Tuesday 31 January 2012

ලෑන්ඩ් සේල්






අහස වියළිලාය
නිරුවත්ය පොලෝ තලයම
තෘණ පලස ලිහා දමා

ඉඳහිට ඉගිල්ලෙති ලිහිණින්
මළ කඳන් ඔසවා
ඉඩෝරය උහුලනු නොහැකි උන්ගේ

මුචලින්ද දරණය අතැර ගොස්
පත් අතැ'රි වෘක්ශ මූලයෙන්

කෝ මෛත්‍රී බුදුනට
පිට දෙන්ට වෘක්ෂයක්

"ලෑන්ඩ් සේල්" මහතුනි
හැකිනම් ඉතිරිකරනු එක ගහක්වත්

බණ පදයක් අහන්නට
මෛත්‍රී බුදුන්ගෙන්.......

උන්නාන්සේට පිට දෙන්ට
බුදුවන්ට...............!!!!

3 comments:

  1. මේකනම් සහතික ඇත්ත.. මේ යන විදිහට මෛත්‍රී බුදුන්ට ලයිට් කනුවක් යට තමා බුදු වෙන්ඩ වෙන්නේ..

    ReplyDelete
  2. ම්ම්ම්ම් ඇත්ත...

    ReplyDelete
  3. ඇත්ත කොච්චර නීති තිබුනත් කාන්තාරයක් වෙන ඒක නවත්තන්න බෑ වගේ.

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..