Monday, 9 January 2012
Sunday, 8 January 2012
මැණික් මාළිගා (වාසලට නොවේ..)
රං බණ්ඩේ පුරසාරං කාරයා වාසලෑත්තෝ මට මනාපයක් නැහැ..මැණිකා කියන්නේ තරමක ලාලිත්‍යයෙනි..
මේං අම්මාපල්ලා මං මුසාවක් කීනවා නෙමෙයි..අදත් මීට දෙතුන් දොහකට එපිටත් මයෙන් විපරං කොලා බොලා ගැන....මං ඉතින් කියන්ට ගියේ නෑ තෝ කණවැන්දුම් එකිය කියලා ..
මක්කැයි රං බණ්ඩේ එහෙම නොකීවේ...
මැණිකා විමසන්නේ මා එබැව් සහ සුද්දෙන්ම නොකී බව සිතාය
මට මක්කටෙයි මැණිකෝ අනුන්ගේ එව්වා...බොලට හරි යනවා කියන්නේ අපිට හරියනවා කියන එක නොවැ.
අනේ මක්කට කියනවාද?
අනේ අම්මපා මේකි කිඹුල් නෑම්බි වගේ කිරිමැටි ගිල්ලත් උද්දච්ච කම නම් අඩු වෙන්නෑ...ඔහේ පල...
බැද්දේ යද්දි එද්දි බලාගෙන පල තොපිලව සතා සරුපයා කාවි...අනේ මගේ කට...කොයි කාරුත් බලන්නේ මොකින් මොක දීලා හරි කමක්නෑ කාසි පොට්ටනි ගහන්න....
මැණිකා හැබැවට ගත්තැයැ මයේ විහිළු...මම කිඹුල් කතාව ඔච්චමට නොවැ කීවේ...
මැණිකා හැබෑ හැඩ ගැහැනියකි...මැණිකාට වශී නොවන පිරිමියා පිරිමියෙකු නොවේ...
අනේ බලහල්ලකෝ වාසල දැන් ගරා වැටෙන්නේ යන්නේ..සුද්දා රට ගත්තත් හරි අපේ උන්දැට අර මක්කැයි එක පස්ස පැත්තේ ගහගන්ට උනේ නැතෑ..මුන්දැගේ වනචර කමයි පුරාජේරුවයි තවම අඩු වෙලා නැහැ...
දැන් තොපිලම නේද බොල වාසලෑත්තගේ පුරාජේරු දෙසා බෑවේ? දැන් තොපිලම උන්දැට පහරනවා..වැසලෑත්තෝ නැතිබංගස්තාන වෙන්නේ තොපිලට වාසලේ ලැග්ගගෙන ඉන්න නිසා වෙන්ටෝනේ....
මැණිකා කථා කරන්නේ ඔච්චමට සිනා වෙමිනි..
මං කෝමද මැණිකෝ තොපිලා උන්දැට දීලා හිත් පොජ්ජ වාවලා ඉන්නේ..පැලිලා මැරේවි...මේං දැනුත් හෝස් ගානවා...
මා එසේ කීවේ නැත...මැණිකා ඉදිරියේ එතරම්ම විවෘත වීමට මා දන්නේ නැත...මා මැණිකා ඉදිරියේ කුලෑටි ය.
රණවරා ටිකක් රත් කරලා දියල්ලා බොල..මයේ තොළකට සේරම වේළිලා...මේ මද්දහනේ එහෙ මෙහෙ කරක් ගහලා..
ඔහොම හිටු මම ලිපේ තියලා එන්නං..බුලත් විටක් කෑවනම්..
හ්ම්.....
මැණිකා කුස්සියට යනු මා බලා සිටියේ තරමක රාගාන්විතවය...මුත් මා මැනිකා දුටු තැන මා යලිත් සුපුරුදු රං බණ්ඩේ වෙමි..
කොහොමද රං බණඩෝ උඔලෑ වෙළදාම් කාරිය..
අහේනියක්ම නැහැ..මං මේ කරත්තයක් ගන්ටේ කියලා...බස්නාගල දිහෑ තියනවා කියලා කීවේ..මුදලි පට්ටමක් තියන එකෙක්ගෙලු ..ගිහින් බලලා ගන්ටේ කියලා...දැන් පයින් මංගැච්චුවා තිත්තයි..
අප්පේ රංබණ්ඩට දැන් සරුයි වගේ......මැනිකා තරමක් ලෙංගතුවී තිබෙනා හැඩයි..
එහෙමටේ කියලා නැහැ..නමුත් මටේ කියලත් මොනා හරි තියෙන්ට එපෑයැ....ගෙපැලේ වැඩ රාජකාරිත් අහවර එකේ කරත්තයක් ගන්ටේ කියලමයි හිත..දැන් සුද්දා කුරුඳු ..තේ..මුලු දිසාවෙම දාලා නොවැ..ඉතින් කරත්තයක අගේ තවත් වැඩියි...
කෝ බං රණවරා.....මයේ බඩ පපුවත් දනවා...
මැණිකා නැවත කුස්සියට ගියේ අමතක වූවා සේ හනි හනිකටය...
ඉඳා මේං හකුරු කෑල්ලකුත් තියනවා..
මැණිකා හකුරු කෑල්ල අතට දෙනවා වෙනුවට පිල මත වූ බංකුවේ තැබී ය..
මේකි මහ උද්දච්ච එකි...මා මටම කියා ගතිමි...
මිනිහා මැරි දෙතුන් අවුරුද්දකි..මුත් ගං තුලානේ කයි කතංදරයක් නොඅසා සිටියානම් මැණිකා පමණි..එසේ යමෙකු දොස් කීවානම් නියතවම මැණිකාගෙන් විසීමක්ද නැත....
මැනිකෝ මං මේ යන්ටේ කියලා අර පොට්ටනියේ කලහලමනා ටිකක් වෙන්ට තියනවා බොලැ අම්මන්ඩි පහුගිය දොහෑ හොයපු බෙහෙත් කලමනාත් තියෙයි..එව්වත් උන්දැට දුන්නනම්...
රංබන්ඩේ උඔටල පිං සිද්ද වෙනවා මේ කරන උදව් වලට...දැං මේ දෙතුන් අවුරුද්දේ උඔලා නොහිටින්ට අපි මැරිලා කාලාන්තරයක් වෙනවා..
මං යන්නං මැණිකා..පරිස්සමින් හිටපං..
රං බන්ඩේ යන්නදෑ මෙච්චර විගහිං..තාම මද්දහන පහුවෙලාත් නැහැ නොවැ..
මැණිකා මා නැවැත්වූ පළමු අවස්ථාව මෙයය...
ඉන්ට අද මං පොළොස් මාළුවක් එහෙමත් හැදුවා රංබණ්ඩේත් මනාපයි නොවැ...
මැණිකා මා හිත මනාපකංද දනී..මැණිකා ද මා මෙන් මා ඉදිරියේ කුලෑටි වී සිටියාවද්ද?
හොඳයි යසයි...එහෙනම් මොනා හරි කාලම යමු....
ඉන්ට මං ලෑස්ති කොරන්නම්
මැණිකා......මා සෙමෙන් ලයාන්විතව මැණිකා කී පළමු වර මෙයයි..
හ්ම්...
මැණිකා එනවයි අළුත් කරත්තේ ගෙනහපුවාම මයෙත් එක්ක දළදා වඳින්ට යන්න....
මණිකා සිනාසුනි.....මා ජීවිතයේ කිසිදුවර ගැහැනියක එවන් ප්‍රේමාන්විතව සිනාසෙනු දැක නැත....
රංබණ්ඩා ගෙපැලේ වැඩ ඉවර කරලා නොවෑ තියෙන්නේ..අපි ගෙවිදිලාම දළඳා වඳින්න යමු.....
අයියනායක දෙයියන්ට ඔප්පුවෙන්ට මැණිකා මක්කැයි ඔව්වා කලින් නොකීවේ....මා පැවසුවේ ඉහ වහ ගිය සෙනෙහසිනි.......
තනි සපත්තුව (සින්ඩරෙල්ලා නොවේ)
හිත වෙලාවකට හරිම පුදුමයි...හොයන තරමක් හොයන්නේ..ඉල්ලන තරමක් ඉල්ලන්නේ නොලැබෙන දේවල්...පුංචිම පුංචි කාලෙදි කළුතර ටවුම මැද්දේ මට අරක දෙන්න මේක දෙන්න කිය කිය බිම වාඩිවෙලා කෑ ගගහා මහ හයියෙන් හැඬුවට අනාගතයට එහෙව් පුරුදු මම ගෙනත් නැහැ...කාලයක් පුරුදු වුණා දුක සතුට දෙකම ලැබෙන විදිහට භාරගන්න...තවත් කාලයකදී දුකමත් තවත් කාලයකදී සතුටත්ම ලබන්න පුරුදු වෙච්ච හිතට හුඟාක් සිතුවිලි අළුත් උනේ නැහැ..හිත තෙම්මරාදු වෙලා වෙලාවකට එහෙමත් හිතුනා..
කාලයත් එක්ක මට එයා ව හම්බවෙන්නේ හරිම අහඹු විදිහට.. රැඩිකල් කියලා මුලින්ම හිතුවත් ඊට එහා ගියපු මොකක්දෝ ලස්සන ගැහැනු කමක් එයා ලඟ තිබුනා...මම අසීමිතව එහෙව් දුර්ලබ ගැහැනු කමට ලං වුණා...පහුගිය කාලේ හුඟාක් සුන්දරයි..මේ පාලු කාන්තාරේ පුරාවටම නානාමාදිලියේ මල් පිපිලා තිබුනා..එක එක විදිහේ ගස් හැදෙන්න ගත්තා...දූවිලි පළසට උඩින් අපූරු තණ පළසක් වැටුනා..මමත් හිතුවා මේ වසන්තය කියලා..
මම එහෙම හදිසියේ පැමිනි වසන්තයේ සනීපෙට සැරිසැරුවා...ඉර අහසේ තිබුනට එළිය විතරමයි දුන්නේ සැඩ රස්නේ...උහුලන්න බැරැ උණුහුම කවදාකවත්ම දුන්නේ නැහැ...
අපි කවමදාකවත් හමු වුණේ නැහැ...නමුත් අපි හැමෝටම වැඩිය හිතින් බැඳිලා හිටියා....සමහරු විහිලු කලා ඔන් ලයින් ප්‍රේමයක් පමණයිම කියලා....නමුත් ඔයාලා දන්නවද අපි හුඟාක් දුර ගියා...අවුරුද්දකට කිට්ටු කාලයක් අපි අපේ ලඟමයි හිටියේ..සත්තයි..ලඟ ඉන්නවට වැඩිය අපි බැඳිලා හිටයා..
අපි පහුගිය හැම දවසකම හුඟාක් සතුටින් හිටියා...හැම තත්පරයක්ම අපිට නැවුම් උණා...දවසේ නිදාගන්න පැය කිහිපය හැරුනාම හැම මොහොතෙම එයා මගේ ලඟම හිටියා..රෑ හීනයක් අරන් මගේ ලඟ හිටියනම් එයාම විතරයි....
අපි කතාකරපු තරමට එකට හිටපු තරමට අපිට අපේම කටවහ වැදුනද මන්දා...පහුගිය සතිය හැම වැඩක් එක්කම මට එයාව ටිකක් මඟහැරුනා....
පහුගිය දවස් කිහිපය වෙද්දි එයාටත් කවරදාකවත් නොතිබුනු වැඩ ...ගමන් බිමන්...පංති....මෙකී නොකී දහසකුත් වැඩ...අද වෙද්දී හොයාගන්නවත් නැති තරමට වැඩ....
මම හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුනා...ඔන් ලයින් ප්‍රේමයක පරමායුෂ සිග්නල් තියනකල් විතරයි.......
මම සහ මම දෙන්නෙක් කරන්න එයාට පුළුවන් වුනේ බොහෝම කෙටි කාලෙකින්....මගේ එක කොටසක් එයා උණා....
දැන් මම තනි සපත්තුවක් අරන් හැමතැනම සින්ඩරෙල්ලා හොයනවා.....දන්නවද සමහර විට සින්ඩරෙල්ලා තනි සපත්තුව අතෑරලා දාලා අළුත් සපත්තු කුට්ටමක් ගන්නෑති...මොකද තනි සපත්තුවේ අගය තියෙන්නේ බොහෝම ටික දෙනාටයිනේ....එහෙම උවමනාව තියෙන්නෙත් එකම එක කකුලක් තියන අබ්බගාතයෙකුට විතරයි ...................

නියඟලා 25/26 පර්ච්ඡ්ද....
හේනෙ මාමා ,සුමනදාස මාමා ,වීරේ මාමා සමඟ හේනේ දමා මා නිවස බලා යෑමට සැරසුනෙමි... . අම්මා සමඟ කථාකිරීමට මට උවමනා විනි...
අප්පච්චි මම ගෙවල් දිහෑට ගිහින් එන්නම්...අම්මා විතරයි වෙන්ටෑ ගෙදර ඉන්නේ....
මම අවසරය ගෙන ඉන් නික්මුනෙමි
කඩුල්ල පැන දොර අබියසටම එන තෙක් කළුවා මා ගනන් ගත්තේවත් නැත....ලඟටම පැමිනි පසු යාන්තම් ගනන් ගත්තා නොගත්තා සේ මදෙස බලා නඟුට වැනුයේ කිසිදු හඬක් නොනඟාමය
කළුවාට මේ දින කිහිපයට මා අමතකව ගොස්ය...
අපේ අම්මා උයලා ඉවර නැතෙයි...මා කෙඳිරූයේ පැරනි පුරුද්දටම විය යුතුය...
තව තත්පරයක් ඉවසහං මගේ පුතේ...අම්මා සැබවින්ම මට අසිමිතව ලෙංගතුය...එකම දරාවා නිසා එසේ වෙතැයි මා සිතන්නේ නැත..අපේ අම්මා විනිවිද පෙනෙන වීදුරුවකි..අම්මා සෑම දරුවෙකුටම සලකන්නේ මෙලෙස ය..
අම්මේ කවුද අම්මේ අර මලිතිලාව ඉස්පිරිතාලේ එක්කගෙන ගියැයි කියන මනුස්සයා....අර වීරේ මාමා කිව්වේ එහෙම කතාවක්..
හ්ම්..මම හිතන්නේ අපේ හාංදුරුවන්නේ ඥාතියෙක් වෙන්ටෝන..පන්සලේ මොකක්දෝ ව්‍යාපෘතියකටද මක්කද එකකට එනවායි කියන්නේ..කවුරු උනත් හරි ගුණ යහපත් දරුවා...මහත්තයා එවලේම කාර් එකේ එක්කගියා නොවැ අප්පවයි දෝනියැන්දැවයි..අනේ අම්මපා දෙයියෝ වැඩියා වගේ..
අම්මා ඔහුගේ ගුණ ගයන්නේ බොහෝ කලක සිට අඳුනන ලෙසටය..එය අම්මා තුල තිබෙන මා ඉහත කී දරු සෙනෙහසේ ලක්ශණය..අම්මාට වර්ණනා කරන්නට කාගේ හෝ දරුවෙක් එක ය.
අම්මේ මං පිලේ ටිකක් නිදාගන්නම්..අම්මා උයලා ඉවර වෙලා කතා කරන්නකෝ...උදැහැක්කේම යන්ටන් එපෑය..
අනේ දරුවෝ තව ටිකක් ඉවසන්ටකෝ මේං බත් එකත් ඉදිලා අහවරයි..මේ සම්බෝලේ කොටලා ගන්නකල් ඉන්ට බැරි හැටි..
උණු උනුවේ බෙලෙක් පිඟානට අම්මා බෙදා දුන් බත් කන්ද දුටු විට පළමුව නෙතට කඳුලූ ඉනුවේ මේ අපරිමිත මව් සෙනෙහස නිසා වන්නට පුලුවන..
කට්ටා කරවල සමඟ පොල් සම්බෝලය මනා ලෙස පෑහිනි..ඊටම ඔබින ලෙස පරිප්පු හොද්ද තිබිනි...අපේ අම්මා උයනා කෑම කවදත් රසට...මිරිස් තුනපහට අමතරව අම්මා හදේ ලූ කරුණා ගුණයද මීට එක්කරයි...
මා යාන්තම්න් සිනාසුණි..
මොකද දරුවෝ හිනාවෙන්නේ රහට නැතුවෑති මයේ හිතේ කොහෙද පොඩි කලබලයක්යෑ තිබුනේ...
නෑ ..නෑ රසයි අම්මා...මම මේ නිකමට හිනා උනේ..
හේනේ ගොයියා අර උන්දෑව දැන් හතරගාතෙන් තමයි අරන් එන්නේ ....
අම්මා එසේ කිවේ සුමන දාස මාමා ගැන විය යුතුය..
සුමනේ මාමා විතරක් නෙමේ අම්මේ අද අප්පච්චියි වීරේ මාමායි එන්නෙත් හතර ගාතෙන් තමයි...මම දැක්කා රා මුට්ටි දෙකක්ම හේනේ මාමා කිතුලෙන් බානවා..
මා කේලම කීවේ වෙනදා පුරුද්දටය..
එයිනේ බීලා මෙතන...අර වීරේ උන්දැත් බලන්නෙපැයි..මැණිකා දෝණි එකක් ඉස්පිරිතාලේ මුන්දෑ මෙතන උගුඩුවා වගේ බොනවා...
අම්මා කීවේ එතරම් කෝපයෙන් නොවේ...අප්පච්චී මෙන්ම වීරේ මාමාද මත පුරුද්දක් කරගත්තවුන් නොවේ ..අම්මා එය හොඳින් දනී..
අම්මා මම ටිකක් නිදාගන්ටේ කියලා...උදැහැනැක්කේම යන්ට එපැයි..රාජකාරි එමටයි..අපේ අම්මා පිරිත් අහවර උනාම මට කතාකරන්න ..ඉස්පිරිතාලේත් ගිහින් යන්ටෝනේ...
මා එසේ කීවේ පිලේ වූ පැදුර මත නිදාගන්නා ගමන් ය.
__________________________________________
රෝහල් බිම බොහෝ නිස්කලංකය.අරලියා මල් සුවඳ රෝහල් බිම පුරා පැතිර ගොසිනි...බෙහෙත් ගඳ වසන්නට අරලියා සුවඳ මනා පිටුවහලක් වී තිබේ...
හදසයේ වාට්ටුව කොහේද ? මා අසල වු දෙද නිළදාරියෙකුගෙන් විමසුවේ සොයාගැනීමට බැරිම තැන ය..
අර තියෙන්නේ'යි රෝහල් සේවකයා පෙන්වූ දෙසට මා ගමන් ගතිමි..ඉහල ලෑල්ල මත නොම්මර දහසය සනිටුවහන් කර තිබිනි...අතලොස්සක් වූ රෝගීන් අතර මලිති සොයා ගැනීම අසීරු නොවිනි...මලිති සිටි ඇඳ අසලම තරුණයෙකු විය..මනා දේහධාරී ඔහු සිටියේ මලිතිට ගෑවෙන නොගෑවෙන දුරිනි...බැලූ බැල්මට ඔහු වෛද්‍ය වරයෙකු නොවේ යැයි පැහැදිලිය...
මා සෙමෙන් මලිති වෙත ලඟවීමි...
මලිතිගේ දෑස් සුවිසල් විය.සුවිසල් දෑස් මතට කඳුළු එක් වූයේ හදිසියේ විවරකල සොරොව්වකින් දිය වේලි පුරවනවා සේය..
මගේ අයියා...'යි කියා මලිති අපහසුවෙන් ඇඳෙන් බැස මා අසලටම හැල්මේ එන්නට විය...
අනේ මගේ දෙයියෝ මං බලන්න ඇවිත්..අනේ සුමන සමන් දෙයියන්ට ස්තූතිවෙන්න මයේ මේ අත කැඩුනට කමක් නැහැ අයියා බලන්ට පුළුවන් උනානේ...මලිති එක හුස්මට කියවන්නේ දෑසේ කඳුළු පුරවගෙනය...
මලිතිගේ ඇඳ අසළ වූ තරුණයා යන්නට සැරසුනි...
මලිති මම ගිහින් එන්නම්..පොඩි වැඩ වගයක් තියනවා නුවර යනගමන් මම මේ මලිතියි අප්පච්චීයි බලලම යන්න කියලා හිතුවේ...එහෙනම් මම ගිහින් එන්නම්
ඔහු එසේ කියා යන්නට සැරසුනේ මා වෙතද මද සිනාවකින් සංග්‍රහ කරමිනි...
චුට්ටක් ඉන්ට මහත්තයා....මලිති එසේ කීවේ බොහෝ හැඟුම්බරව ය..
මහත්තයා මේ බණ්ඩාර අයියා...බණ්ඩාර අයියේ මේ මහත්තයා තමයි මාවයි අප්පච්චිවයි ස්පිරිතාලෙට ගෙනාවේ..
නියඟලා 15 කොටස
හිත තුල වු නිදහස නික්මගොස් තිබෙන සෙයකි...මලිති රෝහල් බිම යැයි නොබලාම මා පපුවට තුරුළුවී ගෙනමය...මා මලිති මෑත් කරන්නට උත්සහ දැරුවේ නැත ..මලිති හඬයි සුසුම්ලයි
..මා සියල්ලට ඉඩදී බලා සිටියෙමි..
අයියේ මොනාහරි කතා කරන්න....මොකද මේ බිල්ලා වගේ
...
මලිති අහින්සකව සිනාසෙයි...
මා මලිතිගේ සුරත ගෙන සෙමින් පිරිමදින්නට විය...
සනීපයි.....මලිති එසේ කීවේ අඩවන් නෙතිනි...
හුඟාක් රිදෙනවද මලිති...
න් නැහැ දැන් අයියා ඉන්නවනේ දැන් රිදෙන්නෑ...
ගැහැනියක මෙතරම් අහින්සක විය හැකිද? මා මලිති තුලින් දුටුවේ සෑම දිනකදිම මේ අවිහින්සකත්වය පමනි...ඉන් ඔබ්බට මා මලිතිගෙන් කිසිවක් පැතුවේ නැත...
මා මලිතිගේ නලළත සිපගතිමි...
පවු මගේ මැණික මාත් එක්ක කතා කරන්න නෑවිත් හිටියනම් මේ වින්නැහිය වෙන්නෑ...
අයියා එහෙම කියන්නෙපා....මලිති කීවේ තව තවත් පපුවට තුරුළුවෙමිනි...
බොහෝ වේලාවක් මම මලිති හා පිළිසඳරේ යෙදුනෙමි..උදෑසන හයටත් කිට්ටුය...මලිති කෝ නැද්දා...
අම්මා උදේම ගෙදර ගියා අඳින්ට රෙදි මොකවත් අරන් එන්ටේ කියලා..අයියට හමුවුනේ නැතෙයි...
අනේ නැහැ මලිති...මට මුනගැසුන්නෑ...
මලිති මම ගිහින් එන්නම්...මට පරක්කු වෙනවා...උදේ වැඩට ඉන්නත් එපෑය..
අපේ මහත්තයගේ වාහනේ දෙන්නත් එපැයි...මහත්තයගේ ඩ්‍රයිවරුත් එලියේ ඉන්නවා..
අනේ මයේ මහත්තයෝ එක විනාඩියක් ඉඳලා යන්න.....න්..න්..නෑ..යන්න දළඳා හාමුදුරුවන්ගේ පිහිටින් ..සුමන සමන් දෙවියන්ගේ පිහිටින් යන්න...පරිස්සමට යන්න මගේ මහත්තයෝ....මට ඉන්ටේ කියන්න බැහැ රාජකාරියට ගිහින් තවම හරි දවසක්වත් උනායැ...
____________________________________
මා මලිතිගෙන් සමුගත්තේ දැඩි වේදනාවකිනි...මා මලිතිට මෙතරම් පෙම් කරන්නේ කුමක් නිසාදැයි මටම පැණයකි...සමහරවිට මලිති මා හට ප්‍රේමය දෙන තරමටම මා මලිතිටත් එය දෙනවා විය යුතුය..
සුමනදාස මාමා තවමත් තරමක බමන මතිනි...
සුමනදාස මාමාට අමාරුයි වගේ...මා එසේ කීවේ සුමනදාස මාමා ඉන්න තත්වය වටහාගනු පිණිසය...
අනේ නැහැ මහත්තයෝ..වෙනදාටත් වඩා හොඳයි..මහත්තයලෑ ගමේ ඉන්නේ මසුරං මිනිස්සු නොවැ...අන්න නියම මිනිස්සු ..පිටගං කාරයෙක් ගම්මානෙට එනවානම් ඔන්න ඔහොමයි සලකන්න ඹ්නේ..
සුමනදාස මාමාට අපේ ගම හොඳින් හිතට අල්ලලා වාගේය...
අරවින්ද මහත්තයා ලබන මාසේ නිවාඩුවට ගමේ යනකොට මමත් එන්නම්..අර හේනේ ගොයියා දැන් මගේ යස මිත්‍රයා...මට හේනේ ගොයියත් එක්ක ඉන්න බැරියැයි ටික දවසක්...
සුමනදාස මාමා ඔහේ දොඩවයි...මගේ හිත මලිති සමඟය...
අරවින්ද මහත්තයා ඔය ශීට් එක පහතට දාගෙන ටිකක් නිදාගන්න...දැන් ගිහින් රාජකාරි කරන්නත් එපෑය....මමනම් ගිහින් හොඳට නිදාගන්නවා..
සුමනදාස මාමා එසේ කියා නිමා වීමටත් ප්‍රථම මා නිදාගතිමි...මලිති නෙත් අතර අපූරු සිත්තම් අඳිමින් සිටී.....
නෙතට හොරා....
හද රාව නඟා
සොයයි නුඹ් රුව
හෙමින් සැරේ
නෙත කඳුළු ගලා
හිත කීතු ගසා
නුඔ කොහෙද සඳේ
මා ලඟද නැතේ....
හිත නැඟුනු සියුම් පද පේලි අතරින් නෙත නිදි සුව සොයා ගොසිනි.......
Friday, 6 January 2012
මේ අද දවසයි........
හිතේ කිසිම අදහසක් නැතුව නිකම්ම නිකං පුරන් වෙච්ච දවස් තිබිලා තියනවාද? එහෙම දවස් හරිම පාළුයි ..හරියටම වහින්න ඔන්න මෙන්න අහසක් වගේ...අරමුණක නාමයක්වත් නැහැ..
ජීවිතේ වෙලාවකට හරිම පුදුමයි...එක එක වෙලාවට එක එක පැති වලට ගලන ගඟක් වගේ ...හිතා ගන්න බැහැ තව විනාඩි කිහිපයකින් මොනවා කරාවිද? මොනවා හිතේවිද කියලා...සමහර විට ඔයාලා කියාවි හිත මෙල්ල කරගන්න කියලා..මේ අහන්න....ඔයාලත් එහෙම කලාද? නැහැ නේද? කියන තරම්ම ලේසියෙන් එහෙම දේවල් කරන්න අපහසුයි..
අද අළුත් දවසක්...අළුත්ම අළුත් දවසක්...සැබෑවටම මේ අද කියන දවසේ මොනවද අළුත්....පරණ ඉරමයි..ගේ ඉස්සරහා ඉද්ද ගහ දවස් ගානක් මහන්සි වෙලා මල් ටිකක් පුබුදවලා..පරන පෙති දිගහැරිලාම විතරයි...ගේ ලඟ අඹ ගහේ කූඩුවක බිත්තර තිබුනා දවස් ගානක් අන්න අද කිචි බිචි ගානවා මම හිතන්නේ පැටව් අද එළිය දැකලා...කිරිලිලියි කුරුල්ලයි කොච්චරනම් වෙහෙසුනාද මේ බිත්තර රැකගන්න..රෑ දවල් නැතුව මහන්සිවුන මහන්සියේ ප්‍රතිඵල තමයි අද මේ කුරුළු දෙමව්පියෝ විඳින්නේ...
අද කියන දවසේ තියන හැම දෙයක්ම ඊයෙන් ගෙනාපුවා..අද කියන දවසේ දේවල් හෙටට...අපි හැමදාම දකින ඉර ලෝකේ වටේ රවුමක් ගිහින් පැමිනි පලියට අළුත් දිනක් මැවෙනවානම් අපේ ජීවිත කොච්චර සුන්දර වේවිද? සැබවින්ම ඊයේ කියන දවසින් ගෙනාපු කිසිවක්ම නැති අළුත්ම අළුත් දවසක්....එහෙම දවසක් කොච්චර සුන්දර හිනයක් වේවිද?
__________________
ප.ලි
සමහරක් රාත්‍රී බොහෝ දිගුය
මුත් රාත්‍රිය එබැව් දන්නේවත් නැත...
රාත්‍රිය හිරු එන තෙක් පමණි
ඉන්පසුව උදෑසනය
නැතිනම් දහවලය....
එසේත් නැතිනම් හැන්දෑවම ය....
රැයට කිසිත් නැත සිතන්නට ඉන් ඔබ්බට
නියතවම හිරු රැගෙන එනවා සත්තයි
යලිත් රාත්‍රිය......................
Thursday, 5 January 2012
අප්පච්චි.............
"පලක් නැහැ මේ කන්නෙත් ඉවරයි"
යැයි අප්පච්චි කියන්නේ මක් නිසාදැයි මම අදටත් දන්නේ නැත..ඉනික්බිති වි වේලා අටුව පුරවයි...ඉතිරි වී විකුණයි ..
යමෙකු විමසුවහොත් මෙවර කණ්නයේ වි වැඩි මිලට විකුණා ලාභ ලැබුවාදැයි ඔහු නියතවම කියන්නේ
"ගිය කන්නයේ සෙතේම තමයි අතකොල්ලෙට දීලා දැම්මා" යනුවෙනි..
කිසි දොසක් නැත අප්පච්චිගේ කුඹුරක් කිසි දිනක පාඩු ලබා නැත...
යමෙකු ඔහු ලෝබයෙකු සේ දකියි...මුත් උපයනා සියල්ල දන්නා දවසේ සිට එක්කලේ අක්කාගේ සහ මගේ ගිනුම් වලටය...
"කෙල්ලව හොඳ දිගෙක දුන්නනම් මම නිදහස්...කොල්ල ගැන බය වෙන්ට දෙයක් නැහැ"
අප්පච්චී අටුව පුරවන්නා සේ අප ගිණුම් පුරවයි ..කාටත් හොරෙන් එදෙස බලයි..සතුටුවෙයි...
ලන්ද ඉපනැල්ල අප්පච්චීට මහ ගෙදරය..දෙපතුල දුටු තැන ඉපනැල්ල නැවෙයි..එය බොහෝ ගොරහැඩිය...අත්ල කොතරම් ගොරහැඩිද? කුඩා කල මම අප්පච්චිගේ අත්ල ස්පර්ශ කර යලිත් මා අත්ල ස්පර්ශ කරයි ..එය අත්ලකට වඩා කළුගලකට සමාන ය.
මූකලාන හේනක් වන්නේ බලා ඉඳිද්දීමය..
මූකලාන හේනක් වන්නේ බලා ඉඳිද්දීමය..
"උඔලගේ මහ එකා හරි අත්ගුණ කාරයා" යි ගැමියන් නිතරම කියනවා මා අසා තිබේ..සැබවකි ඔහු කල කිසිම කාර්‍යයක් අඩපණ නැත...නියතවම ඵල දරයි...
ගමේ මළ ගෙයක් ,දානයක්,මඟුලක් ඔහු වරද්දන්නේ නැත..එවන් අවස්ථාවල ගැමියන් පළමුව සොයා එන්නේ අප්පච්චීවය...එලෙස එන ගැමියන් කිසිදු විටක සනසවන්නේ නැතිව අප්පච්චී පිට කලානම් එය පුදුමයකි..
අප්පච්චී දැන් පනස් හැවිරිදිය..

නිතරම නොකෑවත් ඉඳහිට කන බුලත් විටින් ඔහුගේ දත් කිහිපයක් අවපැහැ වීය..එය හැරුනු කොට වැහැරුනු ලක්ෂන ඔහු කෙරෙහි නැත..තවම උදැල්ල හුරුය...නැතහොත් උදැල්ල අප්පච්චීට අවනතය..
පන්සල අප්පච්චීගේ දෙවන නිවහනයි..බුදුන් වැඳීම නිතරම නොකලත් අප්පච්චී පන්සලේ කාලය ගත කරයි..ඉඳ හිට බුදු බණද,බණ කවිද කියයි,තවත් විටක දර්මය විචාරය කරයි,දෙවියන් පිලිබඳ තිබෙන්නේ දැඩි ලෙන්ගතු බවකි..අයියනායක දෙයියන් බුදුන් තනතුරේ තබා උපස්ථාන කරයි..තෙල් මල් පුදයි,
අනෝරා වැහි අප්පච්චීට හිතට සහනයකි..තාවුල්ල දෙස බලාගෙන වැහි දින වලදී ඹහු සිටින්නේ හිසට හබරළ කොළයක් හෝ කෙහෙල් කොළයක්වත් නැතිවය..අප්පච්චී එදෙස බලා සිටීමෙන් අපිරිමිත චිත්ත ප්‍රීතියක් ලබයි නිරාමිස සුවයක් ලබයි...අප්පච්චී ජීවිතය විඳින්නෙකැයි විටක මට සිතේ...
නියං කාලයක් ලැබීය. මුත් අප්පච්චිගේ එකදු කුඹුරක් හෝ පාළු වී හෝ විනාශ වී නැත..වඩා හොඳින් කුඹුරු වැඩී තිබේ..

නියං කාලයේ අක්කාගේ හිත ප්‍රේමය වපුරා තිබිනි..ප්‍රේමයෙන් අක්කා මං මුලාවී සිටියේ යැයි විටක මට සිතුනි..නියං සමය අවසන් විමටත් මත්තෙන් අක්කා ප්‍රේමය සොයා කැදැල්ල හැරදා ගොස් තිබුනි..
අප්පච්චී කෝප වු බවක් හෝ වික්ශිප්ත වූ බවක් මට දැනුනේ නැත...අක්කා ගැන අප්පච්චිගෙන් විමසු ගැමියෙකුට අප්පච්චි කීවේ
"දැන් කෙලීගේ කල වයස හරි නොවෑ පෙළවහක් කරගත්තට මගේ අමනාපයක් නැහැ " කියාය..
මුත් අප්පච්චි අසීමිතව එම සිද්දියෙන් විඳවනා බව මා දැනගත්තේ අක්කා විසින් ගෙවත්තේ පැළකර තබුනු මනාව වැඩුනු පීදින්නට දින ගනිමින් තිබුනු රත් කෙසෙල් පඳුර සුනුවිසුනු වන්නට කැතිගා තිබෙනු දැකීමෙන් පසුවය...
අප්පච්චි දින කිහිපයකට පසුව ගමේ පුලන්නන් කිහිපදෙනෙකු කැඳවා අටුවේ ලූ වී විශාල ප්‍රමානයක් බෙදා දුන්නේ
අප්පච්චි දින කිහිපයකට පසුව ගමේ පුලන්නන් කිහිපදෙනෙකු කැඳවා අටුවේ ලූ වී විශාල ප්‍රමානයක් බෙදා දුන්නේ
"දැන් මේව කන්න එකෙක් අඩුයි නොවැ" කියමිනි...
අක්කා ගැබ් ගෙන තිබෙන බව අප්පච්චී දැනගත්තේ කන්දේ ගෙදර සෝමා නැන්දා මගිනි..මා පසුව දැනගත් පරිදි අප්පච්චී අක්කාට නොකියන පොරොන්දුව මත සෝමා නැන්දා යවනා මෙන් කලමනා විශාල ප්‍රමාණයක් අක්කාට යවා තිබිනි..
අක්කා පුතෙකු වැදු බව අප්පච්චී දැනගත්තේද සෝමා නැන්දාගේ මාර්ගයෙනි...අප්පච්චී එවෙලම මරක්කලයෙක් සොයා ගොස් අප්පච්චිගේ මුත්තෙකුගෙන් තෑගි ලැබුනු රන් කාසියක් මකවා මාලයක් සදවා පුතුට යවා තිබුනි...
මුත් කවරදාකවත් අප්පච්චි මුනුබුරා දැකිමට ගියේ නැත..ගම්මුන්ට තිබෙන බිය හා ලැජ්ජාව නිසා අක්කා ගම් තුලානට පැමිනියේද නැත..
ඉඩෝරයකට අහස අරඅදින බව දැන දැනත් අප්පච්චී කුඹුරු වැඩ වෙනදාටත් වඩා උනන්දුවෙන් කලේ උදව්වට පැමිනි ගම්මුන්ට "දැන් මේවා පරිභෝජනය කරන්න තවත් එකෙක් ඉන්නවා "යි කියමිනි...
අප්පච්චී වෙනදා නැති උද්දාමයකින් අටුව පුරවනු ලැබිනි...

."කොළු පැටියෙක් නිසා හොඳට කන්න බොන්න තියෙන්න එපැයි" අප්පච්චි එසේ ගම්මුන්ට කියනවා මා අසා තිබිනි...
අප්පච්චී මෙතරම්ම රාජකාරී අතර විටින් විට වැට කඩුල්ල බලයි...මුත් ඉන් බෝහෝ දුරක හිත ගොස් තිබේ...වැට කඩුල්ලේ රැඳුනු දැස දිලිහෙයි..එම දෑස නියතවම මුනුඹුරා හුරතල් කරනවා විය යුතුය..පසුව කවරදාකවත් නොදුටු කඳුළු අප්පච්චිගේ නෙත තෙත් කරයි.....
අප්පච්චීට යාන්තමින් හෝ වැටහුනොත් මා අප්පච්චිගේ වෙනස දුටුවා යැයි ඔහු නිතරම කියන්නේ

"මේ වැහි කෝඩේ කවදා එයිද මන්දා කුඹුරුනම් මෙදා පොටේ පාළු වෙන හැඩයි..වැවත් හොඳටෝම හිඳිලා..ඉක්මනින් මේ වැහි කෝඩේ මේ දිහාට සේන්දු උනොත් හොඳයි" කියා ය..
මමද පතන්නේ එයමය අප්පච්චිගේ හද කුඹුරට දියවර ගෙන මුනුඹුරාට වඩින්නට කියා ය.
මමද පතන්නේ එයමය අප්පච්චිගේ හද කුඹුරට දියවර ගෙන මුනුඹුරාට වඩින්නට කියා ය.
Subscribe to:
Posts (Atom)