Showing posts with label මගේ කතා. Show all posts
Showing posts with label මගේ කතා. Show all posts

Wednesday, 28 December 2011

එන්න ලෙමන් ජින් බොන්න...









මහ පොළ අපේ ගමටත් සේන්දු වෙලා.....මතක විදිහට දෙදහස් හතරේ අවුරුද්දේ...යාන්තම් උසස් පෙළ කලා විතරයි..මහ පොළ බලන්න යන්නත් අතේ සල්ලි තියෙන්න එපැයි..පළවෙනි දවසේ හොරාට රිංගුවා ..හැමදාම මෙහෙම  කරන්න බැරි නිසා ටිකට් අරන්ම යන්න විදිහක් කල්පනා කර කර හිටියේ..දුකට සැපට ඉන්න රනිදුවා ලඟම හිටියත් හැමදාම අතේ පිච්චිය නැහැ..පිච්චිය තියා පිච්චිය දාන්න සාක්කුවක්වත් මිනිහට නැහැ..


ඔන්න ඉතින් දෙන්නට කල්පනාවට වැටුනා ගානක් කපා ගන්න කෙනෙක්...සල්ලි අතේ වරදින්නෙම නැති බොහෝම සිල්වත් කෙනෙක් තමයි මෙයා...වෙන කවුරුවත් නෙමෙයි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ..


ඔන්න ඉතින් නමෝ බුද්ධාය කියලා මංගැච්චුවා පන්සලට...


අනං මනං කතා නැතුව ඉල්ලිම ඉදිරිපත් කලා...පැරණි ණය වාර්ථා සේරම කියවලා ගනං හිලවු බලලා නැවත ලබා දීමේ පදනම මත රුපියල් දාහක් හාමුදුරුවෝ දුන්නා..


බයිසිකල් කටුවට පෙට්‍රල් රුපියල් දෙසියක ගහගෙන කෙලින්ම ගියේ නෝනා බාර් එකට(කළුතර ප්‍රසිද්ධම බාර් එක) මචං ලෙමන් ජින් එකක් ගමු....අතේ සතේ නැති උනාට උපදෙස් දෙන්නනම් මේකා දෙයියා...


හා හා ගමු ගමු..මමත් එක පයින් කැමති උනා...


අරගෙන එද්දි මතක් උනේ දාහයිනේ තිබුනේ..අඩුම ගානේ සෝඩා එකක්වත් ගත්තේ නැහැ..බයිට් එකට රුපියල් දහයක රටකජු ගොට්ටක් ගත්තා...


මචං යමු කැලිඩෝ එකට...ගිහින් ගහලා යමු මහපොළ බලන්න...උපදේශක දුන්නා අයිඩියා එකක්...


ලයිශන් වත් නැහැ..කළුතර පාළම් දෙක පන්නලා ඔන්න අපි කැලිඩෝ බීච් එකට සෙට් උනා...


අපරාදේ කියන්න බැහැ බොන්නම හදාපු ස්පොට් එක...


බයිසිකලේ නවත්තලා වැලි පොළව දිගේ වැටකෙයියා පඳුරක් වට වාඩි උනා...හප්පට සිරි කෝ අරක්කු බොන්න වීදුරුවක්...වට පිටාවේ විපරම් කෙරුවත් අන්තිමට හොඳට වැලිවලින් මැදිච්ච පොල් කටුවක් විතරයි හම්බ වුනේ..මොනවා කරන්නද මේකෙවත් බොමු කියලා දෙන්නා වාඩි වෙලා බොතලේ කඩලා වැඩේ ස්ටාර්ට් කලා... එක ශොට් එකකට එක රටකජු පලුවයි...අපි එහෙම ගිවිසගෙන වැඩේ කරගෙන ගියා....


යාන්තම් අමාරුවෙන් තුන් කාලක් දෙන්නා බිව්වා....දැන්නම් හොඳ පදං...ඔහොම ඉන්නකොට මෙන්න රනිදුවා කියපිය මචං මට ටොයිලට් යන්න උවමනාවක් තියනවා කියලා...


අවසර ගන්න දෙයක් නැහැ අර තියෙන්නේ නියම පොට් එකක් ජල පහසුකමත් නොමිලේම තියනවා...මම එහෙම කියලා පෙන්නුවා මුහුද...මෙන්න පොරත් වරම් ගත්තා වගේ දුවලා ගියා රාජකාරිය කරන්න..


විනාඩි දෙක තුනකින් මෙන්න මිනිහා එනවා අම්මබානෙකට නාගෙන..


මචං රැල්ලක් ගැහුවා ඔළුවටත් උඩින්..මම බොහොම අමාරුවෙන් ගැලවුනේ.....මිනිහා කිව්වේ ඔලිම්පික් පිහිනුම් තරඟෙට ගිහින් රන් පදක්කම ගෙනාවා වගේ..


හරි මගුලයි දැන් කොහොමද යකෝ මහපොළ බලන්න යන්නේ ..උඹ දියකාවා වගේනේ....


නෑ බං අපි හෙට යමු...අද මේක ගහලා යමු..එහෙම කියලා මූ තව ලෙමන් ජින් පොල්කටුවක් වක්කරගත්තා...


මමත් මූට දෙවනි නොවී කට කපලා දෙකක් දාගත්තා....දැන් නම් දෙන්නට බඹර පහස...මුලු ලෝකෙම හයිස්පීඩ් කැරකෙනවා...ට්‍රැෆික් පොල්ස් කාරයෙක් දැක්කොත් ලෝකේ කරකවන එකාටත් දඩ කොළයක් කඩනවා...


මචං....යමු ගෙදර....රනිදුවා දන ගහලා...


උඹේ ගෙදරද අපේ ගෙදරද?


අපේ ගෙදර ගියොත් මම ඉවරයි...උඹලෑ ගෙදර ගියොත් අපි දෙන්නම ඉවරයි...වෙන කොහේ හරි යමං...


හොඳම සිද්ධි ටික හෙට බලමු.......ඔන්න අමතක කරන්න එපා....රසම හරිය හෙට......

Saturday, 24 December 2011

ලූණු හාදුව...

හැමදාම කාපු කටු,ටකරං,තහඩු අතරට එකතු වෙච්ච පරණ ස්ටෝරි එකක් මේක...නත්තලට පහුවෙනිදාක වෙච්ච නිසා අදම මේක ලියන්න ඹ්නේ කියලා හිතුනා...

සිද්ධිය උනේ 2010 වගේ මතක මම පොඩි එකා එතකොට...නත්තලට චූ වලින් හෝදපු ඇඳුම් ටිකත් හෝදලා දාලා එහෙම චුට්ට




ක් නිදාගන්න කියලා රෙඩි උනා...මල මඟුලයි රෙදි හෝදන්න ගිය අතර කෝල්ස් එකසිය ගානට ඇවිත්...බැලුවා...වැඩේ හරිම තමයි...උදේ පාන්දරම අමුතු උද්දාමයකින් පිරිලා ගියා...

හා හා පුරා කියලා කුළුඳුලේ දහ වෙනියට ෆෝන් එකෙන් සැට් වෙච්ච කෑලි පැටික්කි...අද එන්නලු හම්බ වෙන්න...

අතේ සතේ නැහැ මම හිතන්නේ...නෑ ..නෑ ..සර්ෆක්සල් වල ඉතිරි හැටක් තිබුනා...දහයේ කොළ පහයි පහේ දෙකයි...
මේ මැදැයි පවුලක් කන්න උනත්....මමත් දඩි බිඩි ගාලා ලක ලෑස්ති උනා...

ගෑනු දැරිවි එන්න කිව්වේ පානදුරේට..බස් එකට නමයයි...යන්නය් එන්නයි දහ අටයි..හරි තව හතලිස් දෙකක් ඉතිරියි..මේ ප්‍රතිපත්ති නැත්තම් මගේ රාජ්ජ්ජේ මෙලහකටත් බංකොලොත්...

ලෑස්ති වෙලා නිකං මොකාද එකා වගේ හැඩට පාරට සෙට් උනා..




මේ දැරිවිව දකින පළවෙනි දවස අද...ෆෝන් එකෙන් මල් කඩලා පැන් ඉහලා පූජා කලාට අද තමයි නේත්‍රා මංගල්ලේ...

නම මලීෂා කියලා තිබුනු නිසා විස්කි බෝතලේ වගේ ඇති කියලා හිතුනා..(ෂා අගට තිබුනොත් චා ම තමයි)

කොහොමෙන් කොහොමෙන් හරි බස් රථයේ දොස්තර මහත්තයට කෑල්ලක් සෙට් වෙලාද කොහේද..ටිකට් කඩන්නත් සිහියක් නැහැ..

යාන්තම් රුපියල් නමයක් ඉතිරිකරන් පාණදුරේට සැපත් උනාය කියමුකෝ...එන්න කිව්වේ ගෑනු දැරිවි මුචලින්ද දරනෙ ලඟට

කෑල්ල කිව්වෙම නැහැනේ ඇඳන් එන ඇඳුමේ පාට...මම ඉතින් කියලා දැම්මා මගේ වස්ත්‍රාබරන වල විස්තර..

විනාඩි දෙකක් ගියේ නැහැ මෙන්න කෙල්ල මෙතන...මුචලින්ද මාව දරනේ ගහගන්න මම හෙමින් මුචලින්ද දිහා බලලා කීවා

අප්පට සිරි පෙරිය භාන්ඩේ...බර වාහන තියා සැහැල්ලු වාහනයක්වත් පැදලා නැති මට මෙන්න ටෙන් වීල් ලොරියක්...(වාහනේකට කියලා පැදලා තියෙන්නේ අර විල් බැරැක්කේ විතරයි...)

ඔයා හුඟක් වෙලාද ඇවිත්...මෙන්න මෙයා ප්‍රශ්න පත්තරේ කොමසාරිස්ගෙන් කලින්ම ඉල්ලගෙන ඇවිත්..
"ඔයා මලීෂා ද?"

සැක බිය දුරු කරගන්න කියලා ඇහුවට සිරාවටම ඇහුවේ මේකිට මේ නම කොහෙන්ද කියලා..

මේකිටනේ මම දැරිවි කිව්වේ..මේකි රිලවි.....
බර කිලෝ සීයට ග්‍රෑම් පනහක් විතර අඩු ඇති...
උස අඩි පහකි විතර වෙන්නෝන...

මූන හරිම සුන්දරයි..ගුණේ අයියට කොන්ත්‍රාත් දුන්නත් මූනේ තියන වලවල් වහන්න අඩුම කරමේ සතියක් යනවා...ඊට පස්සේ ටින්කරින් බාස් කෙනෙක්ට දීලා ටිංකරින් කරලා පේන්ට් කරලා ගන්න අඩුම තරමේ ලක්ෂ දෙක තුනක්වත් නැතුව බැහැ...

මොනවා නැතත් ඩෙනිමක්නම් දාගෙන හිටියා සුපිරි..මට අහන්නම හිතුනා කොහොමද ඹ්ක කකුල් දෙකට බස්සගත්තේ කියලා..

මොනවා නැතත් සුවඳේ බැහැ හැරෙන හැරෙන පැත්ත එක එක සුවඳ....අර මොකක්ද මාලා ගන්ධ විලේපන ඔක්කෝම මතක් උනා...

"ඔයා මොකද කතා කරන්නැත්තේ..මම ඊයේ දවල් කතා කරපු නැති නිසාද..."

මෙන්න මෙයා ප්‍රශ්නයි උත්තරයි දෙකම දෙනවා..
මමත් ලාවට හිනා උනා..

බඩ කපාගෙන..ගඟට පැනලා රේල් පාරට බෙල්ල තියලා එල්ලිලා මැරෙන්න හිතිලා තිබුනේ..ලැජ්ජාවේ බැහැ හැමෝම සර්කස් පැසිපියා වැටුනොත් ලෙලි ගියා වගේ බලං ඉන්නවා..

"අපි කොහේට හරි ගිහින් කතා කරමු..." 
මම බැරිම තැන කිවිවේ ලැජ්ජාව උන්ඩ්ක පුච්චෙටම දැනුනු නිසා..

"අපි බීච් යං..."
"හා හා කොහේ හරි යං...."

ත්‍රීවිල් එකකව මෙයාම ඉස්සරවෙලා ගොඩ උනා...

"මගේ ලඟ මාරු සල්ලි නැහැ...."
මම කිවිවේ රුපියලි තිහ ත්‍රීවිල් එකට දුන්නොත් මල මගුලක් වෙන නිසා..

මෙන්න මේකි පැනලා දුන්නා පන්සීයක්..

ඉතිරියත් අරන් හෙමිහිට බීච් එකේ අර ගල් ගොඩ ගහලා තිබුනු තැනකට සෙට් උනා.

අනේ කකුලුවෝ හැම තැනම ගුල් හදන් හැංගෙනවා..මට දැනුයි හේතුව වැටහුනේ...අනේ මමත් කකුලුවෙක්වත් උනානම් ....!!!

මහ විසාල කළුගලකට අපි දෙන්නා මුවා උනා..මේ දැරිවිත් මගේ ලඟම වාඩිවෙලා ඇඟටත් හේත්තු උනා...
"අනේ මොනාහරි කතා කරන්නකෝ..."

මේකි ඇඹරෙන්නේ නිකං මාස දෙක තුනකින් වැසිකිලියක් දැකපු නැති බඩ සුද්දවෙන්න බෙහෙත් බීපු ගෑනු දැරිවියක් වගේ

"තූ නොදෝකින් නාකි සමයන්..."මම මටම කියා ගත්තා...
"මෙහෙට එන්නකෝ මූන චුට්ටක් බලන්න" 

කියලා මේකි මගේ මූන හරවපු ගමන්ම දුන්නෙ නැතෑ කිස් එකක් නහය ලඟටම..
අප්පට සිරි මුලු ලෝකෙම නැවතුනා .
.හාත්පස කලුගල් හැකිලුනා..මම මඤ්ඤං උනා..
මේකි උදේම රතුළූනු ,සුදුළූනු,රට ළූනු කවලම් කරලා හදපු මොකක් හරි මඟුලක් කාලා ගන්දස්සාරේ බැහැ..

උදේ බීපු ප්ලේන්ටිය මෙන්න කටටම ඇවිත්...මගේ බඩ බොර බොර ගාන්න අරගෙන නිකං අර මොකක්ද වගේ...
"අනේ මලීෂා මට ටොයිලට් යන්න ඹ්නේ විනාඩියෙන් එන්නම්".
 කියලා දිවිවාදිවිල්ලක්,ගම්සභා,නඟරසභා,පලාත්සභා,ඔක්කෝම පහුකරලා ...

දැන් හති මෙන්න ත්‍රීවිල් එකක් එනවා දැම්මා අත...මේ අර කලින් එකාමයි..

"මල්ලි මාරු සල්ලි නැත්නම් නඟින්න එපා.."මිනිහා නවත්තන්න කලින්ම කිව්වා..

"නෑ අයියා තියනවා..මාව ටවුන් එකට දාන්න..."

පාණදුරේ ටවුමෙන් බැස්සගමන්ම මමබස් එකට සල්ලි තියාගන මිනිහට දුන්නා ඉතිරි ඔක්කෝම..

දුවලා ගිහින් නැග්ගා බස් එකට. කෙලින්ම ගෙදර...
අනේ අම්මෝ තාම අර ගඳ නැස් පුඩු අතර....

අරකි තාම අර ගල යට වෙන්නැති..

බස් එකෙන් බහිද්දිම ෆෝන්  එකේ සිමි එක ගලවලා කටේ දාලා දෙතුන් පාරක් හපලා තූ නොදෝකින් කියලා වීසි කරලා දැම්මා...
.

නත්තල් තෑග්ග....

නත්තල..වෙනදා වගේම මෙදා පාරත් මෙන්න ගේ දොරකඩම..!! ගියපාර නත්තල...නත්තල කිවුවහම ඉතින් හුඟාක් අයට වගේම අපේ ලොකු පොඩි අයියලා මල්ලිලාට මතක් වෙන්නේ අර ලස්සනට හැඩ කරපු නත්තල් ගහනේ..නේද?...අනේ පලයං බොරු නොකියා..ගේ ඉස්සරහා බූරු පොලයි,ගල් බෝතලයයි......

සූදුපොළ නම් අවුලක් නැහැ නත්තලට පොලීසිය එන එකක් යෑ.මුලින් සූදු පොලට සෙටි වෙලා පස්සේ මල්ලිලාගේ ගෙවල් පැත්තේ එන්නං කියාගෙන ප්‍රසන්න අයියත් බූරු පොළ දිහාට ගියේ ගානක් සෙට් කර ගන්න වගේ...

මේ ගිය අවුරුද්දේ නත්තලට වෙච්ච සිද්ධියක්...මිනිහා නමින් ප්‍රසන්න කියමුකෝ....රෑ දොළහා විතර වෙනකල් අපේ සෙට් එක බොනවා...බොනවා කිවිවට බීලා වැටිලත් ඉවරයි සමහර අය..ඔන්න ඉතින් අපේ කතා නායකයා ප්‍රසන්න අයියත් එනවා අතේ තුට්ටුව බූරු පලට දීලා...

මල්ලි කොහොමද කියලා අහගෙනම මිනිහත් සළු උනා...

වැඩක් නැ කියලා මිනිහා බොන්න සෙටි උනහම ඉතින් බයිටුයි සැන්ඩියි ඉතිරියි..පට්ට අමුවෙම තමයි වැඩ..කම්මැලි කමකුත් නැහැ සද්දෙට සින්දුවකුත් කියනවා...

රෑ දෙක විතර වෙද්දි අපේ සෙට් එක ගෙවල් වලට මාරු උනා..

මෙන්න යකෝ ප්‍රසන්නයියා ගහක් බදාගෙන කබරයා දානවා..කබරයා දාන සද්දෙට කබරයෝ නෙමෙයි අර ක්‍රොකඩයිල් ෆිල්ම් එකේ ඉන්න කිඹුලවත් අඑල ගම් හතකටවත් එන්නෑ කියලානම් ශුවර්...

අනේ ම් ..මල්ලි ම්...ම් මට අමාරුයි....ටිකක් නිදාග්.....ග....න්න.....දීපා.......ං කියපු ගමන් වෙස්සන්තරගේ පරම්පරාවෙන් අපේ පවුල පැවතෙන නිසා එක්කගෙන ගිහින් මගේ සයනෙම දුන්නා...

පොර සයනගත වෙන්නත් කලින්ම සැපට නිදි....මම ඉතින් අර මොනාද කාපු බළලා වගේ සැටියේ සැතපුනා...

හීන තුන හතරක් එක්ක ඔන්න එළි වෙලා..මේ යකා තාම නිදි සනීපෙට

හප්පට සිරි කාමරේ මූත්රා ගන්දස්සාරේ බැහැ...පොර වැඩේ දීලම තමයි ..මට අසූ හාර දහස් විසිපහට මළ...

ප්‍රසන්නයියේ තමුසේ කාමරේ චූ දැම්මද ඹ්යි...

මම දෙතුන් පාරක් සාවදානව විමසුවා ....ඔන්න මිනිහා යන්තම් ඔළුව ඉස්සුවා..

මොන පිස්සුද මල්ලි..මට කාමරේ චූ දාන්න තරම් වෙරි කියලා හිතුවද?

මේ ගඳේ බැහැ ...එහෙනම් කොහේටද දැම්මේ....මට නේද? හිතින් මුගේ හතර වරිගයම නිවන් යැවුවා...

මම දොර එහාට කරලා චූ පාරක් දැම්මා...ප්‍රසන්න අයියා කිව්වේ හරිම සැහැල්ලුවෙන් මේ දැන් දැම්මා වගේ..

ම්..මොන දොරද?....කොහේද මේකේ දොරවල්...

මේ තියෙන්නේ මොන මඟුලක්ද කියලා පෙන්නුවේ නැතෑ අල්මාරියේ දොර...

විනාසයි..!.....විනාසයි...!! පොර දිලා වැඩේ අල්මාරිය අස්සටම යන්න....

සමහර රෙදි තාම චූ ඟඳයි..බූරු ගහලා පැරදිලා සාක්කුවේ ඉතිරිවෙලි තිබුනු රුපියල් සීය මට දීලා..අනේ සමාවෙයන් මල්ලියේ සර්පෙක්සල් පැකට් එකක් අරන් හෝදගනින් කියපු මිනිහව මම දැක්කේ හරියටම අවුරුද්දකට පස්සේ..

අනේ අම්මපා මගේ නත්තල....තාම චූ ගඳ එනවා.... .