Monday 22 August 2011





පුච්චන්න ජීවිතය
වරක් ඉහලට නැඟීයන්
දුම් කඳක් ගෙන තාර රඳවා
යලිත් පහලට ඇදීයන්.....
හුස්ම අස්සේ-පනද ගැස්සේ.....
නුඹේ සුවඳින් මරන මත්තේ
තවත් දුක් නොම දියන් අන් හට
හෙටක් පුච්චා දවා අලු කර......

දෙතොල් අතරේ-උජාරුව සේ
රැඳුන් මරණය නොපෙනෙනා සේ
මමත් පැද්දුනි නුඹෙ තොටිල්ලේ
සුදු කොඩිය අමුනමින් හර්දේ..

දුම් වලාකුල් නාස් අතරේ
රන්ද ගෙන පෙනහලු මුලාවේ
අරන් යන හැඩ බලා පෙරසේ
හිතින් විඳවමි දුමේ ශාපේ..
........

No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..