Saturday, 31 December 2011



ජයෝ මුන්නිදස්ස සුභෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ගෝසයුං දේවගනා පසන්නා
ඒතෙන සජ්ජෙන සුවත්ති හෝති(ජයස්සු මයියං)!


සැමට සෙත් වේවා..
සැම ගිණි නිවේවා.....
පැතු පැතුම් සපළ වේවා..
සුභම සුභ නව වසක් වේවා.....!!

Thursday, 29 December 2011

නියඟලා...22 -23 පරිච්ඡ්ද...










_____________________22____________

මා දෙපය පණ නැතිව ගියාක් මෙනි..හිස තෝන්තු විය..මා හට කුමක් සිදුවුනිදැයි මටම අදහා ගත නොහැකි විය......


අරවින්ද මොකක් හරි ප්‍රශ්ණයක්ද?


නිලූශී එසේ අසන තෙක් මා සිටියේ මොකක්දෝ මොදන්නා පාලු මූසල ලොවකය.....


මලිති එද්දි ට්‍රැක්ටරේ පෙරලිලා.....වැව් බැම්ම ලඟදී..


මොකක්....එයාලට කරදරයක් නෑ නේද? 


නෑ නිලූශී .....මලිතිගේ අතක් කැඩිලලු...


අයියෝ...පවු....දැන් මොකද කරන්නේ....පවු දෙයියනේ 


අනේ මට වතුර එකක් දෙන්න නිලූශි....


නිලූශි හනිකට ගොස් වතුර වීදුරුවක් ගෙනෙද්දී මා අසල වූ පුටුවේ හිඳ ගතිමි.....


මා හැල්මේ වතුර වීදුරුව බීගෙන බිගෙන ගියෙමි.....


අරවින්ද රිලැක්ස් වෙන්න.....කලබල වෙන්න එපා.....අපි හිමීට මොකක් හරි කරමු.....
මා කුමක් කිව යුතුදැයි වැටහීමක් නැත.....


දැන් අපි මොකද කරන්නේ.....ගිය අනිත් අයට කරදරයක් නෑ නේද?


නැහැලු.....


මා පිළිතුරු දුන්නේ කිසිදු වගකීමකින් තොරවය....


ඉන්න අරවින්ද මම වෙනුරට මේක කියලා එන්නම්...බලමු අපි මොකක් හරි කරන්න....


මා බොහෝ වේලාවක් වාඩිවී සිටියේ කල යුතු දෙයක් සිහියට නොපැමිනි නිසාවෙනි...


අරවින්ද ප්‍රශ්ණයක්ලු නේද?


අනේ ඔව් සර්....බලන්නකෝ වෙලා තියන දෙයක්...


දැන් අරවින්ද මොකක්ද කරන්න හදන්නේ?


මට මොනවත් හිතාගන්න බැහැ.....


ගමේ ගියොත් හොඳයි නේද?


නමුත් සර් නිවාඩු ගන්න එක හරි මදි නේද? තාම සති දෙකක්වත් නැහැනේ....


මමත් කල්පනා කලේ ඔය දේම තමයි......


ඔයාට හෙට කොහේවත් යන්න තියනවද හදිසි ගමන් එහෙම....


නිලූශි එසේ විමසුවේ වෙනුර මහතාගේ දෑතේම දැවටීය....


මම හිතන්නේ නිලූ කියන්න හදන්නේත් මම කියන දේම තමයි....


වෙනුර මහතා එසේ පැවසුවේ බැරෑරුම් බැල්මක්ද සමඟනි...


මොවුන් සූදානම් වන්නේ කුමකටදැයි මට තවත් පෙහෙලිකාවක් විය...සමහර විට වෙනුර මහතා නිවාඩු අනුමත කර දීමට සූදානම් වනවා විය යුතුය....


වෙනුර මහතා අසල වූ දුරකථනයෙන් අමතා කිසිවෙකුට එන්නැයි කියනවා යාන්තමට ඇසිනි.....


ඇසිල්ලකින් සුමනදාස මාමා එහි විය....


සුමනදාස මේ අරවින්ද මහත්තයා එක්ක ගමේ ගිහින් එන්න ලැස්ති වෙන්න...හෙට උදේම එන්න....බලාගෙන රෑ ඩ්‍රයිව් කරන්න...මීදුම එහෙමත් ඇති....පරිස්සමට ගිහින් එන්න...


වෙනුර මහතා හදිසියේ කියූ වදන් මට අදහා ගත නොහැකි විය....


අනේ සර් කරදර වෙන්න එපා..පුලුවන්නම් මට නිවාඩුවක් අරන් දෙන්න....


නෑ..නෑ ...අරවින්ද එහෙම කරන එක හරි මදි... අරවින්ද යන ගමන් ටිකක් නිදා ගන්න ...හෙට උදේ හොස්පිට්ල් ගිහින් එහෙම්මම ඉක්මනට එන්න....


කල යුතු දෙයක් සිතා ගන්නටවත් බැරි විය...වෙනුර මහතාට ස්තූති කල යුතු අයුරු මට වැටහුනේ නැත...මා වෙනුර මහතා දෙපය ලඟ දණ නමා වැන්දෙමි.....


අනේ මේ මොකද දරුවෝ.....වෙනුර මහතාගේ මෙන්ම නිලූශිගේ දෑසේද කඳුලු පිරෙනු දුටු මම බිම බලා ගතිමි...


අන් දුකේදි උණුවන හිතක් ඇති වෙනුර මහතා වැන්නෙකුට දණ ගසා වැදීම පවක් නොවේ...වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු මහත්මයකි...


දැන් යන්න අරවින්ද තව පරක්කු වෙන්න එපා ..උදේම එන්න....


එසේ කියා ඔහු නිවස තුලට ගියේ නිලූශිට පමණක් ඇසෙන හඬින් පවු අහින්සකයායි කියමිනි... 


____________________23________________
වේලාව රාත්‍රී දහය පහු වූවා පමණි...බෝ ගස අසල කුඹුරු යායෙන් එහාට වාහනය ගමන් කල නොහැක...අසල් වැසියෝ රෑ යැයිද නොබලා නිවෙස්හී කුප්පි ලාම්පු දල්වා බලති...බල්ලෝ මහ හඩින් බුරති....


වක්කඩ දියෙන් පිරි තිබුනි...මෝටර් රථය බෝ ගස ලඟ නවත්වා සුමනදාස මාමාද කැටුව හේනේ කඩුල්ලෙන් පැන අඩි පාර දිගේ මා නිවෙස බලා පිය මැන්නෙමි...


තවත් දුර යන්න ඹ්නෙද අරවින්ද මහත්තයෝ...


නෑ නෑ තව ටිකයි...මා එසේ කිවේ සුමනදාස මාමා අස්වැසිමය...පැමිනි තරම් දුර තව යායුතුව තිබේ...


සුමන දාස මාමා දන්නවාද අර කන්ද මොකක්ද කියලා....


නෑ....


ඹ්ක තමයි නකල්ස් කදු යාය කියන්නේ .....අපේ ගෙවල් තියෙන්නේ ඔය පාමුල...


අප්පේ තවත් දුරද?...මේ පලාතේ අසනිපයක් කරදරයක් උනොත් සමන් දෙයියන්ගේ පිහිටම තමයි...


මේ කඳු යායට එපිටින් තියෙන්නේ සමනළ කඳු යාය....හරිම ලස්සනයි.. නමුත් මෙහේ ජීවිත හරිම කටුකයි මාමේ...කොටි දිවි වලස්සු විතරක් නෙමෙයි අලිත් එහෙමටයි..අපි ගෙවන්නේ මහා කරුම ජීවිතයක් මාමේ...


මට තේරෙනවා අරවින්ද මහත්තයෝ...මේ ගමනම මැදැයි විඳින දුක තේරුම් ගන්න....


අන්න අර තියෙන්නේ අපේ ගේ...


අප්පේ මැදැයි යාන්තම් ගේ දැක්කා....


නිවසේ කඩුල්ල පණිනවා සමගම බිස්ස යට සිටි කළුවා බුරා පැන්නත් පසුව මගේ හඬ  ඇසී සුපුරුදු ලෙස නකුට වනන්නට විය......


අප්පච්චී....අප්පච්චී.....මා තරමක් හඬින් කථා කලෙමි...


කවුද කවුද? මේ දෙගොඩහරියේ යි කියමින් නිදි ගැට කඩමින් අප්පච්චි දොර විවර කර මවිතව මදෙස බැලීය....


ඩිංගිරි මැනිකෝ..මෙන්න බණ්ඩාරේ ඇවිත්....අප්පච්චී කීවේ ඉහ වහ ගිය සතුටිනි...


අප්පච්චී දින කිහිපයට බොහෝ සේ දුබලව ගොසිනි....ඔහු දුටු මනෙතට කඳුලු පිරිනි...


අම්මා නිවසින් පිටතට පැමිනියේ සුභ සිහිනයක් දුටු කුඩා දරුවෙකු ලෙසය...


අනේ ගෙට එන්ට මුලින්ම මේ රෑ පිණි බාලා අසනීපයක්වත් හැදුනොත්.....


යමු යමු ගෙට මටනම් මහ සීතලකුත් දැනෙනවා....සුමන දාස මාමා එසේ කෙඳුරුවේ දෑතම කම්මුල් මත තද කර ගනිමිනි....


අනේ අප්පච්චි මොකක්ද මේ සිද්දවුනාය කියන විපැත්තිය...


ඔව්වා ඔහොම තමයි දරුවෝ.....මොනදේ වෙන්නෙත් හොඳට කියලා කතාවක් තියනවා නොවැ...


අප්පච්චි කථා කරන්නේ සියළු ඉඳුරන් දමනය කල එකෙකු මෙනි..


වීරෙගේ කෙලීගේ අතට කාලයක් බෙහෙත් කරන්න වේවි මයර හිතේ...


මලිතිට හුඟාක් අමාරුද අප්පච්චි..


අත දෙතුන් පලකින්ම කැඩිලය කියන්නේ....පවු අහින්සක දැරිවි..


සූරිට කොච්චර කීවත් අඑන එකෙක් යෑ..අර බේබද්දගේ ට්‍රැක්ටරේමනේ කොච්චර කීවත් අරන් එන්නේ...


අම්මා කීවේ තද කෝපයෙනි.....


දරුවෝ මේ මහත්තයාටත් එක්ක කෝපි එකක් හදාගෙන එන්න කෝපි බොනවද දන්නෑ..


අප්පේ මෙ ඔය ඹ්න එකක්...සුමනදාස මාමා කිවේ තරමක හඬින් අන් අයද හිනස්සමිනි...


ලොකු බණ්ඩාරේ......ලොකු බණ්ඩාරේ.....


පිටතින් මහ හඬින් යමෙකු කෑ ගසනවා ඇසෙයි


හේනේ ගොයියා මම බලල එන්නම් කී අප්පච්චී පිටුපස සුමනදාස මාමාද ගිය හෙයින් මම අම්මා සමඟ කුස්සියට විනි...


අම්මේ මොනාද උයලා තියෙන්නේ..බඩගිනියි...මා එසේ විමසුවේ කෝපි හදන අම්මාගේ උරහිසට නිකට තබාය..


අප්පේ අපි කොහොමැයි දන්නේ බොලා එනෝ කියලා..මම ඉක්මනින් මොනා හරි රත් කරලා ගන්නම්...


අම්මේ කරවල කැල්ලක් තියනවානම් තෙලට දාලා දෙන්නකෝ...


අම්මා මම වීරේ මාමාලෑ ගෙවල් දිහෑට ගිහින් එන්නම්..


මේ කෝපි එක බීලා යන්න පුතේ..මම හුලු අත්තක් ලෑස්ති කරන්නම්...

Wednesday, 28 December 2011

එන්න ලෙමන් ජින් බොන්න...









මහ පොළ අපේ ගමටත් සේන්දු වෙලා.....මතක විදිහට දෙදහස් හතරේ අවුරුද්දේ...යාන්තම් උසස් පෙළ කලා විතරයි..මහ පොළ බලන්න යන්නත් අතේ සල්ලි තියෙන්න එපැයි..පළවෙනි දවසේ හොරාට රිංගුවා ..හැමදාම මෙහෙම  කරන්න බැරි නිසා ටිකට් අරන්ම යන්න විදිහක් කල්පනා කර කර හිටියේ..දුකට සැපට ඉන්න රනිදුවා ලඟම හිටියත් හැමදාම අතේ පිච්චිය නැහැ..පිච්චිය තියා පිච්චිය දාන්න සාක්කුවක්වත් මිනිහට නැහැ..


ඔන්න ඉතින් දෙන්නට කල්පනාවට වැටුනා ගානක් කපා ගන්න කෙනෙක්...සල්ලි අතේ වරදින්නෙම නැති බොහෝම සිල්වත් කෙනෙක් තමයි මෙයා...වෙන කවුරුවත් නෙමෙයි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ..


ඔන්න ඉතින් නමෝ බුද්ධාය කියලා මංගැච්චුවා පන්සලට...


අනං මනං කතා නැතුව ඉල්ලිම ඉදිරිපත් කලා...පැරණි ණය වාර්ථා සේරම කියවලා ගනං හිලවු බලලා නැවත ලබා දීමේ පදනම මත රුපියල් දාහක් හාමුදුරුවෝ දුන්නා..


බයිසිකල් කටුවට පෙට්‍රල් රුපියල් දෙසියක ගහගෙන කෙලින්ම ගියේ නෝනා බාර් එකට(කළුතර ප්‍රසිද්ධම බාර් එක) මචං ලෙමන් ජින් එකක් ගමු....අතේ සතේ නැති උනාට උපදෙස් දෙන්නනම් මේකා දෙයියා...


හා හා ගමු ගමු..මමත් එක පයින් කැමති උනා...


අරගෙන එද්දි මතක් උනේ දාහයිනේ තිබුනේ..අඩුම ගානේ සෝඩා එකක්වත් ගත්තේ නැහැ..බයිට් එකට රුපියල් දහයක රටකජු ගොට්ටක් ගත්තා...


මචං යමු කැලිඩෝ එකට...ගිහින් ගහලා යමු මහපොළ බලන්න...උපදේශක දුන්නා අයිඩියා එකක්...


ලයිශන් වත් නැහැ..කළුතර පාළම් දෙක පන්නලා ඔන්න අපි කැලිඩෝ බීච් එකට සෙට් උනා...


අපරාදේ කියන්න බැහැ බොන්නම හදාපු ස්පොට් එක...


බයිසිකලේ නවත්තලා වැලි පොළව දිගේ වැටකෙයියා පඳුරක් වට වාඩි උනා...හප්පට සිරි කෝ අරක්කු බොන්න වීදුරුවක්...වට පිටාවේ විපරම් කෙරුවත් අන්තිමට හොඳට වැලිවලින් මැදිච්ච පොල් කටුවක් විතරයි හම්බ වුනේ..මොනවා කරන්නද මේකෙවත් බොමු කියලා දෙන්නා වාඩි වෙලා බොතලේ කඩලා වැඩේ ස්ටාර්ට් කලා... එක ශොට් එකකට එක රටකජු පලුවයි...අපි එහෙම ගිවිසගෙන වැඩේ කරගෙන ගියා....


යාන්තම් අමාරුවෙන් තුන් කාලක් දෙන්නා බිව්වා....දැන්නම් හොඳ පදං...ඔහොම ඉන්නකොට මෙන්න රනිදුවා කියපිය මචං මට ටොයිලට් යන්න උවමනාවක් තියනවා කියලා...


අවසර ගන්න දෙයක් නැහැ අර තියෙන්නේ නියම පොට් එකක් ජල පහසුකමත් නොමිලේම තියනවා...මම එහෙම කියලා පෙන්නුවා මුහුද...මෙන්න පොරත් වරම් ගත්තා වගේ දුවලා ගියා රාජකාරිය කරන්න..


විනාඩි දෙක තුනකින් මෙන්න මිනිහා එනවා අම්මබානෙකට නාගෙන..


මචං රැල්ලක් ගැහුවා ඔළුවටත් උඩින්..මම බොහොම අමාරුවෙන් ගැලවුනේ.....මිනිහා කිව්වේ ඔලිම්පික් පිහිනුම් තරඟෙට ගිහින් රන් පදක්කම ගෙනාවා වගේ..


හරි මගුලයි දැන් කොහොමද යකෝ මහපොළ බලන්න යන්නේ ..උඹ දියකාවා වගේනේ....


නෑ බං අපි හෙට යමු...අද මේක ගහලා යමු..එහෙම කියලා මූ තව ලෙමන් ජින් පොල්කටුවක් වක්කරගත්තා...


මමත් මූට දෙවනි නොවී කට කපලා දෙකක් දාගත්තා....දැන් නම් දෙන්නට බඹර පහස...මුලු ලෝකෙම හයිස්පීඩ් කැරකෙනවා...ට්‍රැෆික් පොල්ස් කාරයෙක් දැක්කොත් ලෝකේ කරකවන එකාටත් දඩ කොළයක් කඩනවා...


මචං....යමු ගෙදර....රනිදුවා දන ගහලා...


උඹේ ගෙදරද අපේ ගෙදරද?


අපේ ගෙදර ගියොත් මම ඉවරයි...උඹලෑ ගෙදර ගියොත් අපි දෙන්නම ඉවරයි...වෙන කොහේ හරි යමං...


හොඳම සිද්ධි ටික හෙට බලමු.......ඔන්න අමතක කරන්න එපා....රසම හරිය හෙට......

Tuesday, 27 December 2011

නියඟලා 21 පරිච්ඡ්දය..



















                                  21
මිනිසුන් හඬයි .හේතුවක් නැතිව සමහරු අඩන්නේ හේතුවක් සොයන්නටය...එහෙව් මිනිසුන් අතර වෙනුර මහතා සැබවින්ම ජිවිතය විඳවමින් අඬනා මිනිසෙකුයි මට සිතේ....


ඊයේ රැය දිගු වූවා වැඩිය..සිත තවමත් බමන මතිනි...වතුර මල මත හැල්මේ බොහෝ වේලා හිස හොවාගෙන සිටියෙමි..මද සැහැල්ලුවක් විය එය...


අද ඉරිදා බැවින් කාර්‍යාලයට යාමට අවැසි නැත...නමුත් කිරීමට වැඩ එමටය..අතරින් පතර කාමරයේ තැනින් තැන දමා තිබෙන ඇඳුම් දුටුවිට නැවතත් හිසට බමන මත එක්විය...එකින් එක එකතු කර සියළුම ඇඳුම් සෝදන්නට සූදානම් උනෙමි.........


පැයක පමන දැඩි වෙහෙසකින් පසුව සියළු රෙදිපිලි සෝදා දැමුවෙමි....


රෙදි බාල්දියද අතැතිව නිවස පිටුපස වූ වැල වෙත ගියෙමි..


හ්ම්....මේ ඉන්නේ අනිත් බේබද්දා.....


මා නියතවම පියවි ලොවට පැමිනියේ දැන්ය...අපේ අම්මා හේනේ කිරා මාමා අමතන්නේ ඔය අයුරෙනි...ඔය මිනිහා බේබද්දා ඔය මිනිහා එක්ක පෑහෙන්න යනවා නෙමෙයි යැයි අම්මා කියන්නේ මට පමනක් ඇසෙන්නට නොවේ අම්මා මා පිටින් දමා එය කියන්නේ අප්පච්චිටය.


අනේ නැහැ නිලූශි අර බියර් ද මොනවද කියන්නේ අන්න එයින්නේ බිව්වේ .....


ඉතින් එව්වා බිව්වානම් අරවින්දට මතක තියනවා නේද ගෙදර  ආපු විදිහ..


ඇය ප්‍රශ්න අසන්නේ ගමේ ඉස්කෝලේ බමුනුගල මහතා ප්‍රශ්න අසනා ලෙසය...උත්තර දුන්නද නොදුන්නද නියතවම දඬුවම් ලැබෙනු ඇත....


න්....නැහැ..මා කීවේ බිම බලා ගත් වනමය...


හොඳයි අරවින්ද..හරි හොඳයි...අරවින්දගේ කැමැත්ත..මේක ඔයාගේ ජීවිතය..ඔයාට කැමති විදිහට ගෙවන්න පුළුවන්..නමුත් ගමේ අරවින්ද වෙනුවෙන් ඉන්න අම්මා අප්පච්චි අර අපිට නොකියන අහින්සකී වෙනුවෙන් ජීවත් වෙන්න...


මා කිසිවක් කිවේ නැත....


අරවින්දට ගමේ ගෑණු ළමයෙක් ඉන්නවා නේද?


හ්ම් ..මා කෙඳුරුවේ වරදට හසුවූ දරුනු අපරාධ කරුවෙකු ලෙසය...


අන්න අරවින්දගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කථා කලා අද අර ගෑනු ළමයා දවල් දෙකට කථා කරනවා කිවා...අරවින්ද දෙක වෙද්දි ඉන්න .පවු රස්තියාදු වෙයි අර ළමයා..අරවින්දලෑ ගමේ ෆෝන් නැහැ නේද?


න්..නැහැ ටවුමටම යන්න ඹ්නේ කථා කරන්න..


හ්ම්....යන්න අරවින්ද රෙදි වනන්න....නාස්ති වෙන්න එපා....පුරුදු වෙන්නත් එපා වැරදි දේවල් වලට...


මා කිසිවක් නොකියා දරාගත නොහැකි සතුටකින් නික්ම ගියෙමි..


කාලය වේගයෙන් ගෙවෙන බවක් නොපෙනේ...තවම එකොලහ පසුවූවා පමණි....මොහොතින් මොහොත ඔරලෝසුවේ මන්දගාමී තත්පර කටු දෙස දැස් හොවා සිටිනවා හැර කිරිමට දෙයක් නැත..


මලිති දැන් ලහි ලහියේ මාමා සමඟ ටවුමය යෑමට සූදානම් වනවා විය යුතුය...නුගේ ලිඳ ලඟ වෙනදා මෙන් ගමේ ගැහැනුන් සමඟ නොහිඳ කඩිසරව ගමනට සූදානම් වනවා ඇත....මලිති මහත් උද්දාමයෙන් දිලිසෙනා දෑසින් යුතුව මා මෙන්ම ඹරලෝසු කටු ගනිනවා විය හැකිය...මාමා කුරක්කන් කපා අවසන් වන්නට ඇත...අප්පච්චිගේ අස්වැන්නද සහිතව පොලේ චන්ඳ්‍රසිරි මාමාගේ ට්‍රක්ටරයෙන් මලිතිද කැටුව එනු ඇත....මලිති මල් රතු පැහැ බෝරිච්චි අත් සහිත ගවුමෙන් සැරසී උදය පිපි රත් මලක් ලෙස එයි....මුත් මට අසන්නට වෙන්නේ හඬ පමනි..


දොලහේ කනිසම අද එක්වූයේ බොහෝ ප්‍රමාදවය..කීමට බොහෝ දෑ වෙති..අම්මා සුවෙන් වෙතැයිද දැනගත යුතුය...මේ ඉදිරියට එන වැසි සමය සමඟ අම්මාගේ පිනස ඇදුම දක්වා ඉහල යයි...අපහසුවෙන් හුස්ම ගන්නා අම්මාගේ හඬ හද පත්ලට ඊයම් බරුවක්ව බැස හද පෑරවීය...
කාලය ගෙවෙන්නේ නැත...මේසය මත වු කඩදාසි කිහිපය මත දෑස් දිවිවෙමි..ඊයේ මා කවියක් ලිව්වාක් මෙන් මතකය...එය පෙනෙන්නටවත් නැත...සමහර විට සුමනදාස මාමා කාමරය අස්පස් කිරිමේදී එය ඉවත දමුවා වන්නට පුලුවන....


පෑන අතට ගෙන බොහෝ වේලාවක් මේසය මත වූ කඩදහි මත මලිතිගේ නම සටහන් කලෙමි....එහි අවසන කඩදාසියෙහි මලිති තෙරුවන් සරණින් ඉක්මනින් එන්නැයි ලියා තැබුවෙමි...


බොහෝ අකාරුණික ඔරලෝසුට යාන්තමින් දෙක සනිටුවහන් කර තිබිනි....තවම නිලූශිගෙන් කැඳවුමක් ලැබුනේ නැත...බොහෝ හැල්මේ දිව් කාලය තටු ලද්දාක් මෙන් ඉගිලෙන්නට විය..විනාඩිය විනාඩිය එකතු කරමින් ඔරලෝසුව මොකක්දෝ අරගලයකට සූදානම්ය....දෙකයි පහ...දෙකයි දහය...දෙකයි කාල....මා ඉවසීමේ සීමාව බලාපෙරොත්තුවේ මායාවෙන් නික්ම ගොස් තිබුනි....


වහා වෙනුර මහතාගේ නිවසේ සිනුව නාද කලෙමි....


අරවින්ද.....එන්න ගෙට.....මම මේ දැන් නැඟිට්ටේ...අද ඉතින් නිවාඩු දවසනේ....


වෙනුර මහතා තවමත් නින්දේය...ඊයේ රැයේ මතින් සිටි තරමට දැන් අවදි වු දෙයද පුදුමයකි...


අරවින්ද කලබලෙන්.....ප්‍රශ්නයක්ද?


න්..නෑ අද ගෙදරින් කතා කරනවා කියලා අපේ හාමුදුරුවෝ කීවා නියලා නිලූශි නෝනා කිව්වා...තාම නැහැ..දැන් එන්නත් වෙලා...


අරවින්ද දන්නවද එයාලා කතා කරන ටෙලිෆෝන් නම්බර් එක...


ඔව් සර්..තැපැල් කන්තෝරුවේ එකෙන් තමා ගන්නේ...මේ තියෙන්නේ අර නොම්මරේ .....මා අත වු කඩදාසි කැබැල්ල වෙනුර මහතා අත තැබිය...


ඉන්න මම අරන් බලන්නම්...කවුරු කිව්වහමද අරවින්දව දන්නේ.....


බන්ඩාර කිව්වහම දන්නවා.....උඩු දුම්බර බණ්ඩාර කියන්නකෝ..මම තැපැල් මහත්තයාව හඳුනනවා..අපේ අප්පච්චිලාගේ පැත්තෙන් නෑයෝ වෙනවා...


මෙන්න රිංග්ස් යනවා අරවින්දම කතා කරන්නකෝ....වෙනුර මහතා රිසිවරය මා අත තැබිය...


අනෙක් පසින් තැපැල් මාමාගේ ගොරහැඩි හඬ විය....


මාමේ මම අරවින්ද.......


අප්පේ අපේ කොලුවට අපිව මතක් වෙලා තියෙන්නේ......


මාමේ අපේ සූරි මාමා අද එනවා කිවා කතා කරන්න තාම නැතෙයි.....


නැ දරුවෝ තාමනම් නැහැ...දැන් හැන්දෑ වේගනත් එනවා මම හිතන්නේ චන්ද්‍රසිරිට බෝග ටික දිලම එයි....


හා හොඳයි මාමේ මම එහෙනම් තියන්නම්...මාමාට දළඳා හාමුදුරුවෝ පිහිටයි....


මා එසේ කියා දුරකතනය විසන්දි කලේ තවදුරටත් බලා පොරොත්තු තබාගෙනමය....


අරවින්ද එයාලා ඇවිත් නැත්නම් වාඩිවෙලා ඉන්න එනකල්....මම වොෂ් එකක් දාගෙන එන්නම්....වෙනුර මහතා එසේ කියාගෙනම සාලයෙන් ඉහල මාලයට පිය මැන්නේය.


ඔරලෝසුව තුනේ කනිසමටද කිට්ටුවෙනි...මලිති තවමත් නැත...


අරවින්ද තාම ගමෙන් කතා කලේ නැද්ද?


නැහැ නිලූශි ...තාම නැහැ...අනේ මන්දා...නිලූශි කරදරයක් නැත්නම් මට පුංචි උදව්වක් කරන්න...


කියන්න අරවින්ද කියන්න...


මට මෙන්න මේ නොම්මරේට කෝල් එකක් අරන් දෙන්න...වෙනුර මහත්තයත් දැන් එක පාරක් ගත්තා...


ඇය හනිකට එම ඇමතුම ගන දුනි....


මෙන්න අරවින්ද කතා කරන්න....


මා හනිකට රිසිවරය ගෙන කතා කලෙමි....


මාමේ මම මේ අරවින්ද...කරදරයක්ද මන්දා මාමාට...


අනේ මොන කරදරයක්ද...මම මේ ඔය නොම්මරේට ගන්න කියලා හැදුවා විතරයි.....තැපැල් මාමාගේ හඩ යාබදු වී තිබේ...


මක්කැයි මාමේ...අපේ මාමාලා එන්නෑ කියලා පයින්ඩයක්වත් එවලද?


අරවින්ද ළමයා කලබල එහෙම වෙනවා නෙමෙයි ඔන්න....


තැපැල් මාමාගේ එම වදන් පෙලත් සමඟ මාගේ සිරුර කිලි පොලා ගිය සෙයක් විය....


ක්..කි...යන්න මාමේ...මා අපහසුවෙන් වචන එකතු කර ගතිමි...


සූරි බණ්ඩාරෙගේ අප්පච්චිගේ ඉරිඟු ටිකත් චන්ද්‍රසිරිගේ ට්‍රක්ටරේ පටවන් ඇවිත් තියෙන්නේ..මහා ලෝඩ් එකක් තිබිලා නොවැ..


ඉතින් ඉතින් මාමේ.....


අර සූරිගේ දෝනියැන්දත් හිටලා තියනවා...සූරිලා බන්ට් එකේ එද්දි බර දරාගන්ට බැරිව ට්‍රක්ටරේ පෙරලිලා...සූරිවයි කෙලීවයි ඉස්පිරිතාලේ ගෙනිහින්...චන්ඳ්‍රසිරිට තුවාලයක් නැහැ...සූරිලාටත් අච්චර අමාරුවක් නැහැ..අර දැරිවිගේ අතක් කැඩුනු කතාවක් තමයි සිරිමලා... කීවේ''







කව්ද මේ රාවනා...?











සිංහලේ රාජාවලියේ එන මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක, මහාබාලි, රාවණා ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැයි කීමෙන් පෙනීයන්නේ, ඔහු තුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය මිස සැබෑ ලෙසම ‍හිස් දහසක් තිබුණා යන්න නොවේ. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමාගෙන් පරාජයට පත් වෙයි. ඉන්දියානු ජනතාව අදටත් "දීපාවාලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාමගේ යටතට ගැනීමයි. රාවණා හා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය යන ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගනියි.

පෙලපත
මවගේ පියා - සුමාලි රජ
මව ‍- පුෂ්පොත්කටා කුමරිය
පියාගේ පියා - පුලස්ති ඉසිවරයා
පියා - වෛශ්‍රව ඉසිවරයා
බිරිඳ - මන්දෝදරී කුමරිය
පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්
සොයුරන් - වෙශණ,කුම්භකර්ණ , විභීෂණ , කරන් සහ දූෂණන් (නිවුන්)
සොයුරිය - සුපර්ණකා
මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා
රාවණා රජුයේ රාජ්‍ය ධූරාවලිය ගැන අධ්‍යයනය කරන විට පොළොන්නරුවේ සිටියා යැයි කියන මහා ඍෂි පුලස්තිගේ වැඩි මහලු පුතා වන වෙසමුණි හෝ වෛශ්‍රවනගේ පුතා, එනම් පුලතිසි ඍෂිවරයාගේ මුනුපුරා වූ කුවේර යි. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ, ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.

කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටු සහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍ය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්යටයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්රිපකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්යෙය සියතට ගැනීමට සමත් විය. තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය
 තො-වි-

පහන් සිල-කෙටි කතාව










අහස මන්දාරම් ය..හාත්පස අඳුර පැතිරියේ හදිසියේ එන වැස්සකට ය..පන්සල් බිම සිල් සුවඳ නික්ම ගොස් දුහුවිලි මත වැටුනු දිය මුහු වුනු දුහුවිලි සුවඳ ලැගුම් ගෙනය..අන්නතරීය පාප කර්මයක් කලාක් මෙන් අහස නොනවත්වා හඬයි..ඉනික්බිති විටින් විට ගොරවයි..පන්සල් බිමේ එකතු වුනු දිය සෝමේ අක්කලාගේ වත්ත  හරහා කඩිත්තට වැටෙයි...හනි හනියට දිය කඳ කළු ඟඟ මතින් සමුදුර දකිනවා වෙත්..
ලොකු හාමුදුරුවන් සැතපි සිටී... වැහි දිනයන් හී අරියවංශ ලොකු හාමුදුරුවෝ වෙනදා නැති සුවයකින් නිදයි..නිදන් ගත සෑම රෝගයක්ම හාමුදුරුවන් සමඟ සැතපී වන සෙයකි.....


චීවරය හිස මත දවටා විහාර ගෙට වැස්සෙන් රැකී පිය මැනීමි...විහාර ගෙය හිතට සැහැල්ලුවකි..
පිටත ගොරවන අකුණු ගසන හඩින් දෙදරයි...විටින් විට නෙත් අඳ කරමින් විදුලි එළි විහාර ගෙය තුලටද අනවසරයෙන් පැමිනෙයි.. අවසරයකින් තොරව පැමිනි එළි අනාවසරයෙන්ම නික්ම යයි..අඳුර සමඟ එළිය නික්ම යයි..නැවතත් එළිය සමඟ අඳුර නික්ම යයි...


විහාර ගෙය තුල පහනක් දැල්වීමි..මදක් චිරි චිරි හඬින් දිය පිස දැමූ පහන් තිර හොඳින් දැල්වෙයි...සීතලෙන් තැතිගත් කෘමීහු පහන් සිල වටා එතෙයි...විවිද හඬ නංවමින් උන් දැවී යයි..පහන් සිල නිවා දැමීමි...නැවතත් අඳුරම පමනකි..ගොරවනා හඬ සමඟ නොඅවරස එලි ගමන් බිමන් යයි...ගැබ්බර අහස හඬයි....


හිස වටා සිවුර දවටා නැවතත් විහාර ගෙයින් නික්මිනි.... පඬු සුවඳ අන් හැමටම හොඳින් නාස් පුඩු අරක් ගෙන ය...

Monday, 26 December 2011

සිංහ බා...









රුදු බලැති සිහ පා
උරුමයට මග පෑ
පුතෙකු මම හැදුවා
එ පුතු මා වනසා........


ලෙනක් තුල සතපා
මියුරු ගී කොඳුරා
ශිල්ප දී රැකු වා
වනසාද පුතු මා............


මිසුරු රස බොජුනා
පල වැලද සොඳවා
මියුරු කොට පෙම්මා
රැගෙන ගොස් අමිමා........


රුසිරු සිරි කැන්දා
දැවටීම උන්නා
දියනි නැත ලඟ මා
රැගෙන ගොස් සිහ බා.........


සොඳුර දුන් පුතු මා
නොම වී ය උතුමා
නෙතක් කොට රුකු මා
වනසාය හිත මා.......


මරන්නට පිය මා
තරමි හිත රුදුවා
පුතෙක් හැදු පව මා
සොඳුරු ලය පැලුවා.......

මම..


                

















මම සොහොනක්
මළ කුණු දරන
අඳෝනා රඳන
විටින් විට අරන් විත්
පාරමින් හද පොළව
වලලලා යන
තුන් මහේ මතකය...

එන්න මළවුන්ගේ දා වත්
අරලියා මල් ගහක් ගෙන

සෙමින් හාරා
පරිස්සමින් සිටවා
වතුර බිඳුවක් දමා යන්නට..









Sunday, 25 December 2011

නියම මොලේ.....



කියන්නම වටින කතාවක් මේක...මමත් පුංචි කාලේ අහපු කතාවක් නමුත් හුඟාක් අය අහලා නැතිවෑති කියලා කියන්න හිතුවා...


මේ කතාව අදට හුඟාක් වලංගුයි..මොකද දන්නවද? දේසපාලුවෝ මිනිස්සුන්ව රවට්ටන්න අද පාවිච්චි කරන්නේ මෙන්න මේ දේ..


ඔන්න එකමත් එක රටක හිටියලු ගමරාල කෙනෙක්....හරිම අමාරුවෙන් තමයි මුන්දෑ පවුල එක්ක ජීවත් උනේ..දිගටම තිබිච්ච ඉඩෝරය හින්දා කන්න තුන හතරක්ම පාලුත් උනා...කෑම බීමත් හරියට හිඟයි....


පුළුවන් හැමදේම විකුනලා කෑවා ..අන්තිමට ගෙදර ඉතිරිවෙලා තිබුනේ එකම එක මහ විසාලෙට හැදිච්ච තාරාවෙක් විතරයි...නමුත් තාරාවව උයලා මොනවත් එක්ක කන්නද? හාල් කියන නාමයක් ගෙදර නැහැ..පාං කෑල්ලක්වත් නැහැ..පොඩි එවුන් බඩගින්නේ අඬනවා...


ගමරාළ කල්පනා කලා කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න ඹ්නේ කියලා...ගමරාළට මතක් උනේ ගමර ඉන්න සිටු තුමාව...මිනිහට බොහෝ සම්පත් තියනවා...හරී කරුනාවන්තයි...ගමරාල හිතුවා මේ තාරාවවත් ඉතිරිකරගෙන හොඳ පදං හාල් ගෝනියකුත් අරන් එන්න ඹ්නේ කියලා ගියා සිටු මාලිගාවට...


ගිහින් හමු උනා සිටු තුමාව...ගසිටු තුමාට කිව්වා මේ බලන්න මගේ ලඟ යස තාරා නාම්බෙක් ඉන්නවා මම ඔබ තුමාට දෙන්න ගෙනාවේ ..මටත් කෑල්ලක් ඉතිරි කරගෙන මම බෙදලා දෙන්නම්...මස් වලට හරියන්න මට ඔය හාල් ටිකක් දෙන්න කියලා...


සිටු තුමාත් එක පයින් කැමති උනා මේ යෝජනාවට.....හා හා මම එකඟයි සිටු තුමා කීවා....බෙදමුකෝ බලන්න..සිටුතුමාත් තනියම කොටස ගන්නැතුව කිවිවා මේ මගේ පවුලේ මගේ බිරිඳයි දුවලා දෙන්නයි පුතාලා දෙන්නයි මමයි හයක් ඉන්නවා බෙදමුකෝ බලන්න කියලා....


ගමරාල මදක් කල්පනා කලා...හරි මම බෙදන්නම්...


ගමරාළ මුලින් සිටු තුමාට කියනවා...ඔබ තුමා තමයි මේ පවුල් ප්‍රධානියා..ඔබ තුමා තමයි ඉහලින් ඉන්නේ මෙන්න එනිසා තාරාවගේ හිස ඔබ තුමාට කියලා තාරාවගේ හිස සිටුතුමාට දෙනවා...


දෙවැනියට ගමරාල තෝරගන්නේ සිටුවරයගේ බිරිඳව..ගමරාළ මෙහෙම කියනවා..සිටු කුමරියනි ඔබ තමයි මේ පවුලේ හැමදේම ලස්සනට කරන්නේ...උද්‍යාන..ගෙවල් මේ හැමදරම සරසවන්නේ ඔබ මේ පවුලට විෂාල ශක්තියකුත් ඔබ දෙනවා....මේ පිහාටු ඔබට ...දන්නවද මේ
පිහාටු නිසා තමයි රුකවරණය තියෙන්නේ සිරුරට ..ඔබත් එහෙමයි...එනිසා ඔබය නියතවම මෙය හිමිවිය යුතුයි....


තුනිවෙන්ව ගමරාල තොරගත්තේ දුවලා දෙන්නවා....ගමරාල මෙහෙම කියනවා...සිටු දියනියනි...ඔබලා කොතරම් සෙනෙහසින් මෙහි කාලය ගතකලත් දිනයක තම කුරාරවරුත් එක්ක සරණපාවාගෙන මේ කැදැල්ල අතහැරලා යන්න වෙනවා මෙන්න එය සංඛේතවත් කරන්නට මගෙන් තටු දෙකක් කියලා තාරාවගේ තටු දෙක කපලා දුන්නා සිටු දියනියන්ට..


අන්තිමට ඉතිරි පුතාලා දෙන්නා විතරයි....ඔබ තුමන්ලා තමයි කවදා හරි මේ හැම දේපලක්ම රැක ගන්නේ..මේවා රැකගන්න එක ශක්තිමත් ඔබලාගේ යුතුකම...මේ හැමදේම පැවතෙන්නේ පරම්පරාව ගෙනයන පුතුන් මත..පුතුන් කියන කකුල් නැති උනොත් නිකම්ම බිම වැටෙනවා..එනිසා ඔබලාට මේ කකුල් කියලා තාරාවගේ කකුල් දෙක කපලා දුන්නා පුතාලා දෙන්නට...


ගමරාලට එහෙම්පිටින් තාරාවගේ මස් ටික අයිතියි....ගමරාල ගැන පැහැදුනු සිටුතුමා ජීවිත කාලෙම සතුටින් ඉන්න තරම් දේ පිරි නමලා තමාගේ උපදේශක පදවියකුත් දුන්නලු..


බලන්න ගමරාලගේ ප්‍රතිපත්තියම නේද පාර්ලිමේන්තු ගොයියොත් රකින්නේ....අපිට කටු...උන්ට මස්....හිත නොරිදා වැඩේ දෙනවා....

Saturday, 24 December 2011

ලූණු හාදුව...

හැමදාම කාපු කටු,ටකරං,තහඩු අතරට එකතු වෙච්ච පරණ ස්ටෝරි එකක් මේක...නත්තලට පහුවෙනිදාක වෙච්ච නිසා අදම මේක ලියන්න ඹ්නේ කියලා හිතුනා...

සිද්ධිය උනේ 2010 වගේ මතක මම පොඩි එකා එතකොට...නත්තලට චූ වලින් හෝදපු ඇඳුම් ටිකත් හෝදලා දාලා එහෙම චුට්ට




ක් නිදාගන්න කියලා රෙඩි උනා...මල මඟුලයි රෙදි හෝදන්න ගිය අතර කෝල්ස් එකසිය ගානට ඇවිත්...බැලුවා...වැඩේ හරිම තමයි...උදේ පාන්දරම අමුතු උද්දාමයකින් පිරිලා ගියා...

හා හා පුරා කියලා කුළුඳුලේ දහ වෙනියට ෆෝන් එකෙන් සැට් වෙච්ච කෑලි පැටික්කි...අද එන්නලු හම්බ වෙන්න...

අතේ සතේ නැහැ මම හිතන්නේ...නෑ ..නෑ ..සර්ෆක්සල් වල ඉතිරි හැටක් තිබුනා...දහයේ කොළ පහයි පහේ දෙකයි...
මේ මැදැයි පවුලක් කන්න උනත්....මමත් දඩි බිඩි ගාලා ලක ලෑස්ති උනා...

ගෑනු දැරිවි එන්න කිව්වේ පානදුරේට..බස් එකට නමයයි...යන්නය් එන්නයි දහ අටයි..හරි තව හතලිස් දෙකක් ඉතිරියි..මේ ප්‍රතිපත්ති නැත්තම් මගේ රාජ්ජ්ජේ මෙලහකටත් බංකොලොත්...

ලෑස්ති වෙලා නිකං මොකාද එකා වගේ හැඩට පාරට සෙට් උනා..




මේ දැරිවිව දකින පළවෙනි දවස අද...ෆෝන් එකෙන් මල් කඩලා පැන් ඉහලා පූජා කලාට අද තමයි නේත්‍රා මංගල්ලේ...

නම මලීෂා කියලා තිබුනු නිසා විස්කි බෝතලේ වගේ ඇති කියලා හිතුනා..(ෂා අගට තිබුනොත් චා ම තමයි)

කොහොමෙන් කොහොමෙන් හරි බස් රථයේ දොස්තර මහත්තයට කෑල්ලක් සෙට් වෙලාද කොහේද..ටිකට් කඩන්නත් සිහියක් නැහැ..

යාන්තම් රුපියල් නමයක් ඉතිරිකරන් පාණදුරේට සැපත් උනාය කියමුකෝ...එන්න කිව්වේ ගෑනු දැරිවි මුචලින්ද දරනෙ ලඟට

කෑල්ල කිව්වෙම නැහැනේ ඇඳන් එන ඇඳුමේ පාට...මම ඉතින් කියලා දැම්මා මගේ වස්ත්‍රාබරන වල විස්තර..

විනාඩි දෙකක් ගියේ නැහැ මෙන්න කෙල්ල මෙතන...මුචලින්ද මාව දරනේ ගහගන්න මම හෙමින් මුචලින්ද දිහා බලලා කීවා

අප්පට සිරි පෙරිය භාන්ඩේ...බර වාහන තියා සැහැල්ලු වාහනයක්වත් පැදලා නැති මට මෙන්න ටෙන් වීල් ලොරියක්...(වාහනේකට කියලා පැදලා තියෙන්නේ අර විල් බැරැක්කේ විතරයි...)

ඔයා හුඟක් වෙලාද ඇවිත්...මෙන්න මෙයා ප්‍රශ්න පත්තරේ කොමසාරිස්ගෙන් කලින්ම ඉල්ලගෙන ඇවිත්..
"ඔයා මලීෂා ද?"

සැක බිය දුරු කරගන්න කියලා ඇහුවට සිරාවටම ඇහුවේ මේකිට මේ නම කොහෙන්ද කියලා..

මේකිටනේ මම දැරිවි කිව්වේ..මේකි රිලවි.....
බර කිලෝ සීයට ග්‍රෑම් පනහක් විතර අඩු ඇති...
උස අඩි පහකි විතර වෙන්නෝන...

මූන හරිම සුන්දරයි..ගුණේ අයියට කොන්ත්‍රාත් දුන්නත් මූනේ තියන වලවල් වහන්න අඩුම කරමේ සතියක් යනවා...ඊට පස්සේ ටින්කරින් බාස් කෙනෙක්ට දීලා ටිංකරින් කරලා පේන්ට් කරලා ගන්න අඩුම තරමේ ලක්ෂ දෙක තුනක්වත් නැතුව බැහැ...

මොනවා නැතත් ඩෙනිමක්නම් දාගෙන හිටියා සුපිරි..මට අහන්නම හිතුනා කොහොමද ඹ්ක කකුල් දෙකට බස්සගත්තේ කියලා..

මොනවා නැතත් සුවඳේ බැහැ හැරෙන හැරෙන පැත්ත එක එක සුවඳ....අර මොකක්ද මාලා ගන්ධ විලේපන ඔක්කෝම මතක් උනා...

"ඔයා මොකද කතා කරන්නැත්තේ..මම ඊයේ දවල් කතා කරපු නැති නිසාද..."

මෙන්න මෙයා ප්‍රශ්නයි උත්තරයි දෙකම දෙනවා..
මමත් ලාවට හිනා උනා..

බඩ කපාගෙන..ගඟට පැනලා රේල් පාරට බෙල්ල තියලා එල්ලිලා මැරෙන්න හිතිලා තිබුනේ..ලැජ්ජාවේ බැහැ හැමෝම සර්කස් පැසිපියා වැටුනොත් ලෙලි ගියා වගේ බලං ඉන්නවා..

"අපි කොහේට හරි ගිහින් කතා කරමු..." 
මම බැරිම තැන කිවිවේ ලැජ්ජාව උන්ඩ්ක පුච්චෙටම දැනුනු නිසා..

"අපි බීච් යං..."
"හා හා කොහේ හරි යං...."

ත්‍රීවිල් එකකව මෙයාම ඉස්සරවෙලා ගොඩ උනා...

"මගේ ලඟ මාරු සල්ලි නැහැ...."
මම කිවිවේ රුපියලි තිහ ත්‍රීවිල් එකට දුන්නොත් මල මගුලක් වෙන නිසා..

මෙන්න මේකි පැනලා දුන්නා පන්සීයක්..

ඉතිරියත් අරන් හෙමිහිට බීච් එකේ අර ගල් ගොඩ ගහලා තිබුනු තැනකට සෙට් උනා.

අනේ කකුලුවෝ හැම තැනම ගුල් හදන් හැංගෙනවා..මට දැනුයි හේතුව වැටහුනේ...අනේ මමත් කකුලුවෙක්වත් උනානම් ....!!!

මහ විසාල කළුගලකට අපි දෙන්නා මුවා උනා..මේ දැරිවිත් මගේ ලඟම වාඩිවෙලා ඇඟටත් හේත්තු උනා...
"අනේ මොනාහරි කතා කරන්නකෝ..."

මේකි ඇඹරෙන්නේ නිකං මාස දෙක තුනකින් වැසිකිලියක් දැකපු නැති බඩ සුද්දවෙන්න බෙහෙත් බීපු ගෑනු දැරිවියක් වගේ

"තූ නොදෝකින් නාකි සමයන්..."මම මටම කියා ගත්තා...
"මෙහෙට එන්නකෝ මූන චුට්ටක් බලන්න" 

කියලා මේකි මගේ මූන හරවපු ගමන්ම දුන්නෙ නැතෑ කිස් එකක් නහය ලඟටම..
අප්පට සිරි මුලු ලෝකෙම නැවතුනා .
.හාත්පස කලුගල් හැකිලුනා..මම මඤ්ඤං උනා..
මේකි උදේම රතුළූනු ,සුදුළූනු,රට ළූනු කවලම් කරලා හදපු මොකක් හරි මඟුලක් කාලා ගන්දස්සාරේ බැහැ..

උදේ බීපු ප්ලේන්ටිය මෙන්න කටටම ඇවිත්...මගේ බඩ බොර බොර ගාන්න අරගෙන නිකං අර මොකක්ද වගේ...
"අනේ මලීෂා මට ටොයිලට් යන්න ඹ්නේ විනාඩියෙන් එන්නම්".
 කියලා දිවිවාදිවිල්ලක්,ගම්සභා,නඟරසභා,පලාත්සභා,ඔක්කෝම පහුකරලා ...

දැන් හති මෙන්න ත්‍රීවිල් එකක් එනවා දැම්මා අත...මේ අර කලින් එකාමයි..

"මල්ලි මාරු සල්ලි නැත්නම් නඟින්න එපා.."මිනිහා නවත්තන්න කලින්ම කිව්වා..

"නෑ අයියා තියනවා..මාව ටවුන් එකට දාන්න..."

පාණදුරේ ටවුමෙන් බැස්සගමන්ම මමබස් එකට සල්ලි තියාගන මිනිහට දුන්නා ඉතිරි ඔක්කෝම..

දුවලා ගිහින් නැග්ගා බස් එකට. කෙලින්ම ගෙදර...
අනේ අම්මෝ තාම අර ගඳ නැස් පුඩු අතර....

අරකි තාම අර ගල යට වෙන්නැති..

බස් එකෙන් බහිද්දිම ෆෝන්  එකේ සිමි එක ගලවලා කටේ දාලා දෙතුන් පාරක් හපලා තූ නොදෝකින් කියලා වීසි කරලා දැම්මා...
.

නත්තල් තෑග්ග....

නත්තල..වෙනදා වගේම මෙදා පාරත් මෙන්න ගේ දොරකඩම..!! ගියපාර නත්තල...නත්තල කිවුවහම ඉතින් හුඟාක් අයට වගේම අපේ ලොකු පොඩි අයියලා මල්ලිලාට මතක් වෙන්නේ අර ලස්සනට හැඩ කරපු නත්තල් ගහනේ..නේද?...අනේ පලයං බොරු නොකියා..ගේ ඉස්සරහා බූරු පොලයි,ගල් බෝතලයයි......

සූදුපොළ නම් අවුලක් නැහැ නත්තලට පොලීසිය එන එකක් යෑ.මුලින් සූදු පොලට සෙටි වෙලා පස්සේ මල්ලිලාගේ ගෙවල් පැත්තේ එන්නං කියාගෙන ප්‍රසන්න අයියත් බූරු පොළ දිහාට ගියේ ගානක් සෙට් කර ගන්න වගේ...

මේ ගිය අවුරුද්දේ නත්තලට වෙච්ච සිද්ධියක්...මිනිහා නමින් ප්‍රසන්න කියමුකෝ....රෑ දොළහා විතර වෙනකල් අපේ සෙට් එක බොනවා...බොනවා කිවිවට බීලා වැටිලත් ඉවරයි සමහර අය..ඔන්න ඉතින් අපේ කතා නායකයා ප්‍රසන්න අයියත් එනවා අතේ තුට්ටුව බූරු පලට දීලා...

මල්ලි කොහොමද කියලා අහගෙනම මිනිහත් සළු උනා...

වැඩක් නැ කියලා මිනිහා බොන්න සෙටි උනහම ඉතින් බයිටුයි සැන්ඩියි ඉතිරියි..පට්ට අමුවෙම තමයි වැඩ..කම්මැලි කමකුත් නැහැ සද්දෙට සින්දුවකුත් කියනවා...

රෑ දෙක විතර වෙද්දි අපේ සෙට් එක ගෙවල් වලට මාරු උනා..

මෙන්න යකෝ ප්‍රසන්නයියා ගහක් බදාගෙන කබරයා දානවා..කබරයා දාන සද්දෙට කබරයෝ නෙමෙයි අර ක්‍රොකඩයිල් ෆිල්ම් එකේ ඉන්න කිඹුලවත් අඑල ගම් හතකටවත් එන්නෑ කියලානම් ශුවර්...

අනේ ම් ..මල්ලි ම්...ම් මට අමාරුයි....ටිකක් නිදාග්.....ග....න්න.....දීපා.......ං කියපු ගමන් වෙස්සන්තරගේ පරම්පරාවෙන් අපේ පවුල පැවතෙන නිසා එක්කගෙන ගිහින් මගේ සයනෙම දුන්නා...

පොර සයනගත වෙන්නත් කලින්ම සැපට නිදි....මම ඉතින් අර මොනාද කාපු බළලා වගේ සැටියේ සැතපුනා...

හීන තුන හතරක් එක්ක ඔන්න එළි වෙලා..මේ යකා තාම නිදි සනීපෙට

හප්පට සිරි කාමරේ මූත්රා ගන්දස්සාරේ බැහැ...පොර වැඩේ දීලම තමයි ..මට අසූ හාර දහස් විසිපහට මළ...

ප්‍රසන්නයියේ තමුසේ කාමරේ චූ දැම්මද ඹ්යි...

මම දෙතුන් පාරක් සාවදානව විමසුවා ....ඔන්න මිනිහා යන්තම් ඔළුව ඉස්සුවා..

මොන පිස්සුද මල්ලි..මට කාමරේ චූ දාන්න තරම් වෙරි කියලා හිතුවද?

මේ ගඳේ බැහැ ...එහෙනම් කොහේටද දැම්මේ....මට නේද? හිතින් මුගේ හතර වරිගයම නිවන් යැවුවා...

මම දොර එහාට කරලා චූ පාරක් දැම්මා...ප්‍රසන්න අයියා කිව්වේ හරිම සැහැල්ලුවෙන් මේ දැන් දැම්මා වගේ..

ම්..මොන දොරද?....කොහේද මේකේ දොරවල්...

මේ තියෙන්නේ මොන මඟුලක්ද කියලා පෙන්නුවේ නැතෑ අල්මාරියේ දොර...

විනාසයි..!.....විනාසයි...!! පොර දිලා වැඩේ අල්මාරිය අස්සටම යන්න....

සමහර රෙදි තාම චූ ඟඳයි..බූරු ගහලා පැරදිලා සාක්කුවේ ඉතිරිවෙලි තිබුනු රුපියල් සීය මට දීලා..අනේ සමාවෙයන් මල්ලියේ සර්පෙක්සල් පැකට් එකක් අරන් හෝදගනින් කියපු මිනිහව මම දැක්කේ හරියටම අවුරුද්දකට පස්සේ..

අනේ අම්මපා මගේ නත්තල....තාම චූ ගඳ එනවා.... .

Wednesday, 21 December 2011





ඇපලෝ (ඊගල්) සැබෑ ලෙසම සඳ තරණය කලාද?
________________________________________________

ඇපලෝ මෙහෙයුම 11 සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන විය. 1969 ජුලි 16 නිකුත් කරන ලද මෙහි අණ දෙන නීල් ආම්ස්ට්‍රෝන්, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුළත් විය. ජූලි 20 වනදා ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූ අතර කොලින්ස් ඉහලින් කක්ෂගත විය.

මෙම මෙහෙයුම ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ 1960 දශකය ඉවර වීමට පෙර සඳ මත පය තැබීමේ අරමුණ ඉෂ්ට කරන ලදී. “මිනිසෙකු සඳ මත ගොඩ බා නැවත නිරුපද්‍රිතවව පෘථිවියට රැගෙන ඒමේ අරමුණ මෙම දශකයට පෙර ඉටු කිරීම සඳහා අප ජාතිය කැපවී වැඩ කළ යුතු බව මම සිතමි.” (1961 කතාව).

පටුන [සඟවන්න]
1 කණ්ඩායම
1.1 ආදේශ කණ්ඩායම
1.2 සහායක කණ්ඩායම
1.3 මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන්/වරියන්
2 මෙහෙයුමේ විශේෂ අවස්ථා
2.1 සදට ගොඩබැසීම
2.2 චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීම
3 මූලාශ්‍ර


[සංස්කරණය] කණ්ඩායමතනතුර ගගනගාමියා
නියමුවා නීල් ආම්ස්ට්‍රෝන්
දෙවන අභ්‍යාවකාශ චරිකාව
අණදෙන මොඩියුලයේ (කොළොම්බියා) නියමුවා මයිකල් කොලින්ස්
දෙවන අභ්‍යාවකාශ චරිකාව
චන්ද්‍ර මොඩියුලයේ (ඊගල්) නියමුවා එඩ්වින් ඕල්ඩ්‍රින්
දෙවන අභ්‍යාවකාශ චරිකාව

[සංස්කරණය] ආදේශ කණ්ඩායමතනතුර ගගනගාමියා
නියමුවා ජෙම්ස් ලොවෙල්
අණදෙන මොඩියුලයේ (කොළොම්බියා) නියමුවා විලියම් ඇන්ඩර්ස්
චන්ද්‍ර මොඩියුලයේ (ඊගල්) නියමුවා ෆ්‍රෙඩ් හේස්

[සංස්කරණය] සහායක කණ්ඩායමචාලී ඩියුක් (කැප්සියුල සන්නිවේදක).
රොනල්ඩ් එවන්ස් (කැප්සියුල සන්නිවේදක).
ඔවෙන් කේ ගැරත් (කැප්සියුල සන්නිවේදක).
ඩොන් එල් ලින්ඩ්, (කැප්සියුල සන්නිවේදක).
කෙන් මැටින්ග්ලි (කැප්සියුල සන්නිවේදක).
බෲස් මැක්කැන්ඩ්ල්ස් 11(කැප්සියුල සන්නිවේදක).
හැරිස්න් ශ්ම්දිට්(කැප්සියුල සන්නිවේදක).
බිල් පෝග්.
ජැක් ශ්විග්ට්.
[සංස්කරණය] මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන්/වරියන්ක්ලිෆ් චාල්ස්වර්ත් (කොළ කණ්ඩායම) , ගුවන්ගත කිරීම සහ EVA.
ජීන් ක්‍රෙන්ස් (සුදු කණ්ඩායම) , චන්ද්‍ර ගොඩබැසීම.
ග්ලේන් ලූනි (කලු කණ්ඩායම) , චන්ද්‍ර පිටත්වීම්.



[සංස්කරණය] මෙහෙයුමේ විශේෂ අවස්ථාවිශාල වශයෙන් ජනතාව ගුවන් ගත කිර්‍ර්ම නැරඹීම සදහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට මහාමර්ග වල සහ වෙරළවල් වල රැස්වී සිටි අතර මිලියන ගනන් ජනතාව රූපවාහිනිය හරහා සම්බන්ද වී සිටියහ. ඇමරිකානු ජනධිපති රිචඩ් නික්සන්, ධවල ම්න්දිරයේ ඕවල් ඔෆිස් හි සිට රූපවාහිනිය ඔස්සේ මෙහෙයුම නැරඹීය.

1969 ජුලි 16 දින පෙ: ව: 9:32:00 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, අංක 39 ගුවන්ගත කිර්‍රමෙ සංකීර්ණයේ,අංක 39 ඇ ගුවන්ගතකිරීමේ පීඨිකාවෙන් ඇපලෝ 11 අභ්‍යවකාශ කරන ලදී.මේ සදහා සැටර්න් V (S-IVB) නැමති රොකට්ටුවක් උපයොගී කර ගන්නා ලදී..විනාඩි 12 පසු යානය කක්ෂ ගත වෙයි[1].කක්ෂීය චලිත 1.5 පසු ,S-IVB හි තුන්වන අදියරේ එන්ජිම මගින් ඇපලෝ 11 යානය සද වෙත යන ගමන් පථයකට යොමුකරන ල්දී.විනඩි 30 පසු, අණදීමේ ඒකකය හා සේවා ඒකකය S-IVB ගෙන් වෙන්වී චන්ද්‍ර යානය සමග සද වෙත යන ගමන් පථයට පිවිසෙයි. S-IVB හි තුනවන අදියරේ විදිනය, සදත් පසුකරගෙන ගොස් හිරුවටා යන කක්ෂ්යට පිවිසෙයි.

ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.

[සංස්කරණය] සදට ගොඩබැසීම
ඊගල් යානය , කොළොම්බ්යා යානයෙන් වෙන්වූ සැනින් චන්ද්‍ර කක්ෂයත පිවිසෙයි.ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.

1969 ජූලි 20 වනදා ඊගල් ලූනා මොඩියුලය කොළොම්බියා අණ දීමේ මොඩියුලයෙන් වෙන්විය. කොළොම්බියාහි තනිව සිටි කොලින්ස් විසින් ඊගල් එය පසු කර යනවාත් සමඟ යානයට හානි වී නොමැති බව සැක හැර දැන ගැනීම සඳහා පරීක්ෂා කරන ලදී. ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩ්‍රින් ඊගල්ගේ ගොඩබැස්සවීමේ එන්ජිම සඳ මතට ගොඩ බෑම සඳහා යොදා ගන්නා ලදී.

‍ගොඩබෑම් පටන් ගන්නවාත් සමඟම ආම්ස්ට්‍රෝන් විසින් අපි දුරට යනවා යැයි වාර්තා කරන ලදී. ඊගල් එහි සැලසුම් කරන ලද ගොඩ බෑමේ ප්‍රක්ෂේපිතයට වඩා තත්පර 4ක් එපිටින් වූ අතර ඒ නිසා අදාල ප්‍රදේශයෙන් සැතපුම් ගණනක් බටහිරින් සඳ මත පතිත වනු ඇත. LM මඟ පෙන්වීම් පරිගණකය LM ගොඩබැස්වීම මඟ පෙන්වීමත් සමඟ වැඩ සටහන් දැනුම් දීම් කිහිපයක් වාර්තා කරන ලදී. එමනිසා ගොඩ බෑම සිදු වන අතරතුර කාර්ය මණ්ඩලයේ අවධානය ද බාහිර වටපිටාවෙන් ඉවතට යොමු කිරීමට හේතු විය. ටෙක්සාස් හූස්ටන්හි වූ නාසාහි මෙහෙයුම් පාලක මධ්‍යස්ථානය තුළ වූ පරිගණක ඉංජිනේරු ජැක් ගාමන් මඟ පෙන්වීමේ නිළධාරී ස්ටීව් බේල්ස්ටර් ප්‍රකාශ කර සිටියේ දැනුම් සිදු වුව ද ගොඩ බැස්වීම අඛණ්ඩව සිදු කිරීම ආරක්ෂා සහගත බවයි. ආම්ට්‍රෝන් ඔහුගේ අවධානය වටපිටාව දර්ශනය කර ගැනීම සඳහා යොමු කළ විට ඔහුට තේරුම් ගියේ පරිගණකය විසින් ඔවුන්ට මඟ පෙන්වනු ලබන්නේ පාෂාණ විසිරී ඇති විශාල ආවාටයක් දෙසට බවයි. ඉන්පසු ආම්‍ස්ට්‍රෝන් විසින් පාලනය ඔහුගේ අතට ගන්නා ලද අතර ඕල්ඩ්‍රින් මඟින් රේඩා‍රයේ පරිගණකයේ දත්ත ලබා ගනිමින් ජුලි 20 වන දා 20:17UTC ට තත්පර 30ක ඉන්ධන ද ඉතිරි කර ගනිමින් මොඩියුලය ගොඩබැස්වුම් ස්ථානයට ගෙන යන ලදී.

වැඩ සටහන් දැනුම් දීම වූයේ පරිගණකයෙහි සකස් කිරීමේ කාර්යය සම්පුර්ණ කර නොමැති බව ඇඟවීමටය. මෙම හේතුව පසුව පුහුණුවීම් දෝශවලට ඈඳන ලදී. පරිගණකය ගොඩබෑම අතරතුර දී ඉවත දමන ලද LM රේඩාරයේ අතිරේක දත්ත සකස් කිරීම සඳහා සැලසුම් කර ඇති කාලයට වඩා වැඩි කාලයක් ගත කර ඇත. ඇපලෝ 11 අනෙකුත් මෙහෙයුම්වලට වඩා අඩු ඉන්ධන සහිතව ගොඩ බෑම සිදු කළ නමුත් එය ඉන්ධන අඩු අනතුරු ඇඟවීමකට මුහුණ දෙන ලදී. පසුව සොයා ගන්නා ලද්දේ මෙය සිදු වූයේ චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය නිසා බවයි. අනාගත මෙහෙයුම්වලදී ටැංකි සඳහා අමතර ආරක්ෂණ යොදා ගන්නා ලදී.

බස් ඕල්ඩ්‍රින් විසින් සඳ මතුපිට දී LM මඟින් ප්‍රථම වචන කිහිපය කතා කරන ලදී. ගොඩ බැස්වීම් පුරාවට LM මෙහෙයවීමේ නිරතව සිටි ආම්ස්ට්‍රෝන්හට ගොඩ බැස්වීමේ දත්ත ලබා දුන්නේ ද ඕල්ඩ්‍රින් විසිනි. ඊගල් ගොඩබැසීමත් සමඟම ඕල්ඩ්‍රින් විසින් “contact light ! ok, engine stop. ACA – out of detent” ප්‍රකාශ කරන ලද අතර ආම්ට්‍රෝන් විසින් “out of detent” යයි ප්‍රකාශ කර අතර නැවත ඕල්ඩ්‍රින් විසින් “Mode control – both auto. Descent engine command override off. Engine arm – off. 413 is in”

ඉන්පසු ආම්ට්‍රෝන් ජනප්‍රිය වචන කිහිපයක් වූ “Houston, tranquility base here. The eagle has landed.” යැයි ප්‍රකාශ කරන ලදී. මෙය පාලක මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය යන්තමින් කලබලයට පත් කරන ලදී. එයට හේතු වූයේ ආම්ට්‍රෝන් විසින් tranquility base යන නම නිර්මාණය කර තිබුණේ ගොඩ බැස්වීමත් සමඟමය.

ගොඩබැස්වීමෙන් පසු EVA සඳහා සකස් කිරීම් ආරම්භ වීමට පෙර ඕල්ඩ්‍රින් විසින් මෙය විකාශනය කරන ලදී. This is the LM pilot. I'd like to take this opportunity to ask every person listening in, whoever and wherever they may be, to pause for a moment and contemplate the events of the past few hours and to give thanks in his or her own way.[8] (මේ LM නියමුවාය. මවිසින් මෙම අවස්ථාව ගනු ලබන්නේ අසා සිටින සියලු අයට මොහොතකට නැවතී ගත වූ පැය කිහිපයෙහි අවස්ථා සිහි කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍ය ආකාරයකින් ස්තුති කිරීම සිදු කරන්නට යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමටය.) ඉන්පසු ඔහු සන්නිවේදනය පෞද්ගලිකව සිදු කරන ලදී. මේ වන විට ද නාසා මැඩලයින් මුරේ ඕ හෙයාර් නම් වූ අදේවවාදියෙක් විසින් ගෙන එන ලද ‍ඔවුන්ගේ ගගන ගාමීන් අභ්‍යාවකාශය තුළ දී ආගමික කටයුතුවලින් වැළකී සිටි බව දක්වන නඩුවක් සමඟ සටන් කරමින් පැවතුණි. ඕල්ඩ්‍රින් සෘජුවම මෙය සඳහන් කරමින් වැළකී සිටීමට තෝරා ගන්නා ලදී. ඔහු එම සැලසුම නිෂ්ශබ්දව පවත්වා ගත් අතර (එය ඔහුගේ බිරිඳට පවා නොපැවසීය) වසර කිහිපයක් යනතුරු මහජනයාට ප්‍රකාශයට පත් කළේ ද නැත.

[සංස්කරණය] චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීමඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙතට ඇතුළු වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් ෂටලය හා 22 kg ට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔසවා තබන ලදී. ආම්ස්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳව මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහළට දමන ලදී. ඉන් පසුව ආම්ස්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැවත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වූහ.




කැබිනය තුළ ඇවිදීමේ දී වැරදීමකින් ඕල්ඩ්‍රින් විසින් සඳෙන් නිකුත් වීම සඳහා වූ ප්‍රධාන එංජිමට බලය සැපයූ circuit breaker කඩන ලදී. ඔවුන් සිතුවේ ඔවුන්ට එංජිම පණ ගැන්වීමට නොහැකිව සඳ මතම සිටීමට සිදු වන බවයි. නමුත් වාසනාවට මෙන් ස්විචය ක්‍රියාත්මක කර ගැනීමට පෑන් තුඩක් ප්‍රමාණවත් විය. මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවූයේ නම් නික්මීමේ එන්ජිම පණ ගැන්වීම සඳහා චන්ද්‍ර මොඩියුල පරිපථය නැවත සකස් කිරීම කළ හැකිව තිබුණි.

පැය 7ක පමණ විවේකයකින් පසු පූස්ටන් විසින්, ආපසු පැමිණීමට ඔවුන් සූදානම් කිරීම සඳහා ඔවුන්ව අවදි කරවන ලදී. පැය 2 ½ කට පසු එනම් 17:54 UTC ට ඔවුන් 21.5 kg බර චන්ද්‍ර සාම්පල ද රැගෙන ඊගල්ගේ (Eagle's) නිකුත් වීමේ අදියරින් චන්ද්‍ර කක්ෂයේ වූ කොළොම්බියාහි (Columbia) සිටි CMP මයිකල් කොලින්ස් සමඟ නැවත සම්බන්ධ වීමට චන්ද්‍රයා මතුපිටින් නික්මෙන ලදී.


ඇපලෝ 11 හි චන්ද්‍ර මොඩියුලයේ ඉනිමගෙහි වූ ඓතිහාසික පලකයක් තවමත් සඳ මත දක්නට ඇත.පැය 2 ½කට වඩා වැඩි කාලයක් සඳ මත සිටීමෙන් පසු ඔවුන් විසින් චන්ද්‍ර ලේසර පරාසගත කිරීමේ පරීක්ෂණ සඳහා යොදා ගන්නා රෙට්‍රො පරාවර්තක උපකරණ වැනි විද්‍යාත්මක උපකරණ සඳ මත දමා පැමිණ ඇත. තවද ඔවුන් විසින් ඇමරිකානු ධජයක් ඇපලෝ 1 මෙහෙයුම් ලාංඡනයක් හා පෘථිවියෙහි චිත්‍ර 2ක් (බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලවල) සහිත පලකයක් (LM ගොඩ බෑම් අදියරේ ඉනිමගෙහි සවි කර තිබූ), ශිලා ලේඛණයක් හා ගඟනගාමීන්ගේ හා රිචඩ් නික්සන්ගේ අත්සන් එහි තබා පැමිණියහ. එම ශිලා ලේඛණයෙහි ලියා තිබුණේ “Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind” තවද ඔවුන් විසින් සාමයෙහි සාම්ප්‍රදායික සංකේතයක් ලෙස රත්‍රන් ඔලිව් අතු අනුරූ අඩංගු ස්මාරක බෑගයක් හා සිලිකන් පණිවිඩ තැටියක් එහි දමා ආහ. එම තැටියෙහි අඩංගු වූයේ එයිසන් හොවර්, කෙනඩි, ජොන්සන් හා නික්සන් ජනාධිපතිවරුන්ගේ හා ලොව වටා රටවල් 73ක නායකයන්ගේ හොඳ හිත පණිවිඩය. මෙම තැටියෙහි US කොංග්‍රසයේ නායකත්ව ලැයිස්තුවක්, නාසා සඳහා වගකිව යුතු කොමිටි 4 හා සෙනටයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක් හා නාසාහි අතීත හා වර්තමාන උස් කළමණාකාරීත්වයේ නම් ලැස්තුවක් ද ඇතුළත් විය. නාසා පුවත් නිකුත් කිරීම අංක 69-83F (1969 ජූලි 13) (ඕල්ඩ්‍රින් විසින් 1989 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Men from earth කෘතියෙහි කියා සිටින්නේ සඳ මත තබා ආ ද්‍රව්‍ය අතරට අජටාකාශගාමීන් වන ව්ලැඩිමීර් කොමරව් හා යූරි ගගාරින් අනුස්මරණය කිරීමේ සෝවියට් පදක්කම්ද ඇතුළත් වූ බවයි.

සඳෙන් නැවත නිකුත් වීමේ දී ගන්නා ලද සේයා පටවලින් තහවුරු වූයේ, ගොඩ බෑම් අදියරේ සිට අඩි 25ක් පමණ දුරින් සිටුවා තිබූ ඇමරිකානු ධජය නිකුත් කිරීම් අදියරේ දී එන්ජිමෙන් පිටවන වාත ධාරාව නිසා ඉතා දරුණු ලෙස ලෙළදුන් බවයි. ගොඩබෑම් ප්‍රදේශය කැමරා දර්ශන පථයෙන් ඉවත් වන විට ධජය බිම වැටීමට ආසන්නව තිබිණි. එය බිම වැටුණේ ද නැද්ද යන්න නොදන්නා කරුණකි. (කෙසේ නමුත් බස් ඕල්ඩ්‍රින්ට අනුව චන්ද්‍ර නිකුත් වීම් අතරතුර දී “නිකුත් කිරීම් අදියර ඇරඹුණි."මම පරිගණක ගැන අවධානය යොමු කරන අතර නීල් උන්නතාංශ අනාවරකය අධ්‍යයනය කරමින් සිටියේය. නමුත් මම ධජය බිම වැටීම පෙනෙන තෙක් බලා ගෙන සිටියෙමි”) ඉන්පසුව සිදු කරන ලද ඇපලෝ මෙහෙයුම් සාමාන්‍යයෙන් ඇමරිකානු ධජ සිටවනු ලැබුවේ LM හි සිට 100m ක් වත් දුරිනි. එසේ කරනු ලැබුවේ නිකුත් කිරීමේ එංජිමෙන් පිටවන වායු කදම්බයෙන් ධජය ඉවතට විසිවීම වැළැක්වීමටය.

කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වැනිදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පවතින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.

ජූලි 23 වැනිදා ගඟනගාමීන් තිදෙනා විසින් පොළව මත පතිත වීමට පෙර රූපවාහිනී විකාශනයක් සිදු කරන ලදී. එහිදී කොලින්ස් කියා සිටියේ “ අපව කක්ෂගත කළ සැටර්න් V රොකට්ටුව අතිශයින්ම කැපවූ යන්ත්‍රයකි. එහි සෑම කොටසක්ම නියමාකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියා කරන ලදී. "මෙම උපකරණය නිවැරදිව ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් සැම විටම අප තුළ පැවතුණි. එය එසේ කළ හැකිව තිබුණේ මිනිසුන් විශාල පිරිසකගේ ලේ දහඩිය හා කදුළු හරහාය. ඔබ විසින් දකින්නේ අප තිදෙනා පමණි. නමුත් තිරයෙන් පිටුපස වෙනත් අය දස දහස් ගණනක් සිටී. ඒ සියලු දෙනාටම මට පැවසීමට ඇත්තේ ඔබට බොහොමත්ම ස්තුතියි යනුවෙනි.” ඕල්ඩ්‍රින් ප්‍රකාශ කර සිටියේ “මෙය මිනිසුන් තිදෙනෙකුගේ සඳ කරා වූ මෙහෙයුමකට වඩා වැඩි දෙයකි. රජයක හා කර්මාන්ත කණ්ඩායමක උත්සාහයකට වඩා වැඩි දෙයකි. එක් ජාතියක උත්සාහයටත් වඩා වැඩි දෙයකි. අපිට හැඟෙන්නේ මෙය සියලු මනුෂ්‍ය වර්ගයාගේ නොදන්නා දෙය ගවේෂණයට පවතින තෘප්ත කළ නොහැකි කුතුහලයේ සංකේතයක් බවය. "පෞද්ගලිකව පසුගිය දින කිහිපයේ අවස්ථා පිළිබඳ හැරී බැලීමේ දී දේව ස්ත්‍රෝත්‍රයෙහි වූ වදන් පෙළක් මගේ මතකයට නැඟේ. ‘When I consider the heavens, the work of Thy fingers, the moon and the stars, which Thou hast ordained; what is man that Thou art mindful of him?’” ආම්ට්‍රෝන් අවසාන කරනු ලැබුවේ, “එම ගුවන් ගමනේ වගකීම ප්‍රථමව ඉතිහාසය සමඟ ඈඳී ඇති අතර මෙම උත්සාහය සාර්ථක කරගත් විද්‍යාවේ දැවැන්තයන්ට ද ඈඳී ඇත. ඉන්පසු එය හිමි වන්නේ ඔවුන්ගේ අභිලාෂය හා කැමැත්ත පෙන්වමින් මෙයට දායකත්වය සැපයූ ඇමරිකානු ජනතාවටය. ඉන්පසු එම අභිලාෂය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් පරිපාලකයන් 4දෙනාට හා ඔවුන්ගේ කොංග්‍රසවලට මෙම වගකීම හිමි වන අතර ඉන්පසු අපගේ අභ්‍යාවකාශ යානය, සැටර්න් රොකට්ටුව, කොළොම්බියා, ඊගල් හා කුඩා EMU, සඳ මතුපිටදී අපගේ කුඩා අභ්‍යවකාශ යානා වූ අභ්‍යාවකාශ ඇඳුම් සහ පසු ඇසුරුම් නිපදවූ ඒජන්සි හා කර්මාන්ත කණ්ඩායම්වලටද එය හිමි වේ. තවද අප අභ්‍යවකාශ යානය නිපද වූ, එය ගොඩ නැඟීම, සැලසුම් කිරීම , පරීක්ෂා කිරීම හා ඔවුන්ගේ සියලු හැකියා සහ එම යානයට යෙදවූ සියලු ඇමරිකානුවන්ට විශේෂ ස්තුතියක් පළ කර සිටිමු. එම මිනිසුන්ට හා මෙම රාත්‍රියෙහි අප අසා සිටින හා නරඹන සියලු දෙනාට අපි විශේෂ ස්තුතිය පළ කර සිටිමු. දෙවි පිහිටයි. සුභ රාත්‍රියක්, ඇපලෝ 11 සිට” ජූලි 24 වනදා ගඟනගාමීන් නැවත පැමිණි අතර ඔවුන් වහාම නිරෝධායන තුළ තබන ලදී. ඔවුන් පතිත වූ ලක්ෂ්‍යය වූයේ 130 19’ N , 1690 9’ W ය. වේක් දූපත්වල සිට 2660km බටහිරින් හෝ ජොන්ස්ටන් ඇටොල්හි සිට 380km දකුණෙන් හා ගලවා ගැනීම් යාත්‍රාවෙන් (USS Hornet) 24km එපිටින්ය. මුහුදට පතිත වීමෙන් දළ වශයෙන් පැයකට පමණ පසු හෙලිකොප්ටරයක් මඟින් ගොඩට ගන්නා ලද ගඟනගාමීන් නිරෝධායන පහසුකම්වලින් යුත් කුටියක් සේ තනන ලද ට්‍රේරලයක තබන ලදී. ජනාධිපති රිචඩ් නික්සන් විසින් ගඟනගාමීන් පෞද්ගලිකවම පෘථිවියට පිළිගන්නා ලදී.

ගොනුව:220px-Apollo 11 crew in quarantine.jpg
පෘථිවියට පැමිණීමෙන් පසු නිරෝධායනය තුළ වූ ඇපලෝ 11 කාර්ය මණ්ඩලය රිචඩ් නික්සන් මුණ ගැසීම.ගඟනගාමීන් ඔවුන් සඳ මත ගොඩබෑමෙන් පසු නිරෝධායන තුළ තබනු ලැබුවේ සඳ මත සොයා නොගන්නා ලද රෝගකාරක බීජ පැවතිය හැකි අතර ඒවාට සඳ මත ඇවිදීම අතරතුර ගඟනගාමීන් අනාවරණය වී ඇතැයි යන බිය නිසාය. කෙසේ නමුත් මාස තුනක පමණ රඳවා තබා ගැනීමකට පසු (පළමුව ඔවුන්ගේ ට්‍රේරලය තුළ හා පසුව ලින්ඩන් බී. ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Lunar receiving විද්‍යාගාරයේ) ඔවුන්ට කිසිදු සෞඛ්‍යමය ප්‍රශ්නයක් නොමැති බව තහවුරු කරන ලදී. 1969 අගෝස්තු 13 වැනිදා ගඟනගාමීන් නිරෝධායනයෙන් පිටව ඇමරිකානු මහජනයා ගේ ප්‍රසංශා කිරීම් සඳහා ගියහ. එම දිනයේ දීම නිව්යෝර්ක්, චිකාගෝ හා ලොස්ඇන්ජලීස්හි ඔවුන්ට ගෞරව කිරීම පිණිස පෙළපාලි පැවැත්විණි. සති කිහිපයකට පසු මෙක්සිකෝව විසින් මෙක්සිකෝ සිටි හිදී වූ ඔවුන්ට ගෞරව දැක්වීමේ පෙළපාලියක් සඳහා ඔවුන්ට ආරාධනා ලැබුණි.

ලොස් ඇන්ජලීස්හි එම සන්ධ්‍යාවේ දී ඇපලෝ 11 සැමරීම සඳහා රාජකාරීමය තත්ත්වයේ රාත්‍රී භෝජනයක් පැවතුණි. එයට කොංග්‍රසයේ සාමාජිකයන්, ආණ්ඩුකාරයන් 44 ක්, ප්‍රධාන විනිශ්චකාර තුමා හා ජාති 83ක නියෝජිතයන් පැමිණුනි. ජනාධිපති රිචඩ් නික්සන් හා උප ජනාධිපති ස්පයිරෝ ටී. ඇග්නිව් එක් එක් ගඟනගාමියාට නිදහස සඳහා වූ ජනාධිපති පදක්කම් ලබා දෙමින් ගෞරව දැක්වීය. මෙම සැමරීම දින 25 ක අතිශය දැවැන්ත සංචාරයක ඇරඹුම විය. එහිදී ගඟනගාමීන් රටවල් 25කට පමණ ගෙන එන ලද අතර එයට එක්සත් රාජධානියේ දෙවන එලිසබත් රැජින වැනි ප්‍රධාන නායකයන්ගේ හමු වීම් ද ඇතුළත් විය. බොහොමයක් ජාතීන් ඇපලෝ 11 සමරු මුද්දර හෝ කාසි නිකුත් කිරීමෙන් ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමට ගෞරව දැක්වූහ.

සෙන්ට් ලුවිස්හි පැවති 27 වැනි ලෝක විද්‍යාත්මක ප්‍රබන්ධ සම්මේලනයේ දී “(t) he Best moon landing ever” සඳහා ගඟනගාමීන් තිදෙනාට සුවිශේෂ හියුගෝ (Hugo) සම්මාන පිරිනමන ලදී.

1969 සැප්තැම්බර් 16 වැනිදා ගඟනගාමීන් තිදෙනා කැපිටොල් හි පැවති කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක කතා කරන ලදී. ඔවුන් සඳ මතුපිටට රැගෙන ගිය US ධජ 2 එහිදී ඔවුන්ට ප්‍රදානය කරන ලදී.

අණ දීම් මොඩියුලය වොෂින්ටන් DC හි ජාතික ආකාශ හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එය ජෙෆර්සන් ඩ්‍රයිව් ඇතුළුවීමට ඉදිරියෙන් ප්‍රධාන ප්‍රදර්ශන ශාලාවෙහි තබා ඇති අතර Spirit of St. Louis, bellX-1, North American X-15 , Mercury capsule friendship 7 හා ජෙමිනි 4 වැනි අනෙකුත් ප්‍රමුඛ ගඟන යානා සමඟ ශාලාවෙහි ඇත. නිරෝධායන ට්‍රේරලය වර්ජිනියාහි වොෂින්ටන් ඩලස් අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේ වූ ස්මිත් සෝනියන්ගේ උද්වර් - හේසි මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනයට තබා ඇත

කඩවුනු පොරොන්දුව

කඩවුනු පොරොන්දුව...
ලංකාවේ පළමු චිත්‍රපටය ගැන දන්නවාද?
____________________________________
කඩවුණු පොරොන්දුව සිංහල සිනමාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටයයි. මෙය සිංහල සිනමා කලාවේ ඇරඹුම ලෙස සලකණු ලබයි. මෙම චිත්‍රපටය රූගත කිරිම හා නිෂ්පාදනය ඉන්දියාවේදි සිදු කල අතර , එයට දකුණු ඉන්දියාණු ආභාෂයක් ලැබුණි. චිත්‍රපටයේ පළමු තිරගත විම 1947 ජනවාරි මස 21වන දින කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේදි සිදු විය.
මෙම චිත්‍රපටයේ 
නැවත නිෂ්පාදනයක් 1982 දි තිරගත විය.
පටුන
කථා වස්තුව

වංශවතෙකු වූ රාළහාමි මියයන විට තමන්ට හිමි සියලු ධනය බීමත්කම හා වෙනත් දුරාචාර නිසා නාස්ති කරනගනිමින් ණයගැතික් වී සිටියේය. රාළහාමිගේ බිරිද වන ටෙක්ලා ණයෙන් නිදහස් වීම සදහා තම දුව වන රන්ජනී පෙර විවාහයක දරුවෙක් සිටින වික්ටර් නම් මිනිසෙකුට විවාහ කරදීමට සැරසේ. මේ අතර , මෙම පවුල ණයබරින් ගොඩ ගැනීමට උත්සහ දරමින් සිටි රංජනීගේ පෙම්වතා වූ සැම්සන් ව ප්‍රතික්ෂේප කර දමනු ලැබේ. සැම්සන් මුදල් උපයාගැනීම පිණිස පිටරට යයි.
සැම්සන් ලංකාවට පැමිණෙන විට රංජනී වික්ටර් හා විවාහ ගිවිස සිටින බව දැනගැනී. ඇයට සැම්සන් ලියන ලිපි ඇගෙන් සගවන අතර , සැම්සන් ආබාධිත තත්වයක පසුවන බවට කටකතා පැතිරේ. අවසානයේ සත්‍ය හෙළි වේ.
[සංස්කරණය]නළු නිළි පිරිස
රුක්මණි දේවි , රන්ජනී ලෙස: A high class girl who is pushed into a marriage with an older man and forced to reject her boyfriend.
ජෙමිණි කාන්ත , ජොසී ලෙස: village woman; love interest of Manappuwa
රූපා දේවී , ටෙක්ලා ලෙස: Ranjani's mother
මිරියම් ජයමාන්න , හිල්ඩා ලෙස
එඩි ජයමාන්න , මනප්පුවා ලෙස : naive village simpleton; comic relief
B. A. W.ජයමාන්න , සැම්සන් ලෙස: love interest of Ranjani; seeks to help her family achieve financial success but is spurned by the mother
පිටර් පිරිස් , වික්ටර් ලෙස: old wealthy man that Ranjani is forced into engagement with
ස්ටැන්ලි මල්ලවආරච්චි , හේමපාල ලෙස
D. T.පෙරේරා , ජයසේන ලෙස
ඇසිලින් බාලසූරිය , සුමනා ලෙස
J. B.පෙරේරා , හර්මාහාන ලෙස
හියුගො ප්‍රනැන්දු , දොස්තර ලෙස
සුරිය රාණි , ආයා ලෙස
සිණා පිෂ්පණි , නර්සි ලෙස
විඩා සෝයිසා
S. S.පෝනීසේ


Friday, 25 November 2011

නියඟලා..මෙතෙක් පලවූ සියළුම කොටස්









                                          01 .....


මදක් විවරවූ දෑස් නැවතත් නැවත නැවතත් වැසේ .යමක් කීමට උත්සහ කරන සෙයක් පෙනෙන නිසා මමද දෑස් දල්වා බලා සිටියෙමි...ඔහු මුමුනයි දෙතොල් වේගයෙන් ගැහෙයි...ගැසෙනා දෙතොල් අතරින් තවමත් ලේ බිඳු ගලා යයි..බලා සිටිනවා හැර කරන්නට වෙන යමක් මා සතුව නැත........
ඔහු විඳවයි .අසීමිතව විඳවයි.මරණය පෙනි පෙනී විඳවයි....
මල්ලි......ගැහෙනා දෙතොල් අතරින් වෙනුර අයියාගේ හඬ දෙසවන ගැටින...


කියන්න වෙනුර අයියේ මොකක්ද මේ කරගත්තේ....... 


ම.....ල්...ලී උ...ඹ මට එ...හෙ...ම  කලේ...නෑ ක්....කියලා මම ද...න්නවා...


අයියේ ටිකක් විවේක ගන්න...................


නැවතත් වෙනුර අයියාගේ දෑස් පියවිනි...


මා නිර්දෝශ යැයි පුල පුලා කීමට මට අවැසි නැත..................................


රෝහල් බිම නිහඬය නිස්කලංකය...විටින් විට සිහින් කෙඳිරියක් හැරුනු කොට අන් කිසිවක් නෑසේ.....
පාළුව හේතු කොට ගෙන හිත අතීතයට දිව යයි..එහි බොහෝ දෑ සොයයි........................................


                           02


මලිතී......මලිතී .......


මොකද මේ උදේම ......හොරා ....අම්මයි අප්පච්චියි යනකල් හොරා වගේ හිටියා නේද?...හ්ම් හොරා...


මලිති හුරතල්ය...එතරම්ය කෙලි ලොල්ය.....මේ මගේ මල ය.


ඔව් මම හොරා එතකොට මලිති කවුද? චෞර රැජිනද?


මම සිනාසී පිළිතුරු දීමි..........


යන්න අයියා යන්ට..එන්නෙපා මාත් එක්ක විහිලු කරන්න........ඊයේ කොහේද ගියේ......


මේ බොළඳ හඩ මා ජීවිතයේ බොහෝ කඩඉම් පසුකර යවා අවසන්ය....


මම මොනා හරි ගන්න ගියා මලිති....තව දවස් තුනයිනේ තියෙන්නේ..මම යන්ටෙපෑ....


අයියා ගියාම මං අමතක වෙයිද?


සුපුරුදු බොළඳ ගැහැනු පැනය මළිතිගෙන්ද විය..


නැහැ දරුවෝ එහෙම කවදාවත්ම වෙන්නෑ......මම දැන් මෙතන විනාඩි දහයකටත් වැඩියි යනවා තේ එකක් හදාගෙන එනවා.....


පිලෙහිවූ වික්‍රමසූරිය මාමාගේ හාන්සි පුටුවේ මා දිගා වීමි....


මලිති හැල්මේ කුස්සියට වැදින...........


මා මලිති හඳුනන්නේ කුඩා කල සිටය....හයක් හතරක් නොතේරෙන වයසේ සිට අපි හැදුනේ වැඩුනේද එකටය...ළමා කල බොහෝ සුන්දර විය   


අයියා තේ බොන්ට......සීනිද ?....හකුරුද?..අප්පච්ච් ඊයෙ ගෙනාපු කිතුල් හකුරු වගයක් තිබුනා මම අරන් එන්නම්........


හ්ම්....ගේන්ට නගා.......


සූරි මාමයි අපේ නැන්දයි උදේම කොහේද නඟා ගියේ.......දෝනියැන්දට මඟුලක්වත් බලන්නද?


යන්ට අයියා යන්න...මගුලක් බලන්ට නෙමේ...බෑනා පොඩ්ඩට කලහලමනා ටිකක් අරන් එන්න යද්දි අරගෙන යන්ට....


මලිති සිනාසෙයි....සිනාසෙන විට වල ගැසෙන කම්මුල් දෙස මම බලා සිටිමි...


මොනාද බලන්නේ .....


හැඩ....


මලිතිගේ මුහුන රතු වෙන්නේ බලා ඉඳිද්දීමය.....


නඟා මට ගමේ එන්ට වෙන්නේ මාසෙකට සැරයයිනේ...නඟාට මාව අමතක වෙයිද මන්දා....


ඔව් ඹව්...අන්න අප්පච්චි කීවා අයියලෑ අප්පච්චි එක්ක කථා කරලා ලබන අවුරුද්දේ දිහාට මඟුලට දින දාගන්නවා කියලා....


හප්පේ මක්කැයි එච්චරම පරක්කු.....මා සිනාසීමී


මලිති නැවතත් ලැජාජාවෙන් රතු විනි.......

මලිති මම හැන්දෑවට පන්සලට යනවා අපේ හාමුදුරුවන්ට කියන්න කියලා මම යන විත්තිය.අප්පච්චිගෙන් අහලා නගාත් එන්න...අපේ නැන්දටත් එන්ට කියන්න....




---------------------------------------------------------------------------------------------------------------
                             03
 පන්සල් බිම අරලියා මල් සුවඳය..එය හඳුන් කූරු සුවඳට මුසු වූ විට අමුතුම සිල් සිතක් ඉපදේ..සුදු වැලි ඉහිරුන පන්සල් බිමට මළ හිරු මොකක්දෝ නුහුරක් එක් කර තිබේ......නිහැඩියාව බිඳිමින් මලිති මා දෑතේ වෙලින


මං මේවෑන් දුරස් වෙනවා මලිති..මේ නිස්කලංක බව දුරස් කරන්න වෙයි ...ගොරහැඩි බවට හුරු වෙන්ට වෙයි


විටෙක මා අසීමිතව බොලඳ යැයි මට සිතේ .මුත් එය මේ ගැමි කමින් ලද දායාදයක් විය හැකිය...


දිගු නිහැඩියාවකින් පසු මලිති දොඩමළු විය...


අයියා ......


හ්ම්.....කියන්න මලිති.....


අයියා යන්නේ රස්සාවටනේ ...අපේ අනාගතය වෙනුවෙන්.... දුක් වෙන්ටේ කියලා එහෙමම කාරනයක් නැහැනේ...


මලිති සතුටුද මම යනවට....


ඔන්න ඉතින් අයියා........


නපුරා....


මලිති සෙමෙන් මා අතට පහරක් ගැසීය.....
අන්න අයියා අප්පච්චිත් එක්ක අපේ හාමුදුරුවොත් වඩිනවා..යන්ට හාමුදුරුවෝ එක්ක කතා
කරලා එන්ට....මං යන්නං අයියා අම්මලා මල් සූදානම් කරන දිහෑට


____________________________________________________________


අපේ හාමුදුරුවනේ.......මා වැඳ අවසර ගතිමි


ඹ්න් මම අපේ වෙනුර මහත්තයාටත් කතා කලා බණ්ඩාරට ඉන්ට තැනක් ලකලෑස්ති කරන්න කියන්න...වෙනුර මහත්තයා මගේ හොඳ හිතවතා මම දෙයක් කීවෙත් ඉතින් අහක දානවා බොරු..
වෙනුර මහත්තෑලෑ අප්පොච්චා ඉන්න කාලේ ඉඳලම මම දන්නාදුනනවා...රජරට මිනිස්සු නොවෑ දැන් ඹය කොළඹ රටේ පදිංචි වෙලා හිටියට


සිරි ධම්ම හිමියෝ හැල්මේ දෙඩයි....මේ සුපුන්වත් හඩ අසන්නට නැවත මසකට වරක් පෙරුම් පුරන්නට සිදුවෙයි


අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේ කොළඹ දිහා වැඩියොත් අපේ දිහා එන්ට අමතක කරන්නෙපා...


සිරි ධම්ම හිමියන් හිනාවෙන් මුව සරසා ගති...


එන්ට පිරිත් නූලක් බඳින්ට ..කෝ අපේ උපාසක අම්මලත් හිටියනම්....


එම ඉල්ලිමට අවනතව අම්මලාද මලිතිද මට එක්විය...


බවතුසබ්බ මංගලම් හඩින් පන්සල් බිම පිරි ගොසිනි..............................


_________________________________________________________________


                                   04


හැරදාමා යා නොයුතු උවද හෙටක් උදෙසා මා මේ ගමන යා යුතුය..මලිතිගේ දෙනෙතේ පොපියන කඳුලු බිම වැටිය යුතු මොහොත මෙය නොවිය යුතුය...


අඬන්නෙපා මැණික.......මං පුලුවන් හැම වෙලාවකම ලියන්නම් ...බලන්න එන්නම්...


මලිතිගේ රතු වූ කම්මුල් සිප ගතයුතු උවත් එය ඉවසා ගතිමි.....


දැන් බස් එකට වෙලාව හරි දරුවෝ......අප්පච්චිගේ හඩින් යලිත් මා පියවි ලොවට පිවිසුනෙමි.....


අප්පච්ච්ගේ දෙපතුල නැමඳීමි ඹහුට නොදැනෙන්නට නලලත රළු දෙපා වල ස්පර්ශ කලෙමි....රත්නත්තරයේ පිහිටයි ..අයියනායක දෙයියෝ මගේ දරුවා රැකගන්ට ඹේනේ...එම වදන් පිටවන තෙක් මා වැඳ සිටියා විය යුතුය...


මව් දෙපා නැමැද ගෙයින් පිට වෙද්දී සුදෝ සුදු ඉද්ද මලින් හැඩවුනු දිය බඳුනක්ද ගෙන මලිති මා අසලය.....


මයේ අයියට තුරුනුවනේ සරණයි.....එම හඬ වෙවුලන සුලුය....මලිති දිය බඳුන පසෙක  තබා මා දෙපය ලඟ දනවැටුනි.....පාවහන් වල රළු බව මකා සුමුදු නලලතේ පහස මා දෙපයට දැනින..


දෙ අත් උරහිසට තබා මා මලිති එසවීය.....


දෙනෙතේ මෝදු වූ කඳුලු දෙකම්මුල් හරහා රූටමින් තිබිනි....


මා මලිතිගේ දෙකම්මුල් මත දෑත තබා කඳුලු පිසලීමි......


යමු මලිති සූරි මාමත් බලන් නේද? නැන්දටන් කියන්ට යමු.......


අමිමාද පෙරටුකොට ඉපැනැල්ල පමනක් ඉතිරිවූ කුඹුරු දෙස බලමින් සෙමෙන් සූරි මාමාගේ නිවසට ගොඩ උනෙමි......


මම යන්ටේ කියලා මාමේ....


හ්ම් හොඳමයි දරුවෝ දළදා හාමුදුරුවොම පිහිටයි....දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න කන්දේ මිනිස්සුන්ට වරදින්නෑ ....තමනුත් පරිස්සම් වෙලා මේ දැරිවිගේ අවාගතේත් රැකගෙන පරිස්සමට මේ පලාතට පත්වීමක් ඉක්මනට හදාගෙන එන්ට බලන්න


දැන් මයේ හිතේ බස් එකට වෙලාව හරි...මයියංගනේ ඉඳලා එන නිසා සෙනඟත් ඉඳීවි ඉක්මන් කරලා ගියා නම්.....


අප්පච්චි මාත් නැන්දා එක්ක ගිහින් අයියා බස් එකට ගොඩවෙනකල්  ඉඳලා එන්නම්


කුඩා දරුවෙකු කැමතිම යමක් ඉල්ලා පෙරැත්ත කරන්නාක් මෙන් ඉල්ලීය....


හ්ම්.....ඉක්මනට එන්ට.....


ගාම්බිර පිරිමියෙකු සතු සියලු ගුණාංග සූරි මාමාට නොඅඩුව තිබුනි..............................
______________________________________________________________________
                                             05


මයියංගනයෙන් ගමනාරම්භ කරතිබූ බස් රථය උඩු දුම්බරට එන විටද තරමක සෙනඟක් විනි....ප්‍රථම ප්‍රේමය ......දෙමාපියන් හිත මිතුරන් දුරස්වනු දැනෙන විට හද ඊටත් පිරී තිබෙන බවක් හැඟුණි......... 


මලිති මං යන්නම්......


හ්ම්


මලිතිගේ  දෑත මා දෑතේ තරයේ තෙරපිනි......


සීතලයි මලිති......


මං බය වෙලා අයියේ........


මා මලිතිගෙන් මිඳී බසයට ගොඩවී බොහෝ වේලා යනතුරු නුපුරුදු සීතල මා සමඟ විනි...මුත් හිත මලිති සමඟ ගොස්ය..... 




_____________________________________________________________________




කාර්‍යාල බිම බොහෝ කාර්‍යබහුලය .දැඩි කලබලකාරී බවක් දිස් වෙයි....පිවිසුම් දොරටුවේ සිටි පිළිගැනීමේ නිළදාරිනිය වෙත මා අත වූ ලිපිය දිගුකලෙමි....




කිසිත් නොකියාම ඉදිරිපස වූ කාමරය පෙන්වූ ඇය,ඊට ඇතුල් වෙන ලෙස විදාන කල හෙයින් මා ඊට ඇතුල් වීමි.


එතුල බොහෝ ගාම්භීර අයෙකු විය. එතරම් සුදු නොවූ ඔහු බොහෝ කලු නොවේයයිද මට සිතුනි.
ඔහු ඇසින් දුන් නියෝගය පිලිගත් මා අසල වූ පුටුවේ ඉඳගතිමි..ඔහු බොහෝ කාර්‍ය බහුල බවක් දිස්විනි..මා අත වූ ලියුම ඔහුට දුන් මා පිලිතුරක් අපෙක්ශාවෙන් ඔහු දෙස බලා සිටිමි..
"සර් මම අරවින්ද...අරවින්ද බන්ඩාර"


ඔහු කිසිවක් පැවසුවේ නැත.මදක් හිස ඔසවා බැලුවා පමනි
හ්ම්...අරවින්ද...නුවර පලාතේ නේද?


එම හඩතුල බොහෝ ප්‍රශ්න විය


ඹව් සර්...නුවර ....නුවර නුවර උඩුදුම්බර.....


අරවින්ද රාජ්‍ය සේවය කියන්නේ අපිට සැනසෙන්නවත් කාවහරිසනසන්න හරි පුලුවන් දෙයක් නෙමෙයි...ඹ්නැම අභියෝගයකට මූන දීලා නොසැලී ඉන්න එකට...අපි මේක කරන්න ඹ්නේ දැලි පිහියෙන් පැණි කනවා වගේ.....


ඹව් සර්....


මා හූ මිටි තැබුවා පමනි...


අරවින්ද නවතින්න තැනක් ලෑස්ති කරගන්නකල් මට පුලුවන් අපේ ගෙදර සූදානම් කරලා දෙන්න...අපේ හාමුදුරුවන්ගේ වචනයක් මට අහක දාන්නත් බැහැනේ........


එතකොට සර්ද වෙනුර නානායක්කාරවසම්.....


හ්ම් ...ඹව්....ඹහුගේ වදන් තුල සිනහවක්ද විය....


අපේ හාමුදුරුවෝ මට නිතරම සර් ගැන කියලා තියනවා....


හ්ම්...මමත් අපේ අප්පච්ච්ගේ කාලයේ ඉඳලම උන්වහන්සේව දන්නවා.....


අයතනික කාර්ය පටිපාටිය ගැන අරවින්දට වැටහීමක් ලැබෙනකල් ප්‍රවේසමෙන්........


එය විධානයක්දැයි ඉල්ලීමක්දැයි මට පැහැදිලිව දැනුනේ නැත....


යන්න අරවින්ද මගේ ඩ්‍රයිවර් එක්ක යන්න හෙටනේ වැඩ භාරගන්න තියෙන්නේ.....මම කාමරයක් සූදානම් කරලා තියෙන්නේ....සුමනපාල අරවින්දට පෙන්නයි........




දුරකථනය ක්‍රියාත්මක කල ඔහු යමෙකුට පැමිනෙන්නැයි කීය.......


සුමනදාස මේ අරවින්ද මහත්තයා......නිලූශි නෝනගෙන් යතුර ඉල්ලගෙන අරවින්ද මහත්තයාට එලියේ කාමරේ පෙන්නන්න......සුමනදාස ඊයේ සූදානම් කරා නේද .......


ඹව් අපේ මහත්තයෝ......එම හඬ ඹ්නෑවට වඩා යාබදුයැයි සිතින.....


යන්න අරවින්ද.....යන්න අපි රෑට කතතා කරමු......


සුමනදාස යනගමන් අරවින්ද මහත්තයාට දවල් කෑම අරගෙන යන්න....මම හිතන්නේ නිලූශි නෝනා එලියට යන නිසා අද උයන එකක් නැහැ.....


හොඳමයි අපේ මහත්තයෝ..........


                                   06


කාණ්ඩ කිහිපයකින් පැරනි උවද මර්සිඩීස් බෙන්ස් රථය ඉතා සුව පහසු විය......පලාත් ස‌භාවට ගිය එක් වරෙක අප්පච්චිගේ හිතවත් අයෙකුගේ මෝටරිටකින් ගිය පසු මෙවන් සුවපහසු රියක මින් පෙර මා ගොස් නැත.....


මහත්තයා මොන පලාතෙද.........?


මං නුවර මාමේ.....


මාමේ.....මට දෝනියැන්දලා නැහැ....ඔහු මහ හඬින් සිනාසුනි.....


මක්කැයි හිනාවෙන්නේ...........


නෑ නෑ මහත්තයෝ ඹය ගති ගුණ තියන මිනිස්සු අද අඩුයි.....


අපේ මහත්තයාගේ නම මොකක්ද?


වෙනුර නානායක්කාර නේද?


නැවතත් ඹහු හිනාවකය..


මම අපේ මහත්තයා කීවේ ඔය මහත්තයට....


මාමේ....... මහත්තයා කියන්න එපා...මම අරවින්ද....


නෑ මහත්තෑන්ලා උගත් රාජ්‍ය සේවකයෝ....


රාජ්‍ය සේවකයෝ හැමෝම මහත්තරුද මාමේ.......


ඹහු නැවතත් සිනාසෙයි....සිනාසෙනවිට බුලක් කා අව පැහැ වූ දත් දෙපල මනාව පෙනෙයි......


මාමා මොන පලාතෙද.....


මං හම්බන්තොට ...රැකව පලාතේ තංගල්ල කිටිටුවනේ මහත්තයෝ.......


දකුනේ මිනිස්සු....මම අහලා තියනවා පහත රට මිනිස්සු මහ නපුරුයි කියලා....විශේෂයෙන් දකුනේ මිනිස්සු....


නැහැ මහත්තයෝ නපුරු නැහැ කපටියි....


ඹහු නැවතත් මහ හඩින් සිනාසෙයි.......


ඹ්න් ගෙදරට සැපත් වුනා......


කියනා සැම වචනයක් පාසා ඔහු සිනිසෙයි..


                                   07
සුවිසල් නිවසක ගේට්ටුව ස්ව්‍යංක්‍රීයව විවර විය.....


නිවස ඉදිරියේ තරමක් නොසන්සුන් ඉරියව්වකින් යුතු යුවතියකි........


අදනම් මම ඉවරයි මහත්තයෝ......


මක්කැයි උනේ.....


මේ අපේ වෙනුර මහත්තයගේ නෝනා...නිලූශි මැඩම්...යකෙක් මහත්තයෝ මේ නම් ගෑනියෙක් නෙමෙයි....


සුමනපාල මාමාගේ සිනහව ගිය අතක් නැත.....එම මුහුන දුටු මට සිනහා නැගිනි....


ම්.....මැඩම්......අපේ මහත්තයා කිව්වා යතුර ඉල්ලගෙන මේ මහත්තෑන්ට කාමරේ පෙන්නන්න කියලා..යම්න් ගමන් කෑමත් අරන් යන්න කිව්වා...එනිසයි ප්‍රමාද වුනේ.....මගේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි ඔන්න....


මම දැන් ඇහුවද සුමනදාසගෙන් පරක්කු වෙච්ච හේතුව....


මා සිර කරගෙන සිටි සිනහව පිටතට පැමිනියේ එම මොහොතේදීය.....


පිස්සු මනුස්සයා.....


එසේ කියමින් ඇය තම අතෙහි වූ යතුර සුමනදාස මාමා අත තැබීය...


සුමනදාස මම රුක්ෂිත් එක්ක එලියට යනවා වෙනුර මහත්තයට කියන්න මම ඉක්මනට එනවා කියලා....


එසේ කියමින් ඇය පැමිනි මෝටර් රථයට ගොඩවූයේ මටද මද සිනහවකින් සංග්‍රහ කරමිනි...


කවුද දන්නේ ඹය මනුස්සයා වෙන එකෙක් එනකල් ඉන්න විත්තිය....


මා තවමත් සිනහව සමඟය....


එන්න මහත්තයෝ කාමරේ පෙන්නන්න.....මොන දේ උනත් අද වහීවිද මන්දා ඔය මනුස්සයා මට අද තමයි වචනයක්වත් නොකියා හිටියේ.....


මා නැවතත් සිනාවීය......


                                         08


කාමරය ඉතා සුවපහසුව සකසා තිබිනි.....ගෙදර අප්පච්චී සමඟ පිලේ සීතල සුළං සමඟ නිදනවා තරම පහසු නොවනු ඇතැයි සිතින....


මේ මහත්තයෝ නාන කාමරේ ඇවිත් නා කියා ගත්තනම්......අහවර වෙලා මේන් මේ කෑම එක කන්න....ඉන්පස්සේ ටිකක් විවේකගත්තනම්....ගමන් මහන්සියත් ඇතිනේ....මේන් මේ ෆෝන් එකේ මේ අංකේ එබුවානම් මම මේන් මෙතන ඇති....
_______________________________________


අරවින්ද මහත්තයෝ...අරවින්ද මහත්තයෝ......                                                    


                                                       බොහෝ වේලා නින්ද ගොස් තිබිනි..සුමනදාස මා හට කථා නොකලානම් තවත් බොහෝ වේලා නිදාගැනීමට තිබිනි....


කියන්න සුමනදාස......


අපේ මහත්තයා අරවින්ද මහත්තයාට රෑ කෑමට එන්නෑ කීවා...


හ්ම්...මට.....


ඔව් මහත්තයෝ....මහත්තයා මෙහෙට අළුත් නොවැ....අපේ මහත්තයා එනිසා වෙන්නෑති එන්න කියන්න කීවේ....හෙට ඉඳලා මම මේ කාමරේට කෑම අරන් එන්නංකෝ.......දැන් එන්න යන්න මූන පොඩ්ඩක් හෝදගෙන කාරිය


ඉන්ට මාමේ....මාත් මාමා එක්කම විගහෙන් එන්නම්...


හොඳයි හොඳයි......ඉක්මන් කලා නම් අපේ මහත්තයා බලාගෙන ඉන්නවා කෑම ගන්න මයෙ හිතේ.....


හොඳමයි යමු යමු


                                       09
මා වෙනුර මහතාගේ නිවසට යද්දීත් මහු ඔහුගේ බිරිඳ සමඟ රාත්‍රී අහරට සූදානම් වී සිටියහ...


එන්න අරවින්ද.....


එම පිළිගැනීම තුල සුහද බව ඹ්නෑවටත් වඩා විය....


මා සෙමෙන් සුවිසල් කෑම කාමරයට පිවිසුනෙමි...


අරවින්ද එන්න වාඩි වෙන්න.....


මා යාබඳු වැඩිදැයි විටක මට සිතේ......


මහත් ආයාසයකින් මා කෑම මේසයට හිඳ ගතිමි....


අරවින්ද මේ මගේ වයිෆ් නිලූශි.......නිලූ මේ අරවින්ද අපේ නුවර හාමුදුරුවන්ගේ ගෝලයෙක්.......


ඈය සිනාසුනා පමනකි......


එන්න කමු අරවින්ද.....දැන් දහයත් පහු වෙලා....


සැබවින්ම හැඳි ගෑරුප්පු මා දෑතට හුරු නැත....මද ලැජ්ජාවක්ද විය....බඬගින්නට වඩා ලැජ්ජාව දළු දමනවාදෝයි විටෙක මට සිතින....


මිස්ට අරවින්දගේ මේ පළවෙනි පත්වීමද?


මා අන්ද මන්ද විමි......


ඔඔඔඔව් මැඩම් පළමු පත්වීම


මා කිසිවිටකත් වෙනුර මහතාගේ බිරිඳ මා අමතනු යැයි සිතුවේ නැත.......


මැඩම්.....මමද? ඇය විමසුවේ මා තවත් ලැජ්ජාවට පත් කරමිනි....වෙනුර මහතාද ඊට අනුබල දෙමින් සිනාසීය.


මා   නිහඬව ඔවුන් දෙස බැලීමි.....


මම නිලූශි .............ඇය නැවතත් සිනාසෙයි.......


අරවින්ද රාජ්‍ය සේවය කියන්නේ මහ අමාරු අපහසු කාර්‍යයකට....


මා පත්ව තිබෙන අපහසුතාවය වටහාගත් නිසාදෝ වෙනුර මහතා කථාව වෙනතකට යොමුකරවීය....


ඇයි සර් එහෙම කියන්නේ......මාද ඔහුගෙන් විමසූයේ වෙනුර මහතාගේ බිරිඳගේ ප්‍රශ්නයෙන් ගැලවීමටය....


අපිට කවදාවත් සැනසෙන්න පුලුවන් දෙයක් නෙමෙයි අරවින්ද මේක...අපිට තියන කාර්‍ය තමයි ලොකු පුටු සනසන එක...ඔහු  පවසන්නේ මහත් කලකිරුන ස්වාභාවයෙනි....


වෙනුර මම හිතන්නේ මිස්ට අරවින්දට අදම ජොබ් එක එපා කරවනවා...


මා වෙනුර මහතාගේ බිරිඳ ගැන සිතා සිටියේ සුමනදාස කියු අයුරේ ඉතා ගොරහැඩි නපුරු ගැහැනියක කියාය....නමුත් ඇය සුහදය....මිත්‍රශීලීය...


මා ඇය දෙස බලා මද සිනහවක් හෙලීය....


වෙනුර මහතාගේ පෙනුමේ සහ රැකියා පලපුරුද්ද අනුව වයස අවුරුදු හතලිය ඉක්මවිය යුතුය...මුත් ඔහුගේ බිරිඳ කෙරෙන් අවුරුදු විසි හයකට හෝ හතකට වැඩි පෙනුමක් පෙනෙන්නට නැත...


අරවින්දට හෙට මගෙත් එක්කම ඔෆීස් යන්න පුලුවන් නමුත් හැමඳාම අපහසුයි....මොකද මම උදේ හුඟ වෙලාවට නැහැ ..අරවින්දට පුලුවන් මෙතනින් බස් එකක් ගන්න....


හොඳමයි සර්......


 සර් මේ කරපු උදව්ව හොඳටම මැදෑ....අපේ හාමුදුරුවන්ටත් පින් සිද්ද වෙන්ට ඹ්නෑ මෙහෙම තැනක් සූදානම් කරලා දුන්නට.....


හ්ම්.......වෙනුර මහතා වෙන කිසිවක් කීවේ නැත....


වෙනුර මහතාගේ බිරිඳ අපහසුවෙන් සිනාසෙන බවක් දැනිනි....මා වැරදි දෙයක් කීවාදෝ යැයැ සිතිනි........


ම්ස්ට අරවින්ද කොහේද ඉස්කෝලේ ගියේ ......


මම ගමේ ඉස්කෝලෙටම තමා මැඩම් ගියේ.....උඩුදුමුබර මහා විද්‍යාලයට...


ඇය බලන්නේ තරමක අවඥා සහගතවදැයැ විටක සිතේ


මොනාද උසස් පෙලට කලේ මිස්ට අරවින්ද?


ඇය මා අපහසුතාවයට පත්කිරීමට සුදානම් වනවා විය යුතුය


විද්‍යා විශයන් තමා කලේ......උසස් පෙළ කරන්ට නුවර තමා ඉස්කෝලේ ගියේ.......


ඔහ් සයන්ස් කලේ.......ඇය විමසුවේ තරමක පුදුමයෙනි.....ඉතින් මොකද උනේ.....


උසස් පෙළ සමත් උනා නමුත් වැඩිදුර ඉගනගන්ටේ කියලා පුලුවන් කමක් තිබුනේ නැහැ.....


අපරාදෙනේ......ඇයි .......?


අපේ අම්මලා අප්පච්චිලා හේන් ගොවිතැන් නේ කරන්නේ .....මහ පොළවත් එක්ක ඔට්ටු වෙන්න අමාරුයි අපේ  අප්පච්චිට....එහෙව් එකේ මට බරක් වෙන්ට පුලුවනෑ ....මේ වෙනකල් කරපු හරිය මැදෑ.......


 නිහඬය.....


ටික වේලාවකට පසු යලිත් ඇය දොඩමලු විය....


සොරි මිස්ට අරවින්ද.........


මා නැවතත් අන්ද මන්ද විය...ඇය සමාව ගත්තේ කුමකටදැයි මට වැටහුනේ නැත....ඇගේ වදන් තුල මහා අනුකම්පාවක් ගැබ්ව තිබිනි.....


අරවින්ද කාලා ඉන්න .....කෝ මේ නිලූගේ ප්‍රශ්න පත්තරේ තාම ඉවර නැද්ද?


වෙනුර මහතා එසේ කීවේ තරමක සිනෙවක්ද සමඟ ඔහුගේ බිරිඳගේ උරහිස වෙත නැඹුරු වෙමිනි......


එක්වරම මා සිහියට නැගුනේ මලිතිය....කටට ගත් බත් කට සිරවුනු සෙයක් දිස් විනි......


අපහසුවෙන් අතට ගත් වතුර වීදුරුව එක හැල්මට බීගෙන බීගෙන ගියෙමි....


වෙනුර මහතා සහ බිරිඳ පුදුමයෙන් මදෙස බලා සිටිනු දක්නට ලැබ්නි.....


අප්පච්චිලා මතක් උනා.......මා කීමටත් මත්තෙන් එය මට කියවිනි........
                                      
                                              10
 හැම රැයක්  පසු පසම නවමු උදෑසනක් '  තිබේ හිත කලඹන සිහින ඇති මුත් උදෑසන සහ සුද්ද නිසා මා එහෙව් උදෑසන එන තෙක් බලා සිටිමි....මලිති හැරුනු කොට වෙනත් උදෑසනක් මට කොහිද?


මුලු හිතම තලා පොඩි කල සෙයක් දැනේ....හිතේ සියලු තැන් හි මලිති කෙලි දෙලෙන් සරයි..සිත නතුකර ගන්නටම බැරිය...ගං ඉමේ ඉවුරු හරහා හමනා සුළඟටත් වැඩි වේගෙන් සිත මලිති සොයා නික්මෙයි....මා සීරුවට ඉකි බිඳීමි...


නෑ මං අඬන්න ඹ්නේ නැහැ...මලිතිට උහුලන්න පුලුවන්නම්මට බැරි මොකදැ...


කෙසේ සිතුවත් හිත මලිති ලඟමය....මලිතිද දැන් අනෝරාවක් මෙන් අඬනවා ඇත....ඉකිබිඳිනවා ඇත....හෝස් ගා පපුව දැවී යයි....


අප්පච්චී සුපුරුදු ලෙස මදුරුවෝ තලමින් පිලේ නිදා ගන්නවා විය හැකිය....සුපුරුදු ලෙස ඇස හැර පුතේ ගෙට පලයන් මදුරුවෝ අද එමටැයි කියනවා ඇත....ගුවන් විදුලි සේවයේ රෑ පිරිත් අසා නින්දට යන අම්මා අදත් මා නොසිටියත් මයෙ පුතේ තෙරුවන් සරනයි කියා නින්දට යනවා ඇත....මුත් කිසිවෙකුගේත් නෙත් අහලකවත් නින්ද නොඑනවා ඇත...




___________________________________________________
අහලකවත් නින්ද නොවුනු දිගු රැය නිමා විය...දැන් නව රැකියාවට යාමට සූදානම් විය යුතුය.....


වතුර මලේ දිය නුහුරුය...පීල්ලේ සිහිල ලඟ පාතකවත් තිබුනේ නැත....


මා කාමරයේ දොර වසා වෙනුර මහතා පෙන්වූ බස් නැවතුම් පොළට යෑමට පියවර තැබීමි...


මිදුලේ කොනක උඩ වැඩියා මල් පඳුරක් අසල වෙනුර මහතාගේ බිරිඳ විය....


මා ඇය නොදැක්කා සේ පියවර නැගූවත් ඇය ඊට ඉඩක් දුන්නේ නැත...


ගුඩ් මෝර්නිං මිස්ට අරවින්ද


ගුඩ් මෝර්නිං මැඩම්..


මැඩම්......අරවින්ද මටද කිව්වේ...


ඇය සිනා සෙයි....නැවතත් නැවත නැවතත් සිනාසෙයි...


මම නිලූශි....නිලූශි ....නිලූශි....


ඇය බොහෝ දඟකාර ලෙස සිනාසෙයි.....


මම යන්ටේ කියලා.....


හ්ම් ඔන්න ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම මුලින්ම විෂ් කරනවා...


ස්තූතියි මැඩම්.....න්..න්..නෑ...න්..න්..ලූ..ශි


මම ගිහින් එන්නම්....


හොඳයි අරවින්ද......


නිතරම මිස්ට අරවින්දැයි මා ඇමතූ ඇය නොදැනුවත්වම එය ඉවත්කර අරවින්ද පමනක් ඉතිරි කර තිබිනි.....


මා හනි හනිකට පියවර තබා නික්මුනි.......


අරවින්ද ....අරවින්ද......


මා ගල් ගැසුනාක් මෙන් නැවතිනි....


මා ඇයි කියන්නාක් මෙන් ඇය දෙස බැලීමි....


අරවින්ද ඔය ශර්ට් එකේ අත් දෙක නමලා ඇන්ඳානම් ඔයාට හුඟාක් ලස්සනයි...


මා සිනාසී බස් නැවතුම කරා පියවර තැබුවෙමි.......


                                             11


කාර්‍යාල බිම නිස්කලංකය වෙනදා තිබූ කාර්‍යබහුලත්වය උදේම නිසාදෝ පැවතුනේ නැත...


මා කාර්‍යාලයට ඇතුල්වන්නට හදද්දීම පිලිගැනීමේ නිලදාරිනිය මා වැලැක්වීය....


ගුඩ් මෝර්නිං සර්
ඔය මහත්තයා කාව හම්බ වෙන්නද?


මගේ මේසේ හොයාගන්ට  කියලා.....
එසේ කියමින් මා තරමක සිනහවකින්  ඇයට සංග්‍රහ කලෙමි...


මම් ම්.....මොකක්....


මා මා අතවූ සේවයට වාර්ථා කිරීමේ ලිපිය ඇය වෙතට පෑවෙමි....


ඇය උවමනාවකින් තොරව එය අතට ගෙන දිගහැර බැලීය...


ඔ....ඔ......අරවින්ද බණ්ඩාර.....ස්...ස්..සර් යන්න ඇතුලට...ඇය බියවූ සෙයකි....


ඇයි මිස් බය වෙලා වගේ.....


නෑ මිස්ට බණ්ඩාර ඊයෙන් එනවා මම දැක්කා ....මම හිතුවේ වෙන වැඩකට එනවා කියලා...ම්ස්ට වෙනුරත් නැති නිසා මම මෙතන වාඩිවෙන්න කියන්න හැදුවේයි කියමින් ඇය නෙතින් ඉදිරිපස අසුන පෙන්වීය..


මා සිනාසී කාර්‍යාලය තුලට ඇතුල්වී මට අදාල ස්ථානය සොයා ගතිමි....






                                  12


රැකියාව පහසු යැයි සිතින.පළමු දිනය නිසා එසේ සිතුනා වන්නටද පුලුවන...එසේත් නොමැතිනම් හේනු කුඹුරු හා හරි හරියට ඔට්ටු වුනු දෑතට නියම හිමිකාරීත්වය ලැබුනු නිසා එසේ සිතුනා වන්නටද පුළුවන...
                                               කාර්‍යාලයේ සියල්ලන්ම සුහදය...එතරම්ම ලෙන්ගතු බවක් පෙනිනි...සියල්ල මා ඇමතූයේ මිස්ට බණ්ඩාර නමිනි..ජීවිතයේ පළමු වරට මා ගෞරවාන්විත අයෙකැයි මට සිතිනි...මා මා ගැනම සතුටු උනෙමි.....
                                              කැත්ත උදැල්ල හුරු දෑත පෑන් තුඩු හමුවේ උද්දාමයට පත්ව ඇත....දිවා විවේකයේ මලිතිට ලියන්නට ඹ්නෑයැයි සිතින.............ලියන්නට දෑ එමටය.....එය ලැබුනු වහා මලිති උද්දාමයට පත්වන අයුරු මට මැවි මැවී පෙනේ....
                                       
                           දයාබර මලිතියි පටන් ගෙන මා බොහෝ දෑ ලිවීමි...හුදෙක්ම එය සාම්ප්‍රධායික පෙම් හසුනක්ම නොවන බව දෙවන හා තුන්වන වර කියවීමේදී මටම පැහැදිලි විය...අප අපිරිමිතව පෙම් සුව විඳ තිබේ..වෙල් ඉපනැල්ල..ගං ඉවුර ඊය ශාක්ෂි දරනවා ඇත...එම අතීත සිද්ධි එකින් එක මතක් කර මා නැති අඩුව පෙන්වා මලිති අඬවන්නට තරම් මා කුහක නොවීම ගැන මම මා ගැනම සතුටු උනෙමි.....


මිස්ට බණ්ඩාර.....කොහොමද?


මම හොඳින් ඔය මහත්තයා කවුද? මා ඇසුවේ තරමක විමතියෙනි...


මම කුමාර රත්නම්...මඩකලපුවේ තමා මමත් මේ ලඟදි පත්වීම අරගත්තේ


මිස්ට බණ්ඩාර නුවර පලාතේ නේද? 


ඔව් මහත්තයා මම නුවර...නුවර පලාත දන්නවැයි..


අප්පේ නෑ ..කොයි අවුරුදු ගනනාවක් යනකල් අපිය එන්න දුන්නෑනේ මේ පලාත් වලට..


ඔහු සිනාසෙයි...ඔහු කථාකරන අයුරින් කිසිවෙකු ඔහු ද්‍රවිඩ අයෙකුයැයි කිසිවිට නොසිතනු ඇත...


මිස්ට බණ්ඩාර මොන අවුරුද්දේද?


උපන් අවුරුද්දද මහත්තයා අහන්නේ...


හ්ම්...ඔව්..


මම අසූ හතරේ මහත්තයා... මහත්තයා....?


මොනවා..මමත් 1984 අපි එහෙනම් එකම අවුරුද්දේ.......


මට දකිද්දිම නිකමට එහෙම හිතුනා....


බණ්ඩාර මට කුමාර් කීවාම හොඳටම ප්‍රමාණවත්...අනවශය විශේෂන පද අවශ්ය නැහැ.....


ඔහු කතා කරන්නේ මහ හඩින් හිනහෙමිනි...


අප බොහෝ වේලාවක් සුහද පිළිසඳරේ යෙදින.......


බණ්ඩාර කොහේද නැවතිලා ඉන්නේ....


වෙනුර මහත්තයාලගේ ගෙදර...


ඔහ්...අපේ උප දිසාපති හාමුදුරුවන්ගේ ගෙදර.....නියම මනුස්සයා ...අපරාදේ කියන්න බැහැ මනුස්ස කම කියන දේ පිරිච්ච මිනිහෙක්....නිල තල තියනවා කියලා ඔළුව උදුම්මවා ගත්තු කෙනෙක් නෙමෙයි ඔය වෙනුර මහත්තයා...


හ්ම්...මමත් එහෙම හිතනවා...


පව් මම හිතන්නේ මිනිහට දරුවෝ නැහැ..මම හිතන්නේ දැන් බැඳලා අවුරුදු පහටත් වැඩියි කිට්ටුයි...හිත හොඳ කරුනාවන්ත මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා...අපේ සී සී මහත්තයාගේ ගජ මිත්‍රයානේ මිනිහට හැමදේම කියනවා....මිනිහට කිව්වහම ඉතින් ලංකාදීපේ පළවෙනි පිටුවේ දැම්මා වගේ තමයි.......


නැවතත් ඔහු මහ හඬින් සිනාසෙයි.....


                                                    13


මිනිසෙකු තවත් මිනිසෙකුගේ දුර්වල තැනක් සොයා සිනා සෙයි ඉන් නොනැවතී ඊට තදින් පහර දෙයි..ඊට මුහුන දිය නොහැක්කෝ ජීවිතයෙන් පලා යයි....ඊට මුහුන දිය යුතු හොඳම අයුර ලෙස මා දකින්නේ සමාජය අතේ දුරින් ඇසුරු කිරීමයි....වෙනුර මහතාට කාර්‍යාලයේ බොහෝ දෙනා විවිධ දෑ කියයි...මුහුනට සැදැහැවතුන් සේ හැසිරෙයි...මටද මට මෙන්ම අනෙකාටද අත්වන ඉරනම මෙයයි...කාර්යාල ජීවිතය තුල බොහෝ ප්‍රවේසම් විය යුතුයැයි මට හැඟිනි......


වෙනදාට වඩා අද දීප්තිමත් දිනයකි...හිරු අරුනේම බොහෝ රැස් විහිදාගෙනය......


අප්පේ අපේ අරවින්ද මහත්තයාව දකින්න තියන අමාරුව


 සුමනදාස සුපුරුදු සිනහව සමඟ ගේට්ටුව අසල විය...


මාමා උදේ රැයින්ම කොහේද ගියේ?


මේ අපේ මහත්තයා උදේම බලු තඩියවත් දක්කගෙන ඇවිදින්න යනවනේ උන්දැට මහන්සි උනහම මම යනවා එක්කරගෙන එන්න....


සුමනදාස මාමා කියනා සමහර දේට සිනා නොවී සිටිය නොහැක....


අරවින්ද මහත්තයා රාජකාරියට යන්න වගේ.......


ඔව් මාමේ ප්‍රමාදයි වගේ මම යන්ටේ කියලා...


හොඳයි හොඳයි...රාජකාරිය දේවකාරියට සමානව කරන්න ඹ්නේ මේ මං වගේ.....


සුමනදාස මොකක්හරි කිව්වද?


මමද වික්ශිප්ත උනෙමි.....අසල ෆාම් පඳුරට ඔබ්බෙන් නිලූශි සිට තිබේ....


මා සිනහව නවතාගත්තේ ඉතා අපහසුවෙනි...


මේ යෝදි මෙතන මොකද කරන්නේයි සෙමෙන් මුමුනමින් ....ඔහු නිලූශිට පිලිතුරු දුනි


න්නෑ නිලූශි නොනේ මම මේ කීවේ රාජකාරියක තියන බරපතල කම...


සුමනදාස මාමා කීවේ ඇඟට පතට නොදැනීය...


අරවින්දටත් හොඳ උපදේශකයෙක් හම්බවෙලා තියෙන්නේ...


ඇය පළමුවර සිනාසෙනවා පැහැදිලිව මා දුටුවේ එවලේදීය....එම සිනහවේ බොහෝ සුන්දර බවක් දිස් වේ...වල ගැහෙන කම්ම්ල් මුහුනට අමුතු සුන්දරත්වයක් එක් කොට තිබුනි....


මම යන්ටේ කියලා....මැඩම්....ගිහින් එන්නම්..


මැඩම්......අරවින්ද වෙන කාත් එක්ක හරිද කතා කරන්නේ...නැත්නම් මාත් එක්කද?


මා කිසිවක් කීවේ නැතැ..


අරවින්ද මීට පස්සෙත් මාත් එක්ක ඔහොම කතා කරනවානම් කවදාවත් කතා නොකර ඉන්න....එහෙම හොඳයි නේද?


මා ගල් ගැසී ඇතැයි මට මොහොතකට සිතුනි..මේ හසරක් නොදත් කාන්තාව මා හට බොහෝ ලෙන්ගතු වෙන සෙයක් මට දැනිනි...


සමාවෙන්න...මා යටහත් පහත්ව කෙඳිරීමි....


ඇයි අරවින්දටවත් මාව හොඳ යාළුවෙක් වගේ පේන්නැද්ද?


යන්න අරවින්ද ගිහින් එන්න පරිස්සමින්....


මම යන්නම්...මා ඉක්මන් උනෙමි...සුමනදාස මාමාද පුදුමය මුසු දුකින් සිටිනවා යාන්තමින් මා දිටීමි...
                                               
                                                        14


කාර්යාලයට පිවිසෙද්දීම පිළිගානීමේ නිළදාරිනිය ලිපියක් මා අත පෑය...


මිස්ට අරවින්දට ලෙටර් එකක් ගමෙන් වෙන්නැති...


මට මුලු ලොවක් ලද්දාක් මෙන් විය..අද දින බොහෝ සොඳුරු යැයි මට සිතින.....




බුදු සරණයි
දයාබර මගේම අරවින්ද අයියාට


මගේ අයියේ දළඳා හාමුදුරුවන්ගේ පිහිටින් අයියා සුවෙන් වෙතැයි සිතමි..ඉතින් අයියේ මම මේ ලියුම ලීවේ අයියා ගිහින් ටික වෙලාවකට පසුවයි..අපි දෙන්නා ගෙවූ ජීවිතය හමුවේ තනියම විසිමේ ඉතා කටුක මෙන්ම දුශ්කර කාර්‍යය මට පැවරී තිබේ..එම හැඟීම් එලෙසම අයියාටත් දැනෙන බැව් මා දනිමි..සුදු අයියේ නැන්දාත් මාමාත් බැලූ අත බැලූ ගමන්මය...අපේ  මාමා විටින් විට බන්ඩාරේ මෙහෙ වරෙන් යැයි කෑගසනවා දෙතුන් වරක්ම මට ඇසිනි..දරු සෙනෙහස එහෙමමය..
                          මා සිත අරවින්ද අයියා සොයන තරම් අයියාට දැනෙනවායැයි මට සිතේ..කුමන කටයුත්තක් කෙලෙස කරන්නට ගියත් අයියා මතක් වී නෙතට කඳුලු උනන වාර අනන්තය..සුදු අයියේ මේ මස ගෙවී ලබන මස ලබන තෙක් මා නොඉවසිල්ලෙන් පසුවෙමි..මගේ සුදු අයියාගේ මුහුන දකින්නට දින ගනින්න වේ යැයි මා බිඳ කුදු මොහොතකටවත් සිතුවේ නැත දැන් එම අපහසු කටයුත්ත මා කරමින් සිටිමි..අදින් පටන්ගන්නා බෝධිපූජාවක් නැන්දා සූදානම් කර තිබෙන බවක් නැන්දා කීය....සුදු අයියාට සතර වරම් පිහිට නොඅඩුව ලැබේ..දෙව් රැකවරන දළඳා හිමි වැඩසිටින බිම අපට උපතින්ම උරුමය..එම බලයෙන් මගේ අයියාට නිරතුරුව රැකවරන  ලැබෙනු ඇත..මගේ අයියේ මම හැම වෙලාවකම අයියට ලියන්නම් මගේ මහත්තයාටත් පුළුවන් වෙලාවක් තිබුනොත් අකුරු දෙක තුනක් ලියලා එවන්න..නැන්දත් නිතරම අයියවම මතක් කරනවා..අප්පච්ච්ත් අම්මත් හවස බොධිපූජාවට යනවා කීවා..අම්මා කීවා ලපන සතියේ දිහාවට උඩුදුම්බර තැපැල් කාර්‍යාලයට ගිහින් අයියට කතා කරන්ටේ කියලා..අපේ හාමුදුරුවන් ලඟ අයියා නැවතිලා ඉන්න තැන ටැලි ෆෝන් නොම්බරේ තියෙයි කීවා..මම අද හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන ලබන සතියේ දිහෑට අයියට කතා කරන්නම්..අප්පච්චිත් ඉරිඟු කපලා ඉවර නිසා තව ටික දොහකින් ටවුම දිහෑ යාවි..මමත් නොවැරදීම එදාට අයියට කතා කරන්නම්..
                                      මම අදට නවතින්නම්
                                     මම අයියගේම
                                                 මලිති.


හිත බොහෝ පිරී තිබේ .එතරම්ම බොළඳ වූ මලිතිගේ හිතේ මෙතරම් ගැ‌ඹුරක් මින් පෙර මා දැක නැත...


ඔහ් අරවින්ද අද උදේම හැපි මූඩ් එකක


කුමාර් එලාස කීවේ උපහාසාත්මක සිනහවක්ද එක් කරමිනි...


නෑ අපේ ගමෙන් ලියුමක් ඇවිත් නොවැ..


මේ දවස් තුන හතරට ලියුමක්...හ හ හා අරවින්දගේ ගැමි කුමිරිගෙන් වෙන්නැති...


කුමාර් සිනාසෙන විට මටද සියුම් ලැජ්ජාවක් විය.


එහෙම නේද ?


කුමාර්ගෙන් ගැළවීමක් නැත


හ්ම් ...මම සෙමෙන් හිස සැලීමි..


ඔහු ඔනෑවටත් වඩා අනුන්ගේ දෑ සොයතැයි මට සිතුනි..


මා ඉන් පසුව ඔහු විමසූ වදන් වලට පිළිතුරු දුන්නේ කිසිදු සැලකිල්ලක් නොදක්වමය...


                                           15


නාගරික රළු බවට මා කලින්ම හුරු වී තිබේ..ක්ලෝරින් මුසු දිය හිස තෙමද්දී වෙනදා තරම් අපහසුවක් දැනුනේ නැත..සැන්දෑවද වෙනදාට වඩා පියකරු බවක් ඉසිලීය


කාමරය හා කාර්‍යාලය යන දෙතැනට කොටුවී සිටි මා හට මද විවේකයක් උවමනා විය.එහෙයින් මදක් ඇවිදින්නැයි සිතා වෙනුර මහතාගේ මිදුලෙහි වූ තණ බිස්ස මතට ගියෙමි...


එය මෘඳුය එම මෘදුබව දෙපතුලට හොඳින් දැනේ...


අරවින්ද අද කලින්ම ඇවිත්....


න් න් නෑ වෙනදා වෙලාවටමයි...අද ටිකක් එළියට එන්ටේ කියලා හිතුනා..


කෝ අද අරවින්දගේ උපදේශකයා නැද්ද?


නිලූශි විමසන්නේ සුමනදාස මාමා ගැනය..


න් නෑ අද තාම දැක්කේ නැහැ..මමද සිනාසීම නිලූශිට පිළිතුරු දුනිමි..


අරව්න්දට නිතරම ගම මතක් වෙනවා නේඳ?


ඔව් යැයි කීමය මම හිස සැලීමි..


මැඩම් කොහේද?


අරවින්ද......ඇය මගේ නම කීවේ තරමක කෝපයෙනි..


ස් ස්ස් සොරි ...න් න් නිලූශි....ඇගේ කොපය අමතක වන්නට මම තරමක් හඬින් සිනා සීමි...


නිලූශි කොහේද? කොළඹමද?


හ්ම් ඔව් ..මම දෙහිවල..බොරලැස්ගමුව කිට්ටුව...අරවින්ද දන්නවද  බොරලැස්ගමුව හරිය....


නෑ නිලූශි මම තාම මෙහෙට අළුත් නොවැ..


අරවින්දගේ ගම් පලාතේ ෆෝන් පිවිච්චි කරන්නැද්ද?


නෑ ..තාම අර කුළුනු සවි කරලා ඉවර නැහැනේ ..අපිට කාට හරි කතා කරන්න උවමනා උනහම අපි උඩු දුමුබර තැපැල් කන්තෝරුවට යනවා..


අනේ පව්...


ඇය එසේ කීවාට වඩා කියවුනා යැයි මට සිතින...


මමත් ඔය ගැමි කමට කැමතියි අරවින්ද...හරි නිදහස් සරල විදිහට ජීවත් වෙන්න තිබුනා...මේ කරදරකාර වටපිටාවේ අපි හිරවෙලා...


ඇයි අපේ වෙනුර මහත්තයාත් අනුරාධපුරේ නේද? එහෙ පදිංචි උනානම් හරිනේ....


මේ අපේ වෙනුර එක්ක අනුරාධ පුරේ....එයා කැමති නැහැ අරවින්ද වැඩිය ගමේ යන්න .කියන්නේ ගමේ ගියොත් හැමදාම රණ්ඩුලු....දන්නැද්ද ඔය ඉඩම්වලට ගම්බද පලාත්වල හැමදාම රණ්ඩුනේ....


හ්ම්.....මමද ඇයට එකඟ උනෙමි..


මම කැමතියි අරවින්ද අර මහ ලොකූ වැවක් ලඟ හැන්දෑවක බලාන ඉන්න...


ඇය කථා කරන්නේ දෑස් විසල් කරමිනි...


මම හිතුවේ නිලුශි ගම්බද ජීවිතයට කැමති නැහැ කියලා..


අනේ නැහැ අරවින්ද මම හරී කැමතියි..මම කැමතියි නිදහසේ ඉන්න..මම දන්නවා අර මිනිහා අරවින්දට මම ගැන එක එක දේවල් කියන්නෑති කියලා..නමුත් අරවින්ද මම ටිකක් හරි නපුරු උනේ නැත්නම් ඔය මිනිස්සු මේ හැමදේම නැති කරලා..දන්නවනේ වෙනුරත් මේ දේවල් වලට කිසිම උනන්දුවක් නැහැනේ..


නිලූශි කතා කරන්නේ තරමක කෝපයෙනි..එම කෝපය සාධාරණයැයි මටද සිතේ...


මාත් යන්නම් අරවින්ද අරවින්ද ටිකක් ඇවිදලා යන්න ..මෙතන හරි සනීපයි සැහැල්ලුයි....


මා නිලූශී පිලිඹඳව සිති සිටි අයුරු නැවත  සම්පූර්ණව නිවැරදි විය යුතුය...ඇය බොහෝ සරළ නිහතමානී කාන්තාවකි...


බොහෝ වේලාවකට පසු කාමරයට වැදුනු මා අත ගැටුනු පන්හිඳෙන් කලකට පසු කවියක් ලීවෙමි...


සුසුදු පිය මත
ලවැලි අරනක
එකින් එක පා
ලකුණු මත්තෙම
හැපි හැපී පිය
ගැට නොහී වද
අරන තනිවය
පුදසුනක් නැත.......


නෙලා නෙක මල්
අමුම අමුනා
තමර පෙති එක
එකින් පුපුදා
ලවැලි තල දිග
අතුර මුත් මල්
හිරුත් අවරට
ගිහින් නුඹ නැත.........


තාරපති දුල
පෑල දිග'හස
මෝදු කරමින්
කලු වලාකුල්
වැස්සකට අර
අදින මුත් සැඩ
ලිහිල් සළු දැරු
නුඹ තවම නැත.......
           
හදිසියේ ලියවුනු කවිය මේසය මත තබා නින්දට ගියේ රාත්‍රී අහරද නොගෙනය....
                                     
                                   16


අරවින්ද මහත්තයෝ...


සුමනදාස මාමාගේ හඬින් මා කලබලයෙන් ඇහැරුනෙමි...


ඇයි මාමේ මේ ...කලබලයක්වත්ද? 


නෑ නෑ මහත්තයා අද කෑමට ගියේ නැද්ද කියලා අපේ මහත්තයා ඇහුවා ....ගියේ නැතිනම් යන්න එපා කීවා...මම හිතන්නේ අපේ මහත්තයා අරවින්ද මහත්තයා එක්කලා කෑමට එළියට යන්න මයෙ හිතේ....අරවින්ද මහත්තයෝ මම ඔය මහත්තයාට ලෙන්ගතු හින්දා කියන්නේ එළියට ගියාට කමක්නෑ අපේ මහත්තයගේ අර බේබදු පුරුද්ද එහෙම පුරුදු වෙනවා නෙමෙයි...


සුමනදාස මාමා කීවේ විධානාත්මක ස්වරයෙනි....ඔහු සැබවින්ම මට ලෙන්ගතුයැයි සිතිනි...


එහෙනම් අරවින්ද මහත්තයා ලක ලෑස්ති උනානම් අපේ මහත්තයා බැය භාගෙකින් යන කතාවක් තමයි ඇහුනේ...


________________________________________________


මා හනි හනිකට ලෑස්ති උනෙමි...මෙවන් අයෙකු සමඟ රාත්‍රී අහර සඳහා පිටවීම මා භාග්‍යක් කොට සිතීමි...


විනාඩි කිහිපයකින් වෙනුර මහතා ලෑස්තිවී මා කාමරයේ දොරට තට්ටු කල හෙයින් මා ඉක්මනින් ඔහු හා එක්විය..


සුමනදාස ඉන්න...මම අරවින්ද මහත්තයා එක්ක යනවා...


මහත්තයාට පුලුවනෑ මේ රාත්තිරියේ වාහනේ ගෙනියන්න...


සුමනදාස හිතුවද මම දැන් වයසයි කියලා.....වෙනුර මහතා ඇසුවේ ඹ්නෑවටත් වඩා සිනා සෙමිනි...


වෙනුර මහතා මෙලෙස සිනා සෙනවා මා දුටු පළමු අවස්ථාව මෙයයි..


සුමනදාස මේ අරවින්ද මහත්තයාගේ කාමරේ අස් කරලා දානවා...මම මීට කලිනුත් කීවනේ දවස් දෙක තුනකට වතාවක් අස් පස් කරන්න කියලා...මේ මනුස්සයා රස්සාවට යනවා රෑ වෙලා එන්නේ......


හොඳමයි හොඳමයි අපේ මහත්තයා...සුමනදාය මාමා පිළිතුරු දෙන්නේ ඉතා යටහත් පහත් බවකිනි...වෙනුර මහතා මෙතරම්ම නිහතමානී අයෙකු යැයි මා කිසි විටක සිතුවේ නැත..


අපි යමු නේද අරවින්ද....


මාද අවනතව මෝටර් රියට ගොඩවීමී....


විනාඩි ගනනක ගමනකින් පසුව ඉතා නිස්කලංකල වූත් සුවපහසු වූත් අවන් හලක්යැයි සිතිය හැකි ස්ථානයකට අප ලඟා විය..


සැබවින්ම එය අපූරු ස්ථානයක් විය...ගලා යන දිය දහරකින් යුතු වූ මෙය රට බීම අලවි සැලක් යැයි මා ප්‍රත්‍යක්ශ කර ගතිමි....දැඩි සිතලක් සිරුර වෙලා ගෙන තිබිනි...මුහුදු රළ හඬ මනාව ඇසෙයි...ලුණු මුසු වූ සුළඟ දෙතොල ලුනු රස කර තිබිනි...මද අඳුරත් ඊටම ගැලපෙන මියුරු සිහින් සංගීතයත් මෙම ස්ථානයට අමුතුම නැවුම් බවක් එක්කොට තිබිනි...


                                                        17


අරවින්ද වාඩිවෙන්නැයි වෙනුර මහතාද අසුන් ගන්නා ගමන් මට අසුනක් පෙන්වීය..


අරවින්ද මොනවද බොන්න කැමති...


අනේ මහත්තයෝ මම ඔව්ව බොන්නෑ...අනික මට ඔව්වා පුරුදුත් නැහැ...


මා බිය වූ සෙයක් මටම දිස්වේ


ඔහ්....එහෙනම් අරවින්ද කන්න .....


හොඳමයි සර් 


වේටර් අත වූ මෙනුවෙහි යමක් සටහන් කල වෙනුර මහතා මා දෙස බලා සිනා සීය..


මමත් ගමේ හැදිච්ච මිනිහෙක් අරවින්ද....


මට අපේ හාමුදුරුවෝ කීවා..


මම අනුරාධ පුරේ වෙල් දෙනි වැව් තාවලු ගැමිකම මම හොඳට අඳුනනවා..නමුත් අරවින්ද මේ සමාජ ක්‍රමයත් එක්ක අපිට සමගාමිව යන්න වෙලා...මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ මේවගේ සමාජ ශාලා වලට එකතු වෙලා මේ අනිත් අයත් එක්ක එකතු නොවුනොත් අපි නිකම්ම නිකම් මිනිස්සු විතරක් වෙනවා...මම කියන්නෑ කොයි වෙලාවකවත් මේ ක්‍රමය නිවැරදියි කියලා..නමුත් මේ නිල තලත් එක්ක අපිට මේවට අනුවර්ථනය වෙන්න වෙලා...


වේටර් වරයා කළු පැහැති බෝතලයක් සහ තවත් කැම වර්ග කිහිපයක් මේසය මත තැබීය...


අරවින්ද බිය(ර්) එකක්වත් ගන්නැද්ද?


මම මීට කලින් අරන් නෑ සර්


මට වෙනුර මහතාට විරුද්ධ විය නොහැක..ඔහු මා ගැමි නෝන්ජලයෙකුයි සිතනවා විය හැකිය..


ඔහු නැවත වේටර් අමතා මොනවාදෝ ගෙන එන්නැයි කියනවා ඇසුනි ..


අරවින්ද බය වෙලාද?


න් නෑ සර්..


මම අරවින්දට බියර් එකක් ගේන්න කිව්වේ මමත් මේ වැඩේ ඉවර කරනකල් කම්මැලි කමක් නැතුව මාත් එක්ක ඉන්න..ඹහු එසේ කීවේ අසල වූ කළු පැහැති බෝතලය දෑසින් පෙන්නමිනි...


ඔහු බෝතලයේ මූඩිය විවර කලේ දැඩි පුරුදු කාරයෙකු ලෙසට...වීදුරුව මත හලා ගන් සැර බීම වෙවත් බීමකින් පදම් විය...විනීත ලෙස ඔහු එය තොල ගාන්නට විය..
                                    
                                              18


ගන්න අරවින්ද


මා අසල වූ බියර් බොතලය වීදුරුවට දමද්දී එහි වූ පෙන වීදුරුව වසා මේසය මතද ඉහිරිනි..වෙනුර මහතා යාබදු ලෙස සිනහ විනි....


අරවින්ද මිනිස්සු මේවා පාවිච්චි කරන්න විවිධ හේතු හොයා ගන්නවා...දුක සතුට සමරන්න විතරක් නෙමෙයි ජීවිතේ අඩු පාඩ් මකා ගන්නත් පාවිච්චි කරනවා...


සර්ට දුකක් නැහැ සතුටට බොනවා...මම කීවේ තරමක හඩින් සිනා සෙමිනි..


හ්ම්..ඔහු එලෙස පිළිතුරු දුන්නේ මන්දගාමීවය...නැතිනම් කනස්සල්ලෙනි...


ලෝකෙට පේන අපි සුන්දර සතුට විතරක්ම තියන මිනිස්සු නමුත් අපි අපේ හිත් වල අන්තගාමියෝ ...නැත්නම් විඳවන්නෝ...


වෙනුර මහතා සූදානම් වන්නේ මහ විශාල කථාවක් කීමටය...


අරවින්ද සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල් වල ප්‍රශ්ණයක් උනහම කතා කරන්න විසඳුම් හොයන්න අනිත් අයට උදව් කරන්න මැදිහත් වෙන්න පුලුවන්...නමුත් මේ අපි ගෙවන උගත් බුද්ධිමත් ධනවත් කියන සමාජ ක්‍රමය එහෙම දේකටවත් ඉඉක් සලසන්නෑ...අපව ලැජ්ජාව අනිත් අය දැනගනීවි..අපහාස උපහාස කරාවි කියන සිතුවිල්ලෙන් යටපත් කරගෙන ඉන්නේ..


මම හිතන්නේ අපි හැමෝම ලැජ්ජාවට බයයි...මා වෙනුර මහතාගේ කථාවට හරස් විය..


අරවින්ද හරි නමුත් විශාල සමාජ වපසරියක ගැවසෙද්දි අපි ඊට වඩා තරමක් වෙනස් වෙනවා...


සර් හරි..මා එසේ කීවේ කීමට තරම් වැරැද්දක් එම කතාවේ නොඳුටු හෙයිනි...


අරවින්ද අපි අඬනවා ..ලෝකයක් ඉස්සරහා මහා හඬින් වීරයෝ වගේ හිනා වෙනවා..ඊට පස්සේ අර හිනාව සමරනවා...අපි විඳවනවා අරවින්ද තේරෙන සිංහලෙන් කීවොත් අපි විඳවනවා..


වෙනුර මහතා දෙවැනි තුන්වෙනි වර වීදුරුව පුරවා ගනිද්දී පළමු වර ඔහු කෙරෙන් දිස් වූ වීනීත කම අහලකවත් නොවිනි...වීදුරුව පුරවා ගත් මදුවිත ඔහු හැල්මේ එක හුස්මට උගුර මත හලා ගත්තේය..


මමද බියර් වීදුරුව සෙමින් තොල ගාන්නට විය....මත තිත්ත රස දිවට අමුතු අයුරක නුහුරු බවක් එක්කොට තිබුනද මා ඊට ඇලුම් කරන බවක් මා පෙන්වූයේ වෙනුර මහතාගේ හිත රිදෙයි යැයි සිතූ නිසාය...


අරවින්ද මම බැඳපු මිනිහෙක්.....


මා ඔහු හා කිසිත් නොකියා සිනා සුනෙමි..


මට හැමදේම තියනවා...යාන වාහන ගෙවල් දොරවල්....ඉඩ කඩම්...හොඳ බිරිඳක්...නමුත් අපි අසම්පූර්ණ පවුලක්...මේවා කාටද අරවින්ද අපි කවුරු වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ....අපි අසම්පූර්ණ පවුලක් අරවින්ද අපි අසම්පූර්නයි....


ඔහු එකම දේ නැවත නැවතත් පවසයි..පවසන සෑම විටකම පෙරට වඩා ගැඹුරු බවින් පවසයි...


අරවින්ද දන්නවාද? අපි බැඳලා ලබන විසි පස් වෙනිදට අවුරුදු හයයි.....දැන් නිලූට අවුරුදු විසි හතක්..අපේ අප්පච්චිගේ හොඳම යාළුවා තමයි නිලූගේ තාත්තා..ඔය හැඳුනුම් කම මත තමයි අපි මැරි කලේ...එතකොට නිලූට යාන්තම් විස්ස ලැබුවා විතරයි...මම නිලූට හුඟාක් වැඩිමල්...අපේ අප්පච්චිට උවමනා උනා එයා අසනීපයි කියලා දැනගත්තහම අපේ වෙඩින් එක ඉක්මන් කරන්න..අපේ වෙඩින් එකෙන් මාස හතරකට පස්සේ අප්පච්චි නැති වුනා..


මා කුමක් කිව යුතුදැයි මට වැටහුනේ නැත...අසා සිටීම උහුට අස්වැසිල්ලක් විය හැකි හෙයින් මා අසා සිටියෙමි...


අරවින්දට මම කතා කරන එක කරදරයක්ද?


අනේ නැහැ සර්...මම කල්පනා කලේ ජීවිතේ හැටි..


                                                   19


මා බිඳෙන් බිඳ තොලගෑ බියර් මතින් යම් මත් නුහුරු මත් බවක් එක් කර තිබුනි..හිස නොදන්නා බමත මතකින් මත් වි තිබුනි...හාත් පස අපූරු ප්‍රවේගයකින් භමනය විනි...අමුතු සැහැල්ලුවක් හිතට මෙන්ම හිසටද එක්කර තිබිනි...


අරවින්ද දන්නවද අපි හැමෝම හරිම අමුතු ලෝකෙක ජීවත් වෙන්නේ...අපි අඬන මිනිස්සු අපිට සිනාවක් නැහැ..


සර් හුඟාක් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ...කියන්න මම අහගෙන ඉන්නම්...


පෙර මා තුල වූ නුහුරු බව මා කෙරෙන් පහව ගොස් තිබුනු සෙයක් පෙනිනි...


අරවින්ද තව බියර් එකක් ගන්නවාද?


අවසාන බිඳු කිහිපයත් මා වීදුරුව මත වත් කරනවා දුටු වෙනුර මහතා විමසුවේ බිම බලා ගත් වනමය..


මා කිසිවක් කීවේ නැත ...ඔහු තව බියර් බෝතලයක් ගෙනන්නැයි වේටර් වරයාට කීවේ එම නිහඩ බව නිසා විය යුතුය...


වෙනුර මහතා සිටියේ සිහියත් අව සිහියත් අතර මා නොදන්නා තැනකය..දෙනියේ කිරා මාමා ගොයම් කපනා සෑම දිනකම හවස් යාමයේ අප්පච්චී සමඟ අප්පු මාමාගේ කිතුලෙන් රා ගෙනවිත් පදමට බී සින්දු කියනා සතුටු වෙනා යුරු මට මෙයත් සමඟ සිහි විය...


අරවින්ද මොනවද කල්පනා කරන්නේ...


නෑ සර් මට ගම මතක් උනා...අප්පච්චි මතක් උනා


අරවින්ද අපේ අප්පච්චි නැති වුනේ අපි මැරි කරලා දවස් දහයකට පස්සේ....


අනේ දෙයියනේ....!! මට එසේ කියවිනි...


මමයි නිලූයි එතකොට හිටියේ අප්පච්චිගේ බදුල්ලේ බංග්ලෝ එකේ....උදේ දහයට විතර අප්පච්චී හොස්පිටල් ගෙනිච්චා කියලා දැන ගත්තා...උදේ එකොලහ වෙද්දි අප්පච්චි නැති වෙලා..


අප්පච්චි හොස්පිටල් නැවැත්තුවා කියලා දැනගනිද්දි මම නිලූ එක්ක කොළඹ එන්න පිටත් වුනා..අප්පච්චි නැති වුනා කියලා දැනගනිද්දී මම හිටියේ නුවර කිට්ටුව මම  තරමක ඉක්මනට ඩ්‍රයිව් කලේ නිලූ හුඟාක් බය වෙලා හිටියේ...මට යාන්තමට මතකයි නුවර පහු කරලා කිලෝමීටර් දහයක් පහලොවක් විතර ගියා එක පාරටම ඉස්සරහට නුවර කොළඹ බස් එකක් එනවා දැක්කා මට කර කියා ගන්න දෙයක් ඉතිරි උනේ නැහැ..මට මතකයි කාර් එක බස් එකේ හැපිලා එක පාරක් පාරේ දකුණු පැත්තට පෙරලෙනවා..ඊට පස්සේ මොකක් හරි ගහක වැදුනා....මම යාන්තමට  ඇස් ඇරලා බැලුවා නිලූව එයත් ලේ විලක හිටියේ...මට දැනුනා මගේ ඇඟේ පහල කොටස නැහැ වගේ ..මට එච්චරමයි මතක...එයාර් බෑග් එක හිරවෙලා තිබුනු විදිහට මට හුස්ම ගන්නත් අපසහුවක් තිබුනා..


                                              20


මා හුස්ම ගත්තා දැයි මට මතක නැත...වරක් දෙපස බැලූමම හැල්මේ බියර් උගුරු කිහිපයක් උගුර මත හලා ගතිමි..


සර් ඊට පස්සේ මොකද වුනේ? මා නොඉවසිලිමතිවී සිටියෙමි.....


ඔහු කිසිත් නොදොඩවයි....හිස් බැල්මකින් මුලු ලොවම නැතිවී ගිය බවක් අඟවයි...


මට සිහිය තිබුනේ නැහැ අරවින්ද සිහිය එද්දි ම හිටියේ කොළඹ .....මට අමාරු හින්දා මාව කොළඹ එවලා ..නිලූට හුඟාක් අමාරු නැති නිසා එයාව පේරාදෙනියේ නවත්තලා...මම දවස් විසි අටක් අයි.සී.යූ  හිටියා....සිහිය ඇවිත් තිබුනත් මම කිසිම දෙයක් දැනුනේ නැහැ.......මාස හතරකට විතර පස්සේ තමයි මට යාන්තම් ඹලුව උස්සන්න පුලුවන් උනේ..දිනූත් අමාරුවෙන් අම්මෙක් වගේ මගේ හැම දේම කලා....මගේ ස්නායු වට හුඟාක් හානි වෙලා තිබුනා .....මාව අසම්පූර්න මිනිහෙක් කරන්න එ් සිද්ධියට පුලුවන් උනා අරවින්ද..


ඔහු වැරෙන් මේසය මතට පහර දුන්නේ හදිසියේ පැන නැගුනු වේදනාව යටපත් කරගන්නටය....


නිලූ වගේ ගෑනියෙක් උප උපන් ජාතිවත් හම්බ වෙන්නෑ අරවින්ද.....දෑස් කුඩා කරම්න් ඔහු කියවයි...මටද දෑස අදහා ගන්න බැරි විය...


මම අරවින්ද වගේ මිනිහෙක්ට මේක කියන්න හේතු හුඟාක් තියනවා....අරවින්ද වැදගත් විදිහට ගමේ හැදිච්ච කොල්ලෙක්...මට යාලුවෙක් ඹ්නේ අරව්න්ද මේ හැම දේම කියන්න..මට මේවා හිතේ හිර කරගෙන ඉන්න බැහැ..මම මැරෙයි අරවින්ද ..මමත් මිනිහෙක් මේ තොරොම්බල් නිල තල වලට යට උනාට මමත් හිතක් පපුවක් තියන අනිත් හැමෝම වගේ මිනිහෙක්...මම මහ කාල කන්නි මිනිහෙක්...මම ඉපදිලා මාස හතරකට පස්සේ අම්මා නැති උනා....එතනින් පටන් ගත්තු නැතිවීම අදටත් මේ දැනටත් තියනවා ...අහිමි වීමම විතරයි අරවින්ද මගේ ජීවිතේ.....