Saturday 30 July 2011

***සුනාථ -ධාරේථ- චරාථ ධම්මේ***

අසා පුරවා සවන් පෙති
ධාරනය කොට මනා ලෙස
හැසිරෙන්න මම යන කොට
විශ්ව ගම්මානයක් ලෝකය.....

හන්දියේ පාලම ලඟ
කැහැපොට සරම..
සිරි අයියා ගරැ කරනවා
කසිප්පු කාලට.........

හැමදේම අතර ඹහු
ඝන කැලෑ පපුව මැද
කොටන් ලොකුවට
බුදු වේවා අම්මා........

පෝය දා පන්සලට
සිල් ගත්තු ඇත්තන්ට
දානෙ ටික බෙදන
නංගි පෙන්නන පෑන්ටිය
නියතවම සී.කේ ය

බණ දෙසන අතර තුර
අපේ හාමුදුරුවන්ට ඇමතුමක්
බුදුන්ගෙන් වෙන්ටෑ
අමතක දෙයක් අහගන්ට.......

ටොප් ලැට් එකක් වත් නැති
පහල ගෙදර සිරිමලා
හැමදාම රණ්ඩුව
අරන් දෙන්නැයි ලැප් ටොප්....

අනේ මන්දා මොකක්දැයි මේ
අපබ්‍රංශ කුණු හරපෙ....
විශ්ව ගම්මානෙ....අනේ අම්මපා
අපරාදෙ.......අසා ධාරනය කරගත් ධර්මේ...
මේකනේ සුපිරි දහම.......

2 comments:

  1. සහතික ඇත්ත. හොද නිර්මාණයක්. අද කාලෙට ගැලපෙනවා කියලා මටහිතෙනවා . .

    ReplyDelete
  2. කොහොම පෙන්නුවාද
    ලොවක ඇති අසමසම
    ලොවක ඇති අවුල් බව
    අවුල් කර ඇත දෑස
    ඒ අසමසම අවුල
    පෙනෙනමුත් නොදුටු ලෙස
    හිනැහියන් තවත් නුඹ
    වෙන කුමක් කරන්නද……

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..