Monday 19 March 2012

සබඳ ප්‍රේමය...


ආදරය කියන්නේ විරහව මේ තරම්ම තදින් ගෙනෙන දෙයක් කියලා දැනුනනම්, සත්තකයි කවරදාකවත් ආදරයනම් කරන්නෑ.

දුක හූල්ල හූල්ල කොට්ටයක් යට වැලපෙද්දි ලෝකයකට නොපෙනෙන්න කඳුළු හංගං හිටියේ කියන්න බැරි දුකකින්..ආදරෙන් මේවා ලබා ගත්තේ මම විහින්" වෙලාවකට හිත එහෙම කිව්වා"

කප්පරක් සිතුම් පැතුම් හිතේ මහ මෙරක් බරට තුරුළු කරන් සාර සංඛ කල්ප ලක්ෂයක් එකට ඉන්න පෙරුම් පුරපු හිත් දෙකක් ආයේ කවරදාකවත් එකතු නොවෙන්න දුරස් වුනාම හිතට දැනෙන හැඟීම් අකුරු කරන්න වචන කරන්න හරිම අමාරුයි අපහසුයි..

මම ආදරය කලා.."මගේ ආදරේ හරි දරුණුයි" පොඩ්ඩ එහා මෙහා වෙද්දි හොස්ස ලඟින් මැස්සා යන්න බැරි මම මොන කෙහෙල් මලකට ආදරය කලාද කියලා හිත මහා දුකකකින් මටම දෙස් තියාගන්නවා...

ජීවිතේ ගත්තු හැම හුස්මකටම නමක් ගමක් දෙන්න ලොකූ කාලයක් මම උත්සහ කලා ..පුළුවන් උපරිම සමහර විට ඊටත් වැඩිය උත්සහ කලා..එහෙම නමක් මටත් හොරෙන්ම ලියවුණා...
මැකිලා යයි කියලා හිතුවට කවරදාකවත් නොමැකෙන්න ඒ නමු හුස්මට එකතු වෙලා එහෙම නවතින්නැතුව ලේ වලටත් එකතු වෙලා ...තේරෙන සිංහලෙන් කියනවානම් ඇඟට පත්තියම් වෙලා..

මම හුඟාක් වැරදි කලා..මහා ලොකු අපරාධ නොවුනට කරපු සමහර දේවල් හුඟාක් දරුනුයි..බොළඳ අහින්සක ගෑණු හිතකට එහෙම දරුණු කම් දරාගන්න බැරිව ඇති.

අපි ආදරය කරන්න අරන් හා හා පුරා කියලා අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අපි හිතපුවත් නැති විදිහට අපිට වෙන් වෙන්න වෙලා..

හැම කෙනෙක්ම කැමති ආදරයෙන් එක් වීමක්ම විතරක් ලබන්න උනාට ආදරයට සමානුපාතික විරහව නිතරම ඊට හරස් වෙනවා..අපි ඒකට කොහොම නම් දාගත්තත් ඒක මහා දුකක්ම විතරයි......




කවුරුහරි ඇහුවොත් මගේ ආදරය නිසා එයාට මොනවද ලැබුනේ කියලා මම කවදාවත් පැකිලෙන්නේ නැහැ ඒ ලැබුනේ කඳුලු කියන්න.. මොකද ඒක තමයි යථාර්තය..මම වැරදි කරලා උත්සහ කලා එහෙම වැරදි කාගෙ හරි පිටින් දාලා හිත නිදහස් කරගන්න...මම වැරදියි ..සිය දහස් වරයක් නෙමෙයි ලක්ෂ කෝටි වාරයක් මගේ වැරදි වලට එයා සමාව දෙන්නැති..
නමුත් හුරු වැරදි පාරනම් මම වැරදියි...

මම එයාට දෙන්න අවශ්‍ය නිසි තැන දුන්නද කියලා මගේ හිත නිතරම ඇහුවා.."නැහැ" හිත දුන්නේ එහෙම පිළිතුරක්....

මගේ හිත පුදුමයි..."මෙච්චර මහ මෙරක් වගේ ආදරය කරපු කෙල්ලෙක්ගේ ආදරය ලබන්න බැරි අවාසනාවන්තයෙක් වුනා කියලා හිතෙත්දී මම මම ගැන ඇතිවෙන්නේ ලොකූ කලකිරීමකුයි ලැජ්ජාවකුයි විතරයි....




එයා අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරය කරනවාටත් වඩා මට ආදරේ කලා...වැඩිපුරම ගෙදරින් පිට හැදුනු නිසාද මන්දා මට අම්මගේ ආදරේ මහා ලොකුවට දැනුනේ නැහැ..මගේ පිටිපස්සෙන්ම වැටිලා ජීවිතේ හැම තැනදිම අත්වැලක් වුනානම්..පොඩි දරුවෙක්ට වගේ ආදරෙන් ජීවිතය කියලා දුන්නානම් ඒ වෙන කවුරුවත් නෙමෙයි එයාම තමයි...

මම වැරදි කලා..හුඟාක් ..මහා ගොඩක්..හැබැයි තේරුම් ගත්තේ පරක්කු වෙලා...ජීවිතේ පිටිපස්ස බලපු හැම වෙලාවකම මම මට අයිති දේවල් දැක්කේ නැවත ගිහින් ලබාගන්න බැරි හුඟාක් දුරකින්...මේකත් එහෙමයි...

ජීවිතේ අහිමිවීම කියන කාරණාවම විතරක් උරුම කරගෙන වෙන්නැති මම උපදින්නැත්තේ....එහෙම කියන්නේ හිත හදාගන්න...වෙන මොකටවත් නෙමෙයි..

"ඔබේ රුව රසඳුනක් වූවත්
කමක් නැහැ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වනු බැහැ දරා ගන්නට...."




ජීවිතේ කියන්නේ ඉරිසියාව හුඟාක් ඉහලින් වැජඹෙන තැනක් ... හිත මොකක්දෝ නොදන්න බැම්මකින් බැඳලා ..."උඹ වැරදියි" ජීවිතේ කවදාවත් නැතුව මට චෝදනා කරනවා..

හ්ම් මම වැරදියි.......කවදාවත්ම නැතුව මගේ හිතත් මටම වැරදි කියනවා..එයා අහින්සකයි..හැම ගෑණියෙක්ම වගේ බොළඳයි..එහෙම හිත පුරා ආදරය කරන්න පුළුවන් හිතක් මරලා දාපු මම නිවැරදියි කියලා කිව්වනම් තමයි පුදුම......

මම අසීමිතව දුක් වෙනවා...අසීමිතව විඳවනවා...එන්න...පුළුවන්නම්..හිත හැදුනහම..දන්නවද? හැම කටුක ගිම්හානයකටම පස්සේ ලස්සන වසන්තයක් තියනවා....නමුත් ඔයා කියාවි නැවතත් වසන්තයට පස්සේ දරාගන්න බැරි ගිම්හානයකුත් ඒවි කියලා...




6 comments:

  1. අනේ මන්දා මොනවා කියන්නද කියල.මේක තවත් එක කතාවක් ම පමනක්මනම් ඔබ බොහොම සාර්ථකයි.එත් මේ ඔයාගේ ජීවිතයනම්.................

    ReplyDelete
  2. හ්ම්.. එතකොට එහෙමයි අන්තිමට උනේ..

    මට පේන්නේ තවම පුංචි ඉඩක් තියනවා වගේ..

    ReplyDelete
  3. ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්..මරන්න මරන්න ඉපදෙනවා...කපන්න කපන්න දලු ලනවා..ඔයාට ඒ ආදරේ දැනුන නම් ඒකත් ලොකු දෙයක්..ඊට වඩා මොනාද...

    ReplyDelete
  4. ඇයි අනේ මෙහෙම සැරෙන් සැරේ රිද්දන්නේ..මේක මේ වෙදිහටම කෙනෙක්‌ මට කිව්වා ලිවුමකින්..කොල්ලෝ පසුතැවෙනවා..ඒත් ඒ වෙද්දි එයාලට ජිවිතේ දුන්න එයාලව ජීවත් කරවපු හැම කෙනෙක්‌වම නැති කරගෙන.මේක ඇත්ත කතාවක්‌නම් ඒ කෙනාට මේක කියන්න එපා ඔයා දැන් එයාව නැති කරගෙන ඉවරනම්..ඔය වචන ටික ඇති එයාව ජීවිත කාලයක්‌ම විඳවන තත්වෙට පත් කරන්න.හැමදාම එයා ඔයා කරන වැරදි ඉවසන් පස්‌සෙන්ම ආවත් බැරිම නිසා ඈත් වෙන්න ඇති.ඒත් ඒ දේ හිතකින් නෙමෙයි.ඒ අය තවමත් ඔයාට ආදරෙයි.

    ReplyDelete
  5. ආයෙත් මේ වගේ ලියන්න උනොත්..මම බලන් ඉන්නම් ඔයා කවදා හරි ජීවිතේ තේරුම්ගන්නකන්...

    ReplyDelete
  6. මේ තරම් ලොකු ආදරයක් තිබ්බ හිතක් කොහොම මේ විදියට කරාද කියලා හිතාගන්න බෑ.ඒ කියන්නේ ඔයා ඇත්තටම ආදරේ කරා කියන එකනේ.එහෙම නම් කොහොමද අන්තිමේ ඔයා යන්නම ගියේ..
    මමත් බලන් ඉන්නවා. එන්න... කවදා හරි එන්න..(ඒත් දැන් ඔයා වෙන කෙනෙක්ගේ...)මෙච්චර ලොකු ආදරයක් හිතේ තිබුන ඔයා කොහොමද එහෙම වෙන කෙනෙක්ගේ උනේ. මේවා වචන විතරමද...ඉන්න තැනක සතුටින් ඉන්න.මම සුබ පතනවා ඔයගේ ජිවිතේට..

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..