Wednesday 28 December 2011

එන්න ලෙමන් ජින් බොන්න...









මහ පොළ අපේ ගමටත් සේන්දු වෙලා.....මතක විදිහට දෙදහස් හතරේ අවුරුද්දේ...යාන්තම් උසස් පෙළ කලා විතරයි..මහ පොළ බලන්න යන්නත් අතේ සල්ලි තියෙන්න එපැයි..පළවෙනි දවසේ හොරාට රිංගුවා ..හැමදාම මෙහෙම  කරන්න බැරි නිසා ටිකට් අරන්ම යන්න විදිහක් කල්පනා කර කර හිටියේ..දුකට සැපට ඉන්න රනිදුවා ලඟම හිටියත් හැමදාම අතේ පිච්චිය නැහැ..පිච්චිය තියා පිච්චිය දාන්න සාක්කුවක්වත් මිනිහට නැහැ..


ඔන්න ඉතින් දෙන්නට කල්පනාවට වැටුනා ගානක් කපා ගන්න කෙනෙක්...සල්ලි අතේ වරදින්නෙම නැති බොහෝම සිල්වත් කෙනෙක් තමයි මෙයා...වෙන කවුරුවත් නෙමෙයි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ..


ඔන්න ඉතින් නමෝ බුද්ධාය කියලා මංගැච්චුවා පන්සලට...


අනං මනං කතා නැතුව ඉල්ලිම ඉදිරිපත් කලා...පැරණි ණය වාර්ථා සේරම කියවලා ගනං හිලවු බලලා නැවත ලබා දීමේ පදනම මත රුපියල් දාහක් හාමුදුරුවෝ දුන්නා..


බයිසිකල් කටුවට පෙට්‍රල් රුපියල් දෙසියක ගහගෙන කෙලින්ම ගියේ නෝනා බාර් එකට(කළුතර ප්‍රසිද්ධම බාර් එක) මචං ලෙමන් ජින් එකක් ගමු....අතේ සතේ නැති උනාට උපදෙස් දෙන්නනම් මේකා දෙයියා...


හා හා ගමු ගමු..මමත් එක පයින් කැමති උනා...


අරගෙන එද්දි මතක් උනේ දාහයිනේ තිබුනේ..අඩුම ගානේ සෝඩා එකක්වත් ගත්තේ නැහැ..බයිට් එකට රුපියල් දහයක රටකජු ගොට්ටක් ගත්තා...


මචං යමු කැලිඩෝ එකට...ගිහින් ගහලා යමු මහපොළ බලන්න...උපදේශක දුන්නා අයිඩියා එකක්...


ලයිශන් වත් නැහැ..කළුතර පාළම් දෙක පන්නලා ඔන්න අපි කැලිඩෝ බීච් එකට සෙට් උනා...


අපරාදේ කියන්න බැහැ බොන්නම හදාපු ස්පොට් එක...


බයිසිකලේ නවත්තලා වැලි පොළව දිගේ වැටකෙයියා පඳුරක් වට වාඩි උනා...හප්පට සිරි කෝ අරක්කු බොන්න වීදුරුවක්...වට පිටාවේ විපරම් කෙරුවත් අන්තිමට හොඳට වැලිවලින් මැදිච්ච පොල් කටුවක් විතරයි හම්බ වුනේ..මොනවා කරන්නද මේකෙවත් බොමු කියලා දෙන්නා වාඩි වෙලා බොතලේ කඩලා වැඩේ ස්ටාර්ට් කලා... එක ශොට් එකකට එක රටකජු පලුවයි...අපි එහෙම ගිවිසගෙන වැඩේ කරගෙන ගියා....


යාන්තම් අමාරුවෙන් තුන් කාලක් දෙන්නා බිව්වා....දැන්නම් හොඳ පදං...ඔහොම ඉන්නකොට මෙන්න රනිදුවා කියපිය මචං මට ටොයිලට් යන්න උවමනාවක් තියනවා කියලා...


අවසර ගන්න දෙයක් නැහැ අර තියෙන්නේ නියම පොට් එකක් ජල පහසුකමත් නොමිලේම තියනවා...මම එහෙම කියලා පෙන්නුවා මුහුද...මෙන්න පොරත් වරම් ගත්තා වගේ දුවලා ගියා රාජකාරිය කරන්න..


විනාඩි දෙක තුනකින් මෙන්න මිනිහා එනවා අම්මබානෙකට නාගෙන..


මචං රැල්ලක් ගැහුවා ඔළුවටත් උඩින්..මම බොහොම අමාරුවෙන් ගැලවුනේ.....මිනිහා කිව්වේ ඔලිම්පික් පිහිනුම් තරඟෙට ගිහින් රන් පදක්කම ගෙනාවා වගේ..


හරි මගුලයි දැන් කොහොමද යකෝ මහපොළ බලන්න යන්නේ ..උඹ දියකාවා වගේනේ....


නෑ බං අපි හෙට යමු...අද මේක ගහලා යමු..එහෙම කියලා මූ තව ලෙමන් ජින් පොල්කටුවක් වක්කරගත්තා...


මමත් මූට දෙවනි නොවී කට කපලා දෙකක් දාගත්තා....දැන් නම් දෙන්නට බඹර පහස...මුලු ලෝකෙම හයිස්පීඩ් කැරකෙනවා...ට්‍රැෆික් පොල්ස් කාරයෙක් දැක්කොත් ලෝකේ කරකවන එකාටත් දඩ කොළයක් කඩනවා...


මචං....යමු ගෙදර....රනිදුවා දන ගහලා...


උඹේ ගෙදරද අපේ ගෙදරද?


අපේ ගෙදර ගියොත් මම ඉවරයි...උඹලෑ ගෙදර ගියොත් අපි දෙන්නම ඉවරයි...වෙන කොහේ හරි යමං...


හොඳම සිද්ධි ටික හෙට බලමු.......ඔන්න අමතක කරන්න එපා....රසම හරිය හෙට......

1 comment:

  1. හපොයි මෙහෙමත් බාබෙද්දෝ...මතට තිතද? තිතට මතද?

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..