Saturday 25 February 2012

අතුරු මිතුරු...(ප්‍රවේශමෙන් පරිහරනය කරන්න)




ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්ද? බැහැ..අපි බැඳලා..බැඳීම්වල හිරවෙලා..සමහර විට හුස්ම ගන්නවා හැරෙන්න අපිට ජීවිතයක් නැතුව ඇති..ඉපදුනාම ටික කාලයක් ජීවත් වෙලා මැරිලා ගියහම ජීවිතේ සම්පූර්ණයි කියලා අපි හිතනවා..යථාර්තය ඊට වඩා හුඟාක් වෙනස්..එහෙමත් නැත්නම් අපි තරමක් දුරකට වෙනස් කරලා ..මේ එහෙම කතාවක් සිදුවුනේ කාටද කියලා අහන්න එපා නමුත් අඩංගු දේ වැදගත් වේවි..

ආදරය හැමදාම යන්නේ විරාගයට සමානුපාතික මාර්ගයක...මම එහෙම කිව්වහම ඔයාලා කියයි එහෙමම වෙන්නෑ කියලා..අපිට යාළුවෝ ඕනෑ තරම් ඉන්නවා හැබැයි මේ යාළුවන්ගෙන් හිතවත්තු ඉන්නේ බොහෝම ටිකයි..

අපි සමහර යාළුවෝ ජීවිතේ හුඟාක්ම ලං උනාම බැඳීම් වැඩි උනාම නම් දෙන්න උත්සහා කරනවා..අයියා..අක්කා..නංගි කියනවාට අමතරට අපේ කියන විශ්ෂණ නාමයත් එකතු කරනවා..මේ මගේ මිතුරා (නම කිව නොහැකි) තම පෙම්වතියට හදුන්වලා දෙනවා තමන් බොහෝ ලෙංගතු තමාගේම සහෝදරිය යැයි කියාගත් කාන්තාවක්..මේ තැනැත්තියත් ඉන්නේ විදේශයක අර මම නම නොකියපු මගේ යහළුවාගේ පෙම්වතිය ඉන්නෙත් විදේශයක ..

ටික දවසක් යද්දි අර මිතුරාගේ පෙම්වතියයි මිතුරාගේ මිතුරියයි දැඩි මිතුරියන් වෙනවා..

මගේ මිතුරා ජීවිතයේ බොහෝ දැ අර මිතුරිය සමඟ කියා තිබෙනවා..(ඔවුන් ලඟම පවුල් ඥතීන් ලෙස ඇසුරුකර තිබේ)පෙම්වතිය සමඟ අඩ දබර වීම් පවා මොහු තම මිතුරිය සමඟ කයා තිබෙනවා.......

ටික දිනකට ඉහත සිට තම පෙම්වතියගේ බොහෝ පෙර නොදුටු චර්යාවත් මගේ මිතුරා දකිනවා...පෙම්වතිය නිතර හැසිරෙන්නේ දැඩි නොරිස්සුම් සහගත බවකින්...

නිතර කතාකිරීමටත් සමීපව සිටීමටත් මගේ මිතුරාගේ පෙම්වතිය දැඩි අකමැත්තක් දැක්වීමත් එක්ක මගේ මිතුරා කරුණු කාරනා සොයා බලලා..

අවාසනාවට ඔහුට හමුවෙනවා තම මිතුරිය තම පෙම්වතියට එවන ලද ලිපි කිහිපයක්..එහි අන්තර්ගතය දකින මිතුරා සිහිසුන් නොවී සිටියානම් පුදුමයක්..

ඔහු තමාට නොගැලපෙන බවද..මෙය විවාහයක් දක්වා කිසිදු දිනයක දුර ගෙන නොයන ලෙසද...තමාට කි බව කියවෙන කේලම් විශාල ප්‍රමාණයක්ද එහි අන්තර්ගතවී තිබුනා..

කරුණු කාරනා වටහාගත් මා මිතුරා වහාම ඊට අදාල පියවර ගනු ලැබුවා...නමුත් දැන් ඔවුන්ගේ සඹඳතාවට තිබෙන්නේ දැඩි අවදානම් සහගත තැනකයි...

බලන්න ජීවිතයට අහම්බෙන් පැමින මිතුරන් වි පසුව පවුලේ සාමාජිකයන් වී ජීවිත වලට කරන බලපෑම්...මේ සමාජ ජාලවලින් අපිට හැම විටම සැබෑ පුත්ගලයින් දැනහඳුන ගන්න ලැබෙන්නේ නැහැ..කපටි ,මානසික රෝගි, තම ඉටු මනාපකම් ඉෂ්ඨ සිද්ධ කරගන්න ඕනෑම දෙයක් කරගන්න සූදානම් පිරිසකුයි වැඩිපුර  මෙතන ගැවසෙන්නේ...

මගේ මිතුරා දැන් පසුවන්නේ දැඩි කලකිරීමකින්...දැඩි අපහසුවකින්..මේ හැම දෙයක්ම ඔහු කීවේ දැඩි වේදනාවෙන්...

ඔහු අවසානෙදි මෙහෙම කිව්වා..."මචං තරහා කාරයෙක් හරි අඳුනන්නැති එකෙක් හරි මේක කිව්වනම් කමක් නෑ..බලපං අර උදේ හවස මල්ලී මල්ලී කිය කිය ඉන්න එකී කරපු හරිය"

බලන්න ජීවිත වලට ආගන්තුකයෝ කරන විනාස..අපි හැමතිස්සෙම අපේ ජීවිතවලට සම්බන්ධ කරගනිද්දි වෙනකෙක් අපි නිතරම දෙපාරක් හිතන්න ඕන..නැත්නම් අනිසි බලපැම අපේ ජීවිත වලටම තමයි..

පරිස්සමින්....

9 comments:

  1. sahathika aththa !
    mekata liyanna thiyena mage athdakeem liyann syber awakashayath thawath tikak oone wei !

    ReplyDelete
  2. හැම කෙනෙක්වම අතේ දුරින් තියා ගත්තම ඉවරයි.. විශේෂයෙන් දෙන්න දෙමාල්ලන්ගේ දේවල් තුන්වැනි පාර්ශවයකට දැන ගන්ඩ නොදිය යුතුමයි...

    ReplyDelete
  3. කවදාවත් තේරුම ගන්න බැරි සත්වයෙක් මිනිසා.

    ReplyDelete
  4. වැරදි වැටහිමක් උනා වෙන්න බැරිද යාලුවට....

    ReplyDelete
  5. සිනහවෙන් හෝ කතාවෙන් හෝ මනින්නට මිනිසා !

    ReplyDelete
  6. ආයි අහල...... පරිස්සමින්

    ReplyDelete
  7. සිද්ද වෙලා තියෙන්නෙනම් හරිම අපරාදයක්.මේකෙන් අපේ ජීවිතේට ගත යුත්තක් තියෙන බව පේනවා. හිටි හැටියේ අපේ ජීවිත වලට මිතුරු වෙසින් එන අය අන්තිමට යන්නේ හිතාගනවත් බැරි නොකටයුතුකම් කරලා තම වෙලාවකට.

    ReplyDelete
  8. මිනිසා කියන්නේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි තේරුම් ගන්න බැරි පොතක්.

    ReplyDelete
  9. මිනිසා කියන්නේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි තේරුම් ගන්න් බැරි පොතක්. ඇසිපිය හෙළන මොහොතින් වෙනස් වන චරිතයක්. වැරදි වැටහීම් මතත් නොසොයා නොබලා විවේචනය කරන ජාතියක්.

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..