කන් පෙති විවර කලෙමි
නොයිඳුල් හැඬුමට
තෙත බරිතව විය හැක
තවම නැවුම් නිසා නුඹ...
හතරයි විස්සයි...
සටහන් කොට ගතිමි
මනසේ නොමැකෙනා ලෙස
හැඬූ මුල් වර............
සිපගන්ට මග බලයි නෙත
වැලඳ ගෙන සියුම් ලෙස
රිදේවී දෝ මීට
අතගා ගති මම රැවුල......
නවගමුවට නවයක්ද
දොලගමුවට දොලහක්ද
පඬුරුලෑ මතක අග
නුඹ පැමින නව ලොවට...
වින්නඹුව පැමින මට
පුතෙක් බව කී විගස
පිපුණු මල් ඉහ මත්ත
දෙනෙතඟට කඳුලු ගෙන..
සිද්ධ පත්තිනි මවට
බණ්ඩාර දෙයියන්ට
අයිය නායක නමට
භාර උනි පුතු සෙතට............
නුඹේ මව් රැක දෙන්ට
දෙයියන්ට කියන්නට
අමතකව ගිය ටිකට
අරන් ගොස් දෙවියන්ම......
(කලකට ඉහත ලියන ලද්දකි)
අයියෝ....
ReplyDeleteකොච්චර සතුටින් කියවපු කවියක්ද?අන්තිමට ඒ විදියට ඉවර කලේ.අන්තිම පද පේලිය වෙදනාවක් ඇති කලේ.
ReplyDeleteඒත් නිර්මාණයේ කිසිම අඩුවක් නැහැ හැමදාම වගේ සුපිරියි..
හයියෝ.....
ReplyDeleteඅනේ හරිම දුකයිනෙ අවසානය....කොහොම උනත් නිර්මාණය සාර්ථකයි. හැබැයි මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.දොලගමුව තියෙන්නෙ කොහෙද?
ReplyDeleteකාව්‍යත් ඉදලා ඉදලා ඇහුවේ හරිම ප්‍රශ්නයක් නේ..අයියෝ මම නම් දන්නේ නෑ..
Deleteඒක තමා කුමාරිහාමි මම නවගමුවනම් දන්නවා ඒත දොලගමුවනම් දන්නෙ නෑ මටත් එහෙට බාරයක් වෙන්න හිතුනා.මේක ඇත්තටම තියෙන තැනක්ද?
Deleteදොලගමුව සුප්‍රකට පත්තිනි දේවාලයක්...නොදන්නවානම් වැඩිහිටියෙක්ගෙන් අහගන්න....(පු.කු ඉතාලියේ ගම්නම් දීනි..)
ReplyDeleteAnthima ta una de gana dukai,,
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවෙ...
ReplyDeleteහරිම ලස්සන නිර්මාණයක්.. ඇයි එහෙම අවසාන කලේ ? ඒ අවසානය නැතත් දරු සෙනෙහස පිළිබදව ලස්සන නිර්මාණයක්නෙ. මේ දුක්බර අවසානය නිසා ලස්සන දරු සෙනෙහස ගැන අමතක වෙනව වගේ ........
හ්ෘදයන්ගමයි ! උස්සල පොළොවේ ගැහුවා වගේ . දක්ෂම කවියෙකුට ඇරෙන්න
ReplyDeleteමේ දුක හිත ඇතුලේ මවන්න බෑ . sphilburg ගේ ෆිල්ම් ඒකක් බලනකොට ඇතිවෙන තිගැස්සීම
අපුරුවට දැනෙනවා ! විශිෂ්ඨයි මල්ලි !