Sunday 25 December 2011

නියම මොලේ.....



කියන්නම වටින කතාවක් මේක...මමත් පුංචි කාලේ අහපු කතාවක් නමුත් හුඟාක් අය අහලා නැතිවෑති කියලා කියන්න හිතුවා...


මේ කතාව අදට හුඟාක් වලංගුයි..මොකද දන්නවද? දේසපාලුවෝ මිනිස්සුන්ව රවට්ටන්න අද පාවිච්චි කරන්නේ මෙන්න මේ දේ..


ඔන්න එකමත් එක රටක හිටියලු ගමරාල කෙනෙක්....හරිම අමාරුවෙන් තමයි මුන්දෑ පවුල එක්ක ජීවත් උනේ..දිගටම තිබිච්ච ඉඩෝරය හින්දා කන්න තුන හතරක්ම පාලුත් උනා...කෑම බීමත් හරියට හිඟයි....


පුළුවන් හැමදේම විකුනලා කෑවා ..අන්තිමට ගෙදර ඉතිරිවෙලා තිබුනේ එකම එක මහ විසාලෙට හැදිච්ච තාරාවෙක් විතරයි...නමුත් තාරාවව උයලා මොනවත් එක්ක කන්නද? හාල් කියන නාමයක් ගෙදර නැහැ..පාං කෑල්ලක්වත් නැහැ..පොඩි එවුන් බඩගින්නේ අඬනවා...


ගමරාළ කල්පනා කලා කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න ඹ්නේ කියලා...ගමරාළට මතක් උනේ ගමර ඉන්න සිටු තුමාව...මිනිහට බොහෝ සම්පත් තියනවා...හරී කරුනාවන්තයි...ගමරාල හිතුවා මේ තාරාවවත් ඉතිරිකරගෙන හොඳ පදං හාල් ගෝනියකුත් අරන් එන්න ඹ්නේ කියලා ගියා සිටු මාලිගාවට...


ගිහින් හමු උනා සිටු තුමාව...ගසිටු තුමාට කිව්වා මේ බලන්න මගේ ලඟ යස තාරා නාම්බෙක් ඉන්නවා මම ඔබ තුමාට දෙන්න ගෙනාවේ ..මටත් කෑල්ලක් ඉතිරි කරගෙන මම බෙදලා දෙන්නම්...මස් වලට හරියන්න මට ඔය හාල් ටිකක් දෙන්න කියලා...


සිටු තුමාත් එක පයින් කැමති උනා මේ යෝජනාවට.....හා හා මම එකඟයි සිටු තුමා කීවා....බෙදමුකෝ බලන්න..සිටුතුමාත් තනියම කොටස ගන්නැතුව කිවිවා මේ මගේ පවුලේ මගේ බිරිඳයි දුවලා දෙන්නයි පුතාලා දෙන්නයි මමයි හයක් ඉන්නවා බෙදමුකෝ බලන්න කියලා....


ගමරාල මදක් කල්පනා කලා...හරි මම බෙදන්නම්...


ගමරාළ මුලින් සිටු තුමාට කියනවා...ඔබ තුමා තමයි මේ පවුල් ප්‍රධානියා..ඔබ තුමා තමයි ඉහලින් ඉන්නේ මෙන්න එනිසා තාරාවගේ හිස ඔබ තුමාට කියලා තාරාවගේ හිස සිටුතුමාට දෙනවා...


දෙවැනියට ගමරාල තෝරගන්නේ සිටුවරයගේ බිරිඳව..ගමරාළ මෙහෙම කියනවා..සිටු කුමරියනි ඔබ තමයි මේ පවුලේ හැමදේම ලස්සනට කරන්නේ...උද්‍යාන..ගෙවල් මේ හැමදරම සරසවන්නේ ඔබ මේ පවුලට විෂාල ශක්තියකුත් ඔබ දෙනවා....මේ පිහාටු ඔබට ...දන්නවද මේ
පිහාටු නිසා තමයි රුකවරණය තියෙන්නේ සිරුරට ..ඔබත් එහෙමයි...එනිසා ඔබය නියතවම මෙය හිමිවිය යුතුයි....


තුනිවෙන්ව ගමරාල තොරගත්තේ දුවලා දෙන්නවා....ගමරාල මෙහෙම කියනවා...සිටු දියනියනි...ඔබලා කොතරම් සෙනෙහසින් මෙහි කාලය ගතකලත් දිනයක තම කුරාරවරුත් එක්ක සරණපාවාගෙන මේ කැදැල්ල අතහැරලා යන්න වෙනවා මෙන්න එය සංඛේතවත් කරන්නට මගෙන් තටු දෙකක් කියලා තාරාවගේ තටු දෙක කපලා දුන්නා සිටු දියනියන්ට..


අන්තිමට ඉතිරි පුතාලා දෙන්නා විතරයි....ඔබ තුමන්ලා තමයි කවදා හරි මේ හැම දේපලක්ම රැක ගන්නේ..මේවා රැකගන්න එක ශක්තිමත් ඔබලාගේ යුතුකම...මේ හැමදේම පැවතෙන්නේ පරම්පරාව ගෙනයන පුතුන් මත..පුතුන් කියන කකුල් නැති උනොත් නිකම්ම බිම වැටෙනවා..එනිසා ඔබලාට මේ කකුල් කියලා තාරාවගේ කකුල් දෙක කපලා දුන්නා පුතාලා දෙන්නට...


ගමරාලට එහෙම්පිටින් තාරාවගේ මස් ටික අයිතියි....ගමරාල ගැන පැහැදුනු සිටුතුමා ජීවිත කාලෙම සතුටින් ඉන්න තරම් දේ පිරි නමලා තමාගේ උපදේශක පදවියකුත් දුන්නලු..


බලන්න ගමරාලගේ ප්‍රතිපත්තියම නේද පාර්ලිමේන්තු ගොයියොත් රකින්නේ....අපිට කටු...උන්ට මස්....හිත නොරිදා වැඩේ දෙනවා....

6 comments:

  1. මාර මොලයක්නෙ

    ReplyDelete
  2. මේ ගමරාල ඔයා නෙමෙයි නේද

    ReplyDelete
  3. අපේ සීයා..මම ඊට වැඩිය පැහිලා...

    ReplyDelete
  4. පවු අෆ්ෆා සිටු අන්කල්.....

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..