Tuesday 12 July 2011

තටු ලදිමි සිහින විල් තෙරකින් මම............

 බොහෝ කෙටි කළකින් දැන හැඳින ගත් අයෙකුගෙන් ජීවිතය ඉගැනීම හෝ දැන ගැනීම විහිලුවක් හෝ හාස්‍යට කරුනක් යැයි ඹබට  හැඟුනොත් මම  ඊට විරුද්ධ වන්නේ නැත.නමුත් මම ඊට එකඟ වන්නේද නැත.නමුදු අ;ගන්තුකයෝ ජීවිත වෙනස් කරනවා යැයි කීමට හොඳම උදාහරනයක් වේ නමි එය නිසැකවම මම වේ....නිදහසේ පියා සල කුරුල්ලෙකු තටු කපාගෙන ය.බලහත් කාරයෙන් තටු කපාගෙන ය.අ;ගන්තුකයා කියාදුන් සරළ මුත් දුෂ්කර ජීවිතයේ ඉක්මනින් පියා සැලිය නොහැක..මඟ ලකුනු බලමින් විපරමින් සෝදිසියෙන් සෙමින් ගමන් කල යුතුය...එවිට බොහෝ දෑ හිමිවනවා යැයි අ;ගන්තුකයා කී පරිද්දෙන් මට බොහෝ දෑ හිමි විය..සෙමින් ගමන් ගන්නා මුත් මේ ජීවිතය බොහෝ සොඳුරුය...පියා සළනවා තරමි වෙහෙසක්ද නැත....තටු කොහෙත්ම රිදෙන්නේ නැත....අපූරුය ...චමත්කාරජනකය....මම ගමන් කරමි....තටු තබා එය නොසිතා දෙපයට වාරු වී මහ පොළවට දැනෙනා මෙන් ගමන් කරමි....අ;ගන්තුකයා කියා දුන් මේ ගමන් මඟට පින් සිදුවන්නට මහ පොළව මා හොඳින් හඳුනයි..බර අඩි තබමින් යන මාගේ බර පොළවට දැනෙන බව මමද දනිමි....එම පොළව මමද හොඳින් හදුනයි......දැන් මා ස්ථාවරය පැටලීමි. වැටීමි නැත.......අ;ගන්තුකයා අපූරුවට ජීවිතය කියා දී හමාරය....පළමු පින් අනුමෝදනාව එලෙස ජීවිතය කියා දීම හරහා සියල් හැකියා ඹප මටිටමි කල නුඹට ය.......දයාබර   ඇදුරුතුමියනි   නුඹටයි මේ තුති කුසුම........              

1 comment:

  1. ඔබ සැබැවින්ම ජීවිතය ඉගෙන ගත්තා නම් අපූරුය..එහෙත් ඔබ ඉගෙන ගත්තේ ජීවිතයේ පිටත පමනක් වීම ආගන්තුකයාට මහත් වේදනාවක් දනවන බව ඔබ දන්නවානම්...ජීවත් වනවා යන්න තමන්ට පමනක් අයිති දෙයක් නොවන බව ඔබ වටහා නොගත් එක දුකකි..ඇදුරුතුමිය ඔබ හැම මොහොතකම ආරක්ෂා කලේ දිවි නොතකා නමුත් ඔබ ඉද ලද ක්ෂනයෙන් තටු ලබා වෙනතක ඉගිලී ගිය අයුරු අදද පුදුමාකාරය..දයාබර විල් තෙර ඔබේ විල් තෙරේ සුවදැති මල් පිපේවා..

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..