Thursday 29 December 2011

නියඟලා...22 -23 පරිච්ඡ්ද...










_____________________22____________

මා දෙපය පණ නැතිව ගියාක් මෙනි..හිස තෝන්තු විය..මා හට කුමක් සිදුවුනිදැයි මටම අදහා ගත නොහැකි විය......


අරවින්ද මොකක් හරි ප්‍රශ්ණයක්ද?


නිලූශී එසේ අසන තෙක් මා සිටියේ මොකක්දෝ මොදන්නා පාලු මූසල ලොවකය.....


මලිති එද්දි ට්‍රැක්ටරේ පෙරලිලා.....වැව් බැම්ම ලඟදී..


මොකක්....එයාලට කරදරයක් නෑ නේද? 


නෑ නිලූශී .....මලිතිගේ අතක් කැඩිලලු...


අයියෝ...පවු....දැන් මොකද කරන්නේ....පවු දෙයියනේ 


අනේ මට වතුර එකක් දෙන්න නිලූශි....


නිලූශි හනිකට ගොස් වතුර වීදුරුවක් ගෙනෙද්දී මා අසල වූ පුටුවේ හිඳ ගතිමි.....


මා හැල්මේ වතුර වීදුරුව බීගෙන බිගෙන ගියෙමි.....


අරවින්ද රිලැක්ස් වෙන්න.....කලබල වෙන්න එපා.....අපි හිමීට මොකක් හරි කරමු.....
මා කුමක් කිව යුතුදැයි වැටහීමක් නැත.....


දැන් අපි මොකද කරන්නේ.....ගිය අනිත් අයට කරදරයක් නෑ නේද?


නැහැලු.....


මා පිළිතුරු දුන්නේ කිසිදු වගකීමකින් තොරවය....


ඉන්න අරවින්ද මම වෙනුරට මේක කියලා එන්නම්...බලමු අපි මොකක් හරි කරන්න....


මා බොහෝ වේලාවක් වාඩිවී සිටියේ කල යුතු දෙයක් සිහියට නොපැමිනි නිසාවෙනි...


අරවින්ද ප්‍රශ්ණයක්ලු නේද?


අනේ ඔව් සර්....බලන්නකෝ වෙලා තියන දෙයක්...


දැන් අරවින්ද මොකක්ද කරන්න හදන්නේ?


මට මොනවත් හිතාගන්න බැහැ.....


ගමේ ගියොත් හොඳයි නේද?


නමුත් සර් නිවාඩු ගන්න එක හරි මදි නේද? තාම සති දෙකක්වත් නැහැනේ....


මමත් කල්පනා කලේ ඔය දේම තමයි......


ඔයාට හෙට කොහේවත් යන්න තියනවද හදිසි ගමන් එහෙම....


නිලූශි එසේ විමසුවේ වෙනුර මහතාගේ දෑතේම දැවටීය....


මම හිතන්නේ නිලූ කියන්න හදන්නේත් මම කියන දේම තමයි....


වෙනුර මහතා එසේ පැවසුවේ බැරෑරුම් බැල්මක්ද සමඟනි...


මොවුන් සූදානම් වන්නේ කුමකටදැයි මට තවත් පෙහෙලිකාවක් විය...සමහර විට වෙනුර මහතා නිවාඩු අනුමත කර දීමට සූදානම් වනවා විය යුතුය....


වෙනුර මහතා අසල වූ දුරකථනයෙන් අමතා කිසිවෙකුට එන්නැයි කියනවා යාන්තමට ඇසිනි.....


ඇසිල්ලකින් සුමනදාස මාමා එහි විය....


සුමනදාස මේ අරවින්ද මහත්තයා එක්ක ගමේ ගිහින් එන්න ලැස්ති වෙන්න...හෙට උදේම එන්න....බලාගෙන රෑ ඩ්‍රයිව් කරන්න...මීදුම එහෙමත් ඇති....පරිස්සමට ගිහින් එන්න...


වෙනුර මහතා හදිසියේ කියූ වදන් මට අදහා ගත නොහැකි විය....


අනේ සර් කරදර වෙන්න එපා..පුලුවන්නම් මට නිවාඩුවක් අරන් දෙන්න....


නෑ..නෑ ...අරවින්ද එහෙම කරන එක හරි මදි... අරවින්ද යන ගමන් ටිකක් නිදා ගන්න ...හෙට උදේ හොස්පිට්ල් ගිහින් එහෙම්මම ඉක්මනට එන්න....


කල යුතු දෙයක් සිතා ගන්නටවත් බැරි විය...වෙනුර මහතාට ස්තූති කල යුතු අයුරු මට වැටහුනේ නැත...මා වෙනුර මහතා දෙපය ලඟ දණ නමා වැන්දෙමි.....


අනේ මේ මොකද දරුවෝ.....වෙනුර මහතාගේ මෙන්ම නිලූශිගේ දෑසේද කඳුලු පිරෙනු දුටු මම බිම බලා ගතිමි...


අන් දුකේදි උණුවන හිතක් ඇති වෙනුර මහතා වැන්නෙකුට දණ ගසා වැදීම පවක් නොවේ...වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු මහත්මයකි...


දැන් යන්න අරවින්ද තව පරක්කු වෙන්න එපා ..උදේම එන්න....


එසේ කියා ඔහු නිවස තුලට ගියේ නිලූශිට පමණක් ඇසෙන හඬින් පවු අහින්සකයායි කියමිනි... 


____________________23________________
වේලාව රාත්‍රී දහය පහු වූවා පමණි...බෝ ගස අසල කුඹුරු යායෙන් එහාට වාහනය ගමන් කල නොහැක...අසල් වැසියෝ රෑ යැයිද නොබලා නිවෙස්හී කුප්පි ලාම්පු දල්වා බලති...බල්ලෝ මහ හඩින් බුරති....


වක්කඩ දියෙන් පිරි තිබුනි...මෝටර් රථය බෝ ගස ලඟ නවත්වා සුමනදාස මාමාද කැටුව හේනේ කඩුල්ලෙන් පැන අඩි පාර දිගේ මා නිවෙස බලා පිය මැන්නෙමි...


තවත් දුර යන්න ඹ්නෙද අරවින්ද මහත්තයෝ...


නෑ නෑ තව ටිකයි...මා එසේ කිවේ සුමනදාස මාමා අස්වැසිමය...පැමිනි තරම් දුර තව යායුතුව තිබේ...


සුමන දාස මාමා දන්නවාද අර කන්ද මොකක්ද කියලා....


නෑ....


ඹ්ක තමයි නකල්ස් කදු යාය කියන්නේ .....අපේ ගෙවල් තියෙන්නේ ඔය පාමුල...


අප්පේ තවත් දුරද?...මේ පලාතේ අසනිපයක් කරදරයක් උනොත් සමන් දෙයියන්ගේ පිහිටම තමයි...


මේ කඳු යායට එපිටින් තියෙන්නේ සමනළ කඳු යාය....හරිම ලස්සනයි.. නමුත් මෙහේ ජීවිත හරිම කටුකයි මාමේ...කොටි දිවි වලස්සු විතරක් නෙමෙයි අලිත් එහෙමටයි..අපි ගෙවන්නේ මහා කරුම ජීවිතයක් මාමේ...


මට තේරෙනවා අරවින්ද මහත්තයෝ...මේ ගමනම මැදැයි විඳින දුක තේරුම් ගන්න....


අන්න අර තියෙන්නේ අපේ ගේ...


අප්පේ මැදැයි යාන්තම් ගේ දැක්කා....


නිවසේ කඩුල්ල පණිනවා සමගම බිස්ස යට සිටි කළුවා බුරා පැන්නත් පසුව මගේ හඬ  ඇසී සුපුරුදු ලෙස නකුට වනන්නට විය......


අප්පච්චී....අප්පච්චී.....මා තරමක් හඬින් කථා කලෙමි...


කවුද කවුද? මේ දෙගොඩහරියේ යි කියමින් නිදි ගැට කඩමින් අප්පච්චි දොර විවර කර මවිතව මදෙස බැලීය....


ඩිංගිරි මැනිකෝ..මෙන්න බණ්ඩාරේ ඇවිත්....අප්පච්චී කීවේ ඉහ වහ ගිය සතුටිනි...


අප්පච්චී දින කිහිපයට බොහෝ සේ දුබලව ගොසිනි....ඔහු දුටු මනෙතට කඳුලු පිරිනි...


අම්මා නිවසින් පිටතට පැමිනියේ සුභ සිහිනයක් දුටු කුඩා දරුවෙකු ලෙසය...


අනේ ගෙට එන්ට මුලින්ම මේ රෑ පිණි බාලා අසනීපයක්වත් හැදුනොත්.....


යමු යමු ගෙට මටනම් මහ සීතලකුත් දැනෙනවා....සුමන දාස මාමා එසේ කෙඳුරුවේ දෑතම කම්මුල් මත තද කර ගනිමිනි....


අනේ අප්පච්චි මොකක්ද මේ සිද්දවුනාය කියන විපැත්තිය...


ඔව්වා ඔහොම තමයි දරුවෝ.....මොනදේ වෙන්නෙත් හොඳට කියලා කතාවක් තියනවා නොවැ...


අප්පච්චි කථා කරන්නේ සියළු ඉඳුරන් දමනය කල එකෙකු මෙනි..


වීරෙගේ කෙලීගේ අතට කාලයක් බෙහෙත් කරන්න වේවි මයර හිතේ...


මලිතිට හුඟාක් අමාරුද අප්පච්චි..


අත දෙතුන් පලකින්ම කැඩිලය කියන්නේ....පවු අහින්සක දැරිවි..


සූරිට කොච්චර කීවත් අඑන එකෙක් යෑ..අර බේබද්දගේ ට්‍රැක්ටරේමනේ කොච්චර කීවත් අරන් එන්නේ...


අම්මා කීවේ තද කෝපයෙනි.....


දරුවෝ මේ මහත්තයාටත් එක්ක කෝපි එකක් හදාගෙන එන්න කෝපි බොනවද දන්නෑ..


අප්පේ මෙ ඔය ඹ්න එකක්...සුමනදාස මාමා කිවේ තරමක හඬින් අන් අයද හිනස්සමිනි...


ලොකු බණ්ඩාරේ......ලොකු බණ්ඩාරේ.....


පිටතින් මහ හඬින් යමෙකු කෑ ගසනවා ඇසෙයි


හේනේ ගොයියා මම බලල එන්නම් කී අප්පච්චී පිටුපස සුමනදාස මාමාද ගිය හෙයින් මම අම්මා සමඟ කුස්සියට විනි...


අම්මේ මොනාද උයලා තියෙන්නේ..බඩගිනියි...මා එසේ විමසුවේ කෝපි හදන අම්මාගේ උරහිසට නිකට තබාය..


අප්පේ අපි කොහොමැයි දන්නේ බොලා එනෝ කියලා..මම ඉක්මනින් මොනා හරි රත් කරලා ගන්නම්...


අම්මේ කරවල කැල්ලක් තියනවානම් තෙලට දාලා දෙන්නකෝ...


අම්මා මම වීරේ මාමාලෑ ගෙවල් දිහෑට ගිහින් එන්නම්..


මේ කෝපි එක බීලා යන්න පුතේ..මම හුලු අත්තක් ලෑස්ති කරන්නම්...

No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..