය සිඳුනු ඟඟ මඟ ලකුණු කොට
දිය සිඳුන මුත් සිසිල හද යට
කුමට සයුරක් ඟඟ හොඳයි මට

බැඳිමක්..

සිප ලැමැද නෙක රටා ගෙන දී
සිසල් නෙත් අභියස කියා
තවත් පාරක් දෙතොල සිප ගමි
නුහුරු සීතල දෙන නිසා.......

දෙනෙත් නිදි සුව විඳින මුත් නුඹ
පපුව ගැහුනේ නැති නිසා
දෙ අත් පපුවට තබා බැන්දෙමි
බැඳිමක් වෙන නැති නිසා....

මම ප්‍රතිගාමී .....

උද්දාම උත්දමනයේ
උත්සන්නතම අවස්ථාවක
නවමු සංවර්ධන න්‍යායක් 
අ;දරය උත්තේජනය කොට
අපභංශ මොකක්ද එකක
එයා රැඩිකල් වෙලා
මම ප්‍රතිගාමී වෙද්දී

කිරිබත්ගොඩින් විශේෂයි.....

සර්ව නිකායික
පාත්තරේ වළඳන
එක් බුදු ශ්‍රී මුඛයකින් වදාල
සූ අසූ දහසක්
දමිකඳ වර්ග කොට
දැන්වීම්ද යොදා
මහමෙවිනාවේ අලවියේ......
අලවි කරුවන් අව්‍යයයි
කිරිබත්ගොඩින් විශේෂයි..

අස්විඳක් වන්නට

බාල සඳ වට චන්ද්‍ර මන්ඩල නොමැත
රාහු බුද කේතු ලඟ සිසි සීතලත් නොමැත
චන්ඩ හිරු රැස් මතින-හැමට සැඩ බව ගේන
හිරුද අවරට නොයන අස්විඳක් ගෙනෙනු මට..

සඳ අහිමි සඳ

සඳ අහිමි සඳ
ගගන තරු කැට
අසිනි වැහි ගෙන
නෙතු තෙමාවිද?

තරු සිදුරු මැද 
නොදුටු පුර හඳ
තරුව තනිකොට
හිරුට පෙමි බැඳ
අසිරි සිරි ගෙන
අතට අත ගෙන
නෙතින් නෙත බැඳ
තරුව තනියම

මැදුරු සඳලුතල
සිහින ගිනි ගෙන
සසර වසනට
හිරුගෙ අතගෙන

කුමුදු තනිකොට
සඳ අහසෙ නැත
කොහි ගිහිල්ලද
පුර පෝය හෙට

එළිය ගෙන හිරුගෙන්
මට කුමට සඳ කැන්
තරු එළිය මනරමි
දිදුලාවි හැම කල්.....

මී මැස්සෝ

පොල් මල් සුවඳ ගෙන
මී මැසි තුටින
තුඩින් තුඩ අමුන ගෙන
ගී ගයන හැඩ.......

අතුරු අතරේ දුවන
මදින මන්නේ සුවය
දැනෙනවා පොල් මලට
රා බින්දු වෑහෙන්න.....

බිඟු රැලට මත්වෙන්න
ලණු දෙපොට සවි වෙන්ට
කියන්නමි දෙවියන්ට
අතුරු පොට රැක දෙන්ට..

පන්සල

සබඳ කතරගම
රිංගලා පන්සලට
ගිල ගන්ට දන් කඳම
වරමි ගෙන මහ හඬින

බුද්ධං සරනං වෙනුවට
ඹ්ං දිශ්ටි වර..කතරගම වර
බුදු බණ ගියා බුදු ගෙට
සිවුර දෙහි ගහට කොට...

දැඩිමුන්ඩ එය අතර
සිවුරු පොට පටල ගෙන
පැඟිරි නැති දෙහි ගහට
බණ කියයි ගී හඬින....

අහෝ පන්සල
පන්සිලුත් අමතකද?
ත්‍රිපිටකය අතර නුඹ
දෙවි සිලෝ ලීවාද?

මූටිටුව

මන බන්දා සිවි සැටකින් සැරසීලා
උදුමිබරා මල පැහැදුල ඹප වීලා
බාදුරා මලෙන් ගුරුකමි කොට පාලා
බාල ලියන් බාගෙට සළු පිළි දවටා

සලා දිලෙන පියයුරු නැත රොන් රත
පුලා නිලා ලත් මිස නැත පොහොටිටුව
බලා පලා යන්නට සිතුනත් කිමිඳ
ලියේ අගේ නැත හැටිටයෙ මූටිටුව

සැර වැඩිද මන්දා

අතරින් පතර
නෙක වර්න දෑස්
දෙවි ලොවින් වැඩි
අඩු වැඩි නැති
අඟ පසඟ .....

පලා පැහැති
දෑස ලඟ 
නැවතුනාද
මෙල්ල නැති හිත?

වස් දොස් යන්නට
කුලුදුලේ හාදුවක්?

[සැර වැඩිද මන්දා]

ගං වතුර අස්සේ
අනෝරා වැස්සක්

පායපන්............

අදම..

නෑ හෙට පායපන්.....
හිත යට කැමැත්තක්
තෙමෙන්නට.....
තෙත බරිත වන්නට...
අද.......................

මිනී මරු නිධානය

පුරාතන පද පෙලක
කොමිබුවක් තුලදී
මට හමු උනා 
නිදන් වදුලක
පෙර නිමිත්තක්

කියෙවිවෙමි තව දුරටත්
පුරාතන පද්‍ය පෙල
තිබුනා තවත් පිල්ලමක
හිස් නොවන බව නිධානය

තවත් කියෙවිවෙමි
ලැබුනු හැම ඉඟි වලින්
දැනුනා මටම හිමි බව
නමුත් අවසන ලියා තිබුනා
අර්ථ පූර්ණව
****නව හිමිකරු වීමට පැරණි හිමිකරු මැරිය යුතු බව ****

මිනී මරු නිධානය........
මකා දැමුවෙමි සියල් අකුරු
තවකෙකු නොකරන්නට
මිනී මරුවෙකු..........

.........ගිනි පමනි සීතලක් මට නැත..........

සැනසූ පසඳුරන් මට නැත
පිනවූ සිත් සතන් මට නැත
විඳවූ තරමි හද නිමක් නැත
හඬන්නටවත් වරමි මට නැත

ගිණි පමනි සීතලක් ගත නැත
පිණි පමනි වැහි දියක් වත් නැත
විඩාවක් මිස ගිමන් හල් නැත
සිනා සෙන්නට වරමි මට නැත

කඳු පමනි පල්ලමක් මට නැත
මල් තිබුන මුත් රඟන බිඟු නැත
බිඟු බඹන මුත් මලට ඉඩ නැත
එන්න කියනට හද මලක් නැත

ඟඟක් උව දිය සිහිල විඳ නැත
සඳක් උව සඳ එළිය මට නැත
මලක් උව මල් සුවඳ හද නැත
සිකක් තිබුනද එය පලක් නැත

........අපරාජිතයා.......

විලෝපිතයා
දිනන තෙක්
අපරාජිත මහත්මා
වංශයක් හදාගෙන
එයා වීරයෙක්ලු......
කුසලානය ජයපැනින් පුරවන්නට
දහ අතේ පොරොන්ද් දී
අන්න බුලත් හපනවා
අරලිය ගස් යට..........
නොදෝකින්.
මරා නොදැමුවානමි
ලොකු සහෝදරයව.......
මූ යවලා හිර ගෙදරට
අහිංසක විප්ලව වාදියාවත්
ජෙනරාල්ට තනි රකින්න..

...හිමි අහිමි....

ලෝකනාථාවෙනි
අරන් වර කුමරාව.................
නන්නූර් නපුංසකයි
කිරි කැටියා හුරතල් කරන්නට.......
නැත චීවරය තහනමක්
විජයබා කොල්ලකා
සිහසුනත් අරන් නුඹ
වරෙන් ඉක්මනට
මයේ කුමරා
විභීෂණ නමින් දුන්................
පංවායුධය ගෙන
වරෙන් උලකුඩයිනි
සටන් කරන්නට
අයිතියක් නැති අයිතියට.........

....ප්‍රේමයේ මගබැලීම...

සුසුදු පිය මත
ලවැලි අරනක
එකින් එක පා
ලකුණු මත්තෙම
හැපි හැපී පිය
ගැට නොහී වද
අරන තනිවය
පුදසුනක් නැත.......

නෙලා නෙක මල්
අමුම අමුනා
තමර පෙති එක
එකින් පුපුදා
ලවැලි තල දිග
අතුර මුත් මල්
හිරුත් අවරට
ගිහින් නුඹ නැත.........

තාරපති දුල
පෑල දිග'හස
මෝදු කරමින්
කලු වලාකුල්
වැස්සකට අර
අදින මුත් සැඩ
ලිහිල් සළු දැරු
නුඹ තවම නැත.........

..............මට දෙන්න..........

             ගුරු කුල අකුරුකල
වචනෙක අකුරු නැත
පිල්ලමි කොමා නැත
නැවතුමි තිතක් නැත
පණකුරු කිසිත් නැත
ගතකුරු පේලි නැත
ණන ළල බේද නැත
විසර්ගය හා යංශයක් නැත
පෙමිවතිය මට දුන්න
;දරය කියවන්න
යුනිකෝඩි ලින්ක් එකක්
කවුරු හරි මට දෙන්න......

කෙටිම කෙටි කථාවක්

වෙනදා තරමි නොවුනත් සිදීගෙන යන තුඩුගල දිය දහර නුඹේ දෙපතුල් තෙමාගෙන ගලා යද්දී මම ඊට තරමක් දුරින් දිය සිහිල වින්දා...නුඹේ දෙපතුල් තෙමිමවා ගෙන ගලාගෙන මා දෙපතුල් අතර නතරඋන දිය දෝතක මම නුඹට හොරෙන් නුඹේ සුවඳ සෙවිවා....සීතලම සීතල වතුර බින්දු මුහුන මත තවරගෙන මම ඹය උණුසුම හෙවිවා....මම බොලඳ වෙලා කියලා හිත මටම මුමුනද්දි මම තව තවත් දිය දහරාවෙ නුඹට හිමි දේවල් හෙවිවා...මට හුඟාක් දේවල් ලැබුනා...සීතල වතුර බින්දු පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ කර මොකක්දෝ නොදන්න සතුටක අනන්තයටම ගියා...මට සීතලයි ...හුඟාක් ....දරාගන්න බැරිතරමටම......මට උනුසුම නොදුන් නුඹ ඹහුගේ පපුව මත ලය හොවාගෙන සතුටින් දෙපා දිය මත එහා මෙහා විසිකරන අපූරුව මට සිහිලක් ගෙන දුන්නද??? මම නුඹේ සුවඳ හෙවිවෙ මෙහෙමද ?මට උනුහුමි වෙන්න මෙයම මදිද?........................ක​ාලයකට පසුව අදද නුඹ මට සිසිලද උනුසුමද නොඅඩුව ලබා දේ.ඉතින් මම කෙලෙසක වෙර බඳින්නද නුඹට......




....සංසාර සිහිනය...

බව සසර දුර බොහෝ
අරන් සිට ගෙන අ;ව
ප්රේමයේ මල් පොකුර
තවම මයෙ හිත ගාව

.සවනඟට කොදුරන්න
නෙත් විලේ කිමිදෙන්න
නුඹේ ඹය රුව කොහොද
සොයනවා මම තාම

නුඹෙ සුවඳ විඳගන්න
අමා සුව ලැබගන්න
මං බලන ලෙසින් මඟ
නුඹත් තව බලනවද

තටු ලදිමි සිහින විල් තෙරකින් මම............

 බොහෝ කෙටි කළකින් දැන හැඳින ගත් අයෙකුගෙන් ජීවිතය ඉගැනීම හෝ දැන ගැනීම විහිලුවක් හෝ හාස්‍යට කරුනක් යැයි ඹබට  හැඟුනොත් මම  ඊට විරුද්ධ වන්නේ නැත.නමුත් මම ඊට එකඟ වන්නේද නැත.නමුදු අ;ගන්තුකයෝ ජීවිත වෙනස් කරනවා යැයි කීමට හොඳම උදාහරනයක් වේ නමි එය නිසැකවම මම වේ....නිදහසේ පියා සල කුරුල්ලෙකු තටු කපාගෙන ය.බලහත් කාරයෙන් තටු කපාගෙන ය.අ;ගන්තුකයා කියාදුන් සරළ මුත් දුෂ්කර ජීවිතයේ ඉක්මනින් පියා සැලිය නොහැක..මඟ ලකුනු බලමින් විපරමින් සෝදිසියෙන් සෙමින් ගමන් කල යුතුය...එවිට බොහෝ දෑ හිමිවනවා යැයි අ;ගන්තුකයා කී පරිද්දෙන් මට බොහෝ දෑ හිමි විය..සෙමින් ගමන් ගන්නා මුත් මේ ජීවිතය බොහෝ සොඳුරුය...පියා සළනවා තරමි වෙහෙසක්ද නැත....තටු කොහෙත්ම රිදෙන්නේ නැත....අපූරුය ...චමත්කාරජනකය....මම ගමන් කරමි....තටු තබා එය නොසිතා දෙපයට වාරු වී මහ පොළවට දැනෙනා මෙන් ගමන් කරමි....අ;ගන්තුකයා කියා දුන් මේ ගමන් මඟට පින් සිදුවන්නට මහ පොළව මා හොඳින් හඳුනයි..බර අඩි තබමින් යන මාගේ බර පොළවට දැනෙන බව මමද දනිමි....එම පොළව මමද හොඳින් හදුනයි......දැන් මා ස්ථාවරය පැටලීමි. වැටීමි නැත.......අ;ගන්තුකයා අපූරුවට ජීවිතය කියා දී හමාරය....පළමු පින් අනුමෝදනාව එලෙස ජීවිතය කියා දීම හරහා සියල් හැකියා ඹප මටිටමි කල නුඹට ය.......දයාබර   ඇදුරුතුමියනි   නුඹටයි මේ තුති කුසුම........