.
අඬන්නටේ කියලා එහෙමත්ම බර කඳුලු අම්මගේ දැසේ තිබුනේ නැත...අම්මා ජීවිත කාලය පුරා එතරම්ම් හඬා තිබිණි..."අන්න උඔලගේ මහ එකාව අදත් පොලිසිය අරන් ගිහිල්ලා" අම්මා කිව්වේ කියන්නට කෙනෙක් නැති නිසා වන්නට පුළුවන...
මොනා කරලද මෙදා පාර..
වෙන මොනවද? අර කරුනෙගෙ කසිප්පු වාඩියේ ලැගලා...
උසාවි දාලා තියෙන්නේ කවදටද?
මා එසේ විමසුවේ එම සිද්ධිය මා හට එතරම්ම බර පතල නැති බැවිණි...
පව්......මා එසේ කිවා නොවේ කියවිණි...
අනේ මන්දා ගේ දිහෑ පිච්චියක්වත් නැහැ..පොඩි එකාගේ පංචායුදේ විතරයි තියෙන්නේ..සෝමෙ අක්කට දිලා රුපියල් පන්සියක් වත් ඉල්ලගන්න බලන්න මම මේ යන්ටේ කියලා...මල්ලිව බලා ගනින්..
කරුනේ මාමා තාත්තව එළියට ගනිවි..මොකද මේ පළවෙනි වතාව යැ මෙහෙම උනේ...
මා කටින් නොකිව යුතු යමක් කියවිණි..
මොකද බොලට හතර මහ නිදානේ පහළ වෙනවද මහ මිනිහා හිරේ වැටුනහම...දවස් දෙක තුනක් කන්නේ අහවල් එකයැ...
හ්ම්.....
මා කිසිවක් කියන්නට ගියේ නැත..
මහ මිනිහා හැමදාම කොලේ බැරල් කරගහපු එකයි උසාවි නැඟපු එකයි විතරයි...කරුණෙලා රජවරු වගේ වැඦබෙනවා...තූ නොදෝකින් පාහර හැත්ත...
මල්ලි පංචායුදේ ගලවලා දුන්නද? මා විමසුවේ මද සිනාවකිනි...
හ්ම්..නහයෙන් අඬලා අඬලා ඔය දුන්නේ....
අහිංසකයා...මා මල්ලි ගැන දුක් වුනෙමි..
තාත්තා මේ හැමදේම කලේ අපි වෙනුවෙන් උවත් අපි තාත්තා මඟ හැරීමට උත්සහ කලෙමි...හේතුව ලැජ්ජාව විය යුතුය..අප කොතරම් අසාදාරනදැයි මම මගෙන්ම ප්රශ්ණ කලෙමි...
මහා බරැති බැරල් ඔසවා යන තාත්තා නවතින්නේ දෙබොක්කාවේ වක්කඩ අසලය...කිලෝ මිටරයක් පමන ඔහු හැල්මේ එය ගෙන යයි...පසුව දර මිටිද..සීනි මිටිද ඔසවා එසේ හැල්මේ දුවයි..පසුව ගිණි ජාලා මැද වඩිය පෙරාගනි....පසුව බූලි පුරවා නැවත කරුනාගේ තිප්පලට එයි..මේ සියලු කාරනා ඉටු වූ පසු තාත්තාට ලැබෙන සොච්චම ගෙන තාත්තා දුවන්නේ පියසීලී අක්කාගේ කඩයට ය..හැකි උපරිම බරට මල්ලක් ඔසවා ඔහු නිවසට එයි...හැන්දෑවේ තාත්තා එසවූ බර කන්ද පොළවේ තබන්නේ උදේ බඩු මල්ල කුස්සියේ තැබු පසුවය..
තාත්තා මහන්සියට දහවල් දවසම නිදයි..එයද කුකුල් නින්දකි..වාහන හඬක් කන වැකුණු විගසම අවදිවන්නේ ගැහෙමිනි...පොලීසිය ,.උසාවිය..මහ උළු ගෙදර තාත්තාට අළුත් නැත..එහෙව් තැන් වල අලගිය මුලගිය තැන් දනි..සියළු නිළධාරීන් හොඳින් හඳුනයි...මුත් කිසිදු පිළිගැණීමක් නැත...
තාත්තා අපගැන සොයා බැලුවාද නැද්දැයි යමෙකු මගෙන් විමසුවහොත් මා හට දීමට පිළිතුරු නැත..හේතුව අපද තාත්තා කසිප්පු කාරයා යැයි හණ ගසා තිබෙන නිසා විය යුතුය...
තාත්තා බේබද්දෙකු නොවේ..නමුත් නොබොන්නෙකුද නොවේ..අනෙක් ගම් වැසියන් මෙන් ගහ මරා ගැණිම් දකින්නටවත් යන්නේ නැත..ඔහු වැඩිපුර වෙසෙන්නේ හුදකලාවම ය..
මා තාත්තා ගැන මතකාවර්ජනයක යෙදුනෙමි...තාත්තා තාත්තා වෙනුවෙන් කරගෙන තියෙන්නේ උසාවි පොලිසි ගානේ නම සටහන්කර තැබිම පමණි..අන් සියල්ල අප වෙනුවෙන්මය.අළුතෙන් යැයි යමක් ඔහු ඔහු වෙනුවෙන් කවරදාකවත් මිළදි ගෙන නැතුවා විය යුතුය..කමිස දෙකක් සරම් දෙකක් හෝ තුනක් හැරුණුකොට කිසිවක් ඔහු වෙනුවෙන් නොමැත..අඩුපාඩු වෙතත් බොහෝ අඩුපාඩු තාත්තා අප වෙතින් දුරස් කර තැබූහ..කැමට යමක් වැරදුනේ නැත..කොටින්ම අප බඩගින්නේ සිටියේ නැත..
අම්මා නැවත පැමිනියේ රුපියල් පන්සියයක්ද අතැතිවය...
අම්මේ තාත්තව බේරගන්න කියක් දෙන්න වෙයිද?
මොකද උඔ දෙන්නද?
නැහැ...... මගේ මේ මාලෙට කීයක් බැංකුවෙන් ගන්න පුළුවන්ද?
ඔය බොලගේ අත්තම්මා උඔ ඉපදිච්ච වෙලේ කරේ දැම්ම එක..උන්දෑ මතක් වෙන්නත් ඔච්චරයි තියෙන්නේ ..අම්මා හූල්ලයි..
කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ..
විසි දාහක් විතර පුළුවන් වෙයි.. මොකද උඔ එහෙම අහන්නේ...
නෑ මුකුත් නැහැ...අම්මා යන්න පරක්කු වෙයි....
මල්ලිව හොඳට බලාගනින් මං එනකල්.....
අම්මා එසේ කියා ගියේ සුදු සාරිපට යාන්තමින් පටලාගෙන ය.
අම්මා ගොස් ටික වේලාවකින් මල්ලිව සිරියාවති නැන්දාට භාර දි මා ග්රාමිය බැංකුවට ගොස් මාලය උකස් කර ගතහැකි උපරිම මුදල ලබාගතිමි..රුපියල් විසි හය දහසක් එහි විය...
තාත්තට බයිසිකලයක් හදවලා දෙන්න ඹ්නේ පිටිපැස්සට බඩු ගෙනියන්න පුළුවන් වෙන්න ලොකු බක්කියකුත් ගහලා...පොලේ මාමාගෙන් එළවළු ලොරියේ උදේම කොළඹ ගියානම් අඩු ගානට හුඟාක් දේවල් ගන්න පුළුවන්....මේ අපේ තාත්තා..අපිට වෙන කවුරුවත් නැහැ..තාත්තට මොකක්හරි උනොත් අපි ඔක්කෝම මහ පාරෙ තමයි..
රැලේ තරමක් පැරණි බයිසිකලයක් පාල අයියාගේ වින්කලයෙන් මිලට ගතිමි ..හන්දියේ පට්ටලයට බයිසිකලය දුන්නේ බක්කියක් රෝද දෙකක් දමා සාදවන්නටය...සියල්ල නිමවා කිසිවක් නොවුනු ලෙස මම නිවසට ගියෙමි...අම්මා ගෙදර පැමින නැත...මම මල්ලිද එක්කොට නිවසට ගියෙමි..
හතර පසුවිය...අම්මා හෝ තාත්තා තවම නැත..හතර පහ වූයේත් පහ හය වූයේත් තත්පර මිනිත්තු කරමිනි...
හැන්දෑවේ හතට පමන අම්මා ගෙදර පැමිනියේ බොහෝ පිරිසක් සමඟය....
කෝ අම්මේ තාත්තා...
අම්මාගෙන් පිළිතුරක් නැත...
කෝ අම්මේ අපේ තාත්තා.....මම කෑ ගැසීමි.....
උඔලෑ තාත්තා එන්නෑ පුතේ....අම්මා මට පුතේ කී පළමුවර එයයි..
මොකක්ද වෙලා තියෙන්නේ...කියන්න....මම බැගෑපත් වුනෙමි...
කිසිවෙකු කිසිවක් නොකියයි......
කියපිය යකෝ තාත්තට මොකද උනේ..
පියදාස අයියා කෝච්චියට බෙල්ල තියලා...
මා සිහි විකල් විය..
පොලීසියේ ඉඳපු මිනිහා කොහොමද එහෙම මැරෙන්නේ..මම මහ හඬින් කෑ ගැසිමි..
උදේ දහයට විතර තාත්තව අවවාද කරලා අළුත් ලොකු මහත්තයා ගෙදර එවලා...තාත්තා පොලිස් ලොකුමහත්තයත් එක්කලා අපේ හැම විත්තියක්ම කියලා..අපි දෙයියෙක්ව මරාගත්තා...අම්මා මොර දෙයි..
අපි උඔලගේ තාත්තව තනි කලා....තාත්තා අපිට නොකිවට එව්වැයින් විඳවලා...ඊයේ රෑ එළිවෙනකල් බඩගින්නේ ඉඳලා කන්න ගෙනත් දෙන්න කවුරුත් හිටලා නැහැ...ලොකු මහත්තයා අහලා උඔලෑ ගෙදර එවුන් මැරිලද කියලා...උඔලෑ තාත්තා කෑ ගගහා අඬලා....මට කවුරුවත්ම නැහැ මම මහ කාලකණ්නියෙක් කිය කිය...උදේ ලොකු මහත්තයා අනුකම්මපා කරලා ගෙදර එවලා...අනේ දෙයියනේ මොන විපත්තයක්ද උනේ ..එහෙම්මම ගිහින් හිතේ අමාරුවට කෝච්චියට පැනලා....
පසුදින තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන්නට මොහොතකට පෙර පට්ටලේ අයියා තාත්තා වෙනුවෙන් සෑදවූ බයිසිකලය නිවයේ ඉදිරිපස මිදුලේ නැවැත්වූයේ අපිට හෙට ඉඳලා පියදාස අයියගේ එලෝලු කන්න පුළුවන් කියමිනි..
මා බයිසිකලයේ පැටලය දෙතුන් වරක් කරකවා බැලුවේ මාහට පවුලක බර අදින්නට එය සවිමත්දැයි කියාය. ..

මේ කතාව හොඳටම තේරුනා.මුළු ලෝකෙටම වැඩක් නැති වුනත් තමන්ගේ තාත්තා තම්මන්ට වටිනවා.ලෝකෙන්ම අපවද අහගෙන ගෙදර මිනිස්සුන්ව ජිවත් කරන්න තරම් ඒ තාත්තලග මිනිස් ගතිය තියෙනවා.
ReplyDeleteමේ වැනි මිනිසුන් ගොඩ දෙනෙක් මං දැකල තියෙනවා.
සැබැව...මේ තාත්තලා හංගන කඳුළු....හැම තාත්තෙක්ගේ දැසකම මෙහෙම කඳුළු තියනවා...අපි ඊට වගක්යන්න ඹ්නේ..
Deletemaxxa
ReplyDeletetx anonymous
Deleteමම මේකට ආසා නෑ...දුකත් නෑ..මේක ලස්සනත් නෑ..ඔයාත් හොඳ නෑ..ඔයාට ලියන්නත් බෑ..මම ඔයාව දන්නෙත් නෑ..ආයෙත් මේ වගේ ඒව ලියලා අහුවෙන්න ඒපා මට.(හිනාවෙන්න එපා..මම ඔය හිනාවටත් කැමතිම නෑ)
ReplyDeleteහි හි හි හි මැට්ටි.....
Deleteසුපිරි කතාවක්... හරිම දුක්බරයි..
ReplyDeleteමිනිස්සු සමාජයෙන් අපවාද විදගන කොච්චර දේවල් කරනවද තමන්ගේ පව්ල රැක ගන්න. තමන්ගේ දරුවන්ව බඩ ගින්නේ නොතියන්න.. ඒක ඒ දරුවන්ටත් නොතේරෙන එකනම් හරිම අවාසනාවක් තමා..
අපි ජීවිතයේ තාත්තලා වෙනුවෙන් අද කැප කලානම් මෙහෙම වෙන්නෑ..අවාසනාවකට අපි හෙට එනකල් ඉන්නවා...
Deleteතාත්තල ගැන කතා බොහොම අඩුය්,හුඟක් අය නොදන්නා හුඟක් දේවල් තාත්තල හන්ගන් ඉන්න නිසා එව්වා අගයක් නෑ.කොහොම උනත් හොඳ කතාවක්..
ReplyDeleteතාත්තලා කියන්නේ පතොක් ගහක් ...හැම දේටම ඔරොත්තු දෙනවා...හැබැයි වෙලාවකට ගිණි කන්දක් පුපුරලා යනවා...
Deleteතාත්තා මේ වචනෙ හරිහට තෙරෙන්න තත්තා කෙනෙක් වෙන්නම ඕනෙ
ReplyDeleteසෑහෙන්න හිතන්න ඉතුරූවුන කතාවක්
ස්තූතියි ලොකු ජෝන් මේ පැත්තට ගොඩ උනාට..
Deleteහිතමු...! මමත් ඉල්ලන්නේ එහෙම කරන්න කියලම තමයි...!!
ReplyDeleteහ්ම්ම්ම්ම්.....
ReplyDeleteහරිම ලස්සන කතාවක්....
අපි හැමදාමත් කලේ මව්ගුණ ගයපු එක විතරයි...
ඒත් තාත්ත කෙනෙක් විඳින දුක...?
පිණිබිඳු අක්කි ගෙ "කොල්ලනේ උඹලගෙ ජීවිත කොයි තරම් සැහැල්ලුද කියන පෝස්ට් එකෙත් මම කොමෙන්ට් එකක් විදියට දැම්මෙ මේ වගේ කතාවක් මම...
මොකද අපේ තාත්ත විඳින දුක අපෙ අම්මටත් වැඩිය මට හොඳට තේරෙන නිසා....
හුඟාක් ස්තූතියි පවනි මෙතනට ගොඩ උනාට.
Deleteමරු ස්ටොරිය අයියේ... ඇඩෙනවා...
ReplyDeleteතාත්තලගේ වටිනකම කොහොම මනින්නද?
අඬන්න එපා.....වටිනාකමක් දෙන්න අපි උත්සහ කලාද? හැමදාම පිස සෙනෙහසට කවි ගි ලිය වුනා මදියි කිය කිය හිටියට
Deleteඇඩෙනවා....
ReplyDeleteඅඬන්නෑ...තරූ අඬන්න තහනම්...හි හි හි හි
Deleteඇඩෙනෝ.....ම්ම්.දුකයි තාත්තා ගැන..
ReplyDeleteඅඬන්න....හි හි හි හි ...හිනාවෙලා අපි අපිටම ඊට පස්සේ...
Deleteසමහරු අපිට නැති උනාම තමයි දැනෙන්නේ අපි ඒ කෙනාට සලකපු හැටිත් එයා අපිට සලකපු හැටිත් .හිතට දැනෙන කතාවක්..
ReplyDelete