Sunday 20 November 2011

නියඟලා....10 කොටස



මා බිඳෙන් බිඳ තොලගෑ බියර් මතින් යම් මත් නුහුරු මත් බවක් එක් කර තිබුනි..හිස නොදන්නා බමත මතකින් මත් වි තිබුනි...හාත් පස අපූරු ප්‍රවේගයකින් භමනය විනි...අමුතු සැහැල්ලුවක් හිතට මෙන්ම හිසටද එක්කර තිබිනි...


අරවින්ද දන්නවද අපි හැමෝම හරිම අමුතු ලෝකෙක ජීවත් වෙන්නේ...අපි අඬන මිනිස්සු අපිට සිනාවක් නැහැ..


සර් හුඟාක් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ...කියන්න මම අහගෙන ඉන්නම්...


පෙර මා තුල වූ නුහුරු බව මා කෙරෙන් පහව ගොස් තිබුනු සෙයක් පෙනිනි...


අරවින්ද තව බියර් එකක් ගන්නවාද?


අවසාන බිඳු කිහිපයත් මා වීදුරුව මත වත් කරනවා දුටු වෙනුර මහතා විමසුවේ බිම බලා ගත් වනමය..


මා කිසිවක් කීවේ නැත ...ඔහු තව බියර් බෝතලයක් ගෙනන්නැයි වේටර් වරයාට කීවේ එම නිහඩ බව නිසා විය යුතුය...


වෙනුර මහතා සිටියේ සිහියත් අව සිහියත් අතර මා නොදන්නා තැනකය..දෙනියේ කිරා මාමා ගොයම් කපනා සෑම දිනකම හවස් යාමයේ අප්පච්චී සමඟ අප්පු මාමාගේ කිතුලෙන් රා ගෙනවිත් පදමට බී සින්දු කියනා සතුටු වෙනා යුරු මට මෙයත් සමඟ සිහි විය...


අරවින්ද මොනවද කල්පනා කරන්නේ...


නෑ සර් මට ගම මතක් උනා...අප්පච්චි මතක් උනා


අරවින්ද අපේ අප්පච්චි නැති වුනේ අපි මැරි කරලා දවස් දහයකට පස්සේ....


අනේ දෙයියනේ....!! මට එසේ කියවිනි...


මමයි නිලූයි එතකොට හිටියේ අප්පච්චිගේ බදුල්ලේ බංග්ලෝ එකේ....උදේ දහයට විතර අප්පච්චී හොස්පිටල් ගෙනිච්චා කියලා දැන ගත්තා...උදේ එකොලහ වෙද්දි අප්පච්චි නැති වෙලා..


අප්පච්චි හොස්පිටල් නැවැත්තුවා කියලා දැනගනිද්දි මම නිලූ එක්ක කොළඹ එන්න පිටත් වුනා..අප්පච්චි නැති වුනා කියලා දැනගනිද්දී මම හිටියේ නුවර කිට්ටුව මම  තරමක ඉක්මනට ඩ්‍රයිව් කලේ නිලූ හුඟාක් බය වෙලා හිටියේ...මට යාන්තමට මතකයි නුවර පහු කරලා කිලෝමීටර් දහයක් පහලොවක් විතර ගියා එක පාරටම ඉස්සරහට නුවර කොළඹ බස් එකක් එනවා දැක්කා මට කර කියා ගන්න දෙයක් ඉතිරි උනේ නැහැ..මට මතකයි කාර් එක බස් එකේ හැපිලා එක පාරක් පාරේ දකුණු පැත්තට පෙරලෙනවා..ඊට පස්සේ මොකක් හරි ගහක වැදුනා....මම යාන්තමට  ඇස් ඇරලා බැලුවා නිලූව එයත් ලේ විලක හිටියේ...මට දැනුනා මගේ ඇඟේ පහල කොටස නැහැ වගේ ..මට එච්චරමයි මතක...එයාර් බෑග් එක හිරවෙලා තිබුනු විදිහට මට හුස්ම ගන්නත් අපසහුවක් තිබුනා..


මා හුස්ම ගත්තා දැයි මට මතක නැත...වරක් දෙපස බැලූමම හැල්මේ බියර් උගුරු කිහිපයක් උගුර මත හලා ගතිමි..


සර් ඊට පස්සේ මොකද වුනේ? මා නොඉවසිලිමතිවී සිටියෙමි.....


ඔහු කිසිත් නොදොඩවයි....හිස් බැල්මකින් මුලු ලොවම නැතිවී ගිය බවක් අඟවයි...


මට සිහිය තිබුනේ නැහැ අරවින්ද සිහිය එද්දි ම හිටියේ කොළඹ .....මට අමාරු හින්දා මාව කොළඹ එවලා ..නිලූට හුඟාක් අමාරු නැති නිසා එයාව පේරාදෙනියේ නවත්තලා...මම දවස් විසි අටක් අයි.සී.යූ  හිටියා....සිහිය ඇවිත් තිබුනත් මම කිසිම දෙයක් දැනුනේ නැහැ.......මාස හතරකට විතර පස්සේ තමයි මට යාන්තම් ඹලුව උස්සන්න පුලුවන් උනේ..දිනූත් අමාරුවෙන් අම්මෙක් වගේ මගේ හැම දේම කලා....මගේ ස්නායු වට හුඟාක් හානි වෙලා තිබුනා .....මාව අසම්පූර්න මිනිහෙක් කරන්න එ් සිද්ධියට පුලුවන් උනා අරවින්ද..


ඔහු වැරෙන් මේසය මතට පහර දුන්නේ හදිසියේ පැන නැගුනු වේදනාව යටපත් කරගන්නටය....


නිලූ වගේ ගෑනියෙක් උප උපන් ජාතිවත් හම්බ වෙන්නෑ අරවින්ද.....දෑස් කුඩා කරම්න් ඔහු කියවයි...මටද දෑස අදහා ගන්න බැරි විය...


මම අරවින්ද වගේ මිනිහෙක්ට මේක කියන්න හේතු හුඟාක් තියනවා....අරවින්ද වැදගත් විදිහට ගමේ හැදිච්ච කොල්ලෙක්...මට යාලුවෙක් ඹ්නේ අරව්න්ද මේ හැම දේම කියන්න..මට මේවා හිතේ හිර කරගෙන ඉන්න බැහැ..මම මැරෙයි අරවින්ද ..මමත් මිනිහෙක් මේ තොරොම්බල් නිල තල වලට යට උනාට මමත් හිතක් පපුවක් තියන අනිත් හැමෝම වගේ මිනිහෙක්...මම මහ කාල කන්නි මිනිහෙක්...මම ඉපදිලා මාස හතරකට පස්සේ අම්මා නැති උනා....එතනින් පටන් ගත්තු නැතිවීම අදටත් මේ දැනටත් තියනවා ...අහිමි වීමම විතරයි අරවින්ද මගේ ජීවිතේ.....
 


No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..