Saturday 11 February 2012

අමතක වීම......




කන් පෙති විවර කලෙමි

නොයිඳුල් හැඬුමට

තෙත බරිතව විය හැක

තවම නැවුම් නිසා නුඹ...


හතරයි විස්සයි...


සටහන් කොට ගතිමි

මනසේ නොමැකෙනා ලෙස

හැඬූ මුල් වර............



සිපගන්ට මග බලයි නෙත

වැලඳ ගෙන සියුම් ලෙස

රිදේවී දෝ මීට

අතගා ගති මම රැවුල......



නවගමුවට නවයක්ද

දොලගමුවට දොලහක්ද

පඬුරුලෑ මතක අග

නුඹ පැමින නව ලොවට...




වින්නඹුව පැමින මට

පුතෙක් බව කී විගස

පිපුණු මල් ඉහ මත්ත

දෙනෙතඟට කඳුලු ගෙන..




සිද්ධ පත්තිනි මවට


බණ්ඩාර දෙයියන්ට

අයිය නායක නමට

භාර උනි පුතු සෙතට............



නුඹේ මව් රැක දෙන්ට

දෙයියන්ට කියන්නට

අමතකව ගිය ටිකට

අරන් ගොස් දෙවියන්ම.....
.


(කලකට ඉහත ලියන ලද්දකි)

10 comments:

  1. කොච්චර සතුටින් කියවපු කවියක්ද?අන්තිමට ඒ විදියට ඉවර කලේ.අන්තිම පද පේලිය වෙදනාවක් ඇති කලේ.

    ඒත් නිර්මාණයේ කිසිම අඩුවක් නැහැ හැමදාම වගේ සුපිරියි..

    ReplyDelete
  2. අනේ හරිම දුකයිනෙ අවසානය....කොහොම උනත් නිර්මාණය සාර්ථකයි. හැබැයි මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.දොලගමුව තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
    Replies
    1. කාව්‍යත් ඉදලා ඉදලා ඇහුවේ හරිම ප්‍රශ්නයක් නේ..අයියෝ මම නම් දන්නේ නෑ..

      Delete
    2. ඒක තමා කුමාරිහාමි මම නවගමුවනම් දන්නවා ඒත දොලගමුවනම් දන්නෙ නෑ මටත් එහෙට බාරයක් වෙන්න හිතුනා.මේක ඇත්තටම තියෙන තැනක්ද?

      Delete
  3. දොලගමුව සුප්‍රකට පත්තිනි දේවාලයක්...නොදන්නවානම් වැඩිහිටියෙක්ගෙන් අහගන්න....(පු.කු ඉතාලියේ ගම්නම් දීනි..)

    ReplyDelete
  4. Anthima ta una de gana dukai,,

    ReplyDelete
  5. අදමයි මේ පැත්තට ආවෙ...
    හරිම ලස්සන නිර්මාණයක්.. ඇයි එහෙම අවසාන කලේ ? ඒ අවසානය නැතත් දරු සෙනෙහස පිළිබදව ලස්සන නිර්මාණයක්නෙ. මේ දුක්බර අවසානය නිසා ලස්සන දරු සෙනෙහස ගැන අමතක වෙනව වගේ ........

    ReplyDelete
  6. හ්ෘදයන්ගමයි ! උස්සල පොළොවේ ගැහුවා වගේ . දක්ෂම කවියෙකුට ඇරෙන්න
    මේ දුක හිත ඇතුලේ මවන්න බෑ . sphilburg ගේ ෆිල්ම් ඒකක් බලනකොට ඇතිවෙන තිගැස්සීම
    අපුරුවට දැනෙනවා ! විශිෂ්ඨයි මල්ලි !

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..