Tuesday, 30 August 2011
Monday, 29 August 2011
පිලිස්සෙන යෞවනයේ......
මී මල් සුවඳේ -රෑ ...
අතරින් පතරේ විහිදෙන
ලන්තෑරුම් එලිය දිගේ...........
පියමනිනා.....
හැඳුනුම්පත නැති රාත්‍රියේ.....අඩක් පිලිස්සෙන යෞවනයේ
තාර බරට පුතු-ගුණ ගයන්ට.............
අමිමා දෝ ඇවිදින් ඉන්නේ..........
තබා හිස උකුලේ..........
මරිය මව් වන්නටද පැතුවේ...
පිනෙන් පිරිහුනු -දෙවියන්ද මළ
සොහොන් පිටියට-කන්නලව් කර
වඩම්මන්නට දේවතාවෝ.......
අම්මාදෝ ඇවිදින් ඉන්නේ.........
ටයර් සෑයේ අඟුරු අතරින්
තවම දිලිහෙන ගින්දරින්
නොපිච්චෙන්නට කඳුලු පැන් ඉසිනා
වංක ගිරියට-කිරි බිඳක් දී
දෑත් උස්සා ශාප කරමින්....
රජුන් බියගන්වන්නට....
අමිමාදෝ ඇවිදින් ඉන්නේ....
අතරින් පතරේ විහිදෙන
ලන්තෑරුම් එලිය දිගේ...........
පියමනිනා.....
හැඳුනුම්පත නැති රාත්‍රියේ.....අඩක් පිලිස්සෙන යෞවනයේ
තාර බරට පුතු-ගුණ ගයන්ට.............
අමිමා දෝ ඇවිදින් ඉන්නේ..........
තබා හිස උකුලේ..........
මරිය මව් වන්නටද පැතුවේ...
පිනෙන් පිරිහුනු -දෙවියන්ද මළ
සොහොන් පිටියට-කන්නලව් කර
වඩම්මන්නට දේවතාවෝ.......
අම්මාදෝ ඇවිදින් ඉන්නේ.........
ටයර් සෑයේ අඟුරු අතරින්
තවම දිලිහෙන ගින්දරින්
නොපිච්චෙන්නට කඳුලු පැන් ඉසිනා
වංක ගිරියට-කිරි බිඳක් දී
දෑත් උස්සා ශාප කරමින්....
රජුන් බියගන්වන්නට....
අමිමාදෝ ඇවිදින් ඉන්නේ....
ඇය
මෑත් කර දොර රෙද්ද
බැලීමී තව වරක් .....
නැත මේ ඇය නොවේ....
ලංවුනෙමි-සියල්ලන්ට හොරෙන්
බැලීමී විපරමින්-නැවතත්
නැත......
මේ ඇය වන්නට බැරිය....
ඇය සුදුය-එතරම්ම මෘදුය.....
නැවත කාමරයට පිවිසුනෙමි.......
මතක සයුරේ කිමිදිනි
ඇය එක් කොට තිබූ මවෙත......
මතක් විය......
මා ජයග්‍රාහී විය........
රැස්ව සිටි උන් දෙස
අපහාසයට සිනාසී.........
යලිත් එබුනි ඇගේ නලලතට....
නැත මේ ඇය නොවේ...
ඇයගේ නලලත නෙළුම් මල් සුවඳය...
මේ නොදන්නා සුවඳකි.......
මේ නම් ඇය නොවේ........
නැවතත් කාමරයට පිවිසුනෙමි..
දොරද වසා ගතිමි.....
යලිත් මතකයන් අතර........
ඇයගේ දෙතොල් පහස සිහිව
හැර දමා දොර ............
සිපගතිමි වේගයෙන් දෙතොල......
වට පිට බැලීමී ලැජ්ජාවෙන්
මේ නම් ඇය නොවේ......
ඇය දකීදෝයි බියෙන් ඉවත් වීමී ඉන්.......
වලලන්ට මොහොතකට පෙර
අවසර ලබා අවමංගල සභාවෙන්.....
පපුවට අත තබා බැලීමී...................
එක් වරක් වත් හුස්ම ගනීදෝ කියා
විමසන්නට......
නුඹ ඇයමදැයි කියා..................
වැහි දියක් නැති
කාෂ්ඨක බිමක
වැපිරීමි බිජුවක්........
දළු ලාය එය
නොසිතූ පරිද්දෙන් කිසිදු සැලකිල්ලක් නොලබාම.....
දිනෙන් දින වැඩෙයි අතු පතර
බලා ඉද්දීම.........
මහ වනස්පතියක
අසිරි දුනි කෙටි කලකින්ම....
සෙවන විනි මටම නොව
සියල් සතුනට.....
ලැගුම් ගෙන අනවසරයෙන්
වෘක්ෂ දේවතාවක්.....
අයිතිකොට ගන්නටත් වෑයමක්.....
කරන්නට දෙයක් නැති කොට
මගේ ගස ලබන්නට......
සටන් කරන්නට ඹහු සමඟ
ගෙල වැල ලා ගතිමි මම
එහි අත්තක.................
දේවාත්මයක් ලබා උපදිනුයි සිතා.....
අහෝ.....මරණයක අරුම
දින සති මාස ගෙවීත්
මල සිරුර තවමත් ගස මත....
දුගඳ දස අත
නැත අහලක කිසිවෙකුත්
දෙවියන්ද ගිය මගක් නැත........
ගලනා ඹ්ජසින් තව තවත් දිරි ගෙන
නඟියි ගස අහසට...........
මම ලබාගති අපහසුවෙන්
අල්ලසක්ද දී දේවාත්මයක්............
මුත් අධිපති දෙවියෝ
සවිකර දැන්වීමක්-මහා අකුරෙන්
''මේ ගස දෙවියන්ට තහනම්
මෙහි පව් කාරයෙකු සිය දිවි නසා ගෙන''
යන්න දන්වා..................
කුමක් කරන්නද........
යලිත් පැතුවෙමි මිය යන්ට
ගසේ බිජුවක්ව උපදින්ටැයි පතා...
කාෂ්ඨක බිමක
වැපිරීමි බිජුවක්........
දළු ලාය එය
නොසිතූ පරිද්දෙන් කිසිදු සැලකිල්ලක් නොලබාම.....
දිනෙන් දින වැඩෙයි අතු පතර
බලා ඉද්දීම.........
මහ වනස්පතියක
අසිරි දුනි කෙටි කලකින්ම....
සෙවන විනි මටම නොව
සියල් සතුනට.....
ලැගුම් ගෙන අනවසරයෙන්
වෘක්ෂ දේවතාවක්.....
අයිතිකොට ගන්නටත් වෑයමක්.....
කරන්නට දෙයක් නැති කොට
මගේ ගස ලබන්නට......
සටන් කරන්නට ඹහු සමඟ
ගෙල වැල ලා ගතිමි මම
එහි අත්තක.................
දේවාත්මයක් ලබා උපදිනුයි සිතා.....
අහෝ.....මරණයක අරුම
දින සති මාස ගෙවීත්
මල සිරුර තවමත් ගස මත....
දුගඳ දස අත
නැත අහලක කිසිවෙකුත්
දෙවියන්ද ගිය මගක් නැත........
ගලනා ඹ්ජසින් තව තවත් දිරි ගෙන
නඟියි ගස අහසට...........
මම ලබාගති අපහසුවෙන්
අල්ලසක්ද දී දේවාත්මයක්............
මුත් අධිපති දෙවියෝ
සවිකර දැන්වීමක්-මහා අකුරෙන්
''මේ ගස දෙවියන්ට තහනම්
මෙහි පව් කාරයෙකු සිය දිවි නසා ගෙන''
යන්න දන්වා..................
කුමක් කරන්නද........
යලිත් පැතුවෙමි මිය යන්ට
ගසේ බිජුවක්ව උපදින්ටැයි පතා...
Monday, 22 August 2011
හිරුද අවරේ-චන්ඩ බව වියැකී
සයුර නිසලට -හැඬුම අමතකවී
පා ලකුණු මත -පා ලකුනු තැබු
වෙරළ තීරේ......
නුඹේ පා ලකුණු මැකීලා'මගේ පමනක් ඉතිරි වීලා.........
පාලු අහසේ තරු කැකුලු නිමිලා
නොදුටු ක්ශිතිජය නෙත් කොනේ මවලා
වසන්තය නැති සරත් සෘතුවට
කඳුලු පැල්ලම් තියා නුඹ මැකිලා.....
මකන්නට බැරි තරම් මතකෙට ' නුඹ කඳුලු ඉහලා..........................
දමි ඟඟුලේ දිය නැහැ තව බොරවී
විහාරයේ දොර අඩවල් වූවද
නෙත් මායිම ඹය පහස සොයන විට
දමි පදයක් වෙනු යසෝදරා මට
හද විල කළඹන මතකය මා සිත
හඩවන හේතුව නුඹට දැනෙනවද
සිල් සිත පාමුල දැහැනට සමවුන
යසෝදරා හැර දැහැනක් නෑ මට
ලේන කුලේ සිට නුඹ රැඳි නෙත් ලඟ
බුදුවෙන දා නැත දුටුවේ ඹය නෙත
පුරන පාරමී මගේම හිත යට
යසෝදරා නුඹ හිමිවෙනු දිනයක
විහාරයේ දොර අඩවල් වූවද
නෙත් මායිම ඹය පහස සොයන විට
දමි පදයක් වෙනු යසෝදරා මට
හද විල කළඹන මතකය මා සිත
හඩවන හේතුව නුඹට දැනෙනවද
සිල් සිත පාමුල දැහැනට සමවුන
යසෝදරා හැර දැහැනක් නෑ මට
ලේන කුලේ සිට නුඹ රැඳි නෙත් ලඟ
බුදුවෙන දා නැත දුටුවේ ඹය නෙත
පුරන පාරමී මගේම හිත යට
යසෝදරා නුඹ හිමිවෙනු දිනයක

පුච්චන්න ජීවිතය
වරක් ඉහලට නැඟීයන්
දුම් කඳක් ගෙන තාර රඳවා
යලිත් පහලට ඇදීයන්.....
හුස්ම අස්සේ-පනද ගැස්සේ.....නුඹේ සුවඳින් මරන මත්තේ
තවත් දුක් නොම දියන් අන් හට
හෙටක් පුච්චා දවා අලු කර......
දෙතොල් අතරේ-උජාරුව සේ
රැඳුන් මරණය නොපෙනෙනා සේ
මමත් පැද්දුනි නුඹෙ තොටිල්ලේ
සුදු කොඩිය අමුනමින් හර්දේ..
දුම් වලාකුල් නාස් අතරේ
රන්ද ගෙන පෙනහලු මුලාවේ
අරන් යන හැඩ බලා පෙරසේ
හිතින් විඳවමි දුමේ ශාපේ..........
වරක් ඉහලට නැඟීයන්
දුම් කඳක් ගෙන තාර රඳවා
යලිත් පහලට ඇදීයන්.....
හුස්ම අස්සේ-පනද ගැස්සේ.....නුඹේ සුවඳින් මරන මත්තේ
තවත් දුක් නොම දියන් අන් හට
හෙටක් පුච්චා දවා අලු කර......
දෙතොල් අතරේ-උජාරුව සේ
රැඳුන් මරණය නොපෙනෙනා සේ
මමත් පැද්දුනි නුඹෙ තොටිල්ලේ
සුදු කොඩිය අමුනමින් හර්දේ..
දුම් වලාකුල් නාස් අතරේ
රන්ද ගෙන පෙනහලු මුලාවේ
අරන් යන හැඩ බලා පෙරසේ
හිතින් විඳවමි දුමේ ශාපේ..........
Friday, 19 August 2011
අමතකවිනි දෙවියන්ට කියන්නට..
කන් පෙති විවර කලෙමි
නොයිඳුල් හැඬුමට
නොයිඳුල් හැඬුමට
තෙත බරිතව විය හැක
තවම නැවුම් නිසා නුඹ...
හතරයි විස්සයි....
සටහන් කොට ගතිමි
මනසේ නොමැකෙනා ලෙස
හැඬූ මුල් වර............
සිපගන්ට මග බලයි නෙත
වැලඳ ගෙන සියුම් ලෙස
රිදේවී දෝ මීට
අතගා ගති මම රැවුල......
නවගමුවට නවයක්ද
දොලගමුවට දොලහක්ද
පඬුරුලෑ මතක අග
නුඹ පැමින නව ලොවට...
වින්නඹුව පැමින මට
පුතෙක් බව කී විගස
පිපුණු මල් ඉහ මත්ත
දෙනෙතඟට කඳුලු ගෙන..
සිද්ධ පත්තිනි මවට
බණ්ඩාර දෙයියන්ට
අයිය නායක නමට
භාර උනි පුතු සෙතට............
නුඹේ මව් රැක දෙන්ට
දෙයියන්ට කියන්නට
අමතකව ගිය ටිකට
අරන් ගොස් දෙවියන්ම
තවම නැවුම් නිසා නුඹ...
හතරයි විස්සයි....
සටහන් කොට ගතිමි
මනසේ නොමැකෙනා ලෙස
හැඬූ මුල් වර............
සිපගන්ට මග බලයි නෙත
වැලඳ ගෙන සියුම් ලෙස
රිදේවී දෝ මීට
අතගා ගති මම රැවුල......
නවගමුවට නවයක්ද
දොලගමුවට දොලහක්ද
පඬුරුලෑ මතක අග
නුඹ පැමින නව ලොවට...
වින්නඹුව පැමින මට
පුතෙක් බව කී විගස
පිපුණු මල් ඉහ මත්ත
දෙනෙතඟට කඳුලු ගෙන..
සිද්ධ පත්තිනි මවට
බණ්ඩාර දෙයියන්ට
අයිය නායක නමට
භාර උනි පුතු සෙතට............
නුඹේ මව් රැක දෙන්ට
දෙයියන්ට කියන්නට
අමතකව ගිය ටිකට
අරන් ගොස් දෙවියන්ම
Thursday, 18 August 2011
වසනු බැරි කඳුල

ෆර්දාව දිග මදිද
වසන්නට ඹය කඳුල
නුඹයි සුපිපුනු කුසුම
විල් තෙරේ සනීපෙට.....
හිරුත් එක්කම හොරෙන්
පියුම් පුබුදන යසට
අරන් එන්නද මමත්
සිල් රෙද්ද සුදු ගෑව.......
වතුසුද්ද මල ගාව
පිණි කැකුල මෝදු කල
සුමුදු සුදු මෘදු වදන
නුඹයි මයෙ හිත ගාව.....
Subscribe to:
Posts (Atom)