Sunday 13 November 2011

නියඟලා....09 කොටස



.එහෙනම් අරවින්ද මහත්තයා ලක ලෑස්ති උනානම් අපේ මහත්තයා බැය භාගෙකින් යන කතාවක් තමයි ඇහුනේ...


________________________________________________


මා හනි හනිකට ලෑස්ති උනෙමි...මෙවන් අයෙකු සමඟ රාත්‍රී අහර සඳහා පිටවීම මා භාග්‍යක් කොට සිතීමි...


විනාඩි කිහිපයකින් වෙනුර මහතා ලෑස්තිවී මා කාමරයේ දොරට තට්ටු කල හෙයින් මා ඉක්මනින් ඔහු හා එක්විය..


සුමනදාස ඉන්න...මම අරවින්ද මහත්තයා එක්ක යනවා...


මහත්තයාට පුලුවනෑ මේ රාත්තිරියේ වාහනේ ගෙනියන්න...


සුමනදාස හිතුවද මම දැන් වයසයි කියලා.....වෙනුර මහතා ඇසුවේ ඹ්නෑවටත් වඩා සිනා සෙමිනි...


වෙනුර මහතා මෙලෙස සිනා සෙනවා මා දුටු පළමු අවස්ථාව මෙයයි..


සුමනදාස මේ අරවින්ද මහත්තයාගේ කාමරේ අස් කරලා දානවා...මම මීට කලිනුත් කීවනේ දවස් දෙක තුනකට වතාවක් අස් පස් කරන්න කියලා...මේ මනුස්සයා රස්සාවට යනවා රෑ වෙලා එන්නේ......


හොඳමයි හොඳමයි අපේ මහත්තයා...සුමනදාය මාමා පිළිතුරු දෙන්නේ ඉතා යටහත් පහත් බවකිනි...වෙනුර මහතා මෙතරම්ම නිහතමානී අයෙකු යැයි මා කිසි විටක සිතුවේ නැත..


අපි යමු නේද අරවින්ද....


මාද අවනතව මෝටර් රියට ගොඩවීමී....


විනාඩි ගනනක ගමනකින් පසුව ඉතා නිස්කලංකල වූත් සුවපහසු වූත් අවන් හලක්යැයි සිතිය හැකි ස්ථානයකට අප ලඟා විය..


සැබවින්ම එය අපූරු ස්ථානයක් විය...ගලා යන දිය දහරකින් යුතු වූ මෙය රට බීම අලවි සැලක් යැයි මා ප්‍රත්‍යක්ශ කර ගතිමි....දැඩි සිතලක් සිරුර වෙලා ගෙන තිබිනි...මුහුදු රළ හඬ මනාව ඇසෙයි...ලුණු මුසු වූ සුළඟ දෙතොල ලුනු රස කර තිබිනි...මද අඳුරත් ඊටම ගැලපෙන මියුරු සිහින් සංගීතයත් මෙම ස්ථානයට අමුතුම නැවුම් බවක් එක්කොට තිබිනි...


අරවින්ද වාඩිවෙන්නැයි වෙනුර මහතාද අසුන් ගන්නා ගමන් මට අසුනක් පෙන්වීය..


අරවින්ද මොනවද බොන්න කැමති...


අනේ මහත්තයෝ මම ඔව්ව බොන්නෑ...අනික මට ඔව්වා පුරුදුත් නැහැ...


මා බිය වූ සෙයක් මටම දිස්වේ


ඔහ්....එහෙනම් අරවින්ද කන්න .....


හොඳමයි සර් 


වේටර් අත වූ මෙනුවෙහි යමක් සටහන් කල වෙනුර මහතා මා දෙස බලා සිනා සීය..


මමත් ගමේ හැදිච්ච මිනිහෙක් අරවින්ද....


මට අපේ හාමුදුරුවෝ කීවා..


මම අනුරාධ පුරේ වෙල් දෙනි වැව් තාවලු ගැමිකම මම හොඳට අඳුනනවා..නමුත් අරවින්ද මේ සමාජ ක්‍රමයත් එක්ක අපිට සමගාමිව යන්න වෙලා...මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ මේවගේ සමාජ ශාලා වලට එකතු වෙලා මේ අනිත් අයත් එක්ක එකතු නොවුනොත් අපි නිකම්ම නිකම් මිනිස්සු විතරක් වෙනවා...මම කියන්නෑ කොයි වෙලාවකවත් මේ ක්‍රමය නිවැරදියි කියලා..නමුත් මේ නිල තලත් එක්ක අපිට මේවට අනුවර්ථනය වෙන්න වෙලා...


වේටර් වරයා කළු පැහැති බෝතලයක් සහ තවත් කැම වර්ග කිහිපයක් මේසය මත තැබීය...


අරවින්ද බිය(ර්) එකක්වත් ගන්නැද්ද?


මම මීට කලින් අරන් නෑ සර්


මට වෙනුර මහතාට විරුද්ධ විය නොහැක..ඔහු මා ගැමි නෝන්ජලයෙකුයි සිතනවා විය හැකිය..


ඔහු නැවත වේටර් අමතා මොනවාදෝ ගෙන එන්නැයි කියනවා ඇසුනි ..


අරවින්ද බය වෙලාද?


න් නෑ සර්..


මම අරවින්දට බියර් එකක් ගේන්න කිව්වේ මමත් මේ වැඩේ ඉවර කරනකල් කම්මැලි කමක් නැතුව මාත් එක්ක ඉන්න..ඹහු එසේ කීවේ අසල වූ කළු පැහැති බෝතලය දෑසින් පෙන්නමිනි...


ඔහු බෝතලයේ මූඩිය විවර කලේ දැඩි පුරුදු කාරයෙකු ලෙසට...වීදුරුව මත හලා ගන් සැර බීම වෙවත් බීමකින් පදම් විය...විනීත ලෙස ඔහු එය තොල ගාන්නට විය..


ගන්න අරවින්ද


මා අසල වූ බියර් බොතලය වීදුරුවට දමද්දී එහි වූ පෙන වීදුරුව වසා මේසය මතද ඉහිරිනි..වෙනුර මහතා යාබදු ලෙස සිනහ විනි....


අරවින්ද මිනිස්සු මේවා පාවිච්චි කරන්න විවිධ හේතු හොයා ගන්නවා...දුක සතුට සමරන්න විතරක් නෙමෙයි ජීවිතේ අඩු පාඩ් මකා ගන්නත් පාවිච්චි කරනවා...


සර්ට දුකක් නැහැ සතුටට බොනවා...මම කීවේ තරමක හඩින් සිනා සෙමිනි..


හ්ම්..ඔහු එලෙස පිළිතුරු දුන්නේ මන්දගාමීවය...නැතිනම් කනස්සල්ලෙනි...


ලෝකෙට පේන අපි සුන්දර සතුට විතරක්ම තියන මිනිස්සු නමුත් අපි අපේ හිත් වල අන්තගාමියෝ ...නැත්නම් විඳවන්නෝ...


වෙනුර මහතා සූදානම් වන්නේ මහ විශාල කථාවක් කීමටය...


අරවින්ද සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල් වල ප්‍රශ්ණයක් උනහම කතා කරන්න විසඳුම් හොයන්න අනිත් අයට උදව් කරන්න මැදිහත් වෙන්න පුලුවන්...නමුත් මේ අපි ගෙවන උගත් බුද්ධිමත් ධනවත් කියන සමාජ ක්‍රමය එහෙම දේකටවත් ඉඉක් සලසන්නෑ...අපව ලැජ්ජාව අනිත් අය දැනගනීවි..අපහාස උපහාස කරාවි කියන සිතුවිල්ලෙන් යටපත් කරගෙන ඉන්නේ..


මම හිතන්නේ අපි හැමෝම ලැජ්ජාවට බයයි...මා වෙනුර මහතාගේ කථාවට හරස් විය..


අරවින්ද හරි නමුත් විශාල සමාජ වපසරියක ගැවසෙද්දි අපි ඊට වඩා තරමක් වෙනස් වෙනවා...


සර් හරි..මා එසේ කීවේ කීමට තරම් වැරැද්දක් එම කතාවේ නොඳුටු හෙයිනි...


අරවින්ද අපි අඬනවා ..ලෝකයක් ඉස්සරහා මහා හඬින් වීරයෝ වගේ හිනා වෙනවා..ඊට පස්සේ අර හිනාව සමරනවා...අපි විඳවනවා අරවින්ද තේරෙන සිංහලෙන් කීවොත් අපි විඳවනවා..


වෙනුර මහතා දෙවැනි තුන්වෙනි වර වීදුරුව පුරවා ගනිද්දී පළමු වර ඔහු කෙරෙන් දිස් වූ වීනීත කම අහලකවත් නොවිනි...වීදුරුව පුරවා ගත් මදුවිත ඔහු හැල්මේ එක හුස්මට උගුර මත හලා ගත්තේය..


මමද බියර් වීදුරුව සෙමින් තොල ගාන්නට විය....මත තිත්ත රස දිවට අමුතු අයුරක නුහුරු බවක් එක්කොට තිබුනද මා ඊට ඇලුම් කරන බවක් මා පෙන්වූයේ වෙනුර මහතාගේ හිත රිදෙයි යැයි සිතූ නිසාය...


අරවින්ද මම බැඳපු මිනිහෙක්.....


මා ඔහු හා කිසිත් නොකියා සිනා සුනෙමි..


මට හැමදේම තියනවා...යාන වාහන ගෙවල් දොරවල්....ඉඩ කඩම්...හොඳ බිරිඳක්...නමුත් අපි අසම්පූර්ණ පවුලක්...මේවා කාටද අරවින්ද අපි කවුරු වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ....අපි අසම්පූර්ණ පවුලක් අරවින්ද අපි අසම්පූර්නයි....


ඔහු එකම දේ නැවත නැවතත් පවසයි..පවසන සෑම විටකම පෙරට වඩා ගැඹුරු බවින් පවසයි...


අරවින්ද දන්නවාද? අපි බැඳලා ලබන විසි පස් වෙනිදට අවුරුදු හයයි.....දැන් නිලූට අවුරුදු විසි හතක්..අපේ අප්පච්චිගේ හොඳම යාළුවා තමයි නිලූගේ තාත්තා..ඔය හැඳුනුම් කම මත තමයි අපි මැරි කලේ...එතකොට නිලූට යාන්තම් විස්ස ලැබුවා විතරයි...මම නිලූට හුඟාක් වැඩිමල්...අපේ අප්පච්චිට උවමනා උනා එයා අසනීපයි කියලා දැනගත්තහම අපේ වෙඩින් එක ඉක්මන් කරන්න..අපේ වෙඩින් එකෙන් මාස හතරකට පස්සේ අප්පච්චි නැති වුනා..


මා කුමක් කිව යුතුදැයි මට වැටහුනේ නැත...අසා සිටීම උහුට අස්වැසිල්ලක් විය හැකි හෙයින් මා අසා සිටියෙමි...


අරවින්දට මම කතා කරන එක කරදරයක්ද?


අනේ නැහැ සර්...මම කල්පනා කලේ ජීවිතේ හැටි..




No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..