Friday 6 January 2012

මේ අද දවසයි........


හිතේ කිසිම අදහසක් නැතුව නිකම්ම නිකං පුරන් වෙච්ච දවස් තිබිලා තියනවාද? එහෙම දවස් හරිම පාළුයි ..හරියටම වහින්න ඔන්න මෙන්න අහසක් වගේ...අරමුණක නාමයක්වත් නැහැ..


ජීවිතේ වෙලාවකට හරිම පුදුමයි...එක එක වෙලාවට එක එක පැති වලට ගලන ගඟක් වගේ ...හිතා ගන්න බැහැ තව විනාඩි කිහිපයකින් මොනවා කරාවිද? මොනවා හිතේවිද කියලා...සමහර විට ඔයාලා කියාවි හිත මෙල්ල කරගන්න කියලා..මේ අහන්න....ඔයාලත් එහෙම කලාද? නැහැ නේද? කියන තරම්ම ලේසියෙන් එහෙම දේවල් කරන්න අපහසුයි..

අද අළුත් දවසක්...අළුත්ම අළුත් දවසක්...සැබෑවටම මේ අද කියන දවසේ මොනවද අළුත්....පරණ ඉරමයි..ගේ ඉස්සරහා ඉද්ද ගහ දවස් ගානක් මහන්සි වෙලා මල් ටිකක් පුබුදවලා..පරන පෙති දිගහැරිලාම විතරයි...ගේ ලඟ අඹ ගහේ කූඩුවක බිත්තර තිබුනා දවස් ගානක් අන්න අද කිචි බිචි ගානවා මම හිතන්නේ පැටව් අද එළිය දැකලා...කිරිලිලියි කුරුල්ලයි කොච්චරනම් වෙහෙසුනාද මේ බිත්තර රැකගන්න..රෑ දවල් නැතුව මහන්සිවුන මහන්සියේ ප්‍රතිඵල තමයි අද මේ කුරුළු දෙමව්පියෝ විඳින්නේ...

අද කියන දවසේ තියන හැම දෙයක්ම ඊයෙන් ගෙනාපුවා..අද කියන දවසේ දේවල් හෙටට...අපි හැමදාම දකින ඉර ලෝකේ වටේ රවුමක් ගිහින් පැමිනි පලියට අළුත් දිනක් මැවෙනවානම් අපේ ජීවිත කොච්චර සුන්දර වේවිද? සැබවින්ම ඊයේ කියන දවසින් ගෙනාපු කිසිවක්ම නැති අළුත්ම අළුත් දවසක්....එහෙම දවසක් කොච්චර සු
න්දර හිනයක් වේවිද? 
__________________
ප.ලි

සමහරක් රාත්‍රී බොහෝ දිගුය

මුත් රාත්‍රිය එබැව් දන්නේවත් නැත...

රාත්‍රිය හිරු එන තෙක් පමණි

ඉන්පසුව උදෑසනය

නැතිනම් දහවලය....


 එසේත් නැතිනම් හැන්දෑවම ය....

රැයට කිසිත් නැත සිතන්නට ඉන් ඔබ්බට

නියතවම හිරු රැගෙන එනවා සත්තයි


 යලිත් රාත්‍රිය......................
...

4 comments:

  1. ඊයේ කියන දවස ගෙන්නේ මතකයන්..මතකයන් නැති ලෝකයක් සුන්දර වෙනවා කියලා ඔයා හිතුවට ඒක එහෙම වෙන්නේ නෑ..ඔයාගේ හිතේ තියෙන අමතක නොවන මතකයන් මොනතරම් සුන්දරද කියලා මොහොතක් හිතලා බලන්න..ඔයා ආසම කෙනෙක් එක්ක මුහුදු වෙරලට ගිහින් ඉර බැහැගෙන යන හැටි බලා හිටපු හැටි..ඔයා එයත් එක්ක ගිය ගමන් බිමන්..ඒ වෙලාවට ඔයාලා කතා උන හිනා වුන හැටි..එයාගේ සුවඳ..ඒ හැමදේම ලස්සන මතකයන් නේද..ඒව නොතිබ්බොත් ලෝකය අසුන්දර තැනක් වෙයි..

    ReplyDelete
  2. ඔයා කියන කතා ඇත්ත . .

    සමහර දවස් තියෙනවා . . හරිම පාලුයි . .

    වැඩේ කියන්නේ ඒ හැඟීම හිතේ රජ කරන්න දුන්නොත් මුලු දවසම විනාස වෙනවා විතරක් නෙමේ පහුවදාටත් ඒ පාලු මුස්පේන්තු හැඟීමේ කොටසක් ඉතුරු වෙනවා.

    මම නම් බොහෝ විට උත්සාහ කරානවා උදේම හිතුනොත් අද දවස මහා පාලු දවසක් කියලා . . .එලියට ගිහින් අහස දිහා, ගහක් කොලයක් දිහා බලලා . .

    "අද දවස කොයි තරම් අපූරුද . . ඒත් බලපන් උඹේ හැටි " කියලා බලෙන් හිතට හිත්තවාගෙන මම මටම හිනාවෙලා ඒ හැඟීම නැති කර ගන්න . .

    ට්‍රයි එකක් දීලා බලන්නකෝ . ..

    ReplyDelete
  3. ස්තූතියි දුකා අයියා ..!! ට්‍රයි කරනවා තාමත් බැහැ...කොහෝම හරි කරනවා කියලා අදනම් ඔන්න හිතට ගත්තා...

    ReplyDelete
  4. අපි හැමදාම දකින ඉර ලෝකේ වටේ රවුමක් ගිහින් පැමිනි පලියට අළුත් දිනක් මැවෙනවානම් අපේ ජීවිත කොච්චර සුන්දර වේවිද?ඔව්.මමත් ඕකම හිතලා තියනවා ගොඩක්‌.

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..