Monday 26 March 2012

සබඳ අපි
















වියපත්ය පිය නැගූ මාවත්
දරිද්‍රතාවය ලැගුම්ගෙන ගස් වැල්
කුස පොත්ත පිට පැද්ද වැදී
ඉකි ගසයි ජීවිතය............


පිය මතින් පිය තැබූ
සදාතනික ජීවිතය
යදියි තව එක් දිනක්-මිය යන්න මත්තෙන්
අනෝරා දැක අත ලඟම
දනහිසෙන් උඩට දිය නොඑන.....


"අනිඡ්චා වත සංඛාරා"
දිටිමි තාප්පයක පාප්ප අතුරා
සුදු කඩදහියක
වර්ණ ඡායාරූපයක්ද යොදා......

යාන්තමින් හතර රියනක්
ජන ඝනත්වය අඩු තැනක
එතරම්ම ලාභ නොවූවත්
මිලදී ගත යුතුවම ඇත.......


තහඩු හෙවිල්ලවූ
වියූ පොල් අතු සිර ගෙයින්
පාරට තාර ඉල්ලිය යුතුය
සුදු පලස් එලන්නට
බෝඩ් ලෑල්ලක් ඔසවා...... 

8 comments:

  1. ම්ම්ම් ලස්සනයි....ඔයා ලියන හැමදේටම මම කැමතියි.ඒක නිසා අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.

    ReplyDelete
  2. අනේ අපොයි ජීවිතත්....හ්ම්

    ReplyDelete
  3. මාත් තව දවස් ටිකකින් බොඩ් උස්සනවා

    ReplyDelete
  4. කුමාරිහාමි කියනවා හැමදාම වගේ ලස්සනයි ලු.මම ඉතිං හැමදාම වගේ කියනවා උඹ ලියන කවි තේරුම ගන්න අමාරුයි සෙනාට වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ අසර් ඔයා නම් ටියුබ් ලයිට.සෙනා අනිත් කෙනා...(මටත් තෙරුනේ නෑ වගේලු..හැමදාම වගේ ලස්සනයි කිව්වේ එයා :D)..

      Delete
    2. කව්ද දන්නෙ... :-) නේද අසර්...

      Delete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..