Friday 20 January 2012

ගිණි කඳු..





ඉර සෑම දිනකම හැන්දැව අරගෙන එන්නේ අම්මාගේ පිරිත් හඬ සමඟය..එය ලයාන්විතය,සවන සැහැල්ලුවෙන් පිරිමදියි..පිරිත් හඬ කටු මැටි නිවස වටාද ඉනික්බිති කඩුල්ල පැන වෙල් දෙනියටද දුවයි..ඉද්ද  ගස ඊටම සැරසී සැම සවසකම නෙලන්නට මල් උදෑසන පුබුදුවයි...පොල්තෙල් සුවඳට සඳුන් දුම මුසුවූවිට නිවස පන්සලක සිරි ගති...පන්සල් සුවඳ ගනී..අම්මා කියු නැලවිලි ගී සිහි කැන්දමින් බොහෝ රාත්‍රී වලට නින්ද කැන්දන්නේද එහෙව් පිරිතය.



"මොන කංකරච්චලයක්ද...හැමදාම හය වෙන්න නැහැ පටන්ගන්නවා..ඔය කියන දෙයක් අනිත් අයට කරදරයක් නොවෙන්න කියන්න"....


අක්කා නිවසේ අදිපත තම අතට ගැනීමට පළමු වෙඩි මුරය තැබීය.


විද්‍යාපීඨ අධ්‍යාපනය නිමවා අක්කා ගමට පැමිණියේ පළමු පත්විම උපන් ගමටම ගෙන පැමිනීමේ වාසනාවද සමඟය..මුත් අක්කාගේ උගත් බව උද්දච්ච බවක් වී තිබුනි..


ලොකු දුවේ මං මේ පිරිත් ටිකක් කිව්වේ උඔලැම යහපතට නොවැ....අම්මා එසේ කීවේ දෑස් කුඩාකරමින් බොහෝ හැඟුම් බරවය..


මට පාඩම් කරන්න තියනවා..දවස තිස්සෙම ඉස්කෝලේ ළමයින්ගේ කං කරච්චලේ..ගෙදර මේ සමයං...


අම්මාගේ දැස කඳුලින් තෙත් විනි..


අම්මාගේ දෑසේ මෙතරම් ලොකු කඳුළු කැට මින් පෙර මා දැක නොතිබිණි


"පාහර බැල්ලි" මා ජීවිතයේ පළමුවර අක්කාට එරෙහිව නැගි සිටියෙමි...


'"මද්දු කට වහපං"


අම්මා දැඩි ස්වරයෙන් එසේ කීවේ මා හා අමනාපයෙන් නොව මා අක්කා හා ගැටීම වලක්වනු පිණිස බව මා දනිමි..


මා නිහඬවීමි.


එදිනෙන් පසු අම්මාගේ පිරිත් ස්වරය සිහින් කෙඳිරුමක් විය..එය දෙතොල් හරහා පිටත වා තලය වෙනදා තරම් මටසිලිටුවට ස්පර්ශ කලේ නැත.


අම්මාගේ පිරිත් ස්වරය සිහින් ඉකිබිඳුමක් කල අක්කාට මා හදවතින්ම ශාප කලෙමි.


"අක්කා මාරුවක් හදාගන්නට යන විත්තිය මා දැන ගත්තේ ග්‍රාමසේවක මාමාගේ මාර්ගයෙනි...අවම පහසුකම් තිබෙන පාසලක් බැවින් වෙනත් පාසලක් ඉල්ලා අක්කා අයදුම්පත් යොමුකොට තිබිණි.


අම්මා මේ බැව් දැන පුදුම වූයේ නැත..කෙල්ල දැන උගත් එකී ..අපිට වගේ නෙමෙයි අක්කට යමක් කමක් වැටහෙනවා.


අම්මා එසේ කීවේ හිත සාදාගැණිමටම බව මම දණිමි.


කාශ්ඨක පොලවේ ලද ජීවිත පණ්නරය හමුවේ අම්මා මෙවන් දේට නොසැලී සිටිම පුදුමයක් නොවේ..


ඔන්න ඔහේ ගියාවේ...මා මටම කියා ගතිමි.


මාස කිහිපයකට පසු අක්කා නව පත්වීම ලැබ ගම අතැර ගියා ය.


පිරිත් හඬ නැවත ගේ පුරා දෝංකාර දුනි...කලකට පසු වැසි වැස්සා සේ හිත පිරි ඉතිරී ගියේ දැඩි සතුටකිනි..


අනේ ලොක්කිට මම මේ සෙත් පතනවා...අම්මා කියන්නේ නැවතත් දෑස් තුල කඳුළු පුරවමිනි..


මට අම්මගේ හිත තේරුම් ගන්න බැහැ..මම මටම කියාගතිමි...


දුරුත්ත නිමවෙන්නටත් මත්තෙන් අක්කාගෙන් ලිපියක් විය...අක්ක කසාද බඳින්න යනවලු. අම්මා එසේ කීවේ දැඩි ශෝකයකින් නොවේ...


මෙච්චර ඉක්මනට.....


මා විමුසුවේ අම්මාටත් වඩා ශෝකයෙනි...


මෙච්චර ඉක්මනට ....අක්කා මොකක්ද මේ කරන්න හදන්නේ..අපිට රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්න බැරි කරලා තමයි මේකි පස්ස බලන්නේ .....


අපිට එන්න කියලා නැතෙයි......


අම්මා විමසන්නේ එතරම්ම උවමනාවකින් නොවේ..


නැහැ බඳින විත්තියක් විතරයි තියෙන්නේ...දිනයක් එහෙම නැහැ..අපේ මොකෝ කැමති දෙයක් කරගත්තාවේ..


මා එසේ කීවේ අම්මා සනසවන්නටය.


හ්ම්...අම්මා ඉන් ඉදිරියට කිසිවක් කීවේ නැත.


මේවා ගම්මු දැනගත්තු දවසට අපි පාරෙ බැහැලා ඉවරයි.....
_______________________________________________


දිනෙන් දින ගෙවිණ......දුරුත්ත නිමාවූයෙන් අක්කා මේ මස බඳීවීයි හිත කිය..


අක්කා කරනා දෙයින් ගමට පාසලට මුහුන දෙන්නට නොහැකිවන්නේ මටය..මා හදවතින්ම අක්කාට ශාප කලෙමි...


දිනක් උදැසන නිවස ඉදිරිපිට නැවැත්වූ කුලි රථය දැක අම්මාත් මමත් වික්ෂිප්ත වූයෙමි.


අම්මා සිටියේ පොල්ලතු වියමිනි...මා සිටියේ ඊට තරමක් නුදුරිනි..


අක්කා මඟුල් ඇඳුම පිටින්ම කුලී රියෙන් බැස නිවෙස තුලට දිවගියේ "අර කාලකන්නියා මාව රැවැට්ටුවා..අද වෙන එකියක් එක්ක පැනලා ගිහින් කියමිනි.."


මමද අම්මාද කුමක් කල යුතුදැයි මුහුනට මුහුන බැලීමි..අම්මා ගනනකට නොගෙන යලිත් පොල් අත්ත වියන්නට විය...


පොල්අත්ත පසෙක තැබූ අම්මා නිවස තුලට පිය මැන්නේ දැඩි කලකිරීමකිනි....


ලොක්කියේ අර කොල්ලට යන කලදසාවක් තියෙන් ඹ්නේ...කොල්ලා කොහොමද පාරෙ බැහැලා යන්නේ ..පිං සිද්දවෙයි අර ගියා වගේ කොහේ හරි  පල....උඔට ලැජ්ජාවක් නැති උනාට අපිට තියනවා..කාලකන්නි බැල්ලි....අපේ මූනේ තෝ දැලි ගෑවා..


අම්මා මෙතරම් දරුනු ලෙස හැසිරෙනු මා දුටු පළමු අවස්ථාව මෙයයි ..කවරදාකවත් නුදුටු ගිනි ජාලාවක් අම්මාගේ දෑසේ මැවි තිබිණි..


කැත්තගෙන මිදුලට පැමිනි අම්මා මායිමේ තිබුනු  එරමිනියා පඳුර සුනුවිසුණු කලේ"පොළවේ සාරෙ උරාගෙන මෙව්වනම් යසට හැදෙනවා" කියමිනි.


අක්කා නිවසින් නික්මිනි...කඩුල්ල පනින්නට ඔන්න මෙන්න තබා නැවත අම්මා අක්කා අමතා...


"ලොක්කි ගෙට පල...උඔට ඹ්නේ විදිහට නටන්න හදනවා නෙමෙයි..."


අක්කා නැවත නිවස තුලට පියමැන්නේ බිම බලාගත්වනමය...


පසුව සෑම සවසකම පිරිත් ස්වරය වෙල් දෙනිය හරහා වැව් දිය පිරිත් කලේ කවදාකවත් නැති ශාන්ත බවකිනි.

9 comments:

  1. ඇත්ත...කොයි අම්මත් ඔය වගෙයි....

    ReplyDelete
    Replies
    1. තරූ හරි...හැම අම්මම ඔහොමයි..

      Delete
  2. ගොඩක් ලස්සනයි ... අම්ම මතක් උනාම මටත් ගොඩක් දුක හිතෙනවා.. දරුවෝ නපුරු කම් කරාට අම්මලා එහෙම කරන්නේ නෑ.

    ReplyDelete
  3. කතාව ලස්සනයි... ඒත් මොන තරම් වැරදි කලත් දරුවෙක් අමාරුවකට වැටුන වෙලාවට අම්මා කෙනෙක් එලෙස හැසිරීම අසාමාන්‍යයි නේද ? විෂේශයෙන්ම මෙවන්, සියල්ල උපේක්ෂාවෙන් දරාගන්නා අම්මා කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. senna ස්තූතියි ගොඩවැදිලා කමෙන්ට් එකක් දැම්මට..

      Delete
  4. පැය තුනක ෆිල්ම් එකක් බැලුව හා සමානයි.උම්බටනම් සිරාවට ලිවීමේ හැකියාව උපරිමයෙන්ම තියෙනවා.

    ReplyDelete
  5. ලස්සන කතාවක්... මම අදයි මේ පැත්තට ගොඩ උනේ.. තව හොද කතා තියෙන පාටයි.. හෙමිට කියලවලා බලන්නම්..

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..