Thursday 9 February 2012

මගේ මරණය....









පාන්දර හතරටත් කලින් මට එළියට යන්න හිතුනේ මොකද කියලා මටම හිතාගන්න බැහැ...සීතල ඕනෑවටත් වැඩිය සිරුර වෙලාගෙන..මෝටර් රථයට ගොඩ වුනේ කට කට ගාලා ගැහෙනවත් එක්ක...මම කොහොමත් කැමති වාහනේ වේගය උපරිම මට්ටමින් තියනවට...මම ඒක නිතරම පවත්වාගෙන ගියේ මම ගැන තරමක උජාරුවකිනුත් එක්ක...අතුරුපාරකින් ප්‍රධාන පාරට එකතු වෙද්දි වාහනය තිරිංගත් සමඟ තරමක් ඇදිලා යන විදිහට තමයි වංගු වලදි මම ක්‍රියා කරන්නේ සමහර විට ඒක තරුණ කම වෙන්නැති...නැත්නම් ආයතනයෙන් නොමිලේ ලැබුණු වාහනය නිසා වෙන්න ඇති...

අදත් පුරුදු විදිහට වාහනය ගේ ඉස්සරහා අතුරුපාරෙන් ප්‍රධාන පාරට එකතු කලා විතරයි....හිතන්නවත් වෙලාවක් තිබුනේ නැහැ..වේගයෙන් ආපු මහ විසාල ලොරිය නැවතුනේ මගේ මෝටර් රියේ වැදිලා ඊටම අමුනගෙන තරමක දුරක් විදුලි කණු කිහිපයකුත් කඩාගෙන ගිහින් තාප්පයකුත් කඩාගෙනයි ...

හරිම පුදුමයක් මට මාවම පේනවා....මට මේක අදහා ගන්නත් බැරි උනා....මගේ හිස් කබල කොටස් කිහිපයකට කැඩිලා...අසුන් පටි නොපැළඳ සිටි මට එහෙම උනු එකත් පුදුමයක් නෙමෙයි..එයාර් බෑග් ක්‍රියාත්මක වෙලා තිබුනත් ලොරියේ ඉදිරිපස කොටසෙත් හිස් කබලේ කොටස් තිබුනා..තාප්පයේ හෝ විදුලි කණුවේ කම්බියක් නළල පසාරුකරගෙන අර කැඩිච්ච හිස් කබල අතරින් ගිහින්....මම මැරිලද ?මම මගෙන්ම විමසුවා...වෙන්නැති හිත කිව්වේ එහෙම...






මගේ කකුලක් තිබුනේ සුනුවිසුනු වෙලා...මටම හිතුනා මේ තත්වෙන් ජීවත් නොවුනු එක හොඳයි කියලා.....

පාන්දර නිසා මිනිස්සු අදාල ස්ථානයට එන්න තරමක් වෙලා ගියා..

පොලීසිය,වෛද්‍ය කණ්ඩායම් ආවේ මහත් වේගයකින්...ලොරියේ රියදුරා හිටියේ බිරාන්ත වෙලා..

පොලීසියත් අනිත් අයත් විශාල වෙහෙසක් දරා සිරුරු කොටස් ඉවත් කලා...

අම්මෝ...මේ මමද?....මම මගෙන්ම විමසුවා...

එක්වරම මාව යම් දිසාවකට ඇඳගෙන යනවා වගේ දැනුනා...මට මේ තත්වය හුරු නැති නිසා මමත් ඔහේ යන්න ඉඩදීලා බලාගෙන හිටියා....

මහා විසාල ශාලාවක්...කිසිම දෙයක් නැහැ...දුරම දුර යාන්තමින් එළිය එන කවුළු කිහිපයක් තිබුනා..මම ඒ එළිය තිබුනු දිශාවකට ගමන් කලා...

ඔහොම නවතිනවා...ඒක මහ දරුණු අණ කිරීමක්....

කිසිවෙකුත් පේන්න නොහිටියත් හිත තද බියකින් වෙළුනා......

මම නැවතුනා....

තමුන් ඔය කොහේද යන්නේ.......

ආගන්තුකයා විමසුවේ එවර තරමක් සංසුන් ලෙසට...

දන්නෑ.....මම පිළිතුරු දුන්නේ අසංවරව කැඩුනු අකුරු එකතු කර....

ගන්ධබ්බයා...දැන් තමුන් ගන්ධබ්බයෙක්....මැරිලා ආත්මයක් හොයන මිනිහෙක්....මේ හැම දේටම කලින් ගෙදර යනවා...දෙන පින් ගන්නවා...

ආගන්තුකයා කීවේ නිවුනු හඞිනි...

මම කොහොමද යන්නේ...

මම විමසුවේ සැබවින්ම නොදන්නා බැවිනි...

හිතන්න හිතන තැනට යාවි....පින් තියනවානම් හොඳ වාසස්ථනයක් ලැබේවි...

මා දෑස් වසා නිවස ගැන සිහි කලෙමි..

සැනකින් මා නිවසේ මිදුලේ නැවතීමි...

නිවස පුරා බොහෝ අය එක් රැස්ව සිටි අතර මාගේ මිතුරන් විශාල පිරිසක්ද විය..

අනේ පවු බං අහින්සකයා...මිතුරන් එලෙස කියනවා මා පළමු වර ඇසුවේ එදාය...

මිතුරන් හඬයි වැලපෙයි..මවුපිය පාර්ශවවල  සියල්ල එකතු වී තිබේ..

සිරුර නිවසට රැගෙන එන විට රාත්‍රී දහයද පසුවී තිබින....අඳෝනා බොහෝ වැඩිවිය..

සංවිධායක කමිටුවක්ද පත්ව සිටි අතර හිතවත් හාමුදුරුවරු කිහිප දෙනෙක් එහි පෙරමුන ගෙන තිබිනි...

රාත්‍රී දෙළහා පමන වනවිට සිටි පිරිස ඉතා විශාල විය..ඒ අතර පහල වත්තේ සිරිපාල මාමාද විය ...අපි බූරු පිටියක් දාමු....ඔහුගේ බසට බොහෝ දෙනා කීකරු විය.....සීයට තිහක් තොන් ගමු..තවකෙක් යෝජනා කල හෙයින් එයද සම්මත විය..

මාගේ කාර්‍යාලීය මිතුරන් කිහිප දෙනෙකු දුක තුරන් කරගන්නට මගේ කාමරයේම මදුවිත සූදානම්කර තිබේ...මා ගිජුව එදෙස බැලූවෙමි......

අල්ලපු ගමේ සෝමා අක්කා සංග්‍රහ කටයුතු භාරගෙන තිබේ..හොරෙන් ඉඳහිට තාප්පයෙන් එහා පැත්තට සීනි..තේ කොළ විසිකරනවා මා බලා සිටියේ විමතියෙනි...මා තාප්පයේ අනෙක් අන්තය බැලීමි..

අහ්....සෝමක්කගේ කෙල්ල එහා පැත්තේ.....මේ දෙන්නා අපූරු නාඩගමක් පටන් අරන්...මම සිනාසුනෙමි


අම්මා හා පවුලේ ඥාතීහු කිහිප දෙනෙකු පමනක් හෘදයාංගමව දුක් වූ බවක් පෙනින...අයියා අයියාගේ බිරිඳ සමඟ මට හිමි ඉඩම ඔවුන්ට අයත් බව පවසා එය ඔවුන්ගේ ඉඩමටම ඈඳවා තාප්පයක් බඳින අයුරු කතිකා කරමින් සිටියේ දැඩි අද්දාමයෙනි..

අක්කා මස්සිනා සමඟ සාකච්චා කලේ අම්මාව මැදිහත් කොටගෙන රක්ෂණ වන්දි මුදල ගැනීම පිළිඹඳවය...


එහි විශාල මුදලක් වන බවත් ඉන් මෝටර් රියක් මිලදි ගන්නා අයුරුත් ඔවුන්ගේ කතාවල විය...

මේ සැම අතර තුර බූරු පිටිය ඉහල මට්ටමින් පැවතිනි..දහසේ මොණර කොළ එහෙමෙහෙ ගියේ ක්ෂණයකිනි....

මාගේ මිතුරන් දැන් පඳමට බමන මතිනි..මළ ගෙදරට පැමිනි සියල්ල අතරේ ලොකු මාමාගේ දුව මගේ මිතුරෙකුට ඉඟි බිඟි පායි..කවුරුන් හෝ දුටු පමණකින් දැසේ කඳුළු පුරව ගන්නා ඇය දැඩි ශෝකි බවක් මුවින් පල කරයි...

මේ විගඩම් මා මල පසුම සිදුවීම පිළිඹදව මම අතිශය සතුටු වීමි....සැබවින්ම මා මියයාම පිළඹඳව මා අසීමිතව සතුටුවීමි.....මළගෙයද අවසන දානය හා බණද අවසන් වන තෙක් මා සිටියේ මේ නිවසේ දැඩි අප්‍රසන්න භාවයෙනි...

කලකිරීම හිතේ තදින්ම සනිටුවහන්ව තිබුනි...මේ ජීවිතේ මළ පෙරේතයෙකුටවත් ඉන්න හොඳ තැනක් නෙමෙයි...මා මටම කියා ගතිමි..

යලිත් මා සුපුරුදු ශාලාවට ගියෙමි...

ඉහත කී හඬ යලිත් මා ඇමතීය...

තමුන්ට ආයෙත් මනුස්ස ලෝකෙට ඉක්මනින් යන්න පින් ලැබිලා....ඔහු කීවේ සැහැල්ලුවෙන්...

මනුස්ස ලෝකෙට....අනේ මට එපා...පින් සිද්දවෙයි අපායට හරි ...වෙන ඕන තැනකට යවන්න ....මම බැගෑපත් වුනෙමි.....


23 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Replies
    1. හරි හිනා නේද ...?කතාව ලියලා තියෙන විදිය ලස්සන උනාට .එකේ තියෙන දේට නම් මම කැමති නෑ...

      Delete
  3. හොඳ උපහාස කථා රචකයෙක් ඔබ තුල ඉන්නවා ලියන්න දිගටම සුබ පැතුම්

    ReplyDelete
  4. හිකිස්...හොද කතාවක්...

    ReplyDelete
  5. විශිෂ්ඨ නිර්මාණයක්.. !! සුබ පැතුම් මිත්‍රයා...

    ReplyDelete
  6. උපහාසාත්මක උනත් තිත්ත ඇත්තක්...

    ReplyDelete
  7. මුල් ටිකේදි පුදුමයක් අවසාන ටිකේ හීන් හිනාවකුත් කතාව කියල ඉවරුනාම අපේ ඇයෝ ගැන අමුතු හැඟීමක් ඇතිවුනා.කියපු සියල්ල සත්‍යයි.

    ලිවීමේ හැකියවනම් උපරිමයෙන්ම තියෙනවා.උඹ කියනවා වගේ වෙනස් තේමාවකින් ලියවුනු කතාවක්.

    ReplyDelete
    Replies
    1. tx මචං මේ වගේ කමෙන්ට්ස් නිසා තමයි හිතට දිරි එන්නේ ලියන්න..

      Delete
  8. අපේ මහප්පටත් මෙහෙම හිතෙන්න ඇති.....

    ReplyDelete
  9. මට මතක් වුනේ කෙටි කතාවක් ඒත් මට ඒකේ නම මතක නෑ මේ වගේම ගන්ධබ්බ කේස් එකක් ගැන ලියලා තිබුනේ ලංකාවේ හොඳම රචකයෙක්....ම්ම් දුප්පතුන් නැති ලෝකය කියන පොතේද මන්දා මතක් වුනොත් ආයෙම ඇවිල්ලා කියලා යන්නම්කෝ....ලියපු විදිය හරි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගැමියට ස්තූතියි මේ ඉසවුවේ කරක් ගැහුවට...හැම බ්ලොක් එකටම ඇවිත් කමෙන්ට්ස් කරන්න බැරි උනාට මගේ හිත ගත්තු තවත් කෙනෙක්තමයි ගැමියා.....tx machoooooooooooooo

      Delete
  10. අනේ අපොයි ... මුළදී ඇඟ හිරි වැටුනා අන්තිමට අන්තිමට හිනා.... නියමයි සහෝදරයා මේක තමා යථාර්තය.

    ReplyDelete
    Replies
    1. කාව්‍යා...හැම ජීවිතයකම මෙහෙම කඩතොළු තියනවා...එහෙම දේවල් හැම විටම පේන්නෑ..

      Delete
  11. වෙනස් සිතිවිල්ලකින් ලියල. ලස්සනයි.

    මමනෙ මේ බ්ලොග් එකේ 50 වෙනිය සම්පූර්න කරල තියෙන්නෙ...හ්ම්..මට ජයවේවා!!!හික්..හික්...

    ReplyDelete
  12. සිහින මතකයන් අළුත් කරලා පනස් වැනියට මාත් එක්ක එකතු උනාට ස්තූතියි..

    ReplyDelete
  13. මේ අනාගතය දැක්ක හැටිද ඔයා?

    ReplyDelete
  14. මම ඔයාව අදයි දැක්‍‍‍‍‍ක, අහම‍‍බෙනේ
    නිර්මාණය විශිෂ්ඨයි. ඔබට ‍හොද න්ර්මාන ශක්තියක් තියනවා.
    ඔබ ‍මෙම අන්තර්ගතය පරිශීලනය කරනවද?
    hypnoticlanka.blogspot.com

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..