Saturday 31 March 2012

අපූරු මිනිසෙක්...

මට ඔහුව පළමුව මුනගැසුනේ අන්තර්ජාල රේඩියෝවක වැඩසටහනක් සඳහා සාභාගීකරවා ගැනීමේ අරමුනෙන් පැවති සාකච්ඡාවකදීය..එම සාකච්ඡාව පැය හතරක් පමණ දීර්ඝ විය..අප බොහෝ දෑ සාකච්ඡා කලෙමි..එම සාකච්ඡාව අතර ඔහු හා ඔහුගේ මිතුරු කවියෙකු කවි කිහිපයක් ගායනා කල හ...එක් කවියක යම් දෝශයක් විය, මා එම දෝශය කීමට බිය වීමි...නමුදු බියෙන් මා ඔහුට එම වැරැද්ද කීමි..මා සිතුවේ "තමුන් අපිට කවි කියලා දෙන්න එනවද" කියා විමසා සාකච්ඡාවද අවසන් කොට ඔහු වහාම ඉවත්වීමට ක්‍රියා කරනු ඇතැයි කියා ය.

ටික වේලාවක් ඔහු නිහඬව සිටියේ මා තවත් බිය ගන්වමිනි..

"සමාවෙන්න මහත්තයෝ මටත් අරයා කියපු වැරැද්ද තේරුනා..වැරැද්ද පෙන්නලා දුන්නු එකට බොහෝම ස්තූතියි..."

ඔහු තවත්


බොහෝ දෑ කීය මුත් මගේ සවනත එම කිසිවක් රැඳුනේ නැත..මා සිත ඔහුගේ අසීමිත නිහතමාණී කමින් මුසපත්ව ශාන්ත සුවයකට පත්ව තිබිණි...

"මෙච්චර නිහතමාණී මිනිස්සු ඉන්නවද බං" මම වහාම රේඩියෝ අන්තර්ජාල සංවාදයෙන් ඔහුන් ඉවත් කර මා හා වැඩසටහන් සාකච්ඡාවේ සිටි නීතීඥ වරයාට කෙඳිරීමි..

නැවත අප බෝහෝ දෑ සාකච්ඡා කලෙමු...එය සාකච්ඡාවකටත් වඩා දිගු වූ පාඩම් මාලාවකි.....

මේ මා කථාකරන්නේ වෙන කිසිවෙකු ගැන නොව "සුනිල් ජී කුකුලේගම" නම් වූ අසහාය නවකතා කරුවා,ගේය පද රචකයා, පුවත්පත් කලාවේදියා හා කවියා පිළිඹඳවය.





කෝකිලහඬ කවි සංගමයේ නිර්මාතෘ සහ ප්‍රධාන ලේකම් වරයා වශයෙන්ද කෝකිලහඬ පුවත්පතේ ප්‍රධාන කතෘ වරයා ලෙසද ලක්දිව ඉතා ප්‍රසිද්ධියටපත් නවකතා රුසක කතෘ වරයා වන ඔහු කාව්‍යකෝකිල ගෞරව සම්මාය,කාව්‍ය ජෝති ගෞරව සම්මානය,ශ්‍රී රෝහන ප්‍රදීප කාව්‍ය චූඩාමණී ගෞරව සම්මාණය,කාව්‍ය වංශාභිමානී දේශශක්තී ගෞරව සම්මානය,සාහිත්‍ය කලා ශූරී දේශබන්දු ගෞරව,සාම විනිසුරු (දිවයිනටම) යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලද්දෙකි..........................

අප යමෙකුට යමක් කිවු විට හෝ වැරැද්දක් පෙන්වා දුන්විට නිතරම අපට සිදුවන්නේ අප අපහසුතාවයට පත්වීමයි...මම ඉතාමත් මෑත ෆේස් බුක් සඳැස කවි කණ්ඩායමක කවි පොතක් කල කාන්තාවකට කවියක වැරැද්දක් පෙන්වා දුන් විට ඇය මා හට අසභ්‍ය ලෙස බැන මිතුරු හවුලෙන්ද ඉවත් කර තිබිනි...එහෙව් මිනිසුන් අතර මෙම නිහතමානී මිනිසුන්ගේ ගුණ අපි කෙසේ වර්ණනා කරමුද?

මේ සටහන් කල මේ සෑම අකුරක්ම ඔහුගේ අවංක නිහතමාණී ගතියට උපහාරයක් වේවා........!!!!!!

4 comments:

  1. ඔහොම මිනිස්සු හරි විරලයි..

    ReplyDelete
  2. මේ ළඟදිත් මට මෙහෙම දෙයක් සිද්ද වුනා.ඒත් ඔවුන්ගේ තියෙන මෝඩ කම නිසා මම අයෙත් උත්තර දෙන්න ගියේ නැහැ.

    ReplyDelete
  3. දැන් කාලෙ ඔහොම අය හොයා ගන්නත් අමාරුයි.

    ReplyDelete
  4. ම්ම් ..ඔහු නිහතමානි කෙනෙක්..

    අපෝ මේ බ්ලොග් එක වේලෙනවා ඔයා නෝනා එක්ක රන්ඩු කර කර ඉන්න වෙලාවේ මේකේ මොනා හරි ලියන්නකෝ... :D

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..