වීරේ මාමේ..වීරෙ මාමේ...කටුල්ලට එපිටින්ම මා වීරේ මාමා ඇමතුවේ කවදත් මා දැකීමට අකමැති මලිතිගේ වයිටා නිසාවෙනි ...
බන්ඩාරේ..!! වීරේ මාමා මා හඩින් හඳුනා ඉක්මනිනි එළියට පැමිනියේ තරමක කේන්තියෙනි...
බන්ඩාරේ මක්කට මේ රාත්තිරියේ ඇවිත්ද? සතා සර්පයා එමටයි...වල් අලියෙකුත් කරක් ගහනවා..එපමනැකැ කොළඹ රටේ ඉඳන් තකහැනියේම එන්නැත්තේ මයේ හිතේ......
එහෙමයි..මා කීවේ කුඩා දරුවෙකු ලෙසය...
බණ්ඩාරේ පැලට එන්ට මේ පිනිබෑවිල්ල අන්තිමයි ....ඉක්මනට ලෙඩ වෙනවා....
මොකක්ද මාමේ මේ උනේ......
ඔව්වා වෙන්න තියෙන දේවල්..ඔව්වා සමන් දෙයි හාමුදුරුවන්ටවත් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි..
මලිතිට මොකද මාමේ...
ඔය හෙට උදේත් සැත්කමක් තියනවා කීවේ....
කෝ මාමේ නැන්දා....
මැනිකා දෝනි ලඟ..තනි පංගලමේ ඉන්න පුලුවන් ලමයෙක්යෑ ..අම්මා නැතුවම බැහැ...
යමු අරවින්ද අප්පච්චිගේ ගෙවල් දිහෑට...වීරේ මාමා එසේ කිවේ මා විඩාවෙන් වෙතැයි සිතා විය යුතුය...
යමු මාමේ සුමනදාස මාමාත් ගෙදර..
කවුද බණ්ඩාරෙගේ මිත්‍රයෙක්ද?
එහෙමම නෙමෙයි අපේ වෙනුර මහත්තයාගේ ඩ්‍රයිවර්....
මේ දරුවා මේ මූකලානේ මේ අවේලේ මොකට එනවද මන්දා...
අනේ මට මේවා හුරුයි මාමේ..
වීරේ මාමාද තවම සිතන්නේ මලිති මෙන්ම මාද නොදරුවන් කියාය...
කෝ අප්පච්චිලා පේන්න නැහැ....
අම්මේ අම්මේ...කෝ අප්පච්චා.....
ඔය දැන් හිටියේ....හරි....හරියට හරි....හේනේ ගොයියා හිටියනේ.....අප්පච්චි අර මනුස්සයත් එක්ක හේන දිහාට යන්නැති......කිතුලකුත් පීදිලා කියනවා මම අහගෙන...
අම්මා කියන්නේ කිපයෙන් දිලිසෙමිනි...
අපිත් යමු බලන්නැයි වීරේ මාමා කීවේ අවඥා සහගතව සිනාසෙමිනි....
හේනේ ගිනිමැලය දැල්වෙමිනි....අප්පච්චිත් සුමනදාස මාමාත් පිලේ ඉහල බලාගෙනමය...
අප්පච්චි ....අප්පච්චි මේ අවේලාවේත් හේනේ මාමාව කිතුලට නැග්ගුවද?
බණ්ඩාරේ මේ මහත්තයා දකුනේ කැමති නැතෑ කිතුලක් එහෙම බොන්න...
සුමනදස මාමා මී මැස්සෙකු මෙන් මල් පැණි බිමට ලොල් වි බලා හිදී..
සුමනදාස මාමා අප්පච්චි හා හේනේ මාමා සමඟ බොහෝ කුළුපඟ වී තිබේ..
අරවින්ද මහත්තයා හෙට උදේනේ යන්නේ...මම මේ පැලේ ඉන්නම් ..අරවින්ද මහත්තයා ගෙදරට ගොහින් කාලා එහෙම නිදාගත්තනම්.....
නැ නෑ මට වෙනුර මහත්තයාට වග කියන්න බැහැ..ඔය කොරන දෙයක් කොරලා එන්න මම ඉන්නම්...
හේනේ ගොයියෝ...ඔය මුට්ටි දෙකම බාපං මගේත් සිරුර කකියනවා...ඉරිඟු ගෝනි ටික මගේ ඉල උඩ නොවැ තිබුනේ....
හේනේ මාමා කිතුල් මුට්ටි දෙකද සමඟ පැමිනියේ සිතලට දිව්‍ය අවුශදේ කියමිනි......
ලොකු බණ්ඩාරේ මයියොක්කා ගස් දෙකක් ගලෝගත්තනම් මෙතනම තම්බගන්න තිබුනා....
අප්පච්චිත් මයියොක්කා ගාල දෙසට ගියේ මහත් කැමැත්තකිනි...
මම දැක්කා ඔය පහල අගේ පඳුරක් තියනවා .....වීරේ මාමාද මතට සූදානම්ය....ඔහු අප්පච්චීට කීවේ එම සූදානම පෙන්වන්නටය....
හේනේ මාමේ කොහොමද ඉතින් සැප දුක කාරිය....
මට ඉතින් සැප දුක මේ රා මුට්ටියයි මේ පැල් කොටෙයි තමයි...හේනේ මාමා එසර කීවේ රා මුටුටියට පිඹ පළමු රා උගුර බොන ගමන්ය....
ලොකු බණ්ඩාරේ මයියොක්කා හිටවන්න ගියාද මන්දා තාම නෑ...වීරේ මාමාට හදිස්සි වී තිබෙන පාටය....
අප්පච්චි එනකල් කියන්න වීරේ මාමේ මොකද උනේ කියලා...මා මෙතෙක් හිතේ තද කරගෙන සිටි කථාව විමසීමි...
පොලේ උන්දෑ කනමදයා වගේ බීලා හිටියේ මයේ හිතේ....ඉරිඟු කෑලි දෙකක් තිබුනා නොවෑ...අප්පචිචිගේ බෝගත් තිබුනා..වියදමකි නැති නිසා ඔක්කෝම පටව ගත්තා......මේන් කණ්ඩියේ පල්ලමය යන්ට ගත්තා ට්‍රැක්ටරේ පැනගන්ටේ කියලා වෙලාවක් තිබුනෙක් නැහැ..කෙලී ත් හිටියනේ...බල්ලමේ ගිහින් පෙරලුනේ නැතෑ අනික් පිටම...දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔහොම ගියා මැදෑ...අර පන්සලේ මොකක්දෝ වැඩකට ඉන්න දරුවා හනි හනිකට උන්දැගේ කාර් එකේ දාගෙන කෙලීවයි මාවයි හේනේ ගොයියවයි ඉස්පිරිතාලේ ගෙනිච්චා...කෙලීට සිහියක් තිබුන්නෑ..අත තැන් දෙකකින් කැඩිලා කියලා ඩිස්පැන්සරියේ මහත්තයාත් කිවුවා....
ලස්සනට ලියලා..
ReplyDelete