Friday 19 August 2011

අමතකවිනි දෙවියන්ට කියන්නට..



කන් පෙති විවර කලෙමි
නොයිඳුල් හැඬුමට
තෙත බරිතව විය හැක
තවම නැවුම් නිසා නුඹ...

හතරයි විස්සයි....
සටහන් කොට ගතිමි
මනසේ නොමැකෙනා ලෙස
හැඬූ මුල් වර............

සිපගන්ට මග බලයි නෙත
වැලඳ ගෙන සියුම් ලෙස
රිදේවී දෝ මීට
අතගා ගති මම රැවුල......

නවගමුවට නවයක්ද
දොලගමුවට දොලහක්ද
පඬුරුලෑ මතක අග
නුඹ පැමින නව ලොවට...

වින්නඹුව පැමින මට
පුතෙක් බව කී විගස
පිපුණු මල් ඉහ මත්ත
දෙනෙතඟට කඳුලු ගෙන..

සිද්ධ පත්තිනි මවට
බණ්ඩාර දෙයියන්ට
අයිය නායක නමට
භාර උනි පුතු සෙතට............

නුඹේ මව් රැක දෙන්ට
දෙයියන්ට කියන්නට
අමතකව ගිය ටිකට
අරන් ගොස් දෙවියන්ම

No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..