Tuesday, 30 August 2011

ජුකී කඳුල.






අට පැය නිදි වරන දෑඟිලි
මැෂින් තුඩේ.......
මසනා ජීවිතය නැවතත්
ඉරෙයි සඳේ.........
මල් පෙති නොදකිනා ඉර
අලුයමින් මැකේ......
අවරත් සමඟ නුඹ අහසට
නොඑන් සඳේ.........

රිදෙනා දෙතන කිරි පිරි
බිලිඳුන්ගේ........
උස්සා දුවන නුඹ අහසයි
සැඩ හිරුගේ.......
වත්කම නැතුව නුඹ ගාටන
මහ පාරේ.........
රිය සක හඬයි රුපියල් සත
නැහැ දන්නේ.......

ඉඳිකටු තුඩේ ලේ බිඳු නොම
තැවරෙන්නේ.......
ඉස්සෙන පාත් වෙන දෙපයට
දිරි එන්නේ..........
උස්සන මහ බරක් ලඳුනේ
පොළවක් සේ......
කවදද නුඹේ කළු අහසට
ඉර එන්නේ........

3 comments:

  1. අපූරුයි යාලුවේ!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. hithata mokakdo dukak danuna meka kiyawanakota... dukai sarthaka nirmanayak

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..