Monday 29 August 2011

පිලිස්සෙන යෞවනයේ......

මී මල් සුවඳේ -රෑ ...
අතරින් පතරේ විහිදෙන
ලන්තෑරුම් එලිය දිගේ...........
පියමනිනා.....
හැඳුනුම්පත නැති රාත්‍රියේ.....
අඩක් පිලිස්සෙන යෞවනයේ
තාර බරට පුතු-ගුණ ගයන්ට.............
අමිමා දෝ ඇවිදින් ඉන්නේ..........

තබා හිස උකුලේ..........
මරිය මව් වන්නටද පැතුවේ...
පිනෙන් පිරිහුනු -දෙවියන්ද මළ
සොහොන් පිටියට-කන්නලව් කර
වඩම්මන්නට දේවතාවෝ.......
අම්මාදෝ ඇවිදින් ඉන්නේ.........

ටයර් සෑයේ අඟුරු අතරින්
තවම දිලිහෙන ගින්දරින්
නොපිච්චෙන්නට කඳුලු පැන් ඉසිනා
වංක ගිරියට-කිරි බිඳක් දී
දෑත් උස්සා ශාප කරමින්....
රජුන් බියගන්වන්නට....
අමිමාදෝ ඇවිදින් ඉන්නේ....

No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..