වියපත්ය පිය නැගූ මාවත්
දරිද්‍රතාවය ලැගුම්ගෙන ගස් වැල්
කුස පොත්ත පිට පැද්ද වැදී
ඉකි ගසයි ජීවිතය............
පිය මතින් පිය තැබූ
සදාතනික ජීවිතය
යදියි තව එක් දිනක්-මිය යන්න මත්තෙන්
අනෝරා දැක අත ලඟම
දනහිසෙන් උඩට දිය නොඑන.....
"අනිඡ්චා වත සංඛාරා"
දිටිමි තාප්පයක පාප්ප අතුරා
සුදු කඩදහියක
වර්ණ ඡායාරූපයක්ද යොදා......
යාන්තමින් හතර රියනක්
ජන ඝනත්වය අඩු තැනක
එතරම්ම ලාභ නොවූවත්
මිලදී ගත යුතුවම ඇත.......
තහඩු හෙවිල්ලවූ
වියූ පොල් අතු සිර ගෙයින්
පාරට තාර ඉල්ලිය යුතුය
සුදු පලස් එලන්නට
බෝඩ් ලෑල්ලක් ඔසවා......
ම්ම්ම් ලස්සනයි....ඔයා ලියන හැමදේටම මම කැමතියි.ඒක නිසා අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.
ReplyDeleteඅනේ අපොයි ජීවිතත්....හ්ම්
ReplyDelete?? tube light.. :-)
ReplyDeleteමාත් තව දවස් ටිකකින් බොඩ් උස්සනවා
ReplyDeleteකුමාරිහාමි කියනවා හැමදාම වගේ ලස්සනයි ලු.මම ඉතිං හැමදාම වගේ කියනවා උඹ ලියන කවි තේරුම ගන්න අමාරුයි සෙනාට වගේ.
ReplyDeleteඅනේ අසර් ඔයා නම් ටියුබ් ලයිට.සෙනා අනිත් කෙනා...(මටත් තෙරුනේ නෑ වගේලු..හැමදාම වගේ ලස්සනයි කිව්වේ එයා :D)..
Deleteකව්ද දන්නෙ... :-) නේද අසර්...
Deleteහෙක්..
Delete