Monday, 26 December 2011

මම..


                

















මම සොහොනක්
මළ කුණු දරන
අඳෝනා රඳන
විටින් විට අරන් විත්
පාරමින් හද පොළව
වලලලා යන
තුන් මහේ මතකය...

එන්න මළවුන්ගේ දා වත්
අරලියා මල් ගහක් ගෙන

සෙමින් හාරා
පරිස්සමින් සිටවා
වතුර බිඳුවක් දමා යන්නට..









Sunday, 25 December 2011

නියම මොලේ.....



කියන්නම වටින කතාවක් මේක...මමත් පුංචි කාලේ අහපු කතාවක් නමුත් හුඟාක් අය අහලා නැතිවෑති කියලා කියන්න හිතුවා...


මේ කතාව අදට හුඟාක් වලංගුයි..මොකද දන්නවද? දේසපාලුවෝ මිනිස්සුන්ව රවට්ටන්න අද පාවිච්චි කරන්නේ මෙන්න මේ දේ..


ඔන්න එකමත් එක රටක හිටියලු ගමරාල කෙනෙක්....හරිම අමාරුවෙන් තමයි මුන්දෑ පවුල එක්ක ජීවත් උනේ..දිගටම තිබිච්ච ඉඩෝරය හින්දා කන්න තුන හතරක්ම පාලුත් උනා...කෑම බීමත් හරියට හිඟයි....


පුළුවන් හැමදේම විකුනලා කෑවා ..අන්තිමට ගෙදර ඉතිරිවෙලා තිබුනේ එකම එක මහ විසාලෙට හැදිච්ච තාරාවෙක් විතරයි...නමුත් තාරාවව උයලා මොනවත් එක්ක කන්නද? හාල් කියන නාමයක් ගෙදර නැහැ..පාං කෑල්ලක්වත් නැහැ..පොඩි එවුන් බඩගින්නේ අඬනවා...


ගමරාළ කල්පනා කලා කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න ඹ්නේ කියලා...ගමරාළට මතක් උනේ ගමර ඉන්න සිටු තුමාව...මිනිහට බොහෝ සම්පත් තියනවා...හරී කරුනාවන්තයි...ගමරාල හිතුවා මේ තාරාවවත් ඉතිරිකරගෙන හොඳ පදං හාල් ගෝනියකුත් අරන් එන්න ඹ්නේ කියලා ගියා සිටු මාලිගාවට...


ගිහින් හමු උනා සිටු තුමාව...ගසිටු තුමාට කිව්වා මේ බලන්න මගේ ලඟ යස තාරා නාම්බෙක් ඉන්නවා මම ඔබ තුමාට දෙන්න ගෙනාවේ ..මටත් කෑල්ලක් ඉතිරි කරගෙන මම බෙදලා දෙන්නම්...මස් වලට හරියන්න මට ඔය හාල් ටිකක් දෙන්න කියලා...


සිටු තුමාත් එක පයින් කැමති උනා මේ යෝජනාවට.....හා හා මම එකඟයි සිටු තුමා කීවා....බෙදමුකෝ බලන්න..සිටුතුමාත් තනියම කොටස ගන්නැතුව කිවිවා මේ මගේ පවුලේ මගේ බිරිඳයි දුවලා දෙන්නයි පුතාලා දෙන්නයි මමයි හයක් ඉන්නවා බෙදමුකෝ බලන්න කියලා....


ගමරාල මදක් කල්පනා කලා...හරි මම බෙදන්නම්...


ගමරාළ මුලින් සිටු තුමාට කියනවා...ඔබ තුමා තමයි මේ පවුල් ප්‍රධානියා..ඔබ තුමා තමයි ඉහලින් ඉන්නේ මෙන්න එනිසා තාරාවගේ හිස ඔබ තුමාට කියලා තාරාවගේ හිස සිටුතුමාට දෙනවා...


දෙවැනියට ගමරාල තෝරගන්නේ සිටුවරයගේ බිරිඳව..ගමරාළ මෙහෙම කියනවා..සිටු කුමරියනි ඔබ තමයි මේ පවුලේ හැමදේම ලස්සනට කරන්නේ...උද්‍යාන..ගෙවල් මේ හැමදරම සරසවන්නේ ඔබ මේ පවුලට විෂාල ශක්තියකුත් ඔබ දෙනවා....මේ පිහාටු ඔබට ...දන්නවද මේ
පිහාටු නිසා තමයි රුකවරණය තියෙන්නේ සිරුරට ..ඔබත් එහෙමයි...එනිසා ඔබය නියතවම මෙය හිමිවිය යුතුයි....


තුනිවෙන්ව ගමරාල තොරගත්තේ දුවලා දෙන්නවා....ගමරාල මෙහෙම කියනවා...සිටු දියනියනි...ඔබලා කොතරම් සෙනෙහසින් මෙහි කාලය ගතකලත් දිනයක තම කුරාරවරුත් එක්ක සරණපාවාගෙන මේ කැදැල්ල අතහැරලා යන්න වෙනවා මෙන්න එය සංඛේතවත් කරන්නට මගෙන් තටු දෙකක් කියලා තාරාවගේ තටු දෙක කපලා දුන්නා සිටු දියනියන්ට..


අන්තිමට ඉතිරි පුතාලා දෙන්නා විතරයි....ඔබ තුමන්ලා තමයි කවදා හරි මේ හැම දේපලක්ම රැක ගන්නේ..මේවා රැකගන්න එක ශක්තිමත් ඔබලාගේ යුතුකම...මේ හැමදේම පැවතෙන්නේ පරම්පරාව ගෙනයන පුතුන් මත..පුතුන් කියන කකුල් නැති උනොත් නිකම්ම බිම වැටෙනවා..එනිසා ඔබලාට මේ කකුල් කියලා තාරාවගේ කකුල් දෙක කපලා දුන්නා පුතාලා දෙන්නට...


ගමරාලට එහෙම්පිටින් තාරාවගේ මස් ටික අයිතියි....ගමරාල ගැන පැහැදුනු සිටුතුමා ජීවිත කාලෙම සතුටින් ඉන්න තරම් දේ පිරි නමලා තමාගේ උපදේශක පදවියකුත් දුන්නලු..


බලන්න ගමරාලගේ ප්‍රතිපත්තියම නේද පාර්ලිමේන්තු ගොයියොත් රකින්නේ....අපිට කටු...උන්ට මස්....හිත නොරිදා වැඩේ දෙනවා....

Saturday, 24 December 2011

ලූණු හාදුව...

හැමදාම කාපු කටු,ටකරං,තහඩු අතරට එකතු වෙච්ච පරණ ස්ටෝරි එකක් මේක...නත්තලට පහුවෙනිදාක වෙච්ච නිසා අදම මේක ලියන්න ඹ්නේ කියලා හිතුනා...

සිද්ධිය උනේ 2010 වගේ මතක මම පොඩි එකා එතකොට...නත්තලට චූ වලින් හෝදපු ඇඳුම් ටිකත් හෝදලා දාලා එහෙම චුට්ට




ක් නිදාගන්න කියලා රෙඩි උනා...මල මඟුලයි රෙදි හෝදන්න ගිය අතර කෝල්ස් එකසිය ගානට ඇවිත්...බැලුවා...වැඩේ හරිම තමයි...උදේ පාන්දරම අමුතු උද්දාමයකින් පිරිලා ගියා...

හා හා පුරා කියලා කුළුඳුලේ දහ වෙනියට ෆෝන් එකෙන් සැට් වෙච්ච කෑලි පැටික්කි...අද එන්නලු හම්බ වෙන්න...

අතේ සතේ නැහැ මම හිතන්නේ...නෑ ..නෑ ..සර්ෆක්සල් වල ඉතිරි හැටක් තිබුනා...දහයේ කොළ පහයි පහේ දෙකයි...
මේ මැදැයි පවුලක් කන්න උනත්....මමත් දඩි බිඩි ගාලා ලක ලෑස්ති උනා...

ගෑනු දැරිවි එන්න කිව්වේ පානදුරේට..බස් එකට නමයයි...යන්නය් එන්නයි දහ අටයි..හරි තව හතලිස් දෙකක් ඉතිරියි..මේ ප්‍රතිපත්ති නැත්තම් මගේ රාජ්ජ්ජේ මෙලහකටත් බංකොලොත්...

ලෑස්ති වෙලා නිකං මොකාද එකා වගේ හැඩට පාරට සෙට් උනා..




මේ දැරිවිව දකින පළවෙනි දවස අද...ෆෝන් එකෙන් මල් කඩලා පැන් ඉහලා පූජා කලාට අද තමයි නේත්‍රා මංගල්ලේ...

නම මලීෂා කියලා තිබුනු නිසා විස්කි බෝතලේ වගේ ඇති කියලා හිතුනා..(ෂා අගට තිබුනොත් චා ම තමයි)

කොහොමෙන් කොහොමෙන් හරි බස් රථයේ දොස්තර මහත්තයට කෑල්ලක් සෙට් වෙලාද කොහේද..ටිකට් කඩන්නත් සිහියක් නැහැ..

යාන්තම් රුපියල් නමයක් ඉතිරිකරන් පාණදුරේට සැපත් උනාය කියමුකෝ...එන්න කිව්වේ ගෑනු දැරිවි මුචලින්ද දරනෙ ලඟට

කෑල්ල කිව්වෙම නැහැනේ ඇඳන් එන ඇඳුමේ පාට...මම ඉතින් කියලා දැම්මා මගේ වස්ත්‍රාබරන වල විස්තර..

විනාඩි දෙකක් ගියේ නැහැ මෙන්න කෙල්ල මෙතන...මුචලින්ද මාව දරනේ ගහගන්න මම හෙමින් මුචලින්ද දිහා බලලා කීවා

අප්පට සිරි පෙරිය භාන්ඩේ...බර වාහන තියා සැහැල්ලු වාහනයක්වත් පැදලා නැති මට මෙන්න ටෙන් වීල් ලොරියක්...(වාහනේකට කියලා පැදලා තියෙන්නේ අර විල් බැරැක්කේ විතරයි...)

ඔයා හුඟක් වෙලාද ඇවිත්...මෙන්න මෙයා ප්‍රශ්න පත්තරේ කොමසාරිස්ගෙන් කලින්ම ඉල්ලගෙන ඇවිත්..
"ඔයා මලීෂා ද?"

සැක බිය දුරු කරගන්න කියලා ඇහුවට සිරාවටම ඇහුවේ මේකිට මේ නම කොහෙන්ද කියලා..

මේකිටනේ මම දැරිවි කිව්වේ..මේකි රිලවි.....
බර කිලෝ සීයට ග්‍රෑම් පනහක් විතර අඩු ඇති...
උස අඩි පහකි විතර වෙන්නෝන...

මූන හරිම සුන්දරයි..ගුණේ අයියට කොන්ත්‍රාත් දුන්නත් මූනේ තියන වලවල් වහන්න අඩුම කරමේ සතියක් යනවා...ඊට පස්සේ ටින්කරින් බාස් කෙනෙක්ට දීලා ටිංකරින් කරලා පේන්ට් කරලා ගන්න අඩුම තරමේ ලක්ෂ දෙක තුනක්වත් නැතුව බැහැ...

මොනවා නැතත් ඩෙනිමක්නම් දාගෙන හිටියා සුපිරි..මට අහන්නම හිතුනා කොහොමද ඹ්ක කකුල් දෙකට බස්සගත්තේ කියලා..

මොනවා නැතත් සුවඳේ බැහැ හැරෙන හැරෙන පැත්ත එක එක සුවඳ....අර මොකක්ද මාලා ගන්ධ විලේපන ඔක්කෝම මතක් උනා...

"ඔයා මොකද කතා කරන්නැත්තේ..මම ඊයේ දවල් කතා කරපු නැති නිසාද..."

මෙන්න මෙයා ප්‍රශ්නයි උත්තරයි දෙකම දෙනවා..
මමත් ලාවට හිනා උනා..

බඩ කපාගෙන..ගඟට පැනලා රේල් පාරට බෙල්ල තියලා එල්ලිලා මැරෙන්න හිතිලා තිබුනේ..ලැජ්ජාවේ බැහැ හැමෝම සර්කස් පැසිපියා වැටුනොත් ලෙලි ගියා වගේ බලං ඉන්නවා..

"අපි කොහේට හරි ගිහින් කතා කරමු..." 
මම බැරිම තැන කිවිවේ ලැජ්ජාව උන්ඩ්ක පුච්චෙටම දැනුනු නිසා..

"අපි බීච් යං..."
"හා හා කොහේ හරි යං...."

ත්‍රීවිල් එකකව මෙයාම ඉස්සරවෙලා ගොඩ උනා...

"මගේ ලඟ මාරු සල්ලි නැහැ...."
මම කිවිවේ රුපියලි තිහ ත්‍රීවිල් එකට දුන්නොත් මල මගුලක් වෙන නිසා..

මෙන්න මේකි පැනලා දුන්නා පන්සීයක්..

ඉතිරියත් අරන් හෙමිහිට බීච් එකේ අර ගල් ගොඩ ගහලා තිබුනු තැනකට සෙට් උනා.

අනේ කකුලුවෝ හැම තැනම ගුල් හදන් හැංගෙනවා..මට දැනුයි හේතුව වැටහුනේ...අනේ මමත් කකුලුවෙක්වත් උනානම් ....!!!

මහ විසාල කළුගලකට අපි දෙන්නා මුවා උනා..මේ දැරිවිත් මගේ ලඟම වාඩිවෙලා ඇඟටත් හේත්තු උනා...
"අනේ මොනාහරි කතා කරන්නකෝ..."

මේකි ඇඹරෙන්නේ නිකං මාස දෙක තුනකින් වැසිකිලියක් දැකපු නැති බඩ සුද්දවෙන්න බෙහෙත් බීපු ගෑනු දැරිවියක් වගේ

"තූ නොදෝකින් නාකි සමයන්..."මම මටම කියා ගත්තා...
"මෙහෙට එන්නකෝ මූන චුට්ටක් බලන්න" 

කියලා මේකි මගේ මූන හරවපු ගමන්ම දුන්නෙ නැතෑ කිස් එකක් නහය ලඟටම..
අප්පට සිරි මුලු ලෝකෙම නැවතුනා .
.හාත්පස කලුගල් හැකිලුනා..මම මඤ්ඤං උනා..
මේකි උදේම රතුළූනු ,සුදුළූනු,රට ළූනු කවලම් කරලා හදපු මොකක් හරි මඟුලක් කාලා ගන්දස්සාරේ බැහැ..

උදේ බීපු ප්ලේන්ටිය මෙන්න කටටම ඇවිත්...මගේ බඩ බොර බොර ගාන්න අරගෙන නිකං අර මොකක්ද වගේ...
"අනේ මලීෂා මට ටොයිලට් යන්න ඹ්නේ විනාඩියෙන් එන්නම්".
 කියලා දිවිවාදිවිල්ලක්,ගම්සභා,නඟරසභා,පලාත්සභා,ඔක්කෝම පහුකරලා ...

දැන් හති මෙන්න ත්‍රීවිල් එකක් එනවා දැම්මා අත...මේ අර කලින් එකාමයි..

"මල්ලි මාරු සල්ලි නැත්නම් නඟින්න එපා.."මිනිහා නවත්තන්න කලින්ම කිව්වා..

"නෑ අයියා තියනවා..මාව ටවුන් එකට දාන්න..."

පාණදුරේ ටවුමෙන් බැස්සගමන්ම මමබස් එකට සල්ලි තියාගන මිනිහට දුන්නා ඉතිරි ඔක්කෝම..

දුවලා ගිහින් නැග්ගා බස් එකට. කෙලින්ම ගෙදර...
අනේ අම්මෝ තාම අර ගඳ නැස් පුඩු අතර....

අරකි තාම අර ගල යට වෙන්නැති..

බස් එකෙන් බහිද්දිම ෆෝන්  එකේ සිමි එක ගලවලා කටේ දාලා දෙතුන් පාරක් හපලා තූ නොදෝකින් කියලා වීසි කරලා දැම්මා...
.

නත්තල් තෑග්ග....

නත්තල..වෙනදා වගේම මෙදා පාරත් මෙන්න ගේ දොරකඩම..!! ගියපාර නත්තල...නත්තල කිවුවහම ඉතින් හුඟාක් අයට වගේම අපේ ලොකු පොඩි අයියලා මල්ලිලාට මතක් වෙන්නේ අර ලස්සනට හැඩ කරපු නත්තල් ගහනේ..නේද?...අනේ පලයං බොරු නොකියා..ගේ ඉස්සරහා බූරු පොලයි,ගල් බෝතලයයි......

සූදුපොළ නම් අවුලක් නැහැ නත්තලට පොලීසිය එන එකක් යෑ.මුලින් සූදු පොලට සෙටි වෙලා පස්සේ මල්ලිලාගේ ගෙවල් පැත්තේ එන්නං කියාගෙන ප්‍රසන්න අයියත් බූරු පොළ දිහාට ගියේ ගානක් සෙට් කර ගන්න වගේ...

මේ ගිය අවුරුද්දේ නත්තලට වෙච්ච සිද්ධියක්...මිනිහා නමින් ප්‍රසන්න කියමුකෝ....රෑ දොළහා විතර වෙනකල් අපේ සෙට් එක බොනවා...බොනවා කිවිවට බීලා වැටිලත් ඉවරයි සමහර අය..ඔන්න ඉතින් අපේ කතා නායකයා ප්‍රසන්න අයියත් එනවා අතේ තුට්ටුව බූරු පලට දීලා...

මල්ලි කොහොමද කියලා අහගෙනම මිනිහත් සළු උනා...

වැඩක් නැ කියලා මිනිහා බොන්න සෙටි උනහම ඉතින් බයිටුයි සැන්ඩියි ඉතිරියි..පට්ට අමුවෙම තමයි වැඩ..කම්මැලි කමකුත් නැහැ සද්දෙට සින්දුවකුත් කියනවා...

රෑ දෙක විතර වෙද්දි අපේ සෙට් එක ගෙවල් වලට මාරු උනා..

මෙන්න යකෝ ප්‍රසන්නයියා ගහක් බදාගෙන කබරයා දානවා..කබරයා දාන සද්දෙට කබරයෝ නෙමෙයි අර ක්‍රොකඩයිල් ෆිල්ම් එකේ ඉන්න කිඹුලවත් අඑල ගම් හතකටවත් එන්නෑ කියලානම් ශුවර්...

අනේ ම් ..මල්ලි ම්...ම් මට අමාරුයි....ටිකක් නිදාග්.....ග....න්න.....දීපා.......ං කියපු ගමන් වෙස්සන්තරගේ පරම්පරාවෙන් අපේ පවුල පැවතෙන නිසා එක්කගෙන ගිහින් මගේ සයනෙම දුන්නා...

පොර සයනගත වෙන්නත් කලින්ම සැපට නිදි....මම ඉතින් අර මොනාද කාපු බළලා වගේ සැටියේ සැතපුනා...

හීන තුන හතරක් එක්ක ඔන්න එළි වෙලා..මේ යකා තාම නිදි සනීපෙට

හප්පට සිරි කාමරේ මූත්රා ගන්දස්සාරේ බැහැ...පොර වැඩේ දීලම තමයි ..මට අසූ හාර දහස් විසිපහට මළ...

ප්‍රසන්නයියේ තමුසේ කාමරේ චූ දැම්මද ඹ්යි...

මම දෙතුන් පාරක් සාවදානව විමසුවා ....ඔන්න මිනිහා යන්තම් ඔළුව ඉස්සුවා..

මොන පිස්සුද මල්ලි..මට කාමරේ චූ දාන්න තරම් වෙරි කියලා හිතුවද?

මේ ගඳේ බැහැ ...එහෙනම් කොහේටද දැම්මේ....මට නේද? හිතින් මුගේ හතර වරිගයම නිවන් යැවුවා...

මම දොර එහාට කරලා චූ පාරක් දැම්මා...ප්‍රසන්න අයියා කිව්වේ හරිම සැහැල්ලුවෙන් මේ දැන් දැම්මා වගේ..

ම්..මොන දොරද?....කොහේද මේකේ දොරවල්...

මේ තියෙන්නේ මොන මඟුලක්ද කියලා පෙන්නුවේ නැතෑ අල්මාරියේ දොර...

විනාසයි..!.....විනාසයි...!! පොර දිලා වැඩේ අල්මාරිය අස්සටම යන්න....

සමහර රෙදි තාම චූ ඟඳයි..බූරු ගහලා පැරදිලා සාක්කුවේ ඉතිරිවෙලි තිබුනු රුපියල් සීය මට දීලා..අනේ සමාවෙයන් මල්ලියේ සර්පෙක්සල් පැකට් එකක් අරන් හෝදගනින් කියපු මිනිහව මම දැක්කේ හරියටම අවුරුද්දකට පස්සේ..

අනේ අම්මපා මගේ නත්තල....තාම චූ ගඳ එනවා.... .

Wednesday, 21 December 2011





ඇපලෝ (ඊගල්) සැබෑ ලෙසම සඳ තරණය කලාද?
________________________________________________

ඇපලෝ මෙහෙයුම 11 සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන විය. 1969 ජුලි 16 නිකුත් කරන ලද මෙහි අණ දෙන නීල් ආම්ස්ට්‍රෝන්, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුළත් විය. ජූලි 20 වනදා ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූ අතර කොලින්ස් ඉහලින් කක්ෂගත විය.

මෙම මෙහෙයුම ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ 1960 දශකය ඉවර වීමට පෙර සඳ මත පය තැබීමේ අරමුණ ඉෂ්ට කරන ලදී. “මිනිසෙකු සඳ මත ගොඩ බා නැවත නිරුපද්‍රිතවව පෘථිවියට රැගෙන ඒමේ අරමුණ මෙම දශකයට පෙර ඉටු කිරීම සඳහා අප ජාතිය කැපවී වැඩ කළ යුතු බව මම සිතමි.” (1961 කතාව).

පටුන [සඟවන්න]
1 කණ්ඩායම
1.1 ආදේශ කණ්ඩායම
1.2 සහායක කණ්ඩායම
1.3 මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන්/වරියන්
2 මෙහෙයුමේ විශේෂ අවස්ථා
2.1 සදට ගොඩබැසීම
2.2 චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීම
3 මූලාශ්‍ර


[සංස්කරණය] කණ්ඩායමතනතුර ගගනගාමියා
නියමුවා නීල් ආම්ස්ට්‍රෝන්
දෙවන අභ්‍යාවකාශ චරිකාව
අණදෙන මොඩියුලයේ (කොළොම්බියා) නියමුවා මයිකල් කොලින්ස්
දෙවන අභ්‍යාවකාශ චරිකාව
චන්ද්‍ර මොඩියුලයේ (ඊගල්) නියමුවා එඩ්වින් ඕල්ඩ්‍රින්
දෙවන අභ්‍යාවකාශ චරිකාව

[සංස්කරණය] ආදේශ කණ්ඩායමතනතුර ගගනගාමියා
නියමුවා ජෙම්ස් ලොවෙල්
අණදෙන මොඩියුලයේ (කොළොම්බියා) නියමුවා විලියම් ඇන්ඩර්ස්
චන්ද්‍ර මොඩියුලයේ (ඊගල්) නියමුවා ෆ්‍රෙඩ් හේස්

[සංස්කරණය] සහායක කණ්ඩායමචාලී ඩියුක් (කැප්සියුල සන්නිවේදක).
රොනල්ඩ් එවන්ස් (කැප්සියුල සන්නිවේදක).
ඔවෙන් කේ ගැරත් (කැප්සියුල සන්නිවේදක).
ඩොන් එල් ලින්ඩ්, (කැප්සියුල සන්නිවේදක).
කෙන් මැටින්ග්ලි (කැප්සියුල සන්නිවේදක).
බෲස් මැක්කැන්ඩ්ල්ස් 11(කැප්සියුල සන්නිවේදක).
හැරිස්න් ශ්ම්දිට්(කැප්සියුල සන්නිවේදක).
බිල් පෝග්.
ජැක් ශ්විග්ට්.
[සංස්කරණය] මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන්/වරියන්ක්ලිෆ් චාල්ස්වර්ත් (කොළ කණ්ඩායම) , ගුවන්ගත කිරීම සහ EVA.
ජීන් ක්‍රෙන්ස් (සුදු කණ්ඩායම) , චන්ද්‍ර ගොඩබැසීම.
ග්ලේන් ලූනි (කලු කණ්ඩායම) , චන්ද්‍ර පිටත්වීම්.



[සංස්කරණය] මෙහෙයුමේ විශේෂ අවස්ථාවිශාල වශයෙන් ජනතාව ගුවන් ගත කිර්‍ර්ම නැරඹීම සදහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට මහාමර්ග වල සහ වෙරළවල් වල රැස්වී සිටි අතර මිලියන ගනන් ජනතාව රූපවාහිනිය හරහා සම්බන්ද වී සිටියහ. ඇමරිකානු ජනධිපති රිචඩ් නික්සන්, ධවල ම්න්දිරයේ ඕවල් ඔෆිස් හි සිට රූපවාහිනිය ඔස්සේ මෙහෙයුම නැරඹීය.

1969 ජුලි 16 දින පෙ: ව: 9:32:00 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, අංක 39 ගුවන්ගත කිර්‍රමෙ සංකීර්ණයේ,අංක 39 ඇ ගුවන්ගතකිරීමේ පීඨිකාවෙන් ඇපලෝ 11 අභ්‍යවකාශ කරන ලදී.මේ සදහා සැටර්න් V (S-IVB) නැමති රොකට්ටුවක් උපයොගී කර ගන්නා ලදී..විනාඩි 12 පසු යානය කක්ෂ ගත වෙයි[1].කක්ෂීය චලිත 1.5 පසු ,S-IVB හි තුන්වන අදියරේ එන්ජිම මගින් ඇපලෝ 11 යානය සද වෙත යන ගමන් පථයකට යොමුකරන ල්දී.විනඩි 30 පසු, අණදීමේ ඒකකය හා සේවා ඒකකය S-IVB ගෙන් වෙන්වී චන්ද්‍ර යානය සමග සද වෙත යන ගමන් පථයට පිවිසෙයි. S-IVB හි තුනවන අදියරේ විදිනය, සදත් පසුකරගෙන ගොස් හිරුවටා යන කක්ෂ්යට පිවිසෙයි.

ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.

[සංස්කරණය] සදට ගොඩබැසීම
ඊගල් යානය , කොළොම්බ්යා යානයෙන් වෙන්වූ සැනින් චන්ද්‍ර කක්ෂයත පිවිසෙයි.ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.

1969 ජූලි 20 වනදා ඊගල් ලූනා මොඩියුලය කොළොම්බියා අණ දීමේ මොඩියුලයෙන් වෙන්විය. කොළොම්බියාහි තනිව සිටි කොලින්ස් විසින් ඊගල් එය පසු කර යනවාත් සමඟ යානයට හානි වී නොමැති බව සැක හැර දැන ගැනීම සඳහා පරීක්ෂා කරන ලදී. ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩ්‍රින් ඊගල්ගේ ගොඩබැස්සවීමේ එන්ජිම සඳ මතට ගොඩ බෑම සඳහා යොදා ගන්නා ලදී.

‍ගොඩබෑම් පටන් ගන්නවාත් සමඟම ආම්ස්ට්‍රෝන් විසින් අපි දුරට යනවා යැයි වාර්තා කරන ලදී. ඊගල් එහි සැලසුම් කරන ලද ගොඩ බෑමේ ප්‍රක්ෂේපිතයට වඩා තත්පර 4ක් එපිටින් වූ අතර ඒ නිසා අදාල ප්‍රදේශයෙන් සැතපුම් ගණනක් බටහිරින් සඳ මත පතිත වනු ඇත. LM මඟ පෙන්වීම් පරිගණකය LM ගොඩබැස්වීම මඟ පෙන්වීමත් සමඟ වැඩ සටහන් දැනුම් දීම් කිහිපයක් වාර්තා කරන ලදී. එමනිසා ගොඩ බෑම සිදු වන අතරතුර කාර්ය මණ්ඩලයේ අවධානය ද බාහිර වටපිටාවෙන් ඉවතට යොමු කිරීමට හේතු විය. ටෙක්සාස් හූස්ටන්හි වූ නාසාහි මෙහෙයුම් පාලක මධ්‍යස්ථානය තුළ වූ පරිගණක ඉංජිනේරු ජැක් ගාමන් මඟ පෙන්වීමේ නිළධාරී ස්ටීව් බේල්ස්ටර් ප්‍රකාශ කර සිටියේ දැනුම් සිදු වුව ද ගොඩ බැස්වීම අඛණ්ඩව සිදු කිරීම ආරක්ෂා සහගත බවයි. ආම්ට්‍රෝන් ඔහුගේ අවධානය වටපිටාව දර්ශනය කර ගැනීම සඳහා යොමු කළ විට ඔහුට තේරුම් ගියේ පරිගණකය විසින් ඔවුන්ට මඟ පෙන්වනු ලබන්නේ පාෂාණ විසිරී ඇති විශාල ආවාටයක් දෙසට බවයි. ඉන්පසු ආම්‍ස්ට්‍රෝන් විසින් පාලනය ඔහුගේ අතට ගන්නා ලද අතර ඕල්ඩ්‍රින් මඟින් රේඩා‍රයේ පරිගණකයේ දත්ත ලබා ගනිමින් ජුලි 20 වන දා 20:17UTC ට තත්පර 30ක ඉන්ධන ද ඉතිරි කර ගනිමින් මොඩියුලය ගොඩබැස්වුම් ස්ථානයට ගෙන යන ලදී.

වැඩ සටහන් දැනුම් දීම වූයේ පරිගණකයෙහි සකස් කිරීමේ කාර්යය සම්පුර්ණ කර නොමැති බව ඇඟවීමටය. මෙම හේතුව පසුව පුහුණුවීම් දෝශවලට ඈඳන ලදී. පරිගණකය ගොඩබෑම අතරතුර දී ඉවත දමන ලද LM රේඩාරයේ අතිරේක දත්ත සකස් කිරීම සඳහා සැලසුම් කර ඇති කාලයට වඩා වැඩි කාලයක් ගත කර ඇත. ඇපලෝ 11 අනෙකුත් මෙහෙයුම්වලට වඩා අඩු ඉන්ධන සහිතව ගොඩ බෑම සිදු කළ නමුත් එය ඉන්ධන අඩු අනතුරු ඇඟවීමකට මුහුණ දෙන ලදී. පසුව සොයා ගන්නා ලද්දේ මෙය සිදු වූයේ චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය නිසා බවයි. අනාගත මෙහෙයුම්වලදී ටැංකි සඳහා අමතර ආරක්ෂණ යොදා ගන්නා ලදී.

බස් ඕල්ඩ්‍රින් විසින් සඳ මතුපිට දී LM මඟින් ප්‍රථම වචන කිහිපය කතා කරන ලදී. ගොඩ බැස්වීම් පුරාවට LM මෙහෙයවීමේ නිරතව සිටි ආම්ස්ට්‍රෝන්හට ගොඩ බැස්වීමේ දත්ත ලබා දුන්නේ ද ඕල්ඩ්‍රින් විසිනි. ඊගල් ගොඩබැසීමත් සමඟම ඕල්ඩ්‍රින් විසින් “contact light ! ok, engine stop. ACA – out of detent” ප්‍රකාශ කරන ලද අතර ආම්ට්‍රෝන් විසින් “out of detent” යයි ප්‍රකාශ කර අතර නැවත ඕල්ඩ්‍රින් විසින් “Mode control – both auto. Descent engine command override off. Engine arm – off. 413 is in”

ඉන්පසු ආම්ට්‍රෝන් ජනප්‍රිය වචන කිහිපයක් වූ “Houston, tranquility base here. The eagle has landed.” යැයි ප්‍රකාශ කරන ලදී. මෙය පාලක මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය යන්තමින් කලබලයට පත් කරන ලදී. එයට හේතු වූයේ ආම්ට්‍රෝන් විසින් tranquility base යන නම නිර්මාණය කර තිබුණේ ගොඩ බැස්වීමත් සමඟමය.

ගොඩබැස්වීමෙන් පසු EVA සඳහා සකස් කිරීම් ආරම්භ වීමට පෙර ඕල්ඩ්‍රින් විසින් මෙය විකාශනය කරන ලදී. This is the LM pilot. I'd like to take this opportunity to ask every person listening in, whoever and wherever they may be, to pause for a moment and contemplate the events of the past few hours and to give thanks in his or her own way.[8] (මේ LM නියමුවාය. මවිසින් මෙම අවස්ථාව ගනු ලබන්නේ අසා සිටින සියලු අයට මොහොතකට නැවතී ගත වූ පැය කිහිපයෙහි අවස්ථා සිහි කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍ය ආකාරයකින් ස්තුති කිරීම සිදු කරන්නට යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමටය.) ඉන්පසු ඔහු සන්නිවේදනය පෞද්ගලිකව සිදු කරන ලදී. මේ වන විට ද නාසා මැඩලයින් මුරේ ඕ හෙයාර් නම් වූ අදේවවාදියෙක් විසින් ගෙන එන ලද ‍ඔවුන්ගේ ගගන ගාමීන් අභ්‍යාවකාශය තුළ දී ආගමික කටයුතුවලින් වැළකී සිටි බව දක්වන නඩුවක් සමඟ සටන් කරමින් පැවතුණි. ඕල්ඩ්‍රින් සෘජුවම මෙය සඳහන් කරමින් වැළකී සිටීමට තෝරා ගන්නා ලදී. ඔහු එම සැලසුම නිෂ්ශබ්දව පවත්වා ගත් අතර (එය ඔහුගේ බිරිඳට පවා නොපැවසීය) වසර කිහිපයක් යනතුරු මහජනයාට ප්‍රකාශයට පත් කළේ ද නැත.

[සංස්කරණය] චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීමඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙතට ඇතුළු වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් ෂටලය හා 22 kg ට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔසවා තබන ලදී. ආම්ස්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳව මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහළට දමන ලදී. ඉන් පසුව ආම්ස්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැවත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වූහ.




කැබිනය තුළ ඇවිදීමේ දී වැරදීමකින් ඕල්ඩ්‍රින් විසින් සඳෙන් නිකුත් වීම සඳහා වූ ප්‍රධාන එංජිමට බලය සැපයූ circuit breaker කඩන ලදී. ඔවුන් සිතුවේ ඔවුන්ට එංජිම පණ ගැන්වීමට නොහැකිව සඳ මතම සිටීමට සිදු වන බවයි. නමුත් වාසනාවට මෙන් ස්විචය ක්‍රියාත්මක කර ගැනීමට පෑන් තුඩක් ප්‍රමාණවත් විය. මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවූයේ නම් නික්මීමේ එන්ජිම පණ ගැන්වීම සඳහා චන්ද්‍ර මොඩියුල පරිපථය නැවත සකස් කිරීම කළ හැකිව තිබුණි.

පැය 7ක පමණ විවේකයකින් පසු පූස්ටන් විසින්, ආපසු පැමිණීමට ඔවුන් සූදානම් කිරීම සඳහා ඔවුන්ව අවදි කරවන ලදී. පැය 2 ½ කට පසු එනම් 17:54 UTC ට ඔවුන් 21.5 kg බර චන්ද්‍ර සාම්පල ද රැගෙන ඊගල්ගේ (Eagle's) නිකුත් වීමේ අදියරින් චන්ද්‍ර කක්ෂයේ වූ කොළොම්බියාහි (Columbia) සිටි CMP මයිකල් කොලින්ස් සමඟ නැවත සම්බන්ධ වීමට චන්ද්‍රයා මතුපිටින් නික්මෙන ලදී.


ඇපලෝ 11 හි චන්ද්‍ර මොඩියුලයේ ඉනිමගෙහි වූ ඓතිහාසික පලකයක් තවමත් සඳ මත දක්නට ඇත.පැය 2 ½කට වඩා වැඩි කාලයක් සඳ මත සිටීමෙන් පසු ඔවුන් විසින් චන්ද්‍ර ලේසර පරාසගත කිරීමේ පරීක්ෂණ සඳහා යොදා ගන්නා රෙට්‍රො පරාවර්තක උපකරණ වැනි විද්‍යාත්මක උපකරණ සඳ මත දමා පැමිණ ඇත. තවද ඔවුන් විසින් ඇමරිකානු ධජයක් ඇපලෝ 1 මෙහෙයුම් ලාංඡනයක් හා පෘථිවියෙහි චිත්‍ර 2ක් (බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලවල) සහිත පලකයක් (LM ගොඩ බෑම් අදියරේ ඉනිමගෙහි සවි කර තිබූ), ශිලා ලේඛණයක් හා ගඟනගාමීන්ගේ හා රිචඩ් නික්සන්ගේ අත්සන් එහි තබා පැමිණියහ. එම ශිලා ලේඛණයෙහි ලියා තිබුණේ “Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind” තවද ඔවුන් විසින් සාමයෙහි සාම්ප්‍රදායික සංකේතයක් ලෙස රත්‍රන් ඔලිව් අතු අනුරූ අඩංගු ස්මාරක බෑගයක් හා සිලිකන් පණිවිඩ තැටියක් එහි දමා ආහ. එම තැටියෙහි අඩංගු වූයේ එයිසන් හොවර්, කෙනඩි, ජොන්සන් හා නික්සන් ජනාධිපතිවරුන්ගේ හා ලොව වටා රටවල් 73ක නායකයන්ගේ හොඳ හිත පණිවිඩය. මෙම තැටියෙහි US කොංග්‍රසයේ නායකත්ව ලැයිස්තුවක්, නාසා සඳහා වගකිව යුතු කොමිටි 4 හා සෙනටයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක් හා නාසාහි අතීත හා වර්තමාන උස් කළමණාකාරීත්වයේ නම් ලැස්තුවක් ද ඇතුළත් විය. නාසා පුවත් නිකුත් කිරීම අංක 69-83F (1969 ජූලි 13) (ඕල්ඩ්‍රින් විසින් 1989 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Men from earth කෘතියෙහි කියා සිටින්නේ සඳ මත තබා ආ ද්‍රව්‍ය අතරට අජටාකාශගාමීන් වන ව්ලැඩිමීර් කොමරව් හා යූරි ගගාරින් අනුස්මරණය කිරීමේ සෝවියට් පදක්කම්ද ඇතුළත් වූ බවයි.

සඳෙන් නැවත නිකුත් වීමේ දී ගන්නා ලද සේයා පටවලින් තහවුරු වූයේ, ගොඩ බෑම් අදියරේ සිට අඩි 25ක් පමණ දුරින් සිටුවා තිබූ ඇමරිකානු ධජය නිකුත් කිරීම් අදියරේ දී එන්ජිමෙන් පිටවන වාත ධාරාව නිසා ඉතා දරුණු ලෙස ලෙළදුන් බවයි. ගොඩබෑම් ප්‍රදේශය කැමරා දර්ශන පථයෙන් ඉවත් වන විට ධජය බිම වැටීමට ආසන්නව තිබිණි. එය බිම වැටුණේ ද නැද්ද යන්න නොදන්නා කරුණකි. (කෙසේ නමුත් බස් ඕල්ඩ්‍රින්ට අනුව චන්ද්‍ර නිකුත් වීම් අතරතුර දී “නිකුත් කිරීම් අදියර ඇරඹුණි."මම පරිගණක ගැන අවධානය යොමු කරන අතර නීල් උන්නතාංශ අනාවරකය අධ්‍යයනය කරමින් සිටියේය. නමුත් මම ධජය බිම වැටීම පෙනෙන තෙක් බලා ගෙන සිටියෙමි”) ඉන්පසුව සිදු කරන ලද ඇපලෝ මෙහෙයුම් සාමාන්‍යයෙන් ඇමරිකානු ධජ සිටවනු ලැබුවේ LM හි සිට 100m ක් වත් දුරිනි. එසේ කරනු ලැබුවේ නිකුත් කිරීමේ එංජිමෙන් පිටවන වායු කදම්බයෙන් ධජය ඉවතට විසිවීම වැළැක්වීමටය.

කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වැනිදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පවතින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.

ජූලි 23 වැනිදා ගඟනගාමීන් තිදෙනා විසින් පොළව මත පතිත වීමට පෙර රූපවාහිනී විකාශනයක් සිදු කරන ලදී. එහිදී කොලින්ස් කියා සිටියේ “ අපව කක්ෂගත කළ සැටර්න් V රොකට්ටුව අතිශයින්ම කැපවූ යන්ත්‍රයකි. එහි සෑම කොටසක්ම නියමාකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියා කරන ලදී. "මෙම උපකරණය නිවැරදිව ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් සැම විටම අප තුළ පැවතුණි. එය එසේ කළ හැකිව තිබුණේ මිනිසුන් විශාල පිරිසකගේ ලේ දහඩිය හා කදුළු හරහාය. ඔබ විසින් දකින්නේ අප තිදෙනා පමණි. නමුත් තිරයෙන් පිටුපස වෙනත් අය දස දහස් ගණනක් සිටී. ඒ සියලු දෙනාටම මට පැවසීමට ඇත්තේ ඔබට බොහොමත්ම ස්තුතියි යනුවෙනි.” ඕල්ඩ්‍රින් ප්‍රකාශ කර සිටියේ “මෙය මිනිසුන් තිදෙනෙකුගේ සඳ කරා වූ මෙහෙයුමකට වඩා වැඩි දෙයකි. රජයක හා කර්මාන්ත කණ්ඩායමක උත්සාහයකට වඩා වැඩි දෙයකි. එක් ජාතියක උත්සාහයටත් වඩා වැඩි දෙයකි. අපිට හැඟෙන්නේ මෙය සියලු මනුෂ්‍ය වර්ගයාගේ නොදන්නා දෙය ගවේෂණයට පවතින තෘප්ත කළ නොහැකි කුතුහලයේ සංකේතයක් බවය. "පෞද්ගලිකව පසුගිය දින කිහිපයේ අවස්ථා පිළිබඳ හැරී බැලීමේ දී දේව ස්ත්‍රෝත්‍රයෙහි වූ වදන් පෙළක් මගේ මතකයට නැඟේ. ‘When I consider the heavens, the work of Thy fingers, the moon and the stars, which Thou hast ordained; what is man that Thou art mindful of him?’” ආම්ට්‍රෝන් අවසාන කරනු ලැබුවේ, “එම ගුවන් ගමනේ වගකීම ප්‍රථමව ඉතිහාසය සමඟ ඈඳී ඇති අතර මෙම උත්සාහය සාර්ථක කරගත් විද්‍යාවේ දැවැන්තයන්ට ද ඈඳී ඇත. ඉන්පසු එය හිමි වන්නේ ඔවුන්ගේ අභිලාෂය හා කැමැත්ත පෙන්වමින් මෙයට දායකත්වය සැපයූ ඇමරිකානු ජනතාවටය. ඉන්පසු එම අභිලාෂය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් පරිපාලකයන් 4දෙනාට හා ඔවුන්ගේ කොංග්‍රසවලට මෙම වගකීම හිමි වන අතර ඉන්පසු අපගේ අභ්‍යාවකාශ යානය, සැටර්න් රොකට්ටුව, කොළොම්බියා, ඊගල් හා කුඩා EMU, සඳ මතුපිටදී අපගේ කුඩා අභ්‍යවකාශ යානා වූ අභ්‍යාවකාශ ඇඳුම් සහ පසු ඇසුරුම් නිපදවූ ඒජන්සි හා කර්මාන්ත කණ්ඩායම්වලටද එය හිමි වේ. තවද අප අභ්‍යවකාශ යානය නිපද වූ, එය ගොඩ නැඟීම, සැලසුම් කිරීම , පරීක්ෂා කිරීම හා ඔවුන්ගේ සියලු හැකියා සහ එම යානයට යෙදවූ සියලු ඇමරිකානුවන්ට විශේෂ ස්තුතියක් පළ කර සිටිමු. එම මිනිසුන්ට හා මෙම රාත්‍රියෙහි අප අසා සිටින හා නරඹන සියලු දෙනාට අපි විශේෂ ස්තුතිය පළ කර සිටිමු. දෙවි පිහිටයි. සුභ රාත්‍රියක්, ඇපලෝ 11 සිට” ජූලි 24 වනදා ගඟනගාමීන් නැවත පැමිණි අතර ඔවුන් වහාම නිරෝධායන තුළ තබන ලදී. ඔවුන් පතිත වූ ලක්ෂ්‍යය වූයේ 130 19’ N , 1690 9’ W ය. වේක් දූපත්වල සිට 2660km බටහිරින් හෝ ජොන්ස්ටන් ඇටොල්හි සිට 380km දකුණෙන් හා ගලවා ගැනීම් යාත්‍රාවෙන් (USS Hornet) 24km එපිටින්ය. මුහුදට පතිත වීමෙන් දළ වශයෙන් පැයකට පමණ පසු හෙලිකොප්ටරයක් මඟින් ගොඩට ගන්නා ලද ගඟනගාමීන් නිරෝධායන පහසුකම්වලින් යුත් කුටියක් සේ තනන ලද ට්‍රේරලයක තබන ලදී. ජනාධිපති රිචඩ් නික්සන් විසින් ගඟනගාමීන් පෞද්ගලිකවම පෘථිවියට පිළිගන්නා ලදී.

ගොනුව:220px-Apollo 11 crew in quarantine.jpg
පෘථිවියට පැමිණීමෙන් පසු නිරෝධායනය තුළ වූ ඇපලෝ 11 කාර්ය මණ්ඩලය රිචඩ් නික්සන් මුණ ගැසීම.ගඟනගාමීන් ඔවුන් සඳ මත ගොඩබෑමෙන් පසු නිරෝධායන තුළ තබනු ලැබුවේ සඳ මත සොයා නොගන්නා ලද රෝගකාරක බීජ පැවතිය හැකි අතර ඒවාට සඳ මත ඇවිදීම අතරතුර ගඟනගාමීන් අනාවරණය වී ඇතැයි යන බිය නිසාය. කෙසේ නමුත් මාස තුනක පමණ රඳවා තබා ගැනීමකට පසු (පළමුව ඔවුන්ගේ ට්‍රේරලය තුළ හා පසුව ලින්ඩන් බී. ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Lunar receiving විද්‍යාගාරයේ) ඔවුන්ට කිසිදු සෞඛ්‍යමය ප්‍රශ්නයක් නොමැති බව තහවුරු කරන ලදී. 1969 අගෝස්තු 13 වැනිදා ගඟනගාමීන් නිරෝධායනයෙන් පිටව ඇමරිකානු මහජනයා ගේ ප්‍රසංශා කිරීම් සඳහා ගියහ. එම දිනයේ දීම නිව්යෝර්ක්, චිකාගෝ හා ලොස්ඇන්ජලීස්හි ඔවුන්ට ගෞරව කිරීම පිණිස පෙළපාලි පැවැත්විණි. සති කිහිපයකට පසු මෙක්සිකෝව විසින් මෙක්සිකෝ සිටි හිදී වූ ඔවුන්ට ගෞරව දැක්වීමේ පෙළපාලියක් සඳහා ඔවුන්ට ආරාධනා ලැබුණි.

ලොස් ඇන්ජලීස්හි එම සන්ධ්‍යාවේ දී ඇපලෝ 11 සැමරීම සඳහා රාජකාරීමය තත්ත්වයේ රාත්‍රී භෝජනයක් පැවතුණි. එයට කොංග්‍රසයේ සාමාජිකයන්, ආණ්ඩුකාරයන් 44 ක්, ප්‍රධාන විනිශ්චකාර තුමා හා ජාති 83ක නියෝජිතයන් පැමිණුනි. ජනාධිපති රිචඩ් නික්සන් හා උප ජනාධිපති ස්පයිරෝ ටී. ඇග්නිව් එක් එක් ගඟනගාමියාට නිදහස සඳහා වූ ජනාධිපති පදක්කම් ලබා දෙමින් ගෞරව දැක්වීය. මෙම සැමරීම දින 25 ක අතිශය දැවැන්ත සංචාරයක ඇරඹුම විය. එහිදී ගඟනගාමීන් රටවල් 25කට පමණ ගෙන එන ලද අතර එයට එක්සත් රාජධානියේ දෙවන එලිසබත් රැජින වැනි ප්‍රධාන නායකයන්ගේ හමු වීම් ද ඇතුළත් විය. බොහොමයක් ජාතීන් ඇපලෝ 11 සමරු මුද්දර හෝ කාසි නිකුත් කිරීමෙන් ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමට ගෞරව දැක්වූහ.

සෙන්ට් ලුවිස්හි පැවති 27 වැනි ලෝක විද්‍යාත්මක ප්‍රබන්ධ සම්මේලනයේ දී “(t) he Best moon landing ever” සඳහා ගඟනගාමීන් තිදෙනාට සුවිශේෂ හියුගෝ (Hugo) සම්මාන පිරිනමන ලදී.

1969 සැප්තැම්බර් 16 වැනිදා ගඟනගාමීන් තිදෙනා කැපිටොල් හි පැවති කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියක කතා කරන ලදී. ඔවුන් සඳ මතුපිටට රැගෙන ගිය US ධජ 2 එහිදී ඔවුන්ට ප්‍රදානය කරන ලදී.

අණ දීම් මොඩියුලය වොෂින්ටන් DC හි ජාතික ආකාශ හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එය ජෙෆර්සන් ඩ්‍රයිව් ඇතුළුවීමට ඉදිරියෙන් ප්‍රධාන ප්‍රදර්ශන ශාලාවෙහි තබා ඇති අතර Spirit of St. Louis, bellX-1, North American X-15 , Mercury capsule friendship 7 හා ජෙමිනි 4 වැනි අනෙකුත් ප්‍රමුඛ ගඟන යානා සමඟ ශාලාවෙහි ඇත. නිරෝධායන ට්‍රේරලය වර්ජිනියාහි වොෂින්ටන් ඩලස් අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්නයේ වූ ස්මිත් සෝනියන්ගේ උද්වර් - හේසි මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනයට තබා ඇත