Wednesday 11 January 2012

සබඳ අපි පතොක් වෙමු..!!





..
පතොක්  හටගනුයේ නිස්සාර භූමියේය..කාෂ්ඨක කතරේය...පතොක් හී අපූර්ව දයාබර පෙනුමක් නැත...හැඩ ගැසි තිබෙන්නේ සැඩ හිරුට පෙම් බඳින්නටම ය...

පතොක් ගස කුමන හෝ සැපතක් පතන්නේ නැත...ලබන්නේද නැත...ඉල්ලන්නේද නැත..ලැබෙනා දේ විඳියි...අහස කතරට වැහි දිය එක් කරයිනම් පතොක දිය බිඳක් බි ගනී..ඉනික්බිති කලාතුරකින් ලත් දිය තමා තුල පැළ පදියම් කර ගනි..එය ජීවිත කාලයකට ප්‍රයෝජනයට ගනී...නොවැස්සා කියා අහසට දෙස් නොතියයි...


පතොක් ගස බොහෝ දුක සේ වැඩෙයි...හිරුට දොස් කියන්නේද නැත...කලකදී බොහෝ සුන්දර මලක් හෝ කිහිපයක් දරයි....විඳි දුක පෙන්වන්නටදෝ බොහෝ කටු රඳයි...කටු අග විශද එක් කොට ගනී.බොහෝ වෙහෙස ගෙන පිපිදවූ මල සුරකියි....නෙලන්නට එනවුන් වනසයි.....


සබඳ අප පතොක් වෙමු...විඳි දුකට ශාප නොකරමු...!! දරමු මල් ....එලෙසම රැක ගනිමු..!! සබඳ කුමට  තවත් අනුකාරක...මේ ජීවිතයට පතොක් ගස හැර...!!

10 comments:

  1. සහෝදරයා අප්‍රිකාවේ රටවල මිනිසුනුත් පතොක් වැනිය.කිසි දෙයල ඉල්ලන්නේද නැත.උද්ගෝෂණද නැත.ආණ්ඩු විරෝදී වැඩ නැත.මේ සියල්ලට යන කාලය ඔව්න්ගේ එදා දවස කෑම සොයා ගැනීමට යොදා ගනී.

    සිරා සීන් එකක්.

    ReplyDelete
  2. සිරා කතාව සැහෙන සිද්ධි ගොඩක් මතක් උණා මෙක කියවද්දි

    ReplyDelete
  3. @අසරන සහෝදරයා...අපි හොඳ දෙයක් උනත් අප්‍රිකානු සංස්කෘතියෙන් ගන්නෑනේ...හැඉැයි බටහිරින් එන ඹ්න දෙයක් ගනීවි..අපේ සමාජ විරෝධී දේවල් තියෙන්නේ බටහිරින් ගෙනත්...

    ReplyDelete
  4. @නරකයා...මටත් එහෙමයි....

    ReplyDelete
  5. "විඳි දුකට ශාප නොකරමු...!!"
    ලස්සන අදහසක්....!!!

    ReplyDelete
  6. හ්ම්ම්..කිසිම දෙයක් ගැන ඉල්ලීමක් නැති පතොක්..එහෙම වෙන්න පුලුවන්ද..ලස්සනයි අදහස..ඔයා හැමදාම එක..

    ReplyDelete
  7. මැක්සා අයිඩියා එක... තිත්ත වෙනවා වෙලාවකට බටහිර දෙවල්

    ReplyDelete
  8. ලස්සන අදහසක්....එළ.....

    ReplyDelete
  9. ස්තූතියි .......නොදුටු ලොව...!!

    ReplyDelete
  10. නියම අදහසක් යෞවනයා.කුසගින්න නිවාගන්නට කහට කෝප්පයක් වක්කරගන්නට ලිප ගිනිමොලවමින් සිටි අසරණියකගෙ පිලිස්සුන අතට පිහිට උනෙත් එයාමනෙ.
    අපිත් පතොක් වෙමු.

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..