Showing posts with label කවි හා නිසඳැස්. Show all posts
Showing posts with label කවි හා නිසඳැස්. Show all posts

Tuesday, 31 January 2012

ලෑන්ඩ් සේල්






අහස වියළිලාය
නිරුවත්ය පොලෝ තලයම
තෘණ පලස ලිහා දමා

ඉඳහිට ඉගිල්ලෙති ලිහිණින්
මළ කඳන් ඔසවා
ඉඩෝරය උහුලනු නොහැකි උන්ගේ

මුචලින්ද දරණය අතැර ගොස්
පත් අතැ'රි වෘක්ශ මූලයෙන්

කෝ මෛත්‍රී බුදුනට
පිට දෙන්ට වෘක්ෂයක්

"ලෑන්ඩ් සේල්" මහතුනි
හැකිනම් ඉතිරිකරනු එක ගහක්වත්

බණ පදයක් අහන්නට
මෛත්‍රී බුදුන්ගෙන්.......

උන්නාන්සේට පිට දෙන්ට
බුදුවන්ට...............!!!!

Friday, 13 January 2012

තුරු එනතුරු.....








සරත් සමයේ වැටුනු තුරු පත්

සොයනවා සුළඟක්...

යලිත් එසවී මදක් ඉහළට

වසන්තය එන මං බලන්නට.....




නැතේ අනුකම්පාවක් සුළගත්

හමා යයි වෙනතක......

නැහැ වසන්තය මෙදා පාරත්

අරන්විත් ඉක්මන් වැස්සක්....




පේන නොපෙනෙන තරම් දුරකින්

මල් පිපී දුලනා අකලට......කොහොම ඉවසමි

මට නොමැති කල වසන්තය නැවතත්

පොළව සිපගමි දිරා යන්නට ගසට වි පොහොරක්.......

කුස වුණු පබාවතී...





මං ජයම්පතී නොවේ

මුත්

ඔහු කුස රජු උනාවේ.....



පබාවතිය නුඔ
ගනු බොහෝ වැඩ රාජකාරි....



මං බලන් ඉන්නම්

සත් වස නිමවෙනා තෙක්


ගෙවදිමු....



කුලී මාළිගාවට......



නුඔ කුස නොවී සිටියොතින්

කුස රජ්ජුරුවන්ට දාව......



ඇඹිල්ල ඇටයකුත් වදාවි

මහ විසාල වෘක්ෂයක්.....
..........................................................................
ප.ලි

අජාසත්තම වදාපන්

මරන්නට පිය රජ...
.

Monday, 9 January 2012

දිටිමි...(නෙතින් නොවේ)






හන්දියේ පිල්කඩේ සරොම් කඩමලු දවට

පිල්කඩේ වහල යට මාලිගාවක් හිසට

අත් දෙකේ දරු බැඳන් දිය බිඳක් නෑ බඩට


වක්කඩක් දැක සිඳුනු කඳුලු ඉනුවා නෙතට



සන්තකේ දිටිමි උතුරා ගලන ගුණ දහර

පිල්කඩේ වැතිර හිමි සිඳී ඇට ලේ නහර

යදින පුරවන්න කුස් තරුණ ගැහැණිය සාර

පිල්කඩත් නැතිදාක නියත උරුමයි පාර.
.

Monday, 2 January 2012

Tuesday, 27 December 2011

පහන් සිල-කෙටි කතාව










අහස මන්දාරම් ය..හාත්පස අඳුර පැතිරියේ හදිසියේ එන වැස්සකට ය..පන්සල් බිම සිල් සුවඳ නික්ම ගොස් දුහුවිලි මත වැටුනු දිය මුහු වුනු දුහුවිලි සුවඳ ලැගුම් ගෙනය..අන්නතරීය පාප කර්මයක් කලාක් මෙන් අහස නොනවත්වා හඬයි..ඉනික්බිති විටින් විට ගොරවයි..පන්සල් බිමේ එකතු වුනු දිය සෝමේ අක්කලාගේ වත්ත  හරහා කඩිත්තට වැටෙයි...හනි හනියට දිය කඳ කළු ඟඟ මතින් සමුදුර දකිනවා වෙත්..
ලොකු හාමුදුරුවන් සැතපි සිටී... වැහි දිනයන් හී අරියවංශ ලොකු හාමුදුරුවෝ වෙනදා නැති සුවයකින් නිදයි..නිදන් ගත සෑම රෝගයක්ම හාමුදුරුවන් සමඟ සැතපී වන සෙයකි.....


චීවරය හිස මත දවටා විහාර ගෙට වැස්සෙන් රැකී පිය මැනීමි...විහාර ගෙය හිතට සැහැල්ලුවකි..
පිටත ගොරවන අකුණු ගසන හඩින් දෙදරයි...විටින් විට නෙත් අඳ කරමින් විදුලි එළි විහාර ගෙය තුලටද අනවසරයෙන් පැමිනෙයි.. අවසරයකින් තොරව පැමිනි එළි අනාවසරයෙන්ම නික්ම යයි..අඳුර සමඟ එළිය නික්ම යයි..නැවතත් එළිය සමඟ අඳුර නික්ම යයි...


විහාර ගෙය තුල පහනක් දැල්වීමි..මදක් චිරි චිරි හඬින් දිය පිස දැමූ පහන් තිර හොඳින් දැල්වෙයි...සීතලෙන් තැතිගත් කෘමීහු පහන් සිල වටා එතෙයි...විවිද හඬ නංවමින් උන් දැවී යයි..පහන් සිල නිවා දැමීමි...නැවතත් අඳුරම පමනකි..ගොරවනා හඬ සමඟ නොඅවරස එලි ගමන් බිමන් යයි...ගැබ්බර අහස හඬයි....


හිස වටා සිවුර දවටා නැවතත් විහාර ගෙයින් නික්මිනි.... පඬු සුවඳ අන් හැමටම හොඳින් නාස් පුඩු අරක් ගෙන ය...

Monday, 26 December 2011

සිංහ බා...









රුදු බලැති සිහ පා
උරුමයට මග පෑ
පුතෙකු මම හැදුවා
එ පුතු මා වනසා........


ලෙනක් තුල සතපා
මියුරු ගී කොඳුරා
ශිල්ප දී රැකු වා
වනසාද පුතු මා............


මිසුරු රස බොජුනා
පල වැලද සොඳවා
මියුරු කොට පෙම්මා
රැගෙන ගොස් අමිමා........


රුසිරු සිරි කැන්දා
දැවටීම උන්නා
දියනි නැත ලඟ මා
රැගෙන ගොස් සිහ බා.........


සොඳුර දුන් පුතු මා
නොම වී ය උතුමා
නෙතක් කොට රුකු මා
වනසාය හිත මා.......


මරන්නට පිය මා
තරමි හිත රුදුවා
පුතෙක් හැදු පව මා
සොඳුරු ලය පැලුවා.......

මම..


                

















මම සොහොනක්
මළ කුණු දරන
අඳෝනා රඳන
විටින් විට අරන් විත්
පාරමින් හද පොළව
වලලලා යන
තුන් මහේ මතකය...

එන්න මළවුන්ගේ දා වත්
අරලියා මල් ගහක් ගෙන

සෙමින් හාරා
පරිස්සමින් සිටවා
වතුර බිඳුවක් දමා යන්නට..









Thursday, 15 September 2011


වත් සිරිත් ඉටු කරන්
සත් සියක් පත් මතින්
පත් තිරුව පුරවමින්
ලත් දුකක් ලියන්නම්......
මිත් තරුන් යැයි සිතන්
සිත් තුලේ රජ කරන්
විත් හෙමින් මන් ලඟින්
කුත් නොයෙක් ගිනි තියන්....

රත් ලෙයින් පත් ලියන්
ලත් පෙමින් ගිනි අරන්
හිස් නොවෙන හිත පුරන්
නෙත් පිරෙයි කඳුලකින්.....

උස් බිමක සීරුවෙන්
පස් බැලුම් මහ හෙලන්
නිස් සාර ප්‍රේමයෙන්
ලිස් සාවි ජීවිතෙන්..........

දුස් චරිත මායිමෙන්
නිස් සාර මායමෙන්
දිස් සිහින සිරුවෙන්
විසි කරමි ජීවිතෙන්..........

-----------------මලගිය ඇත්තා--------

Tuesday, 30 August 2011

ජුකී කඳුල.






අට පැය නිදි වරන දෑඟිලි
මැෂින් තුඩේ.......
මසනා ජීවිතය නැවතත්
ඉරෙයි සඳේ.........
මල් පෙති නොදකිනා ඉර
අලුයමින් මැකේ......
අවරත් සමඟ නුඹ අහසට
නොඑන් සඳේ.........

රිදෙනා දෙතන කිරි පිරි
බිලිඳුන්ගේ........
උස්සා දුවන නුඹ අහසයි
සැඩ හිරුගේ.......
වත්කම නැතුව නුඹ ගාටන
මහ පාරේ.........
රිය සක හඬයි රුපියල් සත
නැහැ දන්නේ.......

ඉඳිකටු තුඩේ ලේ බිඳු නොම
තැවරෙන්නේ.......
ඉස්සෙන පාත් වෙන දෙපයට
දිරි එන්නේ..........
උස්සන මහ බරක් ලඳුනේ
පොළවක් සේ......
කවදද නුඹේ කළු අහසට
ඉර එන්නේ........

Monday, 29 August 2011

පිලිස්සෙන යෞවනයේ......

මී මල් සුවඳේ -රෑ ...
අතරින් පතරේ විහිදෙන
ලන්තෑරුම් එලිය දිගේ...........
පියමනිනා.....
හැඳුනුම්පත නැති රාත්‍රියේ.....
අඩක් පිලිස්සෙන යෞවනයේ
තාර බරට පුතු-ගුණ ගයන්ට.............
අමිමා දෝ ඇවිදින් ඉන්නේ..........

තබා හිස උකුලේ..........
මරිය මව් වන්නටද පැතුවේ...
පිනෙන් පිරිහුනු -දෙවියන්ද මළ
සොහොන් පිටියට-කන්නලව් කර
වඩම්මන්නට දේවතාවෝ.......
අම්මාදෝ ඇවිදින් ඉන්නේ.........

ටයර් සෑයේ අඟුරු අතරින්
තවම දිලිහෙන ගින්දරින්
නොපිච්චෙන්නට කඳුලු පැන් ඉසිනා
වංක ගිරියට-කිරි බිඳක් දී
දෑත් උස්සා ශාප කරමින්....
රජුන් බියගන්වන්නට....
අමිමාදෝ ඇවිදින් ඉන්නේ....