Monday 26 December 2011

සිංහ බා...









රුදු බලැති සිහ පා
උරුමයට මග පෑ
පුතෙකු මම හැදුවා
එ පුතු මා වනසා........


ලෙනක් තුල සතපා
මියුරු ගී කොඳුරා
ශිල්ප දී රැකු වා
වනසාද පුතු මා............


මිසුරු රස බොජුනා
පල වැලද සොඳවා
මියුරු කොට පෙම්මා
රැගෙන ගොස් අමිමා........


රුසිරු සිරි කැන්දා
දැවටීම උන්නා
දියනි නැත ලඟ මා
රැගෙන ගොස් සිහ බා.........


සොඳුර දුන් පුතු මා
නොම වී ය උතුමා
නෙතක් කොට රුකු මා
වනසාය හිත මා.......


මරන්නට පිය මා
තරමි හිත රුදුවා
පුතෙක් හැදු පව මා
සොඳුරු ලය පැලුවා.......

1 comment:

  1. අනේ මන්දා

    මට නම් සිංහබාහු කරපු වැඩේ වැරැද්දක් පේන්නේ නැතුවා.

    ජාතක කරපු තාත්තා හරි පවුලට අසාධාරනයක් කරනවනම් ඒකට එරෙහි වෙන්න ඕන.

    මට හිතෙන්නේ එහෙමයි.

    අපේ කල්චර් එකේ විදිහට එහෙම හිතෙන එක වැරදි බව දන්නවා ඒත් මක්ක කරනන්ද මට හිතෙන්නේ එහෙමයිනේ.

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..