Monday 9 January 2012

දිටිමි...(නෙතින් නොවේ)






හන්දියේ පිල්කඩේ සරොම් කඩමලු දවට

පිල්කඩේ වහල යට මාලිගාවක් හිසට

අත් දෙකේ දරු බැඳන් දිය බිඳක් නෑ බඩට


වක්කඩක් දැක සිඳුනු කඳුලු ඉනුවා නෙතට



සන්තකේ දිටිමි උතුරා ගලන ගුණ දහර

පිල්කඩේ වැතිර හිමි සිඳී ඇට ලේ නහර

යදින පුරවන්න කුස් තරුණ ගැහැණිය සාර

පිල්කඩත් නැතිදාක නියත උරුමයි පාර.
.

6 comments:

  1. කඳුලු ඉනුවා නෙතට.... ඇතුලටම දැනෙනවා..!!

    ReplyDelete
  2. ඇත්තටස ලස්සනයි..සංවේදියි...

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  4. @ රහස් පරීක්ෂක...අපි දකින නොදකින දේවල්..

    ReplyDelete
  5. @ තරූ....@පුංචි කුමාරිහාමි.....ස්තූතියි හුඟාක්....

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..