Friday 25 November 2011

නියඟලා...


01 .....
මදක් විවරවූ දෑස් නැවතත් නැවත නැවතත් වැසේ .යමක් කීමට උත්සහ කරන සෙයක් පෙනෙන නිසා මමද දෑස් දල්වා බලා සිටියෙමි...ඔහු මුමුනයි දෙතොල් වේගයෙන් ගැහෙයි...ගැසෙනා දෙතොල් අතරින් තවමත් ලේ බිඳු ගලා යයි..බලා සිටිනවා හැර කරන්නට වෙන යමක් මා සතුව නැත........ඔහු විඳවයි .අසීමිතව විඳවයි.මරණය පෙනි පෙනී විඳවයි....
මල්ලි......ගැහෙනා දෙතොල් අතරින් වෙනුර අයියාගේ හඬ දෙසවන ගැටින... කියන්න වෙනුර අයියේ මොකක්ද මේ කරගත්තේ.......
.....ල්...ලී උ...ඹ මට එ...හෙ...ම කලේ...නෑ ක්....කියලා මම ද...න්නවා...
අයියේ ටිකක් විවේක ගන්න...................
නැවතත් වෙනුර අයියාගේ දෑස් පියවිනි...
මා නිර්දෝශ යැයි පුල පුලා කීමට මට අවැසි නැත..................................
රෝහල් බිම නිහඬය නිස්කලංකය...විටින් විට සිහින් කෙඳිරියක් හැරුනු කොට අන් කිසිවක් නෑසේ.....පාළුව හේතු කොට ගෙන හිත අතීතයට දිව යයි..එහි බොහෝ දෑ සොයයි........................................

02

මලිතී......මලිතී .......
මොකද මේ උදේම ......හොරා ....අම්මයි අප්පච්චියි යනකල් හොරා වගේ හිටියා නේද?...හ්ම් හොරා...
මලිති හුරතල්ය...එතරම්ය කෙලි ලොල්ය.....මේ මගේ මල ය.
ඔව් මම හොරා එතකොට මලිති කවුද? චෞර රැජිනද?
මම සිනාසී පිළිතුරු දීමි..........
යන්න අයියා යන්ට..එන්නෙපා මාත් එක්ක විහිලු කරන්න........ඊයේ කොහේද ගියේ......
මේ බොළඳ හඩ මා ජීවිතයේ බොහෝ කඩඉම් පසුකර යවා අවසන්ය....
මම මොනා හරි ගන්න ගියා මලිති....තව දවස් තුනයිනේ තියෙන්නේ..මම යන්ටෙපෑ....
අයියා ගියාම මං අමතක වෙයිද?
සුපුරුදු බොළඳ ගැහැනු පැනය මළිතිගෙන්ද විය..
නැහැ දරුවෝ එහෙම කවදාවත්ම වෙන්නෑ......මම දැන් මෙතන විනාඩි දහයකටත් වැඩියි යනවා තේ එකක් හදාගෙන එනවා.....
පිලෙහිවූ වික්‍රමසූරිය මාමාගේ හාන්සි පුටුවේ මා දිගා වීමි....
මලිති හැල්මේ කුස්සියට වැදින...........
මා මලිති හඳුනන්නේ කුඩා කල සිටය....හයක් හතරක් නොතේරෙන වයසේ සිට අපි හැදුනේ වැඩුනේද එකටය...ළමා කල බොහෝ සුන්දර විය

අයියා තේ බොන්ට......සීනිද ?....හකුරුද?..අප්පච්ච් ඊයෙ ගෙනාපු කිතුල් හකුරු වගයක් තිබුනා මම අරන් එන්නම්........
හ්ම්....ගේන්ට නගා.......
සූරි මාමයි අපේ නැන්දයි උදේම කොහේද නඟා ගියේ.......දෝනියැන්දට මඟුලක්වත් බලන්නද?
යන්ට අයියා යන්න...මගුලක් බලන්ට නෙමේ...බෑනා පොඩ්ඩට කලහලමනා ටිකක් අරන් එන්න යද්දි අරගෙන යන්ට....
මලිති සිනාසෙයි....සිනාසෙන විට වල ගැසෙන කම්මුල් දෙස මම බලා සිටිමි...
මොනාද බලන්නේ .....
හැඩ....
මලිතිගේ මුහුන රතු වෙන්නේ බලා ඉඳිද්දීමය.....
නඟා මට ගමේ එන්ට වෙන්නේ මාසෙකට සැරයයිනේ...නඟාට මාව අමතක වෙයිද මන්දා....
ඔව් ඹව්...අන්න අප්පච්චි කීවා අයියලෑ අප්පච්චි එක්ක කථා කරලා ලබන අවුරුද්දේ දිහාට මඟුලට දින දාගන්නවා කියලා....
හප්පේ මක්කැයි එච්චරම පරක්කු.....මා සිනාසීමී
මලිති නැවතත් ලැජාජාවෙන් රතු විනි....... මලිති මම හැන්දෑවට පන්සලට යනවා අපේ හාමුදුරුවන්ට කියන්න කියලා මම යන විත්තිය.අප්පච්චිගෙන් අහලා නගාත් එන්න...අපේ නැන්දටත් එන්ට කියන්න....


---------------------------------------------------------------------------------------------------------------
03
පන්සල් බිම අරලියා මල් සුවඳය..එය හඳුන් කූරු සුවඳට මුසු වූ විට අමුතුම සිල් සිතක් ඉපදේ..සුදු වැලි ඉහිරුන පන්සල් බිමට මළ හිරු මොකක්දෝ නුහුරක් එක් කර තිබේ......නිහැඩියාව බිඳිමින් මලිති මා දෑතේ වෙලින
මං මේවෑන් දුරස් වෙනවා මලිති..මේ නිස්කලංක බව දුරස් කරන්න වෙයි ...ගොරහැඩි බවට හුරු වෙන්ට වෙයි
විටෙක මා අසීමිතව බොලඳ යැයි මට සිතේ .මුත් එය මේ ගැමි කමින් ලද දායාදයක් විය හැකිය... දිගු නිහැඩියාවකින් පසු මලිති දොඩමළු විය... අයියා ...... හ්ම්.....කියන්න මලිති..... අයියා යන්නේ රස්සාවටනේ ...අපේ අනාගතය වෙනුවෙන්.... දුක් වෙන්ටේ කියලා එහෙමම කාරනයක් නැහැනේ... මලිති සතුටුද මම යනවට.... ඔන්න ඉතින් අයියා........ නපුරා.... මලිති සෙමෙන් මා අතට පහරක් ගැසීය.....අන්න අයියා අප්පච්චිත් එක්ක අපේ හාමුදුරුවොත් වඩිනවා..යන්ට හාමුදුරුවෝ එක්ක කතා
කරලා එන්ට....මං යන්නං අයියා අම්මලා මල් සූදානම් කරන දිහෑට

____________________________________________________________
අපේ හාමුදුරුවනේ.......මා වැඳ අවසර ගතිමි
ඹ්න් මම අපේ වෙනුර මහත්තයාටත් කතා කලා බණ්ඩාරට ඉන්ට තැනක් ලකලෑස්ති කරන්න කියන්න...වෙනුර මහත්තයා මගේ හොඳ හිතවතා මම දෙයක් කීවෙත් ඉතින් අහක දානවා බොරු..වෙනුර මහත්තෑලෑ අප්පොච්චා ඉන්න කාලේ ඉඳලම මම දන්නාදුනනවා...රජරට මිනිස්සු නොවෑ දැන් ඹය කොළඹ රටේ පදිංචි වෙලා හිටියට
සිරි ධම්ම හිමියෝ හැල්මේ දෙඩයි....මේ සුපුන්වත් හඩ අසන්නට නැවත මසකට වරක් පෙරුම් පුරන්නට සිදුවෙයි
අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේ කොළඹ දිහා වැඩියොත් අපේ දිහා එන්ට අමතක කරන්නෙපා... සිරි ධම්ම හිමියන් හිනාවෙන් මුව සරසා ගති... එන්ට පිරිත් නූලක් බඳින්ට ..කෝ අපේ උපාසක අම්මලත් හිටියනම්.... එම ඉල්ලිමට අවනතව අම්මලාද මලිතිද මට එක්විය... බවතුසබ්බ මංගලම් හඩින් පන්සල් බිම පිරි ගොසිනි..............................

_________________________________________________________________

04
හැරදාමා යා නොයුතු උවද හෙටක් උදෙසා මා මේ ගමන යා යුතුය..මලිතිගේ දෙනෙතේ පොපියන කඳුලු බිම වැටිය යුතු මොහොත මෙය නොවිය යුතුය... අඬන්නෙපා මැණික.......මං පුලුවන් හැම වෙලාවකම ලියන්නම් ...බලන්න එන්නම්... මලිතිගේ රතු වූ කම්මුල් සිප ගතයුතු උවත් එය ඉවසා ගතිමි..... දැන් බස් එකට වෙලාව හරි දරුවෝ......අප්පච්චිගේ හඩින් යලිත් මා පියවි ලොවට පිවිසුනෙමි..... අප්පච්ච්ගේ දෙපතුල නැමඳීමි ඹහුට නොදැනෙන්නට නලලත රළු දෙපා වල ස්පර්ශ කලෙමි....රත්නත්තරයේ පිහිටයි ..අයියනායක දෙයියෝ මගේ දරුවා රැකගන්ට ඹේනේ...එම වදන් පිටවන තෙක් මා වැඳ සිටියා විය යුතුය... මව් දෙපා නැමැද ගෙයින් පිට වෙද්දී සුදෝ සුදු ඉද්ද මලින් හැඩවුනු දිය බඳුනක්ද ගෙන මලිති මා අසලය..... මයේ අයියට තුරුනුවනේ සරණයි.....එම හඬ වෙවුලන සුලුය....මලිති දිය බඳුන පසෙක තබා මා දෙපය ලඟ දනවැටුනි.....පාවහන් වල රළු බව මකා සුමුදු නලලතේ පහස මා දෙපයට දැනින.. දෙ අත් උරහිසට තබා මා මලිති එසවීය..... දෙනෙතේ මෝදු වූ කඳුලු දෙකම්මුල් හරහා රූටමින් තිබිනි.... මා මලිතිගේ දෙකම්මුල් මත දෑත තබා කඳුලු පිසලීමි...... යමු මලිති සූරි මාමත් බලන් නේද? නැන්දටන් කියන්ට යමු....... අමිමාද පෙරටුකොට ඉපැනැල්ල පමනක් ඉතිරිවූ කුඹුරු දෙස බලමින් සෙමෙන් සූරි මාමාගේ නිවසට ගොඩ උනෙමි...... මම යන්ටේ කියලා මාමේ.... හ්ම් හොඳමයි දරුවෝ දළදා හාමුදුරුවොම පිහිටයි....දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න කන්දේ මිනිස්සුන්ට වරදින්නෑ ....තමනුත් පරිස්සම් වෙලා මේ දැරිවිගේ අවාගතේත් රැකගෙන පරිස්සමට මේ පලාතට පත්වීමක් ඉක්මනට හදාගෙන එන්ට බලන්න
දැන් මයේ හිතේ බස් එකට වෙලාව හරි...මයියංගනේ ඉඳලා එන නිසා සෙනඟත් ඉඳීවි ඉක්මන් කරලා ගියා නම්..... අප්පච්චි මාත් නැන්දා එක්ක ගිහින් අයියා බස් එකට ගොඩවෙනකල් ඉඳලා එන්නම්
කුඩා දරුවෙකු කැමතිම යමක් ඉල්ලා පෙරැත්ත කරන්නාක් මෙන් ඉල්ලීය.... හ්ම්.....ඉක්මනට එන්ට..... ගාම්බිර පිරිමියෙකු සතු සියලු ගුණාංග සූරි මාමාට නොඅඩුව තිබුනි..............................
______________________________________________________________________
05
මයියංගනයෙන් ගමනාරම්භ කරතිබූ බස් රථය උඩු දුම්බරට එන විටද තරමක සෙනඟක් විනි....ප්‍රථම ප්‍රේමය ......දෙමාපියන් හිත මිතුරන් දුරස්වනු දැනෙන විට හද ඊටත් පිරී තිබෙන බවක් හැඟුණි......... මලිති මං යන්නම්...... හ්ම්
මලිතිගේ දෑත මා දෑතේ තරයේ තෙරපිනි...... සීතලයි මලිති...... මං බය වෙලා අයියේ........ මා මලිතිගෙන් මිඳී බසයට ගොඩවී බොහෝ වේලා යනතුරු නුපුරුදු සීතල මා සමඟ විනි...මුත් හිත මලිති සමඟ ගොස්ය.....
_____________________________________________________________________නියඟලා තුන්වන දිග හැරුම
කාමරය ඉතා සුවපහසුව සකසා තිබිනි________________නියඟලා____________________________________හැම රැයක් පසු පසම නවමු උදෑසනක් තිබේ හිත කලඹන සිහින ඇති මුත් උදෑසන සහ සුද්ද නිසා මා එහෙව් උදෑසන එන තෙක් බලා සිටිමි_________________________________________________ 06

මිනිසෙකු තවත් මිනිසෙකුගේ දුර්වල තැනක් සොයා සිනා සෙයි ඉන් නොනැවතී ඊට තදින් පහර දෙයි
..ඊට මුහුන දිය නොහැක්කෝ ජීවිතයෙන් පලා යයි....ඊට මුහුන දිය යුතු හොඳම අයුර ලෙස මා දකින්නේ සමාජය අතේ දුරින් ඇසුරු කිරීමයි....වෙනුර මහතාට කාර්‍යාලයේ බොහෝ දෙනා විවිධ දෑ කියයි...මුහුනට සැදැහැවතුන් සේ හැසිරෙයි...මටද මට මෙන්ම අනෙකාටද අත්වන ඉරනම මෙයයි...කාර්යාල ජීවිතය තුල බොහෝ ප්‍රවේසම් විය යුතුයැයි මට හැඟිනි...... වෙනදාට වඩා අද දීප්තිමත් දිනයකි...හිරු අරුනේම බොහෝ රැස් විහිදාගෙනය...... අප්පේ අපේ අරවින්ද මහත්තයාව දකින්න තියන අමාරුව
සුමනදාස සුපුරුදු සිනහව සමඟ ගේට්ටුව අසල විය... මාමා උදේ රැයින්ම කොහේද ගියේ? මේ අපේ මහත්තයා උදේම බලු තඩියවත් දක්කගෙන ඇවිදින්න යනවනේ උන්දැට මහන්සි උනහම මම යනවා එක්කරගෙන එන්න.... සුමනදාස මාමා කියනා සමහර දේට සිනා නොවී සිටිය නොහැක.... අරවින්ද මහත්තයා රාජකාරියට යන්න වගේ....... ඔව් මාමේ ප්‍රමාදයි වගේ මම යන්ටේ කියලා... හොඳයි හොඳයි...රාජකාරිය දේවකාරියට සමානව කරන්න ඹ්නේ මේ මං වගේ..... සුමනදාස මොකක්හරි කිව්වද? මමද වික්ශිප්ත උනෙමි.....අසල ෆාම් පඳුරට ඔබ්බෙන් නිලූශි සිට තිබේ.... මා සිනහව නවතාගත්තේ ඉතා අපහසුවෙනි... මේ යෝදි මෙතන මොකද කරන්නේයි සෙමෙන් මුමුනමින් ....ඔහු නිලූශිට පිලිතුරු දුනි
න්නෑ නිලූශි නොනේ මම මේ කීවේ රාජකාරියක තියන බරපතල කම... සුමනදාස මාමා කීවේ ඇඟට පතට නොදැනීය... අරවින්දටත් හොඳ උපදේශකයෙක් හම්බවෙලා තියෙන්නේ... ඇය පළමුවර සිනාසෙනවා පැහැදිලිව මා දුටුවේ එවලේදීය....එම සිනහවේ බොහෝ සුන්දර බවක් දිස් වේ...වල ගැහෙන කම්ම්ල් මුහුනට අමුතු සුන්දරත්වයක් එක් කොට තිබුනි.... මම යන්ටේ කියලා....මැඩම්....ගිහින් එන්නම්.. මැඩම්......අරවින්ද වෙන කාත් එක්ක හරිද කතා කරන්නේ...නැත්නම් මාත් එක්කද? මා කිසිවක් කීවේ නැතැ.. අරවින්ද මීට පස්සෙත් මාත් එක්ක ඔහොම කතා කරනවානම් කවදාවත් කතා නොකර ඉන්න....එහෙම හොඳයි නේද? මා ගල් ගැසී ඇතැයි මට මොහොතකට සිතුනි..මේ හසරක් නොදත් කාන්තාව මා හට බොහෝ ලෙන්ගතු වෙන සෙයක් මට දැනිනි... සමාවෙන්න...මා යටහත් පහත්ව කෙඳිරීමි.... ඇයි අරවින්දටවත් මාව හොඳ යාළුවෙක් වගේ පේන්නැද්ද? යන්න අරවින්ද ගිහින් එන්න පරිස්සමින්.... මම යන්නම්...මා ඉක්මන් උනෙමි...සුමනදාස මාමාද පුදුමය මුසු දුකින් සිටිනවා යාන්තමින් මා දිටීමි... කාර්යාලයට පිවිසෙද්දීම පිළිගානීමේ නිළදාරිනිය ලිපියක් මා අත පෑය... මිස්ට අරවින්දට ලෙටර් එකක් ගමෙන් වෙන්නැති... මට මුලු ලොවක් ලද්දාක් මෙන් විය..අද දින බොහෝ සොඳුරු යැයි මට සිතින.....
....මලිති හැරුනු කොට වෙනත් උදෑසනක් මට කොහිද? මුලු හිතම තලා පොඩි කල සෙයක් දැනේ....හිතේ සියලු තැන් හි මලිති කෙලි දෙලෙන් සරයි..සිත නතුකර ගන්නටම බැරිය...ගං ඉමේ ඉවුරු හරහා හමනා සුළඟටත් වැඩි වේගෙන් සිත මලිති සොයා නික්මෙයි....මා සීරුවට ඉකි බිඳීමි... නෑ මං අඬන්න ඹ්නේ නැහැ...මලිතිට උහුලන්න පුලුවන්නම්මට බැරි මොකදැ...

08
කෙසේ සිතුවත් හිත මලිති ලඟමය....මලිතිද දැන් අනෝරාවක් මෙන් අඬනවා ඇත....ඉකිබිඳිනවා ඇත....හෝස් ගා පපුව දැවී යයි.... අප්පච්චී සුපුරුදු ලෙස මදුරුවෝ තලමින් පිලේ නිදා ගන්නවා විය හැකිය....සුපුරුදු ලෙස ඇස හැර පුතේ ගෙට පලයන් මදුරුවෝ අද එමටැයි කියනවා ඇත....ගුවන් විදුලි සේවයේ රෑ පිරිත් අසා නින්දට යන අම්මා අදත් මා නොසිටියත් මයෙ පුතේ තෙරුවන් සරනයි කියා නින්දට යනවා ඇත....මුත් කිසිවෙකුගේත් නෙත් අහලකවත් නින්ද නොඑනවා ඇත...


___________________________________________________
අහලකවත් නින්ද නොවුනු දිගු රැය නිමා විය...දැන් නව රැකියාවට යාමට සූදානම් විය යුතුය..... වතුර මලේ දිය නුහුරුය...පීල්ලේ සිහිල ලඟ පාතකවත් තිබුනේ නැත.... මා කාමරයේ දොර වසා වෙනුර මහතා පෙන්වූ බස් නැවතුම් පොළට යෑමට පියවර තැබීමි... මිදුලේ කොනක උඩ වැඩියා මල් පඳුරක් අසල වෙනුර මහතාගේ බිරිඳ විය.... මා ඇය නොදැක්කා සේ පියවර නැගූවත් ඇය ඊට ඉඩක් දුන්නේ නැත... ගුඩ් මෝර්නිං මිස්ට අරවින්ද
ගුඩ් මෝර්නිං මැඩම්.. මැඩම්......අරවින්ද මටද කිව්වේ... ඇය සිනා සෙයි....නැවතත් නැවත නැවතත් සිනාසෙයි... මම නිලූශි....නිලූශි ....නිලූශි.... ඇය බොහෝ දඟකාර ලෙස සිනාසෙයි..... මම යන්ටේ කියලා..... හ්ම් ඔන්න ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම මුලින්ම විෂ් කරනවා... ස්තූතියි මැඩම්.....න්..න්..නෑ...න්..න්..ලූ..ශි
මම ගිහින් එන්නම්.... හොඳයි අරවින්ද...... නිතරම මිස්ට අරවින්දැයි මා ඇමතූ ඇය නොදැනුවත්වම එය ඉවත්කර අරවින්ද පමනක් ඉතිරි කර තිබිනි..... මා හනි හනිකට පියවර තබා නික්මුනි....... අරවින්ද ....අරවින්ද...... මා ගල් ගැසුනාක් මෙන් නැවතිනි.... මා ඇයි කියන්නාක් මෙන් ඇය දෙස බැලීමි.... අරවින්ද ඔය ශර්ට් එකේ අත් දෙක නමලා ඇන්ඳානම් ඔයාට හුඟාක් ලස්සනයි... මා සිනාසී බස් නැවතුම කරා පියවර තැබුවෙමි.......

_________________09_________________________________
කාර්‍යාල බිම නිස්කලංකය වෙනදා තිබූ කාර්‍යබහුලත්වය උදේම නිසාදෝ පැවතුනේ නැත... මා කාර්‍යාලයට ඇතුල්වන්නට හදද්දීම පිලිගැනීමේ නිලදාරිනිය මා වැලැක්වීය.... ගුඩ් මෝර්නිං සර්
ඔය මහත්තයා කාව හම්බ වෙන්නද? මගේ මේසේ හොයාගන්ට කියලා.....එසේ කියමින් මා තරමක සිනහවකින් ඇයට සංග්‍රහ කලෙමි... මම් ම්.....මොකක්.... මා මා අතවූ සේවයට වාර්ථා කිරීමේ ලිපිය ඇය වෙතට පෑවෙමි.... ඇය උවමනාවකින් තොරව එය අතට ගෙන දිගහැර බැලීය... ..........අරවින්ද බණ්ඩාර.....ස්...ස්..සර් යන්න ඇතුලට...ඇය බියවූ සෙයකි.... ඇයි මිස් බය වෙලා වගේ..... නෑ මිස්ට බණ්ඩාර ඊයෙන් එනවා මම දැක්කා ....මම හිතුවේ වෙන වැඩකට එනවා කියලා...ම්ස්ට වෙනුරත් නැති නිසා මම මෙතන වාඩිවෙන්න කියන්න හැදුවේයි කියමින් ඇය නෙතින් ඉදිරිපස අසුන පෙන්වීය.. මා සිනාසී කාර්‍යාලය තුලට ඇතුල්වී මට අදාල ස්ථානය සොයා ගතිමි....

__________________________________________________
                                    10

_____________
නියඟලා __________ රැකියාව පහසු යැයි සිතින.පළමු දිනය නිසා එසේ සිතුනා වන්නටද පුලුවන...එසේත් නොමැතිනම් හේනු කුඹුරු හා හරි හරියට ඔට්ටු වුනු දෑතට නියම හිමිකාරීත්වය ලැබුනු නිසා එසේ සිතුනා වන්නටද පුළුවන...කාර්‍යාලයේ සියල්ලන්ම සුහදය...එතරම්ම ලෙන්ගතු බවක් පෙනිනි...සියල්ල මා ඇමතූයේ මිස්ට බණ්ඩාර නමිනි..ජීවිතයේ පළමු වරට මා ගෞරවාන්විත අයෙකැයි මට සිතිනි...මා මා ගැනම සතුටු උනෙමි.....කැත්ත උදැල්ල හුරු දෑත පෑන් තුඩු හමුවේ උද්දාමයට පත්ව ඇත....දිවා විවේකයේ මලිතිට ලියන්නට ඹ්නෑයැයි සිතින.............ලියන්නට දෑ එමටය.....එය ලැබුනු වහා මලිති උද්දාමයට පත්වන අයුරු මට මැවි මැවී පෙනේ....දයාබර මලිතියි පටන් ගෙන මා බොහෝ දෑ ලිවීමි...හුදෙක්ම එය සාම්ප්‍රධායික පෙම් හසුනක්ම නොවන බව දෙවන හා තුන්වන වර කියවීමේදී මටම පැහැදිලි විය...අප අපිරිමිතව පෙම් සුව විඳ තිබේ..වෙල් ඉපනැල්ල..ගං ඉවුර ඊය ශාක්ෂි දරනවා ඇත...එම අතීත සිද්ධි එකින් එක මතක් කර මා නැති අඩුව පෙන්වා මලිති අඬවන්නට තරම් මා කුහක නොවීම ගැන මම මා ගැනම සතුටු උනෙමි..... මිස්ට බණ්ඩාර.....කොහොමද? මම හොඳින් ඔය මහත්තයා කවුද? මා ඇසුවේ තරමක විමතියෙනි... මම කුමාර රත්නම්...මඩකලපුවේ තමා මමත් මේ ලඟදි පත්වීම අරගත්තේ
මිස්ට බණ්ඩාර නුවර පලාතේ නේද? ඔව් මහත්තයා මම නුවර...නුවර පලාත දන්නවැයි.. අප්පේ නෑ ..කොයි අවුරුදු ගනනාවක් යනකල් අපිය එන්න දුන්නෑනේ මේ පලාත් වලට.. ඔහු සිනාසෙයි...ඔහු කථාකරන අයුරින් කිසිවෙකු ඔහු ද්‍රවිඩ අයෙකුයැයි කිසිවිට නොසිතනු ඇත... මිස්ට බණ්ඩාර මොන අවුරුද්දේද? උපන් අවුරුද්දද මහත්තයා අහන්නේ... හ්ම්...ඔව්.. මම අසූ හතරේ මහත්තයා... මහත්තයා....? මොනවා..මමත් 1984 අපි එහෙනම් එකම අවුරුද්දේ....... මට දකිද්දිම නිකමට එහෙම හිතුනා.... බණ්ඩාර මට කුමාර් කීවාම හොඳටම ප්‍රමාණවත්...අනවශය විශේෂන පද අවශ්ය නැහැ..... ඔහු කතා කරන්නේ මහ හඩින් හිනහෙමිනි... අප බොහෝ වේලාවක් සුහද පිළිසඳරේ යෙදින....... බණ්ඩාර කොහේද නැවතිලා ඉන්නේ.... වෙනුර මහත්තයාලගේ ගෙදර... ඔහ්...අපේ උප දිසාපති හාමුදුරුවන්ගේ ගෙදර.....නියම මනුස්සයා ...අපරාදේ කියන්න බැහැ මනුස්ස කම කියන දේ පිරිච්ච මිනිහෙක්....නිල තල තියනවා කියලා ඔළුව උදුම්මවා ගත්තු කෙනෙක් නෙමෙයි ඔය වෙනුර මහත්තයා... හ්ම්...මමත් එහෙම හිතනවා... පව් මම හිතන්නේ මිනිහට දරුවෝ නැහැ..මම හිතන්නේ දැන් බැඳලා අවුරුදු පහටත් වැඩියි කිට්ටුයි...හිත හොඳ කරුනාවන්ත මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා...අපේ සී සී මහත්තයාගේ ගජ මිත්‍රයානේ මිනිහට හැමදේම කියනවා....මිනිහට කිව්වහම ඉතින් ලංකාදීපේ පළවෙනි පිටුවේ දැම්මා වගේ තමයි....... නැවතත් ඔහු මහ හඬින් සිනාසෙයි.....
                          
                                      11

 _______
.....ගෙදර අප්පච්චී සමඟ පිලේ සීතල සුළං සමඟ නිදනවා තරම පහසු නොවනු ඇතැයි සිතින.... මේ මහත්තයෝ නාන කාමරේ ඇවිත් නා කියා ගත්තනම්......අහවර වෙලා මේන් මේ කෑම එක කන්න....ඉන්පස්සේ ටිකක් විවේකගත්තනම්....ගමන් මහන්සියත් ඇතිනේ....මේන් මේ ෆෝන් එකේ මේ අංකේ එබුවානම් මම මේන් මෙතන ඇති....
_______________________________________
අරවින්ද මහත්තයෝ...අරවින්ද මහත්තයෝ...... බොහෝ වේලා නින්ද ගොස් තිබිනි..සුමනදාස මා හට කථා නොකලානම් තවත් බොහෝ වේලා නිදාගැනීමට තිබිනි.... කියන්න සුමනදාස...... අපේ මහත්තයා අරවින්ද මහත්තයාට රෑ කෑමට එන්නෑ කීවා... හ්ම්...මට..... ඔව් මහත්තයෝ....මහත්තයා මෙහෙට අළුත් නොවැ....අපේ මහත්තයා එනිසා වෙන්නෑති එන්න කියන්න කීවේ....හෙට ඉඳලා මම මේ කාමරේට කෑම අරන් එන්නංකෝ.......දැන් එන්න යන්න මූන පොඩ්ඩක් හෝදගෙන කාරිය
ඉන්ට මාමේ....මාත් මාමා එක්කම විගහෙන් එන්නම්... හොඳයි හොඳයි......ඉක්මන් කලා නම් අපේ මහත්තයා බලාගෙන ඉන්නවා කෑම ගන්න මයෙ හිතේ..... හොඳමයි යමු යමු
_____________________12______________________________
මා වෙනුර මහතාගේ නිවසට යද්දීත් මහු ඔහුගේ බිරිඳ සමඟ රාත්‍රී අහරට සූදානම් වී සිටියහ... එන්න අරවින්ද..... එම පිළිගැනීම තුල සුහද බව ඹ්නෑවටත් වඩා විය.... මා සෙමෙන් සුවිසල් කෑම කාමරයට පිවිසුනෙමි... අරවින්ද එන්න වාඩි වෙන්න..... මා යාබඳු වැඩිදැයි විටක මට සිතේ...... මහත් ආයාසයකින් මා කෑම මේසයට හිඳ ගතිමි.... අරවින්ද මේ මගේ වයිෆ් නිලූශි.......නිලූ මේ අරවින්ද අපේ නුවර හාමුදුරුවන්ගේ ගෝලයෙක්....... ඈය සිනාසුනා පමනකි...... එන්න කමු අරවින්ද.....දැන් දහයත් පහු වෙලා.... සැබවින්ම හැඳි ගෑරුප්පු මා දෑතට හුරු නැත....මද ලැජ්ජාවක්ද විය....බඬගින්නට වඩා ලැජ්ජාව දළු දමනවාදෝයි විටෙක මට සිතින.... මිස්ට අරවින්දගේ මේ පළවෙනි පත්වීමද? මා අන්ද මන්ද විමි...... ඔඔඔඔව් මැඩම් පළමු පත්වීම
මා කිසිවිටකත් වෙනුර මහතාගේ බිරිඳ මා අමතනු යැයි සිතුවේ නැත....... මැඩම්.....මමද? ඇය විමසුවේ මා තවත් ලැජ්ජාවට පත් කරමිනි....වෙනුර මහතාද ඊට අනුබල දෙමින් සිනාසීය. මා නිහඬව ඔවුන් දෙස බැලීමි..... මම නිලූශි .............ඇය නැවතත් සිනාසෙයි....... අරවින්ද රාජ්‍ය සේවය කියන්නේ මහ අමාරු අපහසු කාර්‍යයකට.... මා පත්ව තිබෙන අපහසුතාවය වටහාගත් නිසාදෝ වෙනුර මහතා කථාව වෙනතකට යොමුකරවීය.... ඇයි සර් එහෙම කියන්නේ......මාද ඔහුගෙන් විමසූයේ වෙනුර මහතාගේ බිරිඳගේ ප්‍රශ්නයෙන් ගැලවීමටය.... අපිට කවදාවත් සැනසෙන්න පුලුවන් දෙයක් නෙමෙයි අරවින්ද මේක...අපිට තියන කාර්‍ය තමයි ලොකු පුටු සනසන එක...ඔහු පවසන්නේ මහත් කලකිරුන ස්වාභාවයෙනි.... වෙනුර මම හිතන්නේ මිස්ට අරවින්දට අදම ජොබ් එක එපා කරවනවා... මා වෙනුර මහතාගේ බිරිඳ ගැන සිතා සිටියේ සුමනදාස කියු අයුරේ ඉතා ගොරහැඩි නපුරු ගැහැනියක කියාය....නමුත් ඇය සුහදය....මිත්‍රශීලීය... මා ඇය දෙස බලා මද සිනහවක් හෙලීය.... වෙනුර මහතාගේ පෙනුමේ සහ රැකියා පලපුරුද්ද අනුව වයස අවුරුදු හතලිය ඉක්මවිය යුතුය...මුත් ඔහුගේ බිරිඳ කෙරෙන් අවුරුදු විසි හයකට හෝ හතකට වැඩි පෙනුමක් පෙනෙන්නට නැත... අරවින්දට හෙට මගෙත් එක්කම ඔෆීස් යන්න පුලුවන් නමුත් හැමඳාම අපහසුයි....මොකද මම උදේ හුඟ වෙලාවට නැහැ ..අරවින්දට පුලුවන් මෙතනින් බස් එකක් ගන්න.... හොඳමයි සර්...... සර් මේ කරපු උදව්ව හොඳටම මැදෑ....අපේ හාමුදුරුවන්ටත් පින් සිද්ද වෙන්ට ඹ්නෑ මෙහෙම තැනක් සූදානම් කරලා දුන්නට..... හ්ම්.......වෙනුර මහතා වෙන කිසිවක් කීවේ නැත.... වෙනුර මහතාගේ බිරිඳ අපහසුවෙන් සිනාසෙන බවක් දැනිනි....මා වැරදි දෙයක් කීවාදෝ යැයැ සිතිනි........ ම්ස්ට අරවින්ද කොහේද ඉස්කෝලේ ගියේ ...... මම ගමේ ඉස්කෝලෙටම තමා මැඩම් ගියේ.....උඩුදුමුබර මහා විද්‍යාලයට... ඇය බලන්නේ තරමක අවඥා සහගතවදැයැ විටක සිතේ
මොනාද උසස් පෙලට කලේ මිස්ට අරවින්ද? ඇය මා අපහසුතාවයට පත්කිරීමට සුදානම් වනවා විය යුතුය
විද්‍යා විශයන් තමා කලේ......උසස් පෙළ කරන්ට නුවර තමා ඉස්කෝලේ ගියේ....... ඔහ් සයන්ස් කලේ.......ඇය විමසුවේ තරමක පුදුමයෙනි.....ඉතින් මොකද උනේ..... උසස් පෙළ සමත් උනා නමුත් වැඩිදුර ඉගනගන්ටේ කියලා පුලුවන් කමක් තිබුනේ නැහැ..... අපරාදෙනේ......ඇයි .......? අපේ අම්මලා අප්පච්චිලා හේන් ගොවිතැන් නේ කරන්නේ .....මහ පොළවත් එක්ක ඔට්ටු වෙන්න අමාරුයි අපේ අප්පච්චිට....එහෙව් එකේ මට බරක් වෙන්ට පුලුවනෑ ....මේ වෙනකල් කරපු හරිය මැදෑ....... නිහඬය..... ටික වේලාවකට පසු යලිත් ඇය දොඩමලු විය.... සොරි මිස්ට අරවින්ද......... මා නැවතත් අන්ද මන්ද විය...ඇය සමාව ගත්තේ කුමකටදැයි මට වැටහුනේ නැත....ඇගේ වදන් තුල මහා අනුකම්පාවක් ගැබ්ව තිබිනි..... අරවින්ද කාලා ඉන්න .....කෝ මේ නිලූගේ ප්‍රශ්න පත්තරේ තාම ඉවර නැද්ද? වෙනුර මහතා එසේ කීවේ තරමක සිනෙවක්ද සමඟ ඔහුගේ බිරිඳගේ උරහිස වෙත නැඹුරු වෙමිනි...... එක්වරම මා සිහියට නැගුනේ මලිතිය....කටට ගත් බත් කට සිරවුනු සෙයක් දිස් විනි...... අපහසුවෙන් අතට ගත් වතුර වීදුරුව එක හැල්මට බීගෙන බීගෙන ගියෙමි.... වෙනුර මහතා සහ බිරිඳ පුදුමයෙන් මදෙස බලා සිටිනු දක්නට ලැබ්නි..... අප්පච්චිලා මතක් උනා.......මා කීමටත් මත්තෙන් එය මට කියවිනි........

__________________________
05
කාර්‍යාල බිම බොහෝ කාර්‍යබහුලය .දැඩි කලබලකාරී බවක් දිස් වෙයි....පිවිසුම් දොරටුවේ සිටි පිළිගැනීමේ නිළදාරිනිය වෙත මා අත වූ ලිපිය දිගුකලෙමි....
කිසිත් නොකියාම ඉදිරිපස වූ කාමරය පෙන්වූ ඇය,ඊට ඇතුල් වෙන ලෙස විදාන කල හෙයින් මා ඊට ඇතුල් වීමි.එතුල බොහෝ ගාම්භීර අයෙකු විය. එතරම් සුදු නොවූ ඔහු බොහෝ කලු නොවේයයිද මට සිතුනි.ඔහු ඇසින් දුන් නියෝගය පිලිගත් මා අසල වූ පුටුවේ ඉඳගතිමි
"
..ඔහු බොහෝ කාර්‍ය බහුල බවක් දිස්විනි..මා අත වූ ලියුම ඔහුට දුන් මා පිලිතුරක් අපෙක්ශාවෙන් ඔහු දෙස බලා සිටිමි..සර් මම අරවින්ද...අරවින්ද බන්ඩාර"ඔහු කිසිවක් පැවසුවේ නැත
.මදක් හිස ඔසවා බැලුවා පමනි
හ්ම්...අරවින්ද...නුවර පලාතේ නේද? එම හඩතුල බොහෝ ප්‍රශ්න විය
ඹව් සර්...නුවර ....නුවර නුවර උඩුදුම්බර..... අරවින්ද රාජ්‍ය සේවය කියන්නේ අපිට සැනසෙන්නවත් කාවහරිසනසන්න හරි පුලුවන් දෙයක් නෙමෙයි...ඹ්නැම අභියෝගයකට මූන දීලා නොසැලී ඉන්න එකට...අපි මේක කරන්න ඹ්නේ දැලි පිහියෙන් පැණි කනවා වගේ..... ඹව් සර්.... මා හූ මිටි තැබුවා පමනි... අරවින්ද නවතින්න තැනක් ලෑස්ති කරගන්නකල් මට පුලුවන් අපේ ගෙදර සූදානම් කරලා දෙන්න...අපේ හාමුදුරුවන්ගේ වචනයක් මට අහක දාන්නත් බැහැනේ........ එතකොට සර්ද වෙනුර නානායක්කාරවසම්..... හ්ම් ...ඹව්....ඹහුගේ වදන් තුල සිනහවක්ද විය.... අපේ හාමුදුරුවෝ මට නිතරම සර් ගැන කියලා තියනවා.... හ්ම්...මමත් අපේ අප්පච්ච්ගේ කාලයේ ඉඳලම උන්වහන්සේව දන්නවා..... අයතනික කාර්ය පටිපාටිය ගැන අරවින්දට වැටහීමක් ලැබෙනකල් ප්‍රවේසමෙන්........ එය විධානයක්දැයි ඉල්ලීමක්දැයි මට පැහැදිලිව දැනුනේ නැත.... යන්න අරවින්ද මගේ ඩ්‍රයිවර් එක්ක යන්න හෙටනේ වැඩ භාරගන්න තියෙන්නේ.....මම කාමරයක් සූදානම් කරලා තියෙන්නේ....සුමනපාල අරවින්දට පෙන්නයි........
දුරකථනය ක්‍රියාත්මක කල ඔහු යමෙකුට පැමිනෙන්නැයි කීය....... සුමනදාස මේ අරවින්ද මහත්තයා......නිලූශි නෝනගෙන් යතුර ඉල්ලගෙන අරවින්ද මහත්තයාට එලියේ කාමරේ පෙන්නන්න......සුමනදාස ඊයේ සූදානම් කරා නේද ....... ඹව් අපේ මහත්තයෝ......එම හඬ ඹ්නෑවට වඩා යාබදුයැයි සිතින..... යන්න අරවින්ද.....යන්න අපි රෑට කතතා කරමු...... සුමනදාස යනගමන් අරවින්ද මහත්තයාට දවල් කෑම අරගෙන යන්න....මම හිතන්නේ නිලූශි නෝනා එලියට යන නිසා අද උයන එකක් නැහැ..... හොඳමයි අපේ මහත්තයෝ.......... කාණ්ඩ කිහිපයකින් පැරනි උවද මර්සිඩීස් බෙන්ස් රථය ඉතා සුව පහසු විය......පලාත් ස‌භාවට ගිය එක් වරෙක අප්පච්චිගේ හිතවත් අයෙකුගේ මෝටරිටකින් ගිය පසු මෙවන් සුවපහසු රියක මින් පෙර මා ගොස් නැත..... මහත්තයා මොන පලාතෙද.........? මං නුවර මාමේ..... මාමේ.....මට දෝනියැන්දලා නැහැ....ඔහු මහ හඬින් සිනාසුනි..... මක්කැයි හිනාවෙන්නේ........... නෑ නෑ මහත්තයෝ ඹය ගති ගුණ තියන මිනිස්සු අද අඩුයි..... අපේ මහත්තයාගේ නම මොකක්ද? වෙනුර නානායක්කාර නේද? නැවතත් ඹහු හිනාවකය.. මම අපේ මහත්තයා කීවේ ඔය මහත්තයට.... මාමේ....... මහත්තයා කියන්න එපා...මම අරවින්ද.... නෑ මහත්තෑන්ලා උගත් රාජ්‍ය සේවකයෝ.... රාජ්‍ය සේවකයෝ හැමෝම මහත්තරුද මාමේ....... ඹහු නැවතත් සිනාසෙයි....සිනාසෙනවිට බුලක් කා අව පැහැ වූ දත් දෙපල මනාව පෙනෙයි...... මාමා මොන පලාතෙද..... මං හම්බන්තොට ...රැකව පලාතේ තංගල්ල කිටිටුවනේ මහත්තයෝ....... දකුනේ මිනිස්සු....මම අහලා තියනවා පහත රට මිනිස්සු මහ නපුරුයි කියලා....විශේෂයෙන් දකුනේ මිනිස්සු.... නැහැ මහත්තයෝ නපුරු නැහැ කපටියි.... ඹහු නැවතත් මහ හඩින් සිනාසෙයි....... ඹ්න් ගෙදරට සැපත් වුනා...... කියනා සැම වචනයක් පාසා ඔහු සිනිසෙයි..
______________________________________________________________               13
සුවිසල් නිවසක ගේට්ටුව ස්ව්‍යංක්‍රීයව විවර විය..... නිවස ඉදිරියේ තරමක් නොසන්සුන් ඉරියව්වකින් යුතු යුවතියකි........ අදනම් මම ඉවරයි මහත්තයෝ...... මක්කැයි උනේ..... මේ අපේ වෙනුර මහත්තයගේ නෝනා...නිලූශි මැඩම්...යකෙක් මහත්තයෝ මේ නම් ගෑනියෙක් නෙමෙයි.... සුමනපාල මාමාගේ සිනහව ගිය අතක් නැත.....එම මුහුන දුටු මට සිනහා නැගිනි.... ම්.....මැඩම්......අපේ මහත්තයා කිව්වා යතුර ඉල්ලගෙන මේ මහත්තෑන්ට කාමරේ පෙන්නන්න කියලා..යම්න් ගමන් කෑමත් අරන් යන්න කිව්වා...එනිසයි ප්‍රමාද වුනේ.....මගේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි ඔන්න.... මම දැන් ඇහුවද සුමනදාසගෙන් පරක්කු වෙච්ච හේතුව.... මා සිර කරගෙන සිටි සිනහව පිටතට පැමිනියේ එම මොහොතේදීය..... පිස්සු මනුස්සයා..... එසේ කියමින් ඇය තම අතෙහි වූ යතුර සුමනදාස මාමා අත තැබීය... සුමනදාස මම රුක්ෂිත් එක්ක එලියට යනවා වෙනුර මහත්තයට කියන්න මම ඉක්මනට එනවා කියලා.... එසේ කියමින් ඇය පැමිනි මෝටර් රථයට ගොඩවූයේ මටද මද සිනහවකින් සංග්‍රහ කරමිනි... කවුද දන්නේ ඹය මනුස්සයා වෙන එකෙක් එනකල් ඉන්න විත්තිය.... මා තවමත් සිනහව සමඟය.... එන්න මහත්තයෝ කාමරේ පෙන්නන්න.....මොන දේ උනත් අද වහීවිද මන්දා ඔය මනුස්සයා මට අද තමයි වචනයක්වත් නොකියා හිටියේ..... මා නැවතත් සිනාවීය......

________________________________________________________________

No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..