Sunday 8 January 2012

නියඟලා 25/26 පර්ච්ඡ්ද....


හේනෙ මාමා ,සුමනදාස මාමා ,වීරේ මාමා සමඟ හේනේ දමා මා නිවස බලා යෑමට සැරසුනෙමි... . අම්මා සමඟ කථාකිරීමට මට උවමනා විනි... 


අප්පච්චි මම ගෙවල් දිහෑට ගිහින් එන්නම්...අම්මා විතරයි වෙන්ටෑ ගෙදර ඉන්නේ....


මම අවසරය ගෙන ඉන් නික්මුනෙමි


කඩුල්ල පැන දොර අබියසටම එන තෙක් කළුවා මා ගනන් ගත්තේවත් නැත....ලඟටම පැමිනි පසු යාන්තම් ගනන් ගත්තා නොගත්තා සේ මදෙස බලා නඟුට වැනුයේ කිසිදු හඬක් නොනඟාමය


කළුවාට මේ දින කිහිපයට මා අමතකව ගොස්ය...


අපේ අම්මා උයලා ඉවර නැතෙයි...මා කෙඳිරූයේ පැරනි පුරුද්දටම විය යුතුය...


තව තත්පරයක් ඉවසහං මගේ පුතේ...අම්මා සැබවින්ම මට අසිමිතව ලෙංගතුය...එකම දරාවා නිසා එසේ වෙතැයි මා සිතන්නේ නැත..අපේ අම්මා විනිවිද පෙනෙන වීදුරුවකි..අම්මා සෑම දරුවෙකුටම සලකන්නේ මෙලෙස ය..


අම්මේ කවුද අම්මේ අර මලිතිලාව ඉස්පිරිතාලේ එක්කගෙන ගියැයි කියන මනුස්සයා....අර වීරේ මාමා කිව්වේ එහෙම කතාවක්..


හ්ම්..මම හිතන්නේ අපේ හාංදුරුවන්නේ ඥාතියෙක් වෙන්ටෝන..පන්සලේ මොකක්දෝ ව්‍යාපෘතියකටද මක්කද එකකට එනවායි කියන්නේ..කවුරු උනත් හරි ගුණ යහපත් දරුවා...මහත්තයා එවලේම කාර් එකේ එක්කගියා නොවැ අප්පවයි දෝනියැන්දැවයි..අනේ අම්මපා දෙයියෝ වැඩියා වගේ..


අම්මා ඔහුගේ ගුණ ගයන්නේ බොහෝ කලක සිට අඳුනන ලෙසටය..එය අම්මා තුල තිබෙන මා ඉහත කී දරු සෙනෙහසේ ලක්ශණය..අම්මාට වර්ණනා කරන්නට කාගේ හෝ දරුවෙක් එක ය.


අම්මේ මං පිලේ ටිකක් නිදාගන්නම්..අම්මා උයලා ඉවර වෙලා කතා කරන්නකෝ...උදැහැක්කේම යන්ටන් එපෑය..


අනේ දරුවෝ තව ටිකක් ඉවසන්ටකෝ මේං බත් එකත් ඉදිලා අහවරයි..මේ සම්බෝලේ කොටලා ගන්නකල් ඉන්ට බැරි හැටි..


උණු උනුවේ බෙලෙක් පිඟානට අම්මා බෙදා දුන් බත් කන්ද දුටු විට පළමුව නෙතට කඳුලූ ඉනුවේ මේ අපරිමිත මව් සෙනෙහස නිසා වන්නට පුලුවන..


කට්ටා කරවල සමඟ පොල් සම්බෝලය මනා ලෙස පෑහිනි..ඊටම ඔබින ලෙස පරිප්පු හොද්ද තිබිනි...අපේ අම්මා උයනා කෑම කවදත් රසට...මිරිස් තුනපහට අමතරව අම්මා හදේ ලූ කරුණා ගුණයද මීට එක්කරයි...


මා යාන්තම්න් සිනාසුණි..


මොකද දරුවෝ හිනාවෙන්නේ රහට නැතුවෑති මයේ හිතේ කොහෙද පොඩි කලබලයක්යෑ තිබුනේ...


නෑ ..නෑ රසයි අම්මා...මම මේ නිකමට හිනා උනේ..


හේනේ ගොයියා අර උන්දෑව දැන් හතරගාතෙන් තමයි අරන් එන්නේ ....


අම්මා එසේ කිවේ සුමන දාස මාමා ගැන විය යුතුය..


සුමනේ මාමා විතරක් නෙමේ අම්මේ අද අප්පච්චියි වීරේ මාමායි එන්නෙත් හතර ගාතෙන් තමයි...මම දැක්කා රා මුට්ටි දෙකක්ම හේනේ මාමා කිතුලෙන් බානවා..


මා කේලම කීවේ වෙනදා පුරුද්දටය..


එයිනේ බීලා මෙතන...අර වීරේ උන්දැත් බලන්නෙපැයි..මැණිකා දෝණි එකක් ඉස්පිරිතාලේ මුන්දෑ මෙතන උගුඩුවා වගේ බොනවා...


අම්මා කීවේ එතරම් කෝපයෙන් නොවේ...අප්පච්චී මෙන්ම වීරේ මාමාද මත පුරුද්දක් කරගත්තවුන් නොවේ ..අම්මා එය හොඳින් දනී..


අම්මා මම ටිකක් නිදාගන්ටේ කියලා...උදැහැනැක්කේම යන්ට එපැයි..රාජකාරි එමටයි..අපේ අම්මා පිරිත් අහවර උනාම මට කතාකරන්න ..ඉස්පිරිතාලේත් ගිහින් යන්ටෝනේ...


මා එසේ කීවේ පිලේ වූ පැදුර මත නිදාගන්නා ගමන් ය.
__________________________________________


රෝහල් බිම බොහෝ නිස්කලංකය.අරලියා මල් සුවඳ රෝහල් බිම පුරා පැතිර ගොසිනි...බෙහෙත් ගඳ වසන්නට අරලියා සුවඳ මනා පිටුවහලක් වී තිබේ...


හදසයේ වාට්ටුව කොහේද ? මා අසල වු දෙද නිළදාරියෙකුගෙන් විමසුවේ සොයාගැනීමට බැරිම තැන ය..


 අර තියෙන්නේ'යි රෝහල් සේවකයා පෙන්වූ දෙසට මා ගමන් ගතිමි..ඉහල ලෑල්ල මත නොම්මර දහසය සනිටුවහන් කර තිබිනි...අතලොස්සක් වූ රෝගීන් අතර මලිති සොයා ගැනීම අසීරු නොවිනි...මලිති සිටි ඇඳ අසලම තරුණයෙකු විය..මනා දේහධාරී ඔහු සිටියේ මලිතිට ගෑවෙන නොගෑවෙන දුරිනි...බැලූ බැල්මට ඔහු වෛද්‍ය වරයෙකු නොවේ යැයි පැහැදිලිය...


මා සෙමෙන් මලිති වෙත ලඟවීමි...


මලිතිගේ දෑස් සුවිසල් විය.සුවිසල් දෑස් මතට කඳුළු එක් වූයේ හදිසියේ විවරකල සොරොව්වකින් දිය වේලි පුරවනවා සේය..


මගේ අයියා...'යි කියා මලිති අපහසුවෙන් ඇඳෙන් බැස මා අසලටම හැල්මේ එන්නට විය...


අනේ මගේ දෙයියෝ මං බලන්න ඇවිත්..අනේ සුමන සමන් දෙයියන්ට ස්තූතිවෙන්න මයේ මේ අත කැඩුනට කමක් නැහැ අයියා බලන්ට පුළුවන් උනානේ...මලිති එක හුස්මට කියවන්නේ දෑසේ කඳුළු පුරවගෙනය...


මලිතිගේ ඇඳ අසළ වූ තරුණයා යන්නට සැරසුනි...


මලිති මම ගිහින් එන්නම්..පොඩි වැඩ වගයක් තියනවා නුවර යනගමන් මම මේ මලිතියි අප්පච්චීයි බලලම යන්න කියලා හිතුවේ...එහෙනම් මම ගිහින් එන්නම්


ඔහු එසේ කියා යන්නට සැරසුනේ මා වෙතද මද සිනාවකින් සංග්‍රහ කරමිනි...


චුට්ටක් ඉන්ට මහත්තයා....මලිති එසේ කීවේ බොහෝ හැඟුම්බරව ය..
මහත්තයා මේ බණ්ඩාර අයියා...බණ්ඩාර අයියේ මේ මහත්තයා තමයි මාවයි අප්පච්චිවයි ස්පිරිතාලෙට ගෙනාවේ..


නියඟලා 15 කොටස


හිත තුල වු නිදහස නික්මගොස් තිබෙන සෙයකි...මලිති රෝහල් බිම යැයි නොබලාම මා පපුවට තුරුළුවී ගෙනමය...මා මලිති මෑත් කරන්නට  උත්සහ දැරුවේ නැත ..මලිති හඬයි සුසුම්ලයි
..මා සියල්ලට ඉඩදී බලා සිටියෙමි..


අයියේ මොනාහරි කතා කරන්න....මොකද මේ බිල්ලා වගේ
...
මලිති අහින්සකව සිනාසෙයි...


මා මලිතිගේ සුරත ගෙන සෙමින් පිරිමදින්නට විය...


සනීපයි.....මලිති එසේ කීවේ අඩවන් නෙතිනි...


හුඟාක් රිදෙනවද මලිති...


න් නැහැ දැන් අයියා ඉන්නවනේ දැන් රිදෙන්නෑ...


ගැහැනියක මෙතරම් අහින්සක විය හැකිද? මා මලිති තුලින් දුටුවේ සෑම දිනකදිම මේ අවිහින්සකත්වය පමනි...ඉන් ඔබ්බට මා මලිතිගෙන් කිසිවක් පැතුවේ නැත...


මා මලිතිගේ නලළත සිපගතිමි...


පවු මගේ මැණික මාත් එක්ක කතා කරන්න නෑවිත් හිටියනම් මේ වින්නැහිය වෙන්නෑ...


අයියා එහෙම කියන්නෙපා....මලිති කීවේ තව තවත් පපුවට තුරුළුවෙමිනි...


බොහෝ වේලාවක් මම මලිති හා පිළිසඳරේ යෙදුනෙමි..උදෑසන හයටත් කිට්ටුය...මලිති කෝ නැද්දා...


අම්මා උදේම ගෙදර ගියා අඳින්ට රෙදි මොකවත් අරන් එන්ටේ කියලා..අයියට හමුවුනේ නැතෙයි...


අනේ නැහැ මලිති...මට මුනගැසුන්නෑ...


මලිති මම ගිහින් එන්නම්...මට පරක්කු වෙනවා...උදේ වැඩට ඉන්නත් එපෑය..


අපේ මහත්තයගේ වාහනේ දෙන්නත් එපැයි...මහත්තයගේ ඩ්‍රයිවරුත් එලියේ ඉන්නවා..


අනේ මයේ මහත්තයෝ එක විනාඩියක් ඉඳලා යන්න.....න්..න්..නෑ..යන්න දළඳා හාමුදුරුවන්ගේ පිහිටින් ..සුමන සමන් දෙවියන්ගේ පිහිටින් යන්න...පරිස්සමට යන්න මගේ මහත්තයෝ....මට ඉන්ටේ කියන්න බැහැ රාජකාරියට ගිහින් තවම හරි දවසක්වත් උනායැ...


____________________________________


මා මලිතිගෙන් සමුගත්තේ දැඩි වේදනාවකිනි...මා මලිතිට මෙතරම් පෙම් කරන්නේ කුමක් නිසාදැයි මටම පැණයකි...සමහරවිට මලිති මා හට ප්‍රේමය දෙන තරමටම මා මලිතිටත් එය දෙනවා විය යුතුය..


සුමනදාස මාමා තවමත් තරමක බමන මතිනි...


සුමනදාස මාමාට අමාරුයි වගේ...මා එසේ කීවේ සුමනදාස මාමා ඉන්න තත්වය වටහාගනු පිණිසය...


අනේ නැහැ මහත්තයෝ..වෙනදාටත් වඩා හොඳයි..මහත්තයලෑ ගමේ ඉන්නේ මසුරං මිනිස්සු නොවැ...අන්න නියම මිනිස්සු ..පිටගං කාරයෙක් ගම්මානෙට එනවානම් ඔන්න ඔහොමයි සලකන්න ඹ්නේ..


සුමනදාස මාමාට අපේ ගම හොඳින් හිතට අල්ලලා වාගේය...


අරවින්ද මහත්තයා ලබන මාසේ නිවාඩුවට ගමේ යනකොට මමත් එන්නම්..අර හේනේ ගොයියා දැන් මගේ යස මිත්‍රයා...මට හේනේ ගොයියත් එක්ක ඉන්න බැරියැයි ටික දවසක්...


සුමනදාස මාමා ඔහේ දොඩවයි...මගේ හිත මලිති සමඟය...


අරවින්ද මහත්තයා ඔය ශීට් එක පහතට දාගෙන ටිකක් නිදාගන්න...දැන් ගිහින් රාජකාරි කරන්නත් එපෑය....මමනම් ගිහින් හොඳට නිදාගන්නවා..


සුමනදාස මාමා එසේ කියා නිමා වීමටත් ප්‍රථම මා නිදාගතිමි...මලිති නෙත් අතර අපූරු සිත්තම් අඳිමින් සිටී.....


නෙතට හොරා....
හද රාව නඟා
සොයයි නුඹ් රුව
හෙමින් සැරේ


නෙත කඳුළු ගලා
හිත කීතු ගසා
නුඔ කොහෙද සඳේ
මා ලඟද නැතේ....


හිත නැඟුනු සියුම් පද පේලි අතරින් නෙත නිදි සුව සොයා ගොසිනි.......

No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..