Thursday, 28 July 2011
සිහින
සීත පහස නොවූවද ජරීර් හී ඉදිරිපස තණ යාය හැන්දෑ යාමයේදි මහත් අස්වැසිල්ලක් එක්කල හෙයින් එහිම නවතින්නැයි හිත ඉල්ලීය..මාද අවනතය....දූවිල්ලෙන් වැසීගත් අරාබියානු අහස නුවර එළිය සිහිකරයි..තණ බිස්ස මත දිගාවීමී..සිත හැල්මේ එහෙ මෙහෙ දුවයි නවතා ගන්නට හෝ නවත්වන්නට උවමනා නැත මා ඊට ඉඩදුනි....හිත හැල්මේ අඹේවෙල තණ බිමටද ගොසිනි මම දන්නා හඳුනන යුවතියකද සමඟය..අප කෙලිදෙලෙන් තණ බිස්ස මත විමී...ඈ උකුලත මහිසද හොවා ගෙනය...එහි නිරාමිස උනුහුමක් විය .මා තව තවත් ඊට තුරුල් වීමී..ඈ සෙමෙන් මා කෙහෙ පිරි මදියි..මා සිහින ලොවකය ඈ එහි ටිකටි පත් අප දෙදෙනාටම වෙන් කොට තිබිනි...අපි නිදහසේ එහි සැරි සැරීමි....ඈ නලලත සිපගැනීමේ ඡේතනාවක් මසිතට විය ඉඟටිය වටා දෑත් යවා මා ඈ මා වෙත නැඹුරු නර ගතිමි....දැන් ඈ නලලත මා දෙතොලගට ලඟය එහි සුවඳ නාස් පුඩු හරහා හදවතේ ගැඹුරකම අනවසරයෙන් ලැගුම් ගති...මාද ඊට විරුද්ධ නැත....මා එහි නිරාමිස වීමි....හදිසියේ ක්‍රියාත්මකවූ තණ බිස්සේ වතුර මල මා නැහැවීය ...මා යලිත් ඇසිල්ලකින් අරාබිකරයේ තනි කිරීමට එය සමත්විය....දැන් දිනපතා හැන්දෑවට මම එහි යෑම පුරුද්දක් කොට ගති....නිතරම වතුර මල් නැති පෙදෙස්හී විසීමට පරිස්සම් වෙමි.....
Labels:
කෙටිම කෙටි කතා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..