වැහි දියක් නැති
කාෂ්ඨක බිමක
වැපිරීමි බිජුවක්........
දළු ලාය එය
නොසිතූ පරිද්දෙන් කිසිදු සැලකිල්ලක් නොලබාම.....
දිනෙන් දින වැඩෙයි අතු පතර
බලා ඉද්දීම.........
මහ වනස්පතියක
අසිරි දුනි කෙටි කලකින්ම....
සෙවන විනි මටම නොව
සියල් සතුනට.....
ලැගුම් ගෙන අනවසරයෙන්
වෘක්ෂ දේවතාවක්.....
අයිතිකොට ගන්නටත් වෑයමක්.....
කරන්නට දෙයක් නැති කොට
මගේ ගස ලබන්නට......
සටන් කරන්නට ඹහු සමඟ
ගෙල වැල ලා ගතිමි මම
එහි අත්තක.................
දේවාත්මයක් ලබා උපදිනුයි සිතා.....
අහෝ.....මරණයක අරුම
දින සති මාස ගෙවීත්
මල සිරුර තවමත් ගස මත....
දුගඳ දස අත
නැත අහලක කිසිවෙකුත්
දෙවියන්ද ගිය මගක් නැත........
ගලනා ඹ්ජසින් තව තවත් දිරි ගෙන
නඟියි ගස අහසට...........
මම ලබාගති අපහසුවෙන්
අල්ලසක්ද දී දේවාත්මයක්............
මුත් අධිපති දෙවියෝ
සවිකර දැන්වීමක්-මහා අකුරෙන්
''මේ ගස දෙවියන්ට තහනම්
මෙහි පව් කාරයෙකු සිය දිවි නසා ගෙන''
යන්න දන්වා..................
කුමක් කරන්නද........
යලිත් පැතුවෙමි මිය යන්ට
ගසේ බිජුවක්ව උපදින්ටැයි පතා...
Monday, 29 August 2011
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..