Sunday 20 May 2012

එගොඩහ යන්නෝ...එන්න ගොඩවෙන්න..




එගොඩහ යන්නෝ 
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ...

ඟඟුල අනෝමයි
අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ

මම මේ ඟඟුලේ අඟුලේ නැඟලා
එගොඩ මෙගොඩ යනවා........

පමා නොවන්නේ
අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ

මම මේ ඟඟුලේ අඟුලේ නැඟලා
එගොඩ මෙගොඩ යනවා........

මේ ගීතය විශාරද ශෙල්ටන් පෙරේරා ගායනා කරනවා උනත් අපේ මතකයට එක්කලේ පහුගිය දිනක අපි අතරින් වෙන්වුනු ශතිෂ් පෙරේරාගේ හඬින්..

බොහෝම සරල වචන ටිකක්...ගැඹුර කියන නාමයක් නැහැ...එතරම්ම සරළයි...ඩෝල්ටන් ද අල්විස් ලාංකේය සුභාවිත ගීතයේ සුමට පෙරගමන් කරුවා කියලා මම නිතරම හඳුන්වන්නේ මේ සරළ බව නිසා වෙන්න ඇති..

එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ...

බැලූ බැල්මට තොටියෙකු(වියපත්) ඟඟ හරහා එගොඩ සහ මෙගොඩ වීමට මගීන්ගෙන් කරන ඉල්ලීමක්..සැබවින්ම බැලූ බැල්ම එලෙසයි..නමුත් මේ සරළ වචන තුල මහා සිතීමට අසීරු ඟැඹුරු බවක් ගැබ්වෙලා තියනවා..

ජීවිතය කියන දේ භව කියන මායාවේ හිර වෙලා..සසර කියන වදන් වල ඇලිලා...මින් එතෙර කරන්න පුලුවන් කෙනෙක් ගැනයි මේ කතා වෙන්නේ..

ඩෝල්ටන් මහත්මයාගේ වඩන වලින්ම කියනවානම් මෙන්න මෙහෙමයි.." ශෙල්ටන් මේක නිකම්ම නිකන් තොටියෙක් ගයන ගීතයක් නෙමෙයි..මේක කියන්නේ බුදුන්.."

අන්න එහෙමයි ඩෝල්ටන් ද අල්විස් මේ ගීතය ශෙල්ටන් පෙරේරාට දෙද්දි කිව්වේ..

ඟඟුල අනෝමයි
අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ


මම මේ ඟඟුලේ
අඟුලේ නැඟලා
එගොඩ මෙගොඩ යනවා........

මෙතන ගඟුල සැඩ බවකුත් තොටියාට වෙහෙස බවකුත් අඟවනවා...මොකක්ද මේ වදන් වල අර්ථය..කුමක් ව්‍යාංගාර්ථ කොටද මේක දක්වලා තියෙන්නේ...

ඟුගුල කොහිමටත් සැඩයි ...ඡන්ඩයි..රුදුරුයි..මම දැන් මහළුයි ..මේ සැඬ ගං දියේ මම පහසුවෙන් හැම අපහසුවක්ම මඟහැර එහෙ මෙහෙ ගියා..මම උඩුගං බලා පීනුවා..නමුත් මට ඔබ ගෙනයන්න තිබෙන්නේ තව සුලු වේලාවයි....

බුදුන් වහන්සේගේ සිත කියවූ අයුරින් ඩෝල්ටන් අල්විස් මේ කියන්නේ කුමක්ද?සෑම වචනයකම තිබෙන දැඩි සම්භන්ධය හරහා පහත පද වලින් එය මනා නොට පැහැදිලි කරවයි..

පමා නොවන්නේ
අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ....

සංවේදී උපමා භාවිතය...අපූරු සත්‍යාවභාශය...අනුපමේය නිර්මාන කුසලතාවය..වෙන කුමක් නම් මින් නොපෙන්වයිද?

පිරිනිවන් මන්චකයේ මරණය අභියස සිටින බුදුන් "එන්න අඳුර ආසන්නයේය...ප්‍රමාදය මරණයට හේතුවේ අප්‍රමාදීව කටයුතු කරන්නැ'යි දේශනා කරයි..මේ එයම නොවේද?

මේ කෙටි කොට දැක්වූ සරළ මහා පරිනිර්වාණ සූත්‍රය නොවේද?.....

කියන්න ...මෙය සැබෑවක් නොවේද?

7 comments:

  1. මටනම් එහෙම හිතෙන්නෑ.. මොකද බුදුන්ට, එගොඩ වෙන පාර කියනවා මිසක්, එගොඩ කරන්ඩ බෑනේ... එගොඩ වෙන්ඩ ඕනා තමම්මයි.. සමහර විට පාර අහගන්න එන්න කිවවා කියලනම් හිතන්ඩ පුලුවන්..

    ReplyDelete
  2. මමත් ආසම...ගැඹුරුම තේරුමක් තියන ගීතයක්....

    ReplyDelete
  3. ඇත්ත.. පිටින් පේන අකුරු වලට වඩා ඇතුලත අර්ථ ගොඩක් දේ කියනවා..

    ReplyDelete
  4. අමුතුම අදහසක්..මීට කලින් මෙහෙම හිතලා තිබ්බේ නෑ...

    ReplyDelete
  5. හරිම ලස්සන ගීයක්...නව අරුතක් (මට)...

    ReplyDelete
  6. අනේ අයියේ අකුරු පොඩ්ඩක් කියවන්න අමාරුයිනේ...

    ReplyDelete
  7. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..