
සරත් සමයේ වැටුනු තුරු පත්
සොයනවා සුළඟක්...
යලිත් එසවී මදක් ඉහළට
වසන්තය එන මං බලන්නට.....
නැතේ අනුකම්පාවක් සුළගත්
හමා යයි වෙනතක......
නැහැ වසන්තය මෙදා පාරත්
අරන්විත් ඉක්මන් වැස්සක්....
පේන නොපෙනෙන තරම් දුරකින්
මල් පිපී දුලනා අකලට......කොහොම ඉවසමි
මට නොමැති කල වසන්තය නැවතත්
පොළව සිපගමි දිරා යන්නට ගසට වි පොහොරක්.......
පොළව සිපගමි දිරා යන්නට ගසට වි පොහොරක්.......
ReplyDeleteහ්ම් ලස්සනයි..
ස්තූතියි තරූ...
ReplyDeleteමට තේරුණු විදියට කාලය ගැනද මේ කියල තියෙන්නේ. පද ටිකනම් ගතියට තියෙනවා.
ReplyDeleteකාලය ගැන තමයි..හැබැයි කාලයත් එක්කලා නැතිවෙන දේවල් ගැන තමයි වැඩියම කතා කරලා තියෙන්නේ..
Deleteපොළව සිපගමි දිරා යන්නට ගසට වි පොහොරක්..
ReplyDeleteලස්සන අරුතක්..
පද ගැලපුම අගෙයි සහෝ. :)
ස්තූතියි නන්දු
Deleteමටනම් හිතුනේ නිසිවයස පහු වෙච්ච කෙනෙක් වසන්තයක් එනකම් බලාගන ඉන්නවා වගේ දෙයක්.. අර නන්දා මාලනී මහත්මියගේ සිංදුවත් මතක් උනා..
ReplyDelete"වසන්තේ නිදා උන්, යොවුන් කෝකිලාවන්.. ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී"
senna... මම කලින් කිව්වෙත් එයා කියන කාරනාවම තමයි..කාලයත් එක්ක අහිමිවෙච්ච දෙයක් ගැන වැලපිලා පසුකාලීනව පසු තැවුනු දෙයට යහපතක් කරන්න උත්සහ කරනවා...මට ඹය සිතුවිල්ල ලැබුනේ ගිතයකින් ...හැබැයි නන්දා මාලනීගේ නම් නෙමෙයි ..යුග ගියක්.....මතක නැහැ මුල නම්...
Delete